The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති ; ගාසා හි ජනඝාතක බටහිරට එරෙහිව නැගී සිටින ගැහැණිය: ප්‍රන්චෙස්කා ඇල්බනීස් | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

July 18, 2025 • 5:50 AM

සම්මුති විසම්මුති ; ගාසා හි ජනඝාතක බටහිරට එරෙහිව නැගී සිටින ගැහැණිය: ප්‍රන්චෙස්කා ඇල්බනීස් | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන් 178 දෙනෙකු ගාසා තීරයේ පලස්තීන ජාතිකයින්ය.
  • ඊශ්‍රාලය රෝහල්, පාසල් සහ ජල යටිතල පහසුකම් ක්‍රමානුකූලව ඉලක්ක කර ඇති බැවින් දිව ගැලවී සිටින ගාසා ජනයාට නවාතැන්, පිරිසිදු ජලය හෝ වෛද්‍ය ප්‍රතිකාර නොමැත.
  • එනමුත් පුදුමයට කාරණය වන්නේ අප වැනි රටවල මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් ගැන බණ කියන යුරෝපය ඇතුලු බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට මෙම අපරාධ නොපෙනීමයි.
  • ඊශ්‍රාලය ද සැළකෙන්නේ බටහිර ප්‍රජාන්ත්‍රවාදී රටක් ලෙසය!
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන් 178 දෙනෙකු ගාසා තීරයේ පලස්තීන ජාතිකයින්ය. මෙම ඝාතන ලෝක යුද්ධ දෙකෙහිම, වියට්නාමයේ, යුගෝස්ලාවියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ කාලීන ඒකාබද්ධ මරණ සංඛ්‍යාව ඉක්මවා යයි.

ජනඝාතක ඊශ්‍රාලය මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් පවුල් පිටින් ඉලක්ක කර ඝාතනය කරන්නේ කිසිදු වගවීමක් නැතිවය.

 

ඊශ්‍රාලය ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක්ව ආහාර බෙදා දීමේ වැඩ සටහනක් සකස් කළේ සාගින්න නිවා ගැනීමට එන ජනයාට වෙඩි තබා මරාදැමීමටය.

නොනවතින ඊශ්‍රාල බෝම්බ ප්‍රහාරයන්ගෙන් කඩා වැටුණු ගොඩනැගිලි යට දස දහස් ගණනාවක් වැලලී ගොස් තිබේ.  ඊශ්‍රාලය රෝහල්, පාසල් සහ ජල යටිතල පහසුකම් ක්‍රමානුකූලව ඉලක්ක කර ඇති බැවින් දිව ගැලවී සිටින ගාසා ජනයාට නවාතැන්, පිරිසිදු ජලය හෝ වෛද්‍ය ප්‍රතිකාර නොමැත.

 

ගාසා තීරයට ආහාර යැවීම එක්සත් ජාතීන්ට තහනම් කළ ඊශ්‍රාලය ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක්ව ආහාර බෙදා දීමේ වැඩ සටහනක් සකස් කළේ සාගින්න නිවා ගැනීමට එන ජනයාට වෙඩි තබා මරාදැමීමටය. මේ වන විට දහසකට ආසන්න පිරිසක් ආහාර පෝලිම්වලදී වෙඩි තබා මරා දමා තිබේ. එය දිගටම සිදු වෙයි.

 

එනමුත් පුදුමයට කාරණය වන්නේ අප වැනි රටවල මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් ගැන බණ කියන යුරෝපය ඇතුලු බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට මෙම අපරාධ නොපෙනීමයි. ඊශ්‍රාලය ද සැළකෙන්නේ බටහිර ප්‍රජාන්ත්‍රවාදී රටක් ලෙසය!

