The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සීතල නුවරඑළියේ එළවළු ගොවියන්ගේ ඇඟ රත්වෙන කතාව

T

The Leader Desk

July 15, 2025 • 10:39 AM

සීතල නුවරඑළියේ එළවළු ගොවියන්ගේ ඇඟ රත්වෙන කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ඔවුන් එක්‍ රැස්ව සිටියේ අවනඩුවක් කියන්න ය.
  • පිරිස පනහක් පමණ වන්නට ඇත. සිංහල හා දෙමළ ජනවර්ග දෙකක ස්ත්‍රී පුරුෂ හා තරුණ මෙන්ම වැඩිහිටි පිරිසක් ඒ අතර විය.
  • අද අප දකින නුවරඑළිය සොයාගෙන ඇත්තේ සැමුවෙල් බේකර් විසිනි.
  • මේජර් විලියම් රොජර්ස් ගේ සොහොනට අදටත් හෙණ ගෙඩි පාත්වන්නේ නුවරළියේ අලි ඇතුන් දහස් ගණනක් ඝාතනය කර විනාශ කර දැමූ පාපයට මේජර් විලියම් රොජර්ස් ගේ සොහොනට අදටත් හෙණ ගෙඩි පාත්වන්නේ නුවරළියේ අලි ඇතුන් දහස් ගණනක් ඝාතනය කර විනාශ කර දැමූ පාපයට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ඔවුන් එක්‍ රැස්ව සිටියේ අවනඩුවක් කියන්න ය. එම කටයුත්ත සංවිධානය කර තිබුණේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගිනි. පිරිස පනහක් පමණ වන්නට ඇත. 

සිංහල හා දෙමළ ජනවර්ග දෙකක ස්ත්‍රී පුරුෂ හා තරුණ මෙන්ම වැඩිහිටි පිරිසක් ඒ අතර විය.

අද අප දකින නුවරඑළිය සොයාගෙන ඇත්තේ සැමුවෙල් බේකර් විසිනි. එදා සිට අද දක්වා  පරපුරෙන් පරපුරට එක දිගට ගලා එන ජනප්‍රවාදයකට අනුව අදටත් ජනතාව හෙණ ඉල්ලන ඒ වගේම හැම අවුරුද්දකම පාහේ අඩුම තරමින් එක හෙණයක් හෝ පාත්වන තැනක් නුවරඑළිය නගර මධ්‍යයේ පවතී. ඒ සැමුවෙල් බේකර් සමග හරි හරියට විනෝද වූ මේජර් විලියම් රොජර්ස් ගේ සොහොන් කොත‍යි.

image d525c105ebමේජර් විලියම් රොජර්ස් ගේ සොහොනට අදටත් හෙණ ගෙඩි පාත්වන්නේ නුවරළියේ අලි ඇතුන් දහස් ගණනක් ඝාතනය කර විනාශ කර දැමූ පාපයට
මේජර් විලියම් රොජර්ස් ගේ සොහොනට අදටත් හෙණ ගෙඩි පාත්වන්නේ නුවරළියේ අලි ඇතුන් දහස් ගණනක් ඝාතනය කර විනාශ කර දැමූ පාපයට ය. එවැනිම වූ තවත් විනාශයක් නුවරඑළියට කරන්නට දත කන කණ්ඩායමක් ගැන ඒ පිරිස සිටින්නේ කෝපයෙනි. ඒ වගේම වේදනාවකිනි.

ඒ විනාශය කරන්නට දත කන පිරිසට නුවරඑළියේ එළවළු ගොවියන් තවමත් හෙණ ඉල්ලා නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය නිළධාරීන් ද දේශපාලන කුලැත්තන් ද සමාගම් කිහිපයක් ද ඇතුළුව එක්තරා කණ්ඩායමක් සිදුකරන මේ විනාශයෙන් තමනුත් නුවරඑළියත් බේරා දෙන ලෙස ය.

