ඔවුනගේ කිසිදු ප්‍රතිවිරෝධතාවයක් වර්තමානයේ දී දැකගන්නට නැත. වර්තමානයේ දී ජාතික ජනබලවේග ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද එකම විරුද්ධකාරයා රනිල්ය.
හැත්ත හතේ ජයග්‍රහණයේ සිට 1989 වන තෙක්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරමින් පැමිණියේය. ඒ අවස්ථාවේදී ප්‍රේමදාසගේ නායකත්වයට ලලිත්- ගාමිණී තර්ජනයක් වූ නිසා යම් බෙදීමක් ඇති වී අඛන්ඩ ජයග්‍රාහී ගමනේ යම් ඛණ්ඩනයක් ඇතිවිය.

නැවත 2001 වසරේ දී එදා අපේ ජයග්‍රාහී මාවත කරා ගෙන එන්නට රනිල් සමත් විය.
යුද ජයග්‍රහණය නිසා දෙවන වතාවටත් රටේ බලය ලබා ගැනීම මහින්දගේ අරමුණ විය. ඒ අවස්ථාවේ මෛත්‍රී කරලියට ගෙන ආ රනිල් ජයග්‍රහණය ලබා ගත්තේය. එජාපය අඛණ්ඩව පැමිණියේ මෙවැනි ගමනකි.
එමෙන්ම මෑත කාලයේදී විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ කරමින් ආණ්ඩු විරෝධී බලවේගයක් ගොඩනැගීමට රනිල් කටයුතු කළේය. විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් රනිල්ගේ නායකත්වයෙන් කොළඹ මල් පාර කාර්යාලයේදී සාකච්ඡා රැසක් පැවතුණේ ඒ අනුවයි.
සජබ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් ඒකරාශී කිරීම සඳහා රනිල් යම් කැපකිරීම් ද සිදු කළේය. සජිත්ට තදින් පවතින රනිල් භීතිකාව ගැන රනිල් හොඳ අවබෝධයෙන් සිටියේය.
" මම හිටියොත් සජිත් මේවට එන්නේ නෑ, ඒ නිසා හොඳම වැඩේ මම ටික කලකට මම ලංකාවෙන් පිට යන එක. ඔයගොල්ලෝ සජිතුත් එකතු කරගෙන වැඩකටයුතු කරන්නැයි කියමින් දුරින් සිට අවශ්‍ය උපදෙස් දුන් රනිල්, සජිත් ගේ සිත සැනසීම ටිකකට නොපෙනී සිටියේය. ආණ්ඩුවට බහුතර බලයක් නැති පළාත් පාලන ආයතන ජය ගැනීම සඳහා මෙහෙයුම දියත් වූයේ ඒ අනුවයි.
බේරුවල සිද්ධියෙන් පසුව මේ තත්ත්වය වෙනතකට හැරී ගියේය.
" හිටපු ජනාධිපති රනිල් ගන්න ක්‍රියාමාර්ගවලට අපි කවුරුත් උදව් කළා. ඒ පියවර සජබ ක්‍රියාමාර්ගය නිසා අවසානයේ පාවාදීමක් වුණා. අපේ පක්ෂ වලටත් මේක ප්‍රශ්නයක්" යැයි විපක්ෂයේ නායකයන් ගණනාවක් රනිල්ට දොස් නගන්නට විය.
සජිත් මේ තරම් ආණ්ඩුවට හීලෑ වූයේ ඇයිදැයි යන්න විපක්ෂයේ පක්ෂ නායකයන්ට නම් රහසක් නොතිබිණි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ වංචා දූෂණ සොයන්නට ආණ්ඩුව කමිටුවක් පත් කළේය. සජිත් ප්‍රමුඛ සජබ ආණ්ඩුවට හොඳටම හීලෑ වූයේ ඉන් අනතුරුවයි. දැන් හරියට සජබෙ ආණ්ඩුවේ කොටසක් වී ඇතැයි දේශපාලක විචාරකයන්ගේ මතය විය.