ස්පාඥය, නොර්වේ, අයර්ලන්තය සහ ස්ලෝවෙනියාව හැර අන් සියලු යුරෝපා රටවල් ගසා ජන ඝාතනයේ අනියම් සහ ඍජු හවුල්කරුවන් බවට පත්ව තිබේ.

vb5u6p9090789782025.5.15 ජර්මනියේ බර්ලිනයේ පැවති ඊශ්‍රායලයට එරෙහි විරෝධතාවකදී පොලිස් නිලධාරීන් පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නා අයුරු

ගාසාහි යුද්ධය විසින් සමස්තයක් ලෙස බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපට ඉරා දැමුවේය. මෙරට යුද්ධ කාලීන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටින මෙම බටහිර රටවල් ගාසාහි යුද්ධ අපරාධ කරගෙන යෑම සඳහා ත්‍රස්ත රාජ්‍යක් වන ඊශ්‍රාලයට ආයුධ මෙන්ම දේශපාලන සහයෝගයද ලබා දෙති. පලස්තීන සහයෝගිතාකරවනට එරෙහි ජරමානු පොලිසියේ හැසිරීම ලංකාවටත් වඩා තුච්චය. බිහිසුණුය.

කලාපයේ ඕනෑම රටකට බෝම්බ දමා නිරායුධ වැසියන් ඝාතනය කිරීමට මෙම බටහිර රටවල් ඊශ්‍රායල් ත්‍රස්ත රාජයට ලයිසන් දී තිබේ. යුද අපරාධකරුවකු ලෙස ජ්‍යත්‍යන්තර යුද අධිකරණය විසින් නම් කර ඇති ජන ඝාතක නෙතෙන්යාහු මෙම රටවල පාලකයින්ට වීරයෙකි.

 

neth98yr039යුද අපරාධකරුවකු ලෙස ජ්‍යත්‍යන්තර යුද අධිකරණය විසින් නම් කර ඇති ජන ඝාතක නෙතෙන්යාහු මෙම රටවල පාලකයින්ට වීරයෙකි.
බටහිර ප්‍රජාත්‍රන්තවාදී රටවල මෙම දේශපාලන කුහකත්වයට අභියෝග කරන ගැහැනිය ප්‍රන්චෙස්කෝ අලබනීස්ය. නීතිඥවරියක් වන ඇය ඊශ්‍රාලය වාඩිලාගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශ පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය වේ. ඇය ඉතාලියානු ස්ත්‍රියකි.

ගාසාහි ජන ඝාතනය සම්බන්ධයෙන් පමණක් නොව එහි ජනයා කුසගින්නේ මැරෙන්නට හැරීම ගැන ලොවටම ඇසෙන්නට කෑ ගසා කියන හඩ ඇයගේය. ලෝකයේ වඩාත්ම ගැටුම්කාරී කලාපයක නීතිමය සහ සදාචාරාත්මක පෙනී සිටීමේ බලවේගයක් බවට ඇය පත්ව ඇත.

2022 මැයි මාසයේදී මෙම භූමිකාව භාරගත් දා සිට, ඇය ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම්වල අමානුෂීය ස්වභාවය නිර්භීතව ආමන්ත්‍රණය කර තිබේ. මේ නිසා ඇයට ප්‍රශංසාවද සහ ගැරහීමද යන දෙකම ලඟා වෙයි.

 

alm6786778ප්‍රන්චෙස්කෝ අලබනීස්
ලෝකයෙහි යුද අපරාධ පරීක්ෂන සහ යුක්ති යාන්ත්‍රණයන්ට අරමුදල් දීම කපා හැරි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුදාක ඇයට සම්බාධක පැනවූවාය. ඇය සතු යම් ධනයක් අමෙරිකාවෙහි තිබුණි නම් එය තහනම් වන අතර ඇයට එරටට ඇතුලුවීම තහනම්ය.

මෙම සම්බාධක පැනවීම සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අල්බානීස් කියා සිටියේ ‘ඔවුන් කිසි විටෙකත් තමා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අභියෝග කළේ නැති’ බවයි. ඇමෙරිකානු සම්බාධක "මාෆියා විලාසිතාවේ බිය ගැන්වීමක්" සහ "ශක්තියේ නොව වරදකාරිත්වයේ ලකුණක්" යැයි ඇය අලුයම ලූ කෙළ පිඩක් සේ ප්‍රතික්ෂේප කළේය.