 

Carrot farmers are harvesting their crops in Nuwara Eliya, Sri Lanka, on March 2, 2024. The carrot is a root vegetable, typically orange in color, though heirloom variants including purple, black, red, white, and yellow cultivars exist, all of which are domesticated forms of the wild carrot, Daucus carota, native to Europe and Southwestern Asia. (Photo by Thilina Kaluthotage/NurPhoto via Getty Images)
නුවරඑළිය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළව සලකා බලන විට අතිශයින්ම තීරණාත්මක කලාපයකි.  සීත දේශගුණික තත්වයන් යටතේ වැවෙන කැරට්, ලීක්ස්, අර්තාපල්, බීට්රූට් වැනි එළවලු එහි බහුල ලෙස වගා කෙරේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එළවලු වගාකරන ගොවීන්ගේ සංඛ්‍යාව හතලිස් දහසක් පමණ වෙතැයි සැලකේ. ගොවීන් සඳහන් කරන ආකාරයට වින කටිමින් සිටින්නේ ඔවුන්ට ය.

බීජ ඒකාධිකාරය

අද වන විට ඔවුන් මුහුණ දෙමින් සිටින පළමුවන ගැටළුව වන්නේ බීජ වර්ගවල මිල වේගයෙන් ඉහළ යාම සහ ඒවා ද නිසි ප්‍රමිතියකින් තොර ඒවා වීම ය. එය මේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන සමාගම් කිහිපයක් මුල් වී කරන ගසාකෑමකි. ඒ ගැන අපට මුලින්ම කරුණු දක්වන ලද්දේ  කේ. ඩබ්ලිව්. අජිත් මහතා විසිනි. මතකද පහුගිය කාලයෙ කැරට් මිල රුපියල් 1800 ගානට ගියා. එහෙම වුණේ ඒ වාරයේ මෙරටට ගෙනාපු කැරට් බීජ පැළවුණේ නැති හින්දායි. ගොවියට තාක්ෂණය නෑ රටට ගේන බීජ වර්ගවල තත්වය මනින්න. ඒක කරන්න ඕන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. නමුත් අපේ රටේ එහෙම් වෙනවද? වගා කරපු බීජ පැළවුණේ නැත්නම් පාඩුව දරාගන්න ඕන ගොවියා. නිශ්පාදනය අඩුවුණාම ඉහළ යන මිල දරාගන්න ඕන පාරිභෝගිකයා. ඒ කාරණයටම අදාළව පැහැදිළි කිරීමක් කළ ටී.ජී.ජයසිරි ගොවි මහතා,

“ගිය අවුරුද්දේ කැරට් ග්‍රෑම් 50 පැකට් හයක් රුපියල් 70000  වියදම් කරල අරගෙන වගා කළා. එක පැලයක්වත් පැළවුණේ නෑ, ඒ ගැන කඩේට ගිහින් කිව්වහම බීජ සමාගමේ නියෝජිතයෙක් හරහා පාඩුව පියවීමට ලීක්ස් කිලෝ දෙකක බීජ  පැකට් දුන්නා ඒකෙන් එක ඇටයක්වත් පැළ වුණේ නෑ. රජයේ කෘෂිකාර්මික නිලධාරියාට කිව්වා, ඔහු බලන්න ආවෙත් නෑ. ඒ නිසා මං කම්කරු වියදමවත් සොයා ගැනීමට නොහැකිව පාඩු වින්දා. බීජ නිෂ්පාදනය අයිතිය  සමාගම් වලට නොදී සීතා එළිය, කඳපොළ ආදී පිහිටි ගොවිපළවල්වලට  ලබා  දෙන්න ඕනෑ. එය රජයේ ප්‍රතිපත්තිය වෙන්න ඕන”

එස්.වේලායුදම් මහතාද එයට එක්වෙමින් කියා සිටියේ, “බීජ නිෂ්පාදනය ලංකාවේ කිරීමට පුළුවන්. ලංකාවේ බීජ නිෂ්පාදනාගාර හතක් තියෙනවා. සීතාඑළියේ තියෙන බීජ නිෂ්පාදනාගාරයෙන් නුවරඑළියේ අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. බදුල්ල දිස්ත්‍රික්කයටත් ඇති වෙනවා. සමාගම් වලින් ගෙන්නන බීජ තුළින් නැවත අපට බීජ නිෂ්පාදනය කිරීමටද හැකියාවක් නැහැ.”