හිටපු ඇමති බන්දුල ලියූ "ශ්‍රී ලංකා චීන රබර් සහල් ගිවිසුමේ විවාදය කෘතිය ජනගත කිරීමේ උත්සවය තිබුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. රනිල් ඊට ප්‍රධාන ආරාධිතයෙක් ලෙස සහභාගී විය. උත්සවයේදී රනිල්ට දෙසුම පැවැත්වීමට ආරාධනා කෙරුණේ කලින් කළ දැනුම් දීමකට අනුව නොවේ. නමුත් ක්ෂණිකව රනිල් එහිදී කළ කතාව සැමගේ පැසසුමට ලක් විය.
එහිදී රනිල් ශ්‍රී ලංකාවේ අතීත හයිය ගැන අපූරු කතාවක් කළේය.
"අපට තිබුණේ විදේශ විනිමය හිඟයක් වෙනුවට අතිරික්තයක්. අපේ අය වැයේත් හිඟයක් තිබුණා. ආදායමට වඩා වියදම් වැඩියි. අපේ පළවෙනි අයවැය ඉදිරිපත් කිරීමේදී වියදමට වඩා ආදායම වැඩියි. එතන ඉඳන් පටන් ගත්ත එක තමයි අප 2022 වසරේදී මෙතනට වැටුනේ. මෙතනින් ගොඩ එන්නේ කොහොමද කියා දැන් අප විමසා බැලිය යුතුයි. ඒ වෙනුවෙන් අප වැඩසටහනක් යොදා තිබෙනවා. එය අනුගමනය කළොත් සාර්ථක වේවි" යැයි රනිල් එහිදී සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවට ඇමරිකාව වැනි රටකට අතීතයේදී බලපෑම් කිරීමට තිබූ හයිය ගැනද රනිල් කතා කළේය.
"ලංකාවට එදා ආසියාවට බලපෑම් කළ හැකි තත්ත්වයක් තිබුණා.1948 වසරේ නිදහස ලැබුණු පසු ඉන්දියන් සාගර කලාපයට ආධාර ලබා ගැනීමේ වැඩසටහන පැවැත්වුණේ කොළඹයි. කොළඹ සැලැස්ම ලෙස එය හැඳින්වූවා.
එමෙන්ම ජපානය සමඟ සාම ගිවිසුමට එන ලෙස සැන් ප්‍රැන්සිස්කෝ නුවරට ගිහින් කතා කළේ ජේ.ආර් ජයවර්ධන මැතිතුමා. අසියාවේ හැම රටක්ම ඒ ගැන කතා කරන්න බය වුණා. ඩී.එස් සේනානායක මැතිතුමාගේ උපදෙස් අනුව එතුමා ගිහින් කතා කළා. ඊළඟට තමයි චීනය සමඟ අප ගිවිසුමක් දැම්මේ. අද බලවතුන් දෙදෙනෙක් වන ජපානය සහ චීනය ඉන්නේ අප කරපු වැඩ කටයුතු නිසා. සැන් ප්‍රැන්සිස්කෝ නුවරට ගිහින් කතා කළ නිසා ජේ.ආර් ජයවර්ධන මැතිතුමාට යැංකි ඩිකී යැයි කිව්වා. චීනය සමග ගිවිසුම් අත්සන් කළ නිසා ආර්.ජී සේනානායකට චයිනා ඩිකී යැයි කිව්වා" රනිල් එලෙස කීවේ අතීතය සහ වර්තමානය අතර වෙනස සසඳා දෙමිනි.
ඒ උත්සවයට යන අතරේ මාධ්‍යවේදීන් පිරිසක් රනිල් යන මගට පැමිණ ට්‍රම්ප්ට කතා කළේ නැද්දැයි විමසීය.
" දැන් ඉන්න කට්ටිය කතා කරපු ගමන් ඉක්මනට බද්ද අඩු කරාවි" යනුවෙන් කියාගෙනම රනිල් උත්සවය දෙසට ගියේය.
මේ අතර මන්ත්‍රී කණ්ඩායම් හමුවකදී දේශපාලනයේ විවිධ කතාබහ මතු විය.
" මිනිස්සුන්ට සහන දෙන්න ආපු ආණ්ඩුව යටතේ ආපහු බඩු මිල වැඩි වෙලා නේදැයි මන්ත්‍රීවරයෙක් කී කතාවකට පිළිතුරු දෙමින් රනිල් කීවේ එක අතකට ඒකට කෑ ගැසිය යුතුත් නෑ අපි ලබන අවුරුද්දේ බලමු" යනුවෙනි.
" ඇමරිකා ජනපති ට්‍රම්ප් ලයිබීරියා ජනපතිගේ ඉංග්‍රීසි දැනුමට ප්‍රශංසා කළ ආකාරය ගැනද එහිදී කතා බහට බඳුන් විය.
" ඒක මෙහේ තත්වෙටත් කදිමට ගැලපුනා නේදැයි වජිර කීවේ ඇඟට පතට නොදැනෙන ආකාරයෙනි.
" අවුරුදු ගානක් දේශපාලනය කරන කොට ඔය අර්බුද හදාගන්න තිබුණා. ප්‍රේමදාසත් ඉංගිරිසි පොලිෂ් කර ගත්තේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ ශෙහාන් කීවේය.
" අනිත් අතට බලනකොට හොඳටම එදා ඉංගිරිසි කතා කරන්න හැකියාව තිබුනේ සම සමාජේ පිලිප්, කෙනමන්, කොල්වින්, එන්.එම් වගේ කට්ටියට. 47-52 පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම වැඩ කළේ ඉංග්‍රීසියෙන් රනිල් පැවසූයේ ඉතිහාසය ගැන උපුටා දක්වමිනි.
මේ අයට ප්‍රධානම තේමා පාඨය වුනේ හොරකම නෑ කියන එකයි. ඒත් දැන් යටින් ආපහු හොරකම පටන් අරගෙන.

" හොරා කන්න හරිම ආසයි බය තමයි තියෙන්නේ" තවත් මන්ත්‍රීවරු කතාවට සම්බන්ධ වූයේ එලෙසිනි.
කථානායකවරයාට විශ්වාස භංගයක් ගේන්නට යන බවට පැතිරෙන ආරංචියක් ගැනද එහිදී කතා බහට ලක් විය.
" මේ අයගේ මොලේ පොඩි තරමටම රටත් පොඩි කරන්න යනවා යැයි චාමර කීවේ උපහාසයක් ද මතු කරමිනි.

" මේ අයගේ මානසික මට්ටම හරියට අපේ ගොඩක් ඡන්ද දායකයන්ගේ මානසික මට්ටමම තමයි. මහින්දලත් මීට වඩා ඉදිරියෙන් හිටියා " තලතා කීවාය.
රාජ්‍ය ආයතන වල, සංස්ථා වල කිසිම වැඩක් කෙරෙන්නේ නෑ. ඔක්කොම අක්‍රීය වෙලා. ඒ සේවකයන්ට දැන් නිදා ගන්න එකත් එපා වෙලා. ඒ තරමටම ඔවුන් ඔෆිස් එකට ඇවිල්ලා නිදි" මන්ත්‍රීවරයෙක් කී කතාවකට රනිල් දුන් නතර වූයේ සිනහවකින් මෙන්ම සිතන්නට යමක් එකතු කරමිනි.
"ඒගොල්ලෝ ඡන්දෙ දුන්නේ නිදාගන්න තමයි"
(සටහන | RW මාධ්‍ය අංශය)




