The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දකුණ දිනවීමට, පෙර සිදු වූ දේශපාලන හා ආර්ථික පරිවර්තනයන් පිලිබදව සාකච්ඡා කරමු...

T

The Leader Desk

July 20, 2025 • 10:48 AM

දකුණ දිනවීමට, පෙර සිදු වූ දේශපාලන හා ආර්ථික පරිවර්තනයන් පිලිබදව සාකච්ඡා කරමු...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ට අවශ්‍ය වන්නෙ එදිනෙදා ජිවිතය තුල කෙටි කාලින හා දිගු කාලීන අවශ්‍යතා හා අරමුණු සාක්ෂාත් කර ගැනිම පමණි.
  • ලෝක ඉතිහාසය දෙස බලන කල තාක්ෂණික විප්ලව වල ප්‍රතිඵලයක් ලෙස පාලන ක්‍රමය වෙනස් වී තිබෙන බව හදුනාගත හැකිය.
  • උදාහරණයක් ලෙස කාර්මික විප්ලවයේ පළමු අවදිය තුල වාෂ්ප එන්ජිම සොයා ගැනිමත් සමඟ එතෙක් පැවති වැඩවසම් ක්‍රමය අවසන් වී වෙළෙඳ පොළ ක්‍රමය බිහිවීම දැක්විය හැකිය.
  • එහිදී වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් සමග සිදු වූ තාක්ෂණයේ දියුණුව නිසා නිෂ්පාදන පරිමාව වේගයෙන් ඉහළ ගොස් එය මිලදි ගැනිමට පාරිභෝගිකයන් අවශ්‍ය වූ බැවින් එතෙක් පැවති ජන්ම ධූරාවලිය අහෝසි වී සියලු දෙනා වෙලඳපල තුල සමාන පාරිභෝගිකයන් බවට පත්වීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඔවුන්ට එය වැදගත් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නෙ එදිනෙදා ජිවිතය තුල කෙටි කාලින හා දිගු කාලීන අවශ්‍යතා හා අරමුණු සාක්ෂාත් කර ගැනිම පමණි. ඒ සඳහා අවශ්‍ය පසුබිම තිබේ නම් ඔවුන් අරගල අර්බුද පරිවර්තන නිර්මාණය කිරිමට දායක වන්නේද නැත.

නමුත් රාජ්‍යයක , එසේ නැති නම් ජන ප්‍රජාවක යහපැවැත්මට ‍යම් ක්‍රමවේදයක් විනයක් අනුව වැඩ කිරිමට සිදු වේ. එම නිසා අතීතයේ සිට එවැනි ක්‍රමවේද බිහි වෙමින් පැවතෙමින් නැති වෙමින් වෙනස් වෙමින් විකාශණය වෙමින් පැමිණි ගමන අනුව වර්තමානයේ පවතින රාජ්‍ය ක්‍රමය සකස්වී තිබේ. අතීතයේ පැවති ක්‍රම ගැන මෙහි කතා කිරිමට බලාපොරොත්තු නොවෙමි.
 
libv67
රටවල් කිහිපයක හැර වර්තමාන ලෝකයේ පවතින්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයකි. ඒ පිලිබඳව විවිධ විවේචන තිබුණත් පොදු පිළිගැනිම එයයි. එහි ආර්ථික ක්‍රමය වන්නෙ ධනවාදයයි. ලෝක ඉතිහාසය දෙස බලන කල තාක්ෂණික විප්ලව වල ප්‍රතිඵලයක් ලෙස පාලන ක්‍රමය වෙනස් වී තිබෙන බව හදුනාගත හැකිය.
උදාහරණයක් ලෙස කාර්මික විප්ලවයේ පළමු අවදිය තුල වාෂ්ප එන්ජිම සොයා ගැනිමත් සමඟ එතෙක් පැවති වැඩවසම් ක්‍රමය අවසන් වී වෙළෙඳ පොළ ක්‍රමය බිහිවීම දැක්විය හැකිය. එහිදී වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් සමග සිදු වූ තාක්ෂණයේ දියුණුව නිසා නිෂ්පාදන පරිමාව වේගයෙන් ඉහළ ගොස් එය මිලදි ගැනිමට පාරිභෝගිකයන් අවශ්‍ය වූ බැවින් එතෙක් පැවති ජන්ම ධූරාවලිය අහෝසි වී සියලු දෙනා වෙලඳපල තුල සමාන පාරිභෝගිකයන් බවට පත්වීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. එය ධනපති විප්ලවය තුල සිදු වුයේ එම ඓතිහාසික අවශ්‍යාතාව සපුරමින්‍ බව පැහැදිලිය.
 