 

plants
බීජ ගැන කතාකිරීමේදී අප රට සිටින්නේ ඉතා දුප්පත් තැනක ය. අප වගාකරන එළවළුවක පවා බීජ වල අයිතියක් ගොවියාට නැත. නමුත් ඉන්දියාව ඒ අයිතිය සමාගම්වලට ලබා දී නැත. ඒ නිසා අපට අප වගාකරන බීජ සඳහා මහා පරිමාන සමාගම් මත යැපෙන්නට සිදුව ඇත.

අලකලංචිය

නුවරඑළීයේ අල ගොවියාද අද මුහුණ දී සිටින්නේ අලකලංචියකටය. ඒ ගැන පැහැදිලි කිරීමක් කළ පී.කේ.ඩබ්. ජයරත්න මහතා.

POTETO

“අපි ඉස්සර හෙක්ටයාර පනස්දාහක පමණ අල වගා කළා.  දැන් වගා කරන්නේ හෙක්ටයාර පන්සියයක විතර ප්‍රමාණයක්. එකට හේතුව වෙන දෙයක් නෙවෙයි. බීජ අල හොන්ඩරයක් සඳහා රුපියල් 47000ක් වෙනවා. පොහොර මිටියකට රුපියල් 15000 ක් වියදම් කරන්න වෙනවා . රෝග වලට ගහන බෙහෙත් බෝතල්යක් රුපියල් 3000කටත් වඩා ඉහළ ගිහින්. ඉස්සර අපි රුපියල් 2800ට ගත්ත වතුර දාන බටේ දැන් රුපියල් 18000 ක් වෙනවා. කලින් ග්‍රෑම් පනහේ කැරට් ටින් එක රුපියල් 1800යි දැන් රුපියල් 6250ක් වෙලා. ගොවියාට ඒවා දරා ගන්න බෑ. ඉස්සර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අපට බීජ අල ලබා දුන්නා. දැන් මිල තීරණය කරන්නේ සමාගම්. අල ගොවියා ගොවිතැන අතහැර යාමට හේතුව එයයි.

මිළ වැඩි ගුණ අඩු කෘෂි යෙදවුම

ඔවුන් මුහුණ දෙමින් සිටින තවත් බරපතල ප්‍රශ්නයක් වන්නේ කෘෂි යෙදවුම් සඳහා වැයකරන්නට සිදුවන ඉහළ මිළ ගණන් ය. නුවරඑළියේ ගොවියෝ බීජවල, කෘමිනාශක සහ රසායනික පොහොරවල ඉහළ මිල හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති. ලාභය පමණක් අරමුණු කරගෙන බොහෝ සමාගම් ගුණාත්මක බවින් ඉතා අඩු සහ දේශීය බෝග සඳහා නොගැලපෙන නිෂ්පාදනයන් ආනයනය කොට විවිධ සන්නාම ඔස්සේ ඉහළ මිල ගණන්වලට වෙළඳපොලට මුදා හරින බව කියයි. ඒ හේතුවෙන් වගාවන්ට හෝ පසට කිසිදු ප්‍රතිඵලයක් නොමැති නිෂ්පාදන වෙනුවෙන් ගොවීන් හට ඉතා ඉහළ පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

ඒ ගැන තවත් පැත්තක් පෙන්වා දුන් එස්.එම් බන්දුසේන මහතා.

