The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රුසියාවේ එකම සොහොන් කොතක සැතපෙන ශ්‍රී ලාංකික සොල්දාදුවන් තිස් දෙනෙක්!

T

The Leader Desk

July 18, 2025 • 6:22 AM

රුසියාවේ එකම සොහොන් කොතක සැතපෙන ශ්‍රී ලාංකික සොල්දාදුවන් තිස් දෙනෙක්!  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අතරින් සමහරු උතුරේ යුද බිමේ ඉඳල එල්ටීටීඊයට විරුද්ධව සටන් කරපු සොල්දාදුවෝ.
  • එතන හිටියේ තිහක පමණ පිරිසක්.
  • ඒත් යුක්‍රේනයේ ශ්‍රී ලාංකික සෙබල පිරිසේ අණදෙන නිලධාරියා වෙලා හිටපු "ඩෙන්ටිස්ට්" රනිෂ් හේවගේ 2023 දෙසැම්බර් 04 වෙනිදා සටන් බිමේ දිවි පිදුවට පස්සේ යුක්‍රේනයට යන පාරත් වැහිලා ගියා.
  • ඒ වෙනකොටත් රුසියාවේ හිටපු සමහර ශ්‍රී ලාංකිකයිනුත් ඇතුළුව දෙදහසකට වැඩි පිරිසක් රුසියානු හමුදාවට බැඳෙන්න ඇති කියල විශ්වාස කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතරින් සමහරු උතුරේ යුද බිමේ ඉඳල එල්ටීටීඊයට විරුද්ධව සටන් කරපු සොල්දාදුවෝ.

යුද්ද කරද්දී බොරුවට "රණවිරුවෝ" කිය, කිය ඔවුන් මුලා කළාට, විශ්‍රාම ගත්තට පස්සේ ආණ්ඩුව හරි, සමාජය හරි ඔවුන්ට ජීවිතේ ඉදිරි ගමන ගෙවාගන්න මාර්ගයක් හදල දුන්නේ නැහැ.

ඔවුන් බොහෝ දෙනාගේ දරුවන් තවමත් පාසල් වියේ. වයෝවෘද්ධ දෙමාපියන් බලා, කියා ගැනීමත් ඔවුන්ගේ කර මත පැටවුණ වගකීමක්.  

 


ණය වාරිකත් කැපිල අතට එන රුපියල් තිස්, හතලිස් දහසක සොච්චම් විශ්‍රාම වැටුපෙන් මේ සේරම කරන්නේ කොහොමද කියල මේ මිනිස්සු ලතවෙවී ඉන්න අතරේ තමයි ගෝටාභය සහ ඔහුගේ අග්‍ර පුරෝහිත නඩේට පින් සිද්දවෙන්න ලංකාවේ ආර්ථිකය බංකොලොත්ම වෙලා ගියේ.

එහෙම බින්දුවටම වැටුණ ආර්ථිකය දැන් ගොඩ ඇවිත් කියල ආර්ථික විද්‍යාඥයෝ කීවට එදත්, අදත් මේ මිනිස්සුන්ගේ ජීවිතවල නම් දැනෙන වෙනසක් වෙලා නැහැ.

ආර්ථිකය සුණු, විසුණු වෙලා ගියත් රාජපක්ෂ පරම්පරාවත්, යුද්ධයෙන් මඩිය තරකරගෙන බරකුඩා වගේ ව්‍යාපාර ජාල පටන් ගනිපු "රණවිරුවොත්", යුද්දෙන් හම්බකරගත්ත දේ මදිවට ආරක්ෂක අමාත්‍යංශයෙත් ලොකු තනතුරු ගත්ත "රණවිරුවොත්," ජාතිය විකුණගෙන ඇමති පදවි ගත්ත "රණවිරුවො," ඇතුළු අතලොස්සක් රජ සැප විඳිද්දී, යුද බිමේ දුක් විඳලා සොච්චම් පෙන්ෂන් එකකින් ජීවිතේ ගැටගහගන්න මේ "රණවිරුවෝ" කොයි තරම් දුෂ්කර ක්‍රියා කළාද කියල රටේ මිනිස්සුවත්, ආණ්ඩුවවත් දැක්කේ නැහැ.

 


ඒ අතරේ තමයි රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළේ.

එදා වේල ගැටගහගන්න බැරිව ලතවෙවී හිටපු මේ "රණවිරුවෝ" අතරින් සුළු පිරිසක් මුලින්ම යුක්රේනයට ගිහින් කොන්ත්‍රාත් ක්‍රමයට යුක්රේන හමුදාවට බැඳුණ. එතන හිටියේ තිහක පමණ පිරිසක්.

ukrain 24.11.23

ඒත් යුක්‍රේනයේ ශ්‍රී ලාංකික සෙබල පිරිසේ අණදෙන නිලධාරියා වෙලා හිටපු "ඩෙන්ටිස්ට්" රනිෂ් හේවගේ 2023 දෙසැම්බර් 04 වෙනිදා සටන් බිමේ දිවි පිදුවට පස්සේ යුක්‍රේනයට යන පාරත් වැහිලා ගියා.

WhatsApp Image 2025 07 18 at 11.37.47 AMරනිෂ් හේවගේ

ඒත් එක්කම තමයි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් - සිය ගණනක් - රුසියානු හමුදාවට බැඳෙන්න ගත්තේ. ඒ වෙනකොටත් රුසියාවේ හිටපු සමහර ශ්‍රී ලාංකිකයිනුත් ඇතුළුව දෙදහසකට වැඩි පිරිසක් රුසියානු හමුදාවට බැඳෙන්න ඇති කියල විශ්වාස කෙරෙනවා. මේ ගැන කිසිම නිල දත්තයක් නැති නිසා මේක තක්සේරුවක් විතරයි.


මේ වීඩියෝවේ තියෙන්නේ ඒ විදියට රුසියානු හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් (සිය ගණනක්?) මුහුණ දුන් ඉරණම ගැන වේදනාබර කතාව.



ශ්‍රී ලාංකික සොල්දාදුවන් තිහකට ආසන්න පිරිසක් රුසියාවේ එකම සුසාන භූමියක සැතපෙනවා නම්, 2024 ජනවාරි මාසේ ඉඳල කොයි තරම් ලංකාවේ පුරවැසියන් පිරිසක් රුසියාව වෙනුවෙන් සටන් බිමේ දී දිවි පුදන්න ඇතිද?  

Saroj Pathirana
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com


(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජුලි 17

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...