The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ! සීට් බෙල්ට් අනිවාර්යයි!

T

The Leader Desk

July 13, 2025 • 6:10 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ! සීට් බෙල්ට් අනිවාර්යයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුවන් යානාවලදී නම් පිටත් වීමට පෙර පටි තද කරගන්නා ආකාරය ඇතුළු උපදෙස් කිහිපයක්ම කියා දෙයි.
  • තමන්ගේ ගමනාන්තයේදී බසයෙන් බැස ගැනීමට නොහැකිව, තව නැවතුම් දෙක තුනක් ඉදිරියට යනු ඇත.
  • දැනටමත් බොහෝ බස් රථවල ආසන සවිකර ඇත්තේ මගීන්ට පහසු අන්දමින් නොවේ.
  • එබඳු බසයක, අසුනට තද කර සීට් බෙල්ට්ද දැමූ පසු, මගියාට දැනෙනු ඇත්තේ ඔහු විදුලි පුටුවක ඉන්දවූ බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ගුවන් යානාවලදී නම් පිටත් වීමට පෙර පටි තද කරගන්නා ආකාරය ඇතුළු උපදෙස් කිහිපයක්ම කියා දෙයි. අපේ සාමාන්‍ය බස් මගීන්ට සීට් බෙල්ට් ගැන අවබෝධයක් නැත.

 

DoeJkKeWkAARQ l

අපේ මිනිසුන්ට පටි තද කරගැනීමට උපදෙස් ලැබෙනුයේ, ජීවන වියදම ඉහළ යන කාලවලදී පමණි. මේ නිසා බසයක් ගමන් ඇරඹීමට පෙර, රියැදුරා හෝ කොන්දොස්තර ශබ්ද විකාශනයක් මගින් ඒ උපදේශනය කිරීම මැනවි. නොඑසේ නම්, පළපුරුදු නිවේදකයකු ලවා පිටිගත කරවාගත හැකිය.

දෙවනුව, සීට් බෙල්ට්වල ප්‍රමිතිය ගැන ද පරීක්ෂාකාරී විය යුතුය. හදිසි අවස්ථාවකදී එය ගලවාගත නොහැකි වුවහොත් මගියා අමාරුවේ වැටෙයි. තමන්ගේ ගමනාන්තයේදී බසයෙන් බැස ගැනීමට නොහැකිව, තව නැවතුම් දෙක තුනක් ඉදිරියට යනු ඇත.

 



දැනටමත් බොහෝ බස් රථවල ආසන සවිකර ඇත්තේ මගීන්ට පහසු අන්දමින් නොවේ. එබඳු බසයක, අසුනට තද කර සීට් බෙල්ට්ද දැමූ පසු, මගියාට දැනෙනු ඇත්තේ ඔහු විදුලි පුටුවක ඉන්දවූ බවකි.

මගීන්ට සීට් බෙල්ට් ලබාදීම පිළිබඳව සමාජ මාධ්‍යයකට අදහස් දැක්වූවකු මෙසේ කියා තිබුණි.

“ඇතැම් බස්වලට සීට් බෙල්ට් ලබාදීම ඉතා වැදගත් වන්නේ, එම බස් රථ ගමන් කරන මන්දගාමී - කාලකණ්ණි බව දරාගත නොහැකිව, මගීන් තම ගමනාන්තයට පෙරම බසයෙන් බැස යාමට ඉඩ තිබෙන නිසාය. කොට කොටා යන බස් රියැදුරන්ට මගීන්ගේ කාලය ගැන කිසිදු තැකීමක් නැත.”

එක් සිනා කතාවක දැක්වුණු අන්දමට, වයසක අවුරුදු සියයට ළඟා වූ, වෘධ පුද්ගලයකුගෙන් මාධ්‍යවේදියෙක් මෙසේ විමසයි.
“ගත වූ ජීවිත කාලය දෙස ආපසු හැරී බලද්දි ඔබට සිතෙන්නේ මොනවාද?”