 Carrot farmers are using fertilizer for their carrot farm in Nuwara Eliya, Sri Lanka, on March 2, 2024. The carrot is a root vegetable, typically orange in color, though heirloom variants including purple, black, red, white, and yellow cultivars exist, all of which are domesticated forms of the wild carrot, Daucus carota, native to Europe and Southwestern Asia. (Photo by Thilina Kaluthotage/NurPhoto via Getty Images)
“1948 නිදහස ලැබීමෙන් පසු නුවරඑළිය ප්‍රදේශයේ ජනතාවට ලබා දුන් ඉඩම්වල තමයි තවමත් අපි වගා කරන්නේ. ඒ නිසා දැන් ඉඩම් නිසරුයි අපිට බාල පොහොර  දීලා කියලා පහුගිය දිනවල පුවත්පත්වලින් දැක්කා. ඒ නිසා එන්න එන්න අපේ පොළොව දැන් නිසරුයි. නුවරඑළියට පොහොර ගේනකොට පොහොර වෙන් වෙන් වශයෙන් ගේන්න ඕනෑ. එහෙත් සියලු පොහොර කලවම් කරලා ගෙන ඒම තුළ අපේ පසට වැඩි වශයෙන් අවශ්‍ය පොහොර කුමක්ද යන්න තීරණය කරන්න බෑ. අපි  වගාවට පෙර පස පරීක්ෂා කරනවා. ඒ නිසා අවශ්‍ය සංඝටක මොනවද  අනවශ්‍ය මොනවද කියල අප දන්නවා. ඒත් පසේ අඩු පෝෂක කොටස් වෙන් වෙන්ව වෙළඳ පොළෙන් ගන්න බෑ.
රෙෂාන් කණිෂ්ක, කාබනික කෘෂිකර්මය පිළිබඳව පර්යේෂණ සිදු කරමින් සිටින තරුණයෙක්. මේ ඔහුගේ පැහැදිළි කිරීම “කාබනික කෘෂිකර්මය පිළිබඳව මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙලා පර්යේෂණයක් කරනවා. ඒ අනුව ගෝවා වගාව පිළිබඳව.මේ වෙනකොට අර්තාපල් වගාවේ අලය ඇතුලේ කුණු වීමේ ලෙඩක් ඇතිවනු ලබන්නේ ගෝවා වගාව නිසා.
 
cabbage
මේවා ගැන කෘෂි පර්යේෂණ දෙපාර්තමේන්තුව දන්නවා එයාල කට වහගෙන ඉන්නවා. ගෝවා හැදුවහම අවුරුදු ගණනාවක් එම රෝගය පොළොවේ තියෙනවා. මෙම ගැටලුවට කොපර් සල්ෆේට් හා එළකිරිවලින් මෙය පාලනය කිරීමට පුළුවන්. ඒත් ඒවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කරන්නේ නෑ. ලීක්ස් ගහේ කඳ පනුවන් ගසා කඩා වැටෙන රෝගයක් තියෙනවා. එයට කෘෂි රසායන දෙකක් එකතු කරලා පොළොවට ගැසීමෙන් හොඳ ප්‍රතිඵළ  ගන්න පුළුවන්. ගව මුත්‍රා සහ කොපර් සල්පේට් එකතු කර යෙදීම තුළ ද  මෙය පාලනය කරන්න පුළුවන්.
කොරේ පිටට මරේ
මේ අටෝරාසියක් ප්‍රශ්න අතරේ නුවරඑළියේ එළවළු ගොවියාට කොරේ පිටට මරේ කීවා වැනි ඇබැද්දියකට ද මුහුණ දෙන්නට සිදුව තිබේ.  ඒ කතාවට ද මුල පිරුවේ ජයරත්නම ය. ඉස්සර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අපේ එළවලු ලබා ගැනීමට අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවක් තිබුණා. එය වැසීයාම තුළ අද මීළ තීරණය කරනු ලබන්නේ නුවරඑළියේ ගොවීන් ලෙස පෙනී සිටින ව්‍යාපාරිකයින් පිරිසක්.  ඊට තවත් කරුණු එකතු කළේ අජිත් ය. එයාලාගේ ගෝවා වැව්වොත් එයාලගෙ අස්වැන්න නෙළන වෙලාවට ගෝවා මිල වැඩියි.
vegitable transport
අනෙක් එළවළු වැව්වත් එයාලගෙ අස්වැන්න නෙළන දවසට මිළ ඉහළ දානවා. අපේ අස්වැන්න කුණු කොල්ලෙට ගන්නවා. පවතින හැම ආණ්ඩුවක්ම අපිට මේක කියල තියෙනවා. මීට මාස දෙකකට කලිනුත්  වෙළඳ අමාත්‍යවරයා නුවරඑළියට ආපු වෙලාවේත් මේවා  කිව්වා. ඒත් අපිට මේවට විසඳුම් ලැබිලා නෑ. මේ ආණ්ඩුව එන්න කලින් දැන් ඉන්න නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්න මහතා අපේ ගෙදරින් කිරිබත් කාලා නුවරඑළිය ගොවියාට උපරිම සාධාරණයක් ඉටුකරන බව කිව්වා නමුත් දැන් එයාලා මගේ දුරකථන ඇමතුමකටවත් උත්තර දෙන්නෙ නෑ.