leftioawxawe
සම්ප්‍රදායික වාමාංශිකයින්ගේ ඉගැන්වීම උනේ කිසිදා ධනවාදය එහි අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක ඵලයක් ලෙස බිඳ නොවැටෙන බවයි. එම ඉගැන්වීමට පදනම වුයේ මෙතෙක් පැවති විප්ලව වලදී එනම් පැවති සමාජ ආර්ථික නිශ්පාදන මාදිලියක් බිඳවැටී නවමාදිලියක් බිහිවීමේදී බිඳවැටීමට නියමිත සමාජය තුලම ඉදිවීමට නියමිත අනාගත ක්‍රමයේ කලලය වැඩුනු නමුත් ධනවාදය බිඳවැටී ( වම්මු පරිකල්පනය කල සමාජවාදය ) ඉදිවීමට නියමිත අනාගත සමාජයේ කලලය කිසිදා ධනවාදය තුල හැදී වැඩෙන්නේ නැත යන්නයි.

මීට පෙර හැම විප්ලවයකදීම අධිපති බලය පංතියක් අතින් වෙනත් පංතියකට මාරු උන බවත් ( වහල් හිමි පංතිය අතින් ඉඩම් හිමි ප්‍රභූ රදලයින්ටත් ඉන් පසු ඔවුන් අතින් ප්‍රාග්ධන හිමි ධනපතියන් අතට පත් වූ ආකාරයට ) සමාජවාදී විප්ලවයේදී නැවත අධිපතිත්වයක් ගන්න පංතියක් නැති බවත් නිර්ධන පංතිය විප්ලවීය වැඩකොටස කරන්නේ පංති රහිත සමාජයක් වෙනුවෙන් මිස තවත් අධිපති පංතියක් නිර්මාණය කිරීමට නොවේ යන උපකල්පනය මතය.

දැන් අප මේ කතාකරන්නේ තවත් අතරමැදි අවස්ථාවක් පිළිබඳවය. කාර්මික විප්ලවයේ 4 වන අවධියට සරිලන සමාජ ක්‍රමය නිර්මාණය වූ විට, ඒ තුලත් අධිපති පංතියක් පවතිනවාද යන්න ප්‍රශ්ණ කලහොත් පිලිතුර නැත හෝ ඇත ලෙස ප්‍රකාශ කල නොහැකිය. නමුත් පවතින අද තත්වයට වඩානම් යහපත් බව නිශ්චිතවම කිව හැකිය.
 
මිත්‍යාදෘෂ්ටික සමාජවාදය - (චින්තන ධර්මදාස)
ලෙනින්ගේ පංතිය පක්ෂය හා නායකත්ව සූත්‍රගත කිරීම වලංගු නැතිබව තවදුරටත් තේරුම්ගැනීම වැදගත් බවත් ඒය පෙර සිටම දැනුවත්ව සිටිය යුතු කරුණක් බව නැවත මෙහි පසක් කරමි.

