The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : අනුන්ගෙ පුටු සහ තමන්ගෙ අටු

T

The Leader Desk

July 20, 2025 • 10:19 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : අනුන්ගෙ පුටු සහ තමන්ගෙ අටු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ “අමුතු අධ්‍යක්ෂක” වෛද්‍යවරියක් බවත්, ඇයගේ මානසික තත්ත්වයේ කිසියම් වෙනසක් තිබෙන්නට ඇති බවත් නිල නොවන ආරංචිවලින් කියැවේ.
  • අංගොඩ, මුල්ලේරියාව වැනි ප්‍රදේශවල මානසික රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් පිහිටා තිබීම නිසා එම පෙදෙස් වැසියන්ද සමච්චලයට ලක්වුණු අවස්ථා අප අසා ඇත.
  • විදෙස් රටවල ඇතැම් මානසික රෝගී කතුන්, මායාකාරියන් යැයි සැක කර අල්ලාගෙන ගොස් පණ පිටින් ගිනි තබා මරණයට පත් කළ අවස්ථා තිබුණි.
  • කාට කාටත් පොඩි පොඩි “අවුල්” ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ “අමුතු අධ්‍යක්ෂක” වෛද්‍යවරියක් බවත්, ඇයගේ මානසික තත්ත්වයේ කිසියම් වෙනසක් තිබෙන්නට ඇති බවත් නිල නොවන ආරංචිවලින් කියැවේ.

කිසියම් තනතුරකට තමා වඩා සුදුසු යැයි සිතන පුද්ගලයන් මේ සමාජයේ නැතුවා නොවේ. ඒ හැම කෙනකුම මානසික රෝගීන් යැයි කිව හැකිද නොවේ. එය එසේ නම් කවදා හෝ ඇමැතිවරයකු, අගමැති හෝ ජනපතිවරයකු වීමට සිහින මවන දේශපාලනඥයන්ද සිටිය යුත්තේ දියවන්නාවේ නොව මුල්ලේරියාවේය.

vbw5u6b5e6u7

 

අංගොඩ, මුල්ලේරියාව වැනි ප්‍රදේශවල මානසික රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් පිහිටා තිබීම නිසා එම පෙදෙස් වැසියන්ද සමච්චලයට ලක්වුණු අවස්ථා අප අසා ඇත. ඒ කාලයේ මානසික රෝහල් හැඳින්වුණේ “පිස්සන් කොටු” යන නමිනි. පසුව එය ඉවත් කෙරුණි. මානසික ආබාධ යනු, සැමට වැළඳිය හැකි රෝගී තත්ත්වයකි. ඊට ප්‍රතිකාර කළ හැකිය.

මනෝ වෛද්‍ය ප්‍රතිකාර දියුණු නොවූ අතීතයේ මානසික රෝගීන් බොහෝ වධ හිංසනවලට, නින්දා අපහාසවලට ලක්වුණි. විදෙස් රටවල ඇතැම් මානසික රෝගී කතුන්, මායාකාරියන් යැයි සැක කර අල්ලාගෙන ගොස් පණ පිටින් ගිනි තබා මරණයට පත් කළ අවස්ථා තිබුණි.

 

වත්මනේ දක්නට ලැබෙන බුදුවරුන්, රහතුන්, බෝසතුන් මානසික රෝගීන්ම ද? – (විශේෂඥ  මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

කාට කාටත් පොඩි පොඩි “අවුල්” ඇත. බුදු දහමට අනුව සබ්බේ පෘථග්ජනා උම්මත්තකාය. ඒ නිසා “අරූට පිස්සු, මූට පිස්සු” යැයි කීමට පෙර තමන්ගේ තත්ත්වයද “චෙක්” කර බැලීම සුදුසුය.

නොගැලපෙන, නුසුදුසු වැඩ කරන විටදී “පිස්සු කෙළිනවා, පිස්සු වැඩ කරනවා” වැනි යෙදුම් භාවිත කෙරුණත්, ඒ සියල්ල මානසික රෝග තත්ත්ව නොවේ. එහෙයින් වැඩ බැරි දාස් කෙනකුගේ පුටුවේ තව කෙනෙක් හිඳ විරෝධයක් පෑවොත්, ඒ ගැන ද දෙවරක් සිතා බැලිය යුතුය.

රඟපෑම යනු, වෙනත් චරිතයකට පිවිසීමකි. අනුකරණයකි. පරාරෝපණයකි. රජ කෙනකුට අඳින නළුවා ටික වේලාවකට පසු නාට්‍ය නිමවී එම චරිතයෙන් මිදෙයි. ඔහු දිගටම රජු ලෙස ජීවත් වන්නට වුවහොත් ඊට ප්‍රතිකාර කළ යුතු වෙයි.

