
ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ ලේකම් ලෙස කටයුතු ආරම්භ කළ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා මෙරට අග්‍රාමාත්‍යවරුන් හත් දෙනෙක්ගේ ලේකම්වරයා ලෙස රාජකාරී කරනු ලැබීය. ඊට අමතරව ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුගේද උපදේශක තනතුර හෙඹවීමටද බ්‍රැඩ්මන් වීරකෝන් මහතාට අවස්ථාව උදාවිය.
රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිධූරයේ කටයුතු කරද්දී ලේකම් වහයෙන් සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා සිවිල් නිලධාරියෙකු ලෙස කැපී පෙනෙන චරිතයක් පෙන්වීම ආරම්භ කළේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ලේකම්වරයා වශයෙන් සාම මහලේකම් කාර්යාලය පවත්වාගෙන යමින් රටේ ආර්ථිකයට සහ යුද්ධයට විසඳුම් සෙවීම සඳහා දැක්වූ දායකත්වය හේතුවෙන් බ්‍රැඩ්මන් වීරකෝන් මහතාට මෙරට සිවිල් සේවයේ විශිෂ්ඨ පිළිගැනීමක් හිමිවින. “බ්‍රැඩ්මන් පිපිලා ආවේ රනිල්ගේ කාලයේය” යැයි අවමංගල්‍ය අවස්ථාවට සහාභාගී වූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් ප්‍රකාශ කළේ මේ පසුබිම යටතේ විය හැකිය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බද්ද හේතුවෙන් මෙරට ඇඟලුම් කර්මාන්තය විශාල අර්බුධයකට ගමන් ගන්නා ආකාරය දැන් දැන් පෙන්නුම් කරයි. ඉකුත් සතියේ රනිල් වික්‍රමසිංහ මහතා ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයින් පිරිසක් සමග හමුවක් පැවැත්වීය.
“අපේ ආර්ථිකය රඳා පැවැතුණේ ඇඟලුම් සහ පිටරට රැකියා සඳහා යාම පදනම් කරගෙනයි. ඇඟලුම් මතම ආර්ථිකය ගෙනයන්න හැකිවේ යයි හිතන්න එපා. තමා හැමවිටම ප්‍රකාශ කළේ ඒ කතාව බව” රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

යුරෝපයේ ඊළඟ අවුරුද්දේ ආර්ථික වශයෙන් කඩා වැටීමක් වුණොත් ඒ පැත්තෙනුත් අපිට පහර වදිනවා. ඉන්දියාවත් සමග අවශ්‍ය ගිවිසුම් අත්සන් නොකළ නිසා ඒ පැත්තෙන්ද සහනයක් බලාපොරොත්තු විය නොහැකියි. මා ප්‍රකාශ කළ ආකාරයට ක්‍රියා කළා නම් මේ අවධානම් තත්ත්වය උද්ගත වන්නේ නැහැ.” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.
රනිල්ගේ මාර්ගයේද පැලවත්ත පාරෙද යන්නේ කියන එක තමයි, දැන් අපිට තීරණය කරන්න වෙලා තිබෙන්නේ යයි ඒ හමුවට එක්ව සිටි ඇඟලුම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ව්‍යපාරිකයෙක් ප්‍රකාශ කර සිටියේ සියල්ලන්ගේම සිනා හඬ මධ්‍යයේය.
(සටහන | RW මාධ්‍ය අංශය)