නුවරඑළියේ  විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පාලනාධිකාරය සහ සාමාන්‍ය ගොවියා අතර පවතින මෙම විරසකය ගැටුම්වලට පවා තුඩු දී තිබේ. ඒ ගැන පොලිසියට පවා මැදිහත්වීමට සිදු වූ වාර කිහිපයකි. නමුත් තවමත් ප්‍රශ්නය පෙර තිබූ තැනම ය. ගොවීන් පවසන ආකාරයට ගැටුම්වලට පාදක වී ඇත්තේ මෙවන් කරුණු ය.
 
image ac4d35d600
මෙම විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සිටින වෙළෙන්දන් බොහොමයක් අක්කර 10-20 ත් අතර වගා ඉඩම් හිමි මහා පරිමාණ ගොවියෝ ය. මොවුන් විසින් ඔවුන්ගේ බෝග වගා කිරීමේ සහ අස්වනු නෙලීමේ චක්‍රයට අනුව වෙළඳපොල මිල මෙහෙයවීම සිදු කරයි. නිදසුන් ලෙස එක් වෙළෙන්දෙකුට අක්කර 15ක කැරට් විකිණීමට සුදානම් තත්ත්වයේ පවතීනම් ඔහු විසින් දින කිහිපයක් සඳහා කැරට් කිලෝවක වෙළඳපොල මිල රුපියල් 200-3000කින් කෘත්‍රීම ලෙස ඉහළ නංවයි. 
Carrot farmers are harvesting their crops in Nuwara Eliya, Sri Lanka, on March 2, 2024. The carrot is a root vegetable, typically orange in color, though heirloom variants including purple, black, red, white, and yellow cultivars exist, all of which are domesticated forms of the wild carrot, Daucus carota, native to Europe and Southwestern Asia. (Photo by Thilina Kaluthotage/NurPhoto via Getty Images)
 
ඔවුන්ට බෝග නොමැතිනම් ඔවුන් කුඩා ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට මිලදී ගෙන ඉතා ඉහළ මිලට යලි අලෙවි කොට කිලෝවකින් රුපියල් 150-200ත් අතර ලාභ උපයති. මෙම ක්‍රමය පැහැදිලි ලෙසම මිල මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වන බව කියවෙන අතර එමගින් එහිදී වගා බිමේ සිට වෙළඳපොළ දක්වා වූ සමස්ත සැපයුම් දාමයම පාලනය කරමින් එම පිරිස ගොවීන් මෙන්ම පරිභෝගිකයාවත් සූරාකෑමට ලක් කරන බව කියයි.
 
1744626585 2740 medium
වරුවක් පුරා ඇදී ගිය ඒ කතා බහ තුළ මතු වූ කරුණු මෙපමණකට සීමා නොවී ය. වගාවට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීම, විශේෂයෙන් ගබඩා පහසුකම් නොමැති වීම, රජයේ නිළධාරීන්  නුවරඑළියේ ගොවිතැන පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් මහා පරිමාණ පුද්ගලික සමාගම්වල  ඉත්තන් හා අනියම් නියෝජිතයන් ලෙස ක්‍රියාකිරීම වැනි තවත් බොහෝ කරුණු එහි දී ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.  ඒවා නිරාකරණය කරදීම අදාළ වගකිවයුත්තන්ගේ වගකීමකි.

(සටහන : | නිර්මලා  දිසානායක - දිනේෂ් මහන්තගේ)

 

WhatsApp Image 2021 09 13 at 13.49.58

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සීතල නුවරඑළියේ එළවළු ගොවියන්ගේ ඇඟ රත්වෙන කතාව | The Leader