කතාව කෙටි කරමින්,
 
අද අප සිටින්නෙ තාක්ෂණයේ හතරවන කාර්මික විප්ලවයේ ආරම්භය තුලය. එනම් කෘතිම බුද්ධිය ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙන යුගයයි. පහසුව සඳහා පලමු කාර්මික විප්ලවය බාහිර දහන , වාශ්ප ඉංජිම සොයාගැනීමත් , දෙවන විප්ලවීය පිම්ම අභ්‍යන්තර දහන ඩීසල් ඉංජිම ලෙසත් තුන්වැන්න පරිගණක හා IT තාක්ෂණයත් සැලකුවොත් හතරවන පෙරලිය කෘතීම බුද්ධිය නැත්නම් AI තාක්ෂණය හැඳින්විය හැකියි. මෙය පස්වන කාර්මික විප්ලවය ලෙසත් කෙනෙකුට නම් කල හැකියි. කුමන අංකය යෙදුවත් එය කෘතිම බුද්ධියේ යුගයයි.
මිය ගිය අය නැවත ගෙන්වන කෘතීම බුද්ධිය
 
ඉන් පෙර පැවතියෙ පරිඝණක හා තොරතුරු තාක්ෂණ යුගයයි. එහි පාලන ක්‍රමය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වූ අතර ආර්ථිකය ධනවාදී විය. එනම් අප අද කතා කරන දක්ෂිණාංශික කඳවුරේ කතාවයි.

එසේ නම් අප කතා කරන්නෙ එක යුගයක් පිටු පසින් සිට බව අවබෝධ කරගත යුතුය. ලෝකය සමග සන්සන්ඳනය කිරිමේදී අප ඊටත් පසුගාමි තැනක සිටීම වෙනම කතාවකි. මක්නිසාද යත් අප රටක් හැටියට ධනවාදය හෝ නිවැරදිව ක්‍රියාත්මක කර ගැනිමට අපෝසත් වු රටක් බැවිනි. එයට බලපෑ සමහර ඓතිහාසික කරුණුද පැවති බව පිළිගන්නා අතර නොහැකියාව, නොදැනුවත්වකම, මෝඩකම, උද්දචකම ඊට ඉහළින් තිබු බවද පිළිගත යුතුය.
 
අද එලොන් මස්ක් සහ ට්‍රම්ප් අතර පවතින්නෙ ඉහත පෙර සඳහන් කල හතරවන කාර්මික විප්ලවය කරා ගමන් කිරිමට දරන වෑයම සහ එය වැලැක්වීමට උත්සහා ගන්නා ගැටුමයි. ට්‍රම්ප් කෙසේ හෝ පැවති ධනවාදය ඒ අයුරින්ම තව දුරටත් පවත්වා ගැනීමට හා ආරක්ෂා කර ගැනිමට උත්සහ කරන අතර එලෝන්මස්ක් වර්තමාන ධනවාදයේ බාධක අවසන් කර ඊලඟ ආර්ථික ක්‍රමයක් වෙත යාමට සවින්ඥානිකව හෝ අවින්ඥානිකව උත්සාහයක් ගනිමින් සිටින බව කිව හැකියි.
ලොව බලවත්ම පුද්ගලයයි ලොව ධනවත්ම පුද්ගලයයි අතර අඹයාලුකම අවසන් ද?
 
එනම් අප සිටින්නෙ තවත් එක් යුගයක අවසන බව ගැඹුරින් අවබෝධ කරගත යුතුය.

මේවන විටත් ධනවාදය තුලදී දේශසීමා අතික්‍රමණය කරමින් ප්‍රාග්ධනය ගලාගෙන ගොස් එය ගෝලීය ප්‍රාග්ධනයක් බවට පත්වී තිබේ. එසේනම් තව දුරටත් ජාතික රාජ්‍ය වල තිබෙන වැදගත්කම කුමක්ද ?. ඒ අනුව තව දුරටත් ධනවාදයට පැවතිය හැකිද ?. එනම් හතරවන කාර්මික විප්ලවයේ උවමනාවන් ධනවාදයට අවශෝෂණය කරගත හැකිද යන උග්‍ර ප්‍රශ්ණය මතුවේ. පිලිතුර නොහැකිය යන්නයි.

දාර්ශනික තලය එසේ නමුත් එය ප්‍රායෝගිකව එසේ සිදු වී නැත. තව දුරටත් ජාතික රාජ්‍ය තිබෙන බව පිළිගැනිමට අපට බල කරයි.

