The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ක්වාසි උසාවිය මුස්ලිම් කතුනට හිමි වාසියක් ද ?

T

The Leader Desk

July 7, 2025 • 9:01 AM

ක්වාසි උසාවිය මුස්ලිම් කතුනට හිමි වාසියක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දික්කසාද නඩුවකින් කාන්තාවකට වාසිදායක වනසේ තීන්දුව ලබා දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත් කඳුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙකු සහ ලිපිකරුවෙකු ඉකුත් 04 දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
  • කොමිසම සඳහන් කරන්නේ, දික්කසාද නඩුවකට මුහුණ දුන් කාන්තාවකට වාසිදායක අන්දමින් තීන්දුවක් ලබා දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි.
  • පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, සැකකරුවන් දෙදෙනා අධිකරණ කාර්යාල පරිශ්‍රයේදීම ක්වාසි විනිසුරු වරයා අත්අඩංගුවට ගෙන ඇත.
  • මේ අතර ඉකුත් අප්‍රේල් 21 දින ගෙලිඔය ක්වාසි අධිකරණ විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ දික්කසාද නඩුවක් කඩිනම් කර තීන්දුව සහ සහතිකය කඩිනමින් ලබා දීම සඳහා රුපියල් 200,000 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
දික්කසාද නඩුවකින් කාන්තාවකට වාසිදායක වනසේ තීන්දුව ලබා දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත් කඳුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙකු සහ ලිපිකරුවෙකු ඉකුත් 04 දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිසම සඳහන් කරන්නේ, දික්කසාද නඩුවකට මුහුණ දුන් කාන්තාවකට වාසිදායක අන්දමින් තීන්දුවක් ලබා දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි.
 
kwazi29323
පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, සැකකරුවන් දෙදෙනා අධිකරණ කාර්යාල පරිශ්‍රයේදීම ක්වාසි විනිසුරු වරයා අත්අඩංගුවට ගෙන ඇත.
 
මේ අතර පුත්තලම, වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ක්වාසි උසාවියේ ලබා දී ඇති දික්කසාද නඩු තීන්දුවකට අදාළව, දික්කසාද සහතිකය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර, එම සහතිකය ලබා දීම සඳහා රුපියල් 5,000ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත පුත්තලම ක්වාසි විනිසුරුවරයෙකු පසුගිය 2024 අප්‍රේල්.23 වන දින පුත්තලම, ක්වාසි උසාවිය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මේ අතර ඉකුත් අප්‍රේල් 21 දින ගෙලිඔය ක්වාසි අධිකරණ විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ දික්කසාද නඩුවක් කඩිනම් කර තීන්දුව සහ සහතිකය කඩිනමින් ලබා දීම සඳහා රුපියල් 200,000 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ය. මහනුවර ව්‍යාපාරිකයෙකුගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ගෙලිඔය ක්වාසි අධිකරණ කාර්යාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ.
 
muslimfew
ව්‍යාපාරිකයාගේ පුත්‍රයා විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුව සහ අදාළ ලියකියවිලි ලබා දීම සඳහා අල්ලස් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් එම ක්වාසි විනිසුරුවරයාට චෝදනා එල්ල වී තිබේ.මෙම මෑතකාලීන සිදුවීම් අප රටේ ක්වාසි අධිකරණ පද්ධතිය තුළ සිදුවන බව කියන දූෂණ චෝදනා පිළිබඳ නිශ්චිත නිදසුන් සපයයි.

ක්වාසි යන්නෙන් අදහස් කරන්නේ ඉස්ලාමීය නීතිය (ෂරියා) අර්ථකථනය කර ක්‍රියාත්මක කරන ඉස්ලාමීය විනිසුරුවරයෙකු හෝ මහේස්ත්‍රාත්වරයෙකි. ශ්‍රී ලංකාවේ, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යටතේ, විවාහය, දික්කසාදය සහ උරුමය වැනි මුස්ලිම් සිවිල් නීතියට අදාළ කරුණු සම්බන්ධයෙන් මූලිකත්වය ගැනීම සඳහා ක්වාසි වරුන් අධිකරණ සේවා කොමිසම මඟින් පත් කරනු ලැබේ.
 
