The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැව් රක්ෂිත වනසන්නවුන් අතරේ දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයාත් ඉන්නවා දැයි සොයමු | ෆාතිමා හලල්දීන්

T

The Leader Desk

July 21, 2025 • 7:05 AM

වැව් රක්ෂිත වනසන්නවුන් අතරේ දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයාත් ඉන්නවා දැයි සොයමු | ෆාතිමා හලල්දීන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම පිහිනුම් තටාක සහ හෝටල් ඉදිකර ඇත්තේ පවතින නීති රීති වලට පටහැනිව බව මේ වන විට හඳුනාගෙන ඇත.මෙම ප්‍රදේශවල ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩු බලය යොදාගෙන වැව් රක්ෂිත බලහත්කාරයෙන් තමන් සතු කරගෙන මෙවැනි ඉදිකිරීම් සිදු කර ඇති බව ද අනාවරණය කර ගෙන ඇත.ඒ අදාල නිලධාරීන් ගේ ද අනීතික සහායෙනි.
  • ඒ සඳහා වන පළමු පියවර ලෙස සියලු වැව් රක්ෂිත වල සීමා සලකුණු කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ නුවර වැවේ රක්ෂිතයේ සීමාවල වාරිමාර්ග දෙපාර්තමේන්තු සලකුණ සටහන් කරමිනි.
  • මේ සම්බන්ධව පසුගියදා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී වැඩි අවධානයක් යොමු වූ අතර එහිදී වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ කියා සිටියේ රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදිකර ඇත්තේ හිටපු දේශපාලනඥයන් බවයි.
  • සුසිල් රණසිංහ මෙලෙස අනවසර ඉදිකිරීම් සිදු කර තිබෙන වැව් විසි තුනේ මායිම් සැකසීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මැනුම් දෙපාර්තමේන්තුව එකඟතාවයකට පැමිණ කටයුතු කරගෙන යන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම පිහිනුම් තටාක සහ හෝටල් ඉදිකර ඇත්තේ පවතින නීති රීති වලට පටහැනිව බව මේ වන විට හඳුනාගෙන ඇත.මෙම ප්‍රදේශවල ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩු බලය යොදාගෙන වැව් රක්ෂිත බලහත්කාරයෙන් තමන් සතු කරගෙන මෙවැනි ඉදිකිරීම් සිදු කර ඇති බව ද අනාවරණය කර ගෙන ඇත.ඒ අදාල නිලධාරීන් ගේ ද අනීතික සහායෙනි.

මේ වන විට අනුරාධපුර නුවර වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොළ දැදුරුඔය ජලාශය , මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව, හම්බන්තොට රිදියගම වැව, මාපාකඩ දම්බරාවැව, බදුල්ල දෙමෝදර වැව, මඩකලපුව උන්නච්චයි වැව, මඩකලපුව නවකිරිවැව, මාතර කැකණදුර ඇල්ල කන්දවැව ඇතුළු වැව් රක්ෂිත විසි තුනක රක්ෂිත මායිම් ලකුණු කිරීම සිදු කෙරේ.

 

518254095 1560996805230797 5277517616786535446 n

ඒ සඳහා වන පළමු පියවර ලෙස සියලු වැව් රක්ෂිත වල සීමා සලකුණු කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ නුවර වැවේ රක්ෂිතයේ සීමාවල වාරිමාර්ග දෙපාර්තමේන්තු සලකුණ සටහන් කරමිනි.

මේ සම්බන්ධව පසුගියදා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී වැඩි අවධානයක් යොමු වූ අතර එහිදී වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ කියා සිටියේ රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදිකර ඇත්තේ හිටපු දේශපාලනඥයන් බවයි.

 

susilසුසිල් රණසිංහ
මෙලෙස අනවසර ඉදිකිරීම් සිදු කර තිබෙන වැව් විසි තුනේ මායිම් සැකසීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මැනුම් දෙපාර්තමේන්තුව එකඟතාවයකට පැමිණ කටයුතු කරගෙන යන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙලෙස වැව් රක්ෂිත දේශපාලනඥයින් බලහත්කාරයෙන් අල්ලාගෙන අනවසර ඉදිකිරීම් සිදු කර ඇත්තේ ඇතැම් නිලධාරීන්ගේ ද වංචනික සහාය මත බව මේ වන විට අනාවරණය වී ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ වැඩිදුරටත් අනාවරණය කළේ කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවකි. මේ අතර කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ද ඉකුත් දා මේ බව අනාවරණය කොට තිබේ. ඒ බතලේගොඩ වී පර්යේෂණාගාරයේ පැවැති ප්‍රදර්ශනයකට එක් වෙමිනි.

lalkantha 250721

“වැවේ මායිම වැවට දිය යුතුමයි, ඒ වැඩේ අනුරාධපුරෙන් ආරම්භ කරනවා , එතකොට වැව් තාවුල්ලේ ඉඳගෙන මෙතන අත්පුඩි ගහපු අයටත් වැවෙන් යන්න වෙනවා