ඉතාලියෙහි පීසා විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලබා ගැනීමෙන් පසු, ඇය ලන්ඩනයේ SOAS විශ්ව විද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳ නීති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගෙන තිබේ. දැනට ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සරණාගත නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරන්නීය.

genocide 0394 0349
ගාසා තීරය පිළිබඳ ඇගේ වාර්තා තරම් ගෝලීය කතිකාව ඇවිල වූ වෙනත් ලියවිල්ලක් නැත. 2024 මාර්තු මාසයේදී ඇල්බනීස් විසින් ‘ජන සංහාරයක ව්‍යුහ විද්‍යාව’ ප්‍රකාශයට පත් කරන ලද අතර එය එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ ගාසා තීරයේ ඊශ්‍රායලයේ මිලිටරි ක්‍රියාමාර්ග ජන සංහාරයක් ලෙස තීරණය කිරීම සඳහා නීතිමය රාමුව සපුරා ඇති බව තර්කානුකූලය පෙන්නුම් කළාය.

2025 ජූලි මාසයේදී, ඇයගේ ‘රැකියාවේ ආර්ථිකයේ සිට ජන සංහාරයේ ආර්ථිකය දක්වා’ නම් වාර්තාව මගින් යුද්ධයෙන් ලාභ ලබන බවට ව්‍යවසායයන් 48 ක් නම් කලාය. ඔවුන් අතර මයික්‍රොසොෆ්ට්, ඇමේසන්, කැටපිලර් සහ ලොක්හීඩ් මාටින් වැනි ප්‍රධාන සමාගම් ද වේ. ජන සංහාරය ලාභයක් බවට පත් කරගෙන ඇති බවට ඇය එම සමාගම්වලට චෝදනා කළාය.

 

ගාසා ජන සංහාරයට බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් ලැබෙන විවෘත සහ නිහඩ සහයෝගය නොවන්නට 2023 ඔක්තෝබරයේ සිට මේ වන විට (නිල සංඛ්‍යා ලේඛන අනුව) 57,000කට වඩා නිරායුධ ජනයා පවුල් පිටින් ඝාතනය කරන්නට ඊශ්‍රාලයට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙම මිය ගිය සංඛ්‍යාවෙන් විශාල ප්‍රමාණයන් ස්ත්‍රීන් සහ දරුවන්ය. මෙම සංඛ්‍යා ලේඛන මීට වඩා වැඩි බවට පොදු පිළිගැනීමක් තිබේ.

ලෝකයෙහි විශාලතම ජන ඝාතනය සිදු වූයේ හිට්ලර් යටතේ ජර්මනියේ දී නොව යුරෝපීය සංක්‍රමණිකයින් සහ ඔවුන්ගේ ආණ්ඩු විසින් අද එක්සත් ජනපදය යැයි කියන භූමියේ දී බවට සමහර ඉතිහාසඥයෝ පෙන්වා දෙති.

යුරෝපීය ආක්‍රමණයට පෙර ලක්ෂ 80- 150 ක් තරම්  ස්වදේශික ජනගහණයක් ඇමෙරිකාවෙහි ජීවත් වූ බවට ඔවුහු තර්ක කරති. එකී යුරෝපීය ආක්‍රමණයේ මුල් වසර 400 තරම් කාලය තුල එම සංඛ්‍යාව ලක්ෂ 3-5 සංඛ්‍යාවක් බවට පත් වූයේය. යුද්ධ, බෝවන රෝග පැතිරවීම, ඔවුන්ගේ ජනාවාසයන්හි වාඩි ලා ගැනීම් සහ පළවා හැරීම් මගින් ඒ ජන ඝාතනය සිදු කරන ලදී.