ඉස්ලාමීය නීතියට අනුව යුක්තිය පසිඳලන විනිසුරුවන් දැක්වීමට ක්වාසි යන යෙදුම ඉස්ලාමීය ඉතිහාසය පුරා භාවිතා කර ඇත. ශ්‍රී ලංකාවේ, අධිකරණ සේවා කොමිසම විසින් ක්වාසිවරුන් පත් කිරීම් මුළුමනින්ම නීත්‍යානුකූල වන අතර මෙය ඉස්ලාමීය ආගමික ප්‍රජාව විසින් සිදු කරන ක්‍රියාවක් නොවේ.ඉන් පසුව ඔවුන් විසින් නිශ්චිත භූගෝලීය ප්‍රදේශ තුළ මුස්ලිම් පුද්ගලික නීතිය සම්බන්ධ නඩු හසුරුවනු ලබයි.
muslin43874
 
ක්වාසි අධිකරණ පද්ධතිය මඟින් ක්වාසි විනිසුරුවරුන් වෙත වගකීම් බොහොමයක් පැවරී ඇති අතර ඒවා අතර විවාහය සහ දික්කසාදය: දික්කසාදය, නඩත්තුව (භාර්යාවන් සහ දරුවන් ඇතුළුව) සහ අදාළ ගැටළු සඳහා අයදුම්පත් හැසිරවීම ඉස්ලාමීය නීතියට අනුව මරණයෙන් පසු දේපළ බෙදා හැරීම තීරණය කිරීම ආදිය වේ

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ක්වාසි වරුන් පත් කරනු ලැබීම නිසා මෙය අප රටේ අධිකරණ පද්ධතිය තුළට සෘජුවම අන්තර්ග්‍රහණය වී තිබේ. මුස්ලිම් ප්‍රජාවට අදාළ නීති පසිඳලීමට ක්වාසි අධිකරණ දිස්ත්‍රික්ක දොළහක අධිකරණ ආයතන විසිපහක් පවතී. මුස්ලිම් නීතියේ මූලධර්ම ක්‍රියාත්මක කරමින්, ක්වාසිවරුන් මුස්ලිම් විවාහ සහ දික්කසාද සම්බන්ධ නඩු මෙහෙයවීම සඳහා සෑම ක්වාසිවරයෙකුම නිශ්චිත ප්‍රදේශයකට පත් කොට ඇති අතර, ඔවුන්ගේ පත්වීම ඔවුන් වගකිව යුතු ප්‍රදේශය සමඟ ගැසට් පත්‍රයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.
 
muslim v985yt834t
නමුත් ඉහත සඳහන් නිදසුන් සේම ඔවුන්ගේ රාජකාරිවලට අදාළ අල්ලස් චෝදනා මත ක්වාසි විනිසුරුවරුන් අත්අඩංගුවට ගෙන ඇති අවස්ථා තිබේ.අත් අඩංගුවට පත් නොවූ සිදුවීම් විශාල ප්‍රමාණයක් ඇති බව නොරහසකි. ඉන් අපට හැඟී යනුයේ ශ්‍රී ලංකාවේ, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ක්වාසි වරුන් විසින් බරපතල ලෙස අවභාවිතාවට ලක් කරන බවකි.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අනුව, භාර්යාවන්, දික්කසාද වූ භාර්යාවන් සහ දරුවන් සඳහා නඩත්තු ගෙවීම් අයකර ගැනීම සඳහා බලාත්මක කිරීමේ නියෝග නිකුත් කිරීමේ ක්වාසිවරුන් සතු බලය අල්ලසට යටත් වන්නේ නම් තවදුරටත් එය සාධනීය දෙයක් වනුයේ කෙසේ ද?
 
ඒ අතරේ ශ්‍රී ලංකාවේ ජීවත්වෙන ජනවාර්ගික කණ්ඩායම් අතරින් මුස්ලිම් ප්‍රජාව සතු විශේෂ වරප්‍රසාදයක් ලෙස ලෙස ඇතැමෙක් ක්වාසි අධිකරණ හඳුන්වා දෙති. කාලාන්තරයක් සාකච්ඡාවට ගනු ලබමින් සහ යටපත්වෙමින් පවතින එම මාතෘකාව යළිත් මතුපිටට පැමිණ තිබීම මත ඒ සම්බන්ධ නිසි විමසුමක් කළ යුතු ය.

ශ්‍රී ලංකාවේ ක්වාසි අධිකරණ ආයතනවලට වසර හැත්තෑවකට අධික දීර්ඝ ඉතිහාසයක් තිබේ. අප රටට නිදහස ලැබීමෙන් පසු 1951 දී නීතිගත කරන ලද මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සමඟ මේ දක්වාම එය ප්‍රධාන අධිකරණමය ක්‍රියාමාර්ග වලට සමාන්තර මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතී.
 