ට්‍රම්ප් තව දුරටත් ඩොලරයේ ආධිපත්‍යය පවත්වාගෙන ජාතික රාජ්‍ය ආරක්ෂා කර ගැනිමට උත්සහා කරයි. මස්ක් මුළු ලෝකයම එක් ඩිජිටල් මුදල් ඒකකයක් යටතට ගෙන ඒමට උත්සහා කරයි. (මේ වන විටත් ඩිජිටල් මුදල් ඒකක භාවිතා වුවත් ඒවා පවතින හෞතික මුදල් ඒකක හුවමාරු වටිනාකම් සමග සම්බන්ධ කර තිබේ. මස්ක්ට අවශ්‍ය කරන්නෙ එම බැඳීම ලිහා දැමීමටය) එනම් ජාතික රාජ්‍ය අහෝසි වී ලෝකයම ගෝලීය රාජ්‍යයක් බවට පත් විමයි. මස්ක්ගේ පරපුරේ දරුවන් මුණුපුරන් (ජීව විද්‍යාත්මක නොව දෘෂ්ටිවාදයෙන්) එම රාජ්‍යයේ නායකත්වය ගන්නන් බවට පත්වී අධිපතිත්වයක් හොබවිය හැකිය.
 
එලෝන් මස්ක් නව දේශපාලන පක්ෂයක් අරඹයි
කෙනෙකුට මෙය හිතලුවක් විහිලුවක් විකාරයක් ලෙස සිතිය හැකි නමුත් මෙය නියත වශයෙන්ම සිදු වීමට ඉතාම ආසන්නය.

දැන් එතකොට ලංකාවේ අපි මොකද්ද මේ කරන්නෙ ???
 
අපි කරන්න යන්නෙ මීට අවුරුදු 75ට 100ට පෙර ක්‍රියාත්මක කිරිමට තිබු නමුත් ක්‍රියාත්මක කිරිමට අසමත් වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හා ධනවාදය සුමටව ක්‍රියාත්මක කිරිමට උත්සාහ කිරීමයි.
ධනවාදය ඇත්තේ කොහේ ද ?- ජ.වි.පෙ. හා පෙරටුගාමීන් තොත්ත බබාලා වීම !
 
ලෝකයේ දියුණු යයි පිළිගන්නා බොහෝ රටවල එය මේ මොහොතේත් අභියෝගය මැද වුවත් සුමටව ක්‍රියාත්මක වෙමින් තිබේ.

එනම් අප දැනට සිටින්නෙත් තවත් යුගයක් පිටුපසින් බව පිලිගත යුතුය.

මෙම හතරවන එනම් AI තාක්ෂණ විප්ලවයේදි එම තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කිරිම සීමිත කණ්ඩායමක් අත්පත් කරගත හොත් ධනවාදයට එම තාක්ෂණික පරිවර්තනය අවශෝෂණය කරගත හැකි යයි කොටසක් කල්පනා කරයි. තවත් විවිධ හේතු කාරනා ඉදිරිපත් කරයි.

නමුත් ධනවාදයේදි සිදු වන ප්‍රාග්ධන සමුච්චකරනය AI තාක්ෂණික විප්ලවය තුල සිදු වීමට තිබෙන ඉඩකට ඉතා අල්පය. ඊට හෙතුව වන්නෙ ධනවාදයේදි ශ්‍රමයට නොගෙවන කොටස හේතු කරගෙන ප්‍රාග්ධන සමුච්චකරනය සිදු වුවත්, AI යුගය තුල බොහෝ දෙවල් Automaid (ස්වයංක්‍රීයකරණය ) විම නිසා ශ්‍රම භාවිතය ඉතා අවම මට්ටමක පැවතිය හැකි විම හේතුවෙන් ප්‍රාග්ධන සමුච්චකරණය සිදුවිය හැකි මට්ටම ඉතා අවම විමය. නමුත් එය උපකල්පනයකි. පෙර කියු පරිදිම ශ්‍රමය වෙනත් තැනකට මාරු විය නොහැකි යයි පූර්ව ස්ථාවරයකට පැමිණිම අපහසුය.
 