 

ඒකපාර්ශ්වීය සටන් විරාමයකට බල කරමින් ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහි ප්‍රහාර  දැඩි කරයි
ඊශ්‍රාලය පලස්තීන භුමියෙහි දියත් කර ඇත්තේ යුරෝපීය පදිංචිකරුවන් විසින් අද ඇමෙරිකා එක්සත් ජනපදය යැයි කියන භූමියෙහි දී කරන ලද එම ජන ඝාතනයේ අලුත් පිටපතකි. බරක් ඔබාමාගේ සිට ඩොනල්ට් ට්‍රම්ප් දක්වා ගාසා ජන ඝාතනය සහ ඊශ්‍රාලයේ ආක්‍රමණික පිළිවෙතට සහාය දෙන්නේ එනිසාය. 

 
එමෙන්ම ඇමෙරිකාවෙහි අති බලගතු පාර රාජ්‍ය සමන්විත වන්නේ යුද්ධායුද කර්මාන්තය, සීඅයිඒ වැනි බුද්ධි ආයතන, ඊශ්‍රාලයට ගැති සහ සම්බන්ධ මාධ්‍ය සහ සියොන්වාදී යුදෙව් ව්‍යාපාර හිමිකරුවන් ගෙනි. ඔවුන්ගේ බලයට එරෙහිව යෑමට කිසිදු ඇමෙරිකානු ආණ්ඩුවකට නොහැක.
 
මේ සියලු සතුරුකම් නොසළකා ඇල්බනීස් සිය අධිෂ්ඨානශීලීව අතහැර නැත. ඇගේ වාර්තා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ විවාදවලට සාධනීය ලෙස බලපායි. එමේන්ම රජයන් සහ ආයතන මත පීඩනය වැඩි කර ඇත. දශ ලක්ෂ ගණන් ජනයා සමාජ මාධ්‍ය වේදිකාවන්හි ඇය වෙනුවෙන් පෙනී සිටිති. ගාසාහි සාධාරණ සාමයක් සදහා නැගෙන එක්සත් ජාතීන්ගේ ප්‍රබලතම හඬ ඇයයි.
 
 
දේශපාලන සම්මුතියක් නැති සහ රාජ්‍ය තාන්ත්‍රික ද්විත්ව කතාවලින් පිරුණු ලෝකයක, ඇල්බනීස්ගේ කාර්යය පහසු නැත. ඇය ගැහැනියකවීම ද අන්තවාදී ප්‍රහාරයන්ට සහ තර්ජනයන්ට හේතු වේ. බටහිර රටවල් ඇයගේ භූමිකාවට සහය නොදෙති.

එනමුත් නීතියේ සහ සත්‍යයේ පරිවර්තනීය බලය විශ්වාස කරන අප වැන්නන්ට, ඇය ධෛර්යයේ දුර්ලභ උදාහරණයකි. ඇගේ උරුමය තවමත් දිග හැරෙමින් පවතී. ඇය ලියන සෑම වචනයකින්ම සහ ඇය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප සිදු වේ.

ඇගේ පොදු භූමිකාවෙන් ඔබ්බට, ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් ඇගේ පවුල සමඟ නිහඬ ජීවිතයක් ගත කරයි. ඇය ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආර්ථික විද්‍යාඥ මැසිමිලියානෝ කැලී සමඟ විවාහ වී සිටින අතර ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකු සිටී.
 


ප්‍රන්චෙස්කා අල්බානීස් නිරනුමානවම අපේ කාලයේ වීරවරියකි. ගාසා හි ජනයා වෙනුවෙන් ඇය නඟන හඩ ඉතිහාසය පුරාම නිංනාද වෙනු ඇත.

රෙහානා පතීමා නිරුවත පෙන්වීයැයි චෝදනාවෙන් නිදහස්! - (සුනන්ද දේශප්‍රිය)(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සම්මුති විසම්මුති ; ගාසා හි ජනඝාතක බටහිරට එරෙහිව නැගී සිටින ගැහැණිය: ප්‍රන්චෙස්කා ඇල්බනීස් | සුනන්ද දේශප්‍රිය | The Leader