sri lanka muslim file
අප රටේ බහුතර ජන කොටස වන සිංහල ජන කොටස් අතුරින් සමහරකු මෙය එක රටක්- එක නීතියක් යන සමානාත්මතා සංකල්පය ඉක්මවා යන මුස්ලිම් ජනයා අත් විඳින විශේෂ වරප්‍රසාදයක් සේ දක්වන මුත් ක්වාසි අධිකරණ ආයතනවලට එරෙහිව මුස්ලිම් කාන්තා සහ මානව හිමිකම් සංවිධානවල ද බලවත් විවේචනයක් පවතී. එම විවේචන සඳහා මූලික පදනම වන්නේ ක්වාසි උසාවි පුරුෂාධිපත්‍යය සහිත ආයතන විශේෂයක් වන අතරම කාන්තාවන්ට එමගින් යුක්තියක් ඉටුනොවන්නේය යන්නයි. ඒ සම්බන්ධ මැදහත් විමසුමක් කළ අප ගේ මතය ද එයම වේ.
ඒ අතර ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය කෙරෙහි ද එම විවේචනයම එල්ල වෙමින් තිබේ. එය කිසිවකු වෙතින් සැඟවිය යුත්තක් හෝ සැඟවිය හැක්කක් නොවේ. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පසිඳලන අධිකරණ ආයතනයක් වන ක්වාසි උසාවි සම්බන්ධයෙන් වඩාත් සාධාරණ වූ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් වනුයේ ඉන් අගතියට පත් වන මුස්ලිම් කාන්තාවන් අතරිනි. එය පුරුෂාධිපත්‍යය මුල්කරගත් ආයතනයක් වන අතරම කාන්තාවන්ට කිසිදු යුක්තියක් ඉටුනොකරන ආයතනයක් වන බවට පසුගිය සමයෙහි බොහෝ විවේචන එල්ලවෙමින් තිබුණි. එමෙන්ම මුස්ලිම් වනිතාවන් ගේ විරෝධතා ද එල්ල වී තිබිණ.

එවැනි පසුබිමක් තුළ එම නීතිය සහ අධිකරණ ක්‍රමය නූතනයට ගැලපෙන සේ ප්‍රතිසංවිධානය කිරීමේ කාර්යය නොකෙරෙන වෙදකමක් බවට පත්ව තිබිය දී එය මුස්ලිම් වරුන්ට එල්ල වූ වඳ සැත්කම්, වඳ කොත්තු, වඳ බ්‍රෙසියර් චෝදනාවලියේම තවත් ඇමුණුමක් වී තිබේ.
 
muslimm834t89
“සිංහල සමාජයෙන් නැගෙන “එක රටක්- එක නීතියක් ” යන ඊනියා සටන් පාඨය දෙස බැලිමේදී පෙනී යන්නේ “සිංහලයන්ට නැති වරප්‍රසාදයක් මුස්ලිම් තැනැත්තන්ට ඇති” බවට සිංහලයන් විශ්වාස කරන බව ය. ඇත්ත වශයෙන්ම විමර්ශනාත්මකව බැලීමේදී පෙනී යන්නේ මුස්ලිම් සමාජය මත පැටවී ඇති නීතින් ඔවුන්ට වරප්‍රසාදයන් නොව ඔවුන්ව පීඩාවට පත් කරන දේවල් බවය”. එම මතවාදය සම්බන්ධයෙන් අදහස් දක්වන මාවන හිමිකම් ක්‍රියාධරයකු වන නීතිඥ ප්‍රසන්න පතිරාජ ගේ එම ප්‍රකාශය පූර්ණ සත්‍යයකි. එම සත්‍ය අනාවරණය සම්බන්ධයෙන් ඔහුට අප ගේ කෘතඥතාව හිමි වේ.
kazzi2830543
 
කාති උසාවි ක්‍රියාත්මක වන ආකාරය නූතන අධිකරණ ක්‍රියාවලියට ගැළපෙන එකක් නොවන බව ඒ සම්බන්ධ විද්වත් මතයයි. අධිකරණ ආයතන ක්‍රියාත්මක වියයුත්තේ මහජන අභිමානයට හානියක් සිදු නොවෙන ආකාරයට ය. කාන්තාවන් පිරිමින්ට වඩා පහත් හා දෙවන මට්ටමක කොටසක් ලෙස සලකන සාම්ප්‍රදායික ආකල්ප සහිත පුරුෂයන් පමණක් විනිශ්චය කාර්යය ඉටුකරන අධිකරණ ක්‍රමයක් අදට අදට කෙසේ වත් උචිත නොවේ.

නමුත් කාති උසාවිවලට විනිසුරුවරුන් පත්කිරීම සඳහා තවමත් අයදුම්පත් කැඳවීම මුල්කර ගනිමින් අධිකරණ සේවා කොමිෂන් සභාව නීතිය සැමට සාධාරණය යන ප්‍රධාන මූල ධර්මයේ ද ගෙල සිඳ ඇති බව අප ගේ වැටහීම ය. ඒ අනුව මෙම ක්වාසි අධිකරණ ක්‍රමය අහෝසි කිරීමට වත්මන් දේශපාලන අධිකාරිය මඳකුදු පසුබට විය යුතු නැත.

(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්වාසි උසාවිය මුස්ලිම් කතුනට හිමි වාසියක් ද ? | The Leader