 

එන්න, විධායක ජනාධිපති ක්‍රමයේ රඟ සොබාව නරඹන්න - ගාමිණී වියන්ගොඩ
ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පවා සමහර පාලකයෝ තමන් රජවරු යැයි සිතා කටයුතු කරන්නට වූහ. සමහර “එහෙයියෝද” “රජා” ඇන්දවූහ. එහෙත් බලයෙන් පහවූ පසු සැබෑව අවබෝධ වූ කල එම ව්‍යාජ රජවරු බලවත් මානසික පීඩාවලට පත්වූහ.

එක්තරා රටක ජනාධිපතිවරයෙක් මානසික රෝහලක් පරීක්ෂා කිරීමට ගියේය. ඔහු ඉදිරියට ආ රෝගියෙක් මෙසේ ඇසීය.
“තමා කවුද?”

“මම තමා ජනාධිපති”
ජනාධිපති සිනාසී කීවේය.

“පරිස්සමින් යාළුවා. මාත් ඕක කියන්න ගිහින් තමයි මෙහෙ එන්න වුණේ.”

ප්‍රංශයේ මානසික රෝහලකට අලුතින් රෝගියකු ඇතුළු කෙරුණි. ඔහුගේ කුටිය අසල සිටි පැරණි රෝගියෙක් අමුත්තා දැක මෙසේ ඇසීය.

“තමුන් කවුද?”

නැපෝලියන් බොනපාට් ; රිදී තිරයට
“මම නැපෝලියන්”

“වෙන්ඩ බෑ. කවුද එහෙම කිව්වෙ තමාට?”

“දෙවියන් වහන්සේ”

“පිස්සු කතා කියන්ඩ එපා. මම එහෙම කිව්වෙ නෑ.”

මානසික රෝගීන් පිළිබඳ සිනා කතා බොහෝය. එහෙත් ගිණිය නොහැකි තරම් සිනා කතා ප්‍රමාණයක් ඇත්තේ මනස නිරෝගී යැයි සිතා සිටින උදවිය පිළිබඳව වීමද හාස්‍යජනකය.

පුවත් - Results from #3336

ඉහළ පුටුවක වාඩිවීම සඳහා තරග කිරීම දේශපාලනයේ හැටියකි. සභාපති පුටුවේ හිඳගැනීම සඳහා පොරකන සැටි පසුගිය පළාත් පාලන ඡන්ද කාලයේත්, ඊට පසුවත් දක්නට ලැබුණි. ඒ පුටු කෙළි හා සසඳන කල, මහ රෝහලේ පුටු හබය කපුටු පිහාටුවක් තරම්වත් ගණන් ගත යුතු නැත.

පුටුව සිරි ලංකාවේ ඡන්ද සලකුණක්ව තිබූ කාලයේ ඊට හොඳ තැනක් ලැබුණු අතර, පසුව පුටුව, පොහොට්ටුව බවට හැරුණි. එය අටුව කඩා පුටුව හැදීමකටත් වඩා අටුවෙන් දුමට බැසීමක් වාගේ විය.

රාජපක්ෂ අතීතය අමතක කොට රාජපක්ෂ අනාගතයකට | තිසරණි ගුණසේකර
බලයට පත්වූ විට හිඳගන්නා පුටුවට ලක්ෂ ගණන් වියදම් කිරීමට ගොස් “පුටු කේස්” දමාගත් උදවිය ද සිටියහ. සමහර ජනපතිවරු තම පුටු “සිංහාසන” සේ ඉදිකර ගත්හ.

ප්‍රාදේශීය සභාපතිවරයෙක් තම හිතවත් වඩුවකු කැඳවා කාටවත් නැති ජාතියේ පුටුවක් සාදා දෙන මෙන් ඉල්ලීය. වඩුවාද ඉක්මනින්ම එම ඉල්ලීම ඉටු කළේය. සභාපති පුටුව බලන්නට ගියේය.

එය අමුතුම “ඉට්ටැයිල්” එකේ පුටුවකි. සභාපති අන්දුං කුන්දුං විය.

“මේ මොකක්ද බං?”

වඩුවා පුටුවේ ප්‍රයෝජනය පෙන්වා දුන්නේය.

billt78

“ඔබතුමා සභාපතිව ඉන්නකොට මේ ඇඳි පුටුව. ඊට පස්සේ පුටුව අකුලනවා. එතකොට මේ හාන්සි පුටුව. අසනීප වුණොත් මේකම රෝද පුටුවක් කර ගත්තැකි.”

“බොහොම හොඳයි. මට ගාණ කියල එවනවා.”
වඩුවා එක පුටුවට පුටු හතරක බිලක් යැවීය.

අලුත පත්වූ සභාපතිවරයකුගේ බිරිඳ ඔහුගේ කාර්යාලයට ගියේය. ලේකම්වරිය ඔහුගේ උකුලේය. බිරිඳට යකා නැග්ගේය.

“එක පුටුවද මේකෙ තියෙන්නෙ?”

“ඔව්. අපි අමතර වියදම් කපා හැරලා තියෙන්නෙ.”
සභාපති ගොත ගැසීය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...