 

කොවිඩ් 19 : කාන්තාවන් බස් කොන්දොස්තරට-ත්‍රීවීල් රියදුරුට දුරකතන අංකය දිය  යුතුද?
“මගේ ජීවිත කාලයෙන් වැඩි හරියක්ම ගත කරල තියෙන්නෙ, බස්වලයි, කෝච්චිවලයි.”

මගීන්ට සීට් බෙල්ට් අනිවාර්ය කිරීමට ප්‍රධාන හේතුවක් වූයේ, රියැදුරන් විසින් අධිවේගයෙන් ධාවනය කිරීමය. එවැනි රථවල ගමන් කරන මගීන් බෙල්ට් තද කරගෙන සිටියහොත්, ජීවිතය කෙසේ වෙතත්, බෙල්ලවත් බේරාගත හැකිය.

මෙම අධිවේගී රියැදුරන්ට, විශ්‍රාම යාමෙන් පසු කළ හැකි පහසු රැකියාවක් ඇත. එනම්, මාරක ළිඳේ බස් ධාවනයය. දැනටමත් ළිඳ නැතුවත් ඔවුන් කරන්නේ ඒ වැඩේමය.

artrtu

 

කලකට ඉහත දුම්රිය රියැදුරෝ වෘත්තීය නාමය වෙනස් කර විශේෂ නිල ඇඳුමක්ද ලබා ගත්හ. ඒ, තම වෘත්තියේ ගරුත්වය උදෙසාය. බස් රියැදුරන්ටද ඒ තත්ත්වය ලබා දිය යුතුය.

දැනට ඔවුන් නිකන්ම නිකන් ඩ්‍රයිවර්ලාය. ගමේදී ඩැයිවර් උන්නැහේය. නැත්නම් ඩ්‍රැයිවර් මහත්තයාය. ඔවුන්ගේ වෘත්තීය නාමය “මහජන ප්‍රවාහන නියමු” යනුවෙන් වෙනස් කළ හැකිය. නිල ඇඳුම, අභ්‍යවකාශ ගාමියකුගේ ඇඳුමට සමාන කළ හැකිය. දැනට ඔවුන් අඳින පළඳින විදිහේ කිසිදු පිළිවෙළක් නැත. සමහර රියැදුරන්ගේ ටී ෂර්ටයේ ඉදිරිපස මිනී ඔළුවකි.

මානසික ආබාධයකින් පෙළෙන මැදිවියේ පුද්ගලයෙක්, දුර ගමන් සේවා බස් නැවතුමකට පැමිණ, එහි සිටි සේවකයකුගෙන් මෙසේ ඇසීය.

“මට අපායට යන බස් එක පෙන්නන්න පුළුවන්ද?”

“ඔය ඔතන නවත්තල තියෙන ඕන බස් එකකට නගින්න.”

“කීයටද දන්නෑ, යන්නෙ?”

“ඒක නං හරියටම කියන්ඩ බෑ. හැබැයි, කොයි වෙලේ හරි යයි. ඒක ෂුවර්.”

බස් දොස් | උදන් ප්‍රනාන්දු
සිරි ලංකාවේ සිදුවූ බස් අනතුරකින් රියැදුරා ඒ මොහොතේම මියගිය අතර, අපායේ උපත ලැබුවේය. අපායේ පිළිගැනීමේ නිලධාරියා ලෙස කටයුතු කළේද රිය අනතුරකින් මියගොස් සිටි, සිරි ලාංකික බස් රියැදුරෙකි. ඔහු තම වෘත්තීය සගයාට, සපෝට් එකක් දෙනු පිණිස මෙසේ කීවේය.
“යාළුවා, තමුසෙත් අපේ එකෙක්ම නිසා, මං එක දවසක් නිවාඩු දෙන්නං. ඕන තැනක ගිහින්, හෙට ආපහු එන්න ඕන. කොහෙටද යන්න කැමති? පැරිස්, නිව්යෝර්ක්, ලන්ඩන්?”

“නෑ. මට අර ඇක්සිඩන්ට් එක වෙච්ච තැනටම ගිහින් එන්න තිබුණොත් ඇති.”
“ඒ මොකටද?”

“මගෙ බුලත්විට තාම බස් එකේ.”

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : ! සීට් බෙල්ට් අනිවාර්යයි! | The Leader