ආර්ථිකය ගොඩදාන්න ඩිජිටල් පරිවර්තනයකට යා යුතුයි' - (අජන්ත සෙනවිරත්න)
කෙසේ වුවත් තාක්ෂණ පරිවර්තනයක් සිදු වන සෑම අවස්ථාවකදීම දේශපාලන හා ආර්ථික ක්‍රමයේ පරිවර්තනයක් සිදු වී ඇති බව ඉතිහාසය ඔප්පු කර තිබේ. එය ඊලග තාක්ෂණ පරිවර්තනයේදී සිදු නොවේයයි පැවසිමට ප්‍රමාණවත් පිලිගත හැකි සාක්ෂි සාධක කරුණු නැති තරම්ය. එම නිසා අප මේ මොහොතේ සිටින්නෙ ඊලග දේශපාලන ක්‍රමයට සහ ආර්ථික ක්‍රමයට පරිවර්තනය වීමේ අභිමුව බව අවබෝධයෙන් තෙරුම් ගත යුතුව තිබේ. මන්දයත් කෘතිම බුද්ධිය (AI) තාක්ෂණයේ ඊලග පරිවර්තනය බව ඉතා හොදින් මේ මොහොත වන විටත් හදුනාගෙන තිබිමයි.
 
එමගින් සිදු වන සමාජ දේශපාලන ආර්ථික පරිවර්තනය සිදු වන ආකාරය සරල විද්‍යාත්මක පර්යේෂණයක උදාහරණයකින් පැහැදිලි කරමි.  

එය මෙසේය,

ප්‍රමාණාත්මකව වන වෙනසක් එකතරා නිශ්චිත නිමේශයකදී සම්පූර්ණයෙන්ම වෙනස් ගුණයක් සහිත දෙයක් බවට පත්වීම ස්වභාවධර්මයේද නියමයකි. එය රසායන විද්‍යා නිරීෂණයක් ලෙස අපට අනුමාපනයේදී මුණගැසේ. මේ Link එකෙන් එය සිදු වන ආකාරය නැරබිය හැකිය.


අප කතා කරන දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනය සිදු වන්නේද එක් නිශ්චිත මොහොතක බව අවබෝධ කරගත යුතුය. එහි ස්වභාවය එයයි.

දැන් ප්‍රශ්ණය මතු වන්නෙ එම නිශ්චිත මොහොත උදාවන්නේ කවදාද යන්න නේද ?

පෙර සිදු වූ දේශපාලන ආර්ථික පරිවර්තනයන් සිදු වීමට වසර සිය ගණනක්, දසක් ගණනක් ගත වී තිබෙන බව අප දනිමු. AI තාක්ෂණය පැමිණ තිබෙන නිසාත් එය හදුනාගෙන තිබෙන නිසාත් අප මේ ගෙවමින් සිටින්නෙ පවතින ක්‍රමයේ අවසානයේ බව පැහැදිලිය. එනම් අප මේ ගෙවන්නෙ පිපෙට්ටුවේ අන්තිම බිංදුව හෝ ඊට පෙර බිංදුව හෝ කීපය මගින් ප්‍රමාණාත්මකව වන වෙනසක් එකතරා නිශ්චිත නිමේශයකදී සම්පූර්ණයෙන්ම වෙනස් ගුණයක් සහිත දෙයක් බවට පත්වීමට ගතවන ප්‍රමාදය තුල බව තෙරුම් ගනිමු.

 කාලය අනුව අවසාන බින්දුව දෙක හෝ කිහිපය මුසු විමට යන කාලය වසරක් දෙකක් පහක් දහයක් විස්සක් විය හැකිය.

නමුත් එය වසර 50ක් ඉක්මවා නොයන බව තරයේ විශ්වාස කල හැකිය. එනම් මේ ගෙවෙන්නෙ සංක්‍රාන්තික යුගයයි. සූදානම් වෙමු!

PHOTO 2024 11 24 11 29 26(සටහන | සාලිය නවරත්න)
නිදහස් මාධ්‍යවේදී
saliya.n.lk@gamail.com

2025/07/19

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණ දිනවීමට, පෙර සිදු වූ දේශපාලන හා ආර්ථික පරිවර්තනයන් පිලිබදව සාකච්ඡා කරමු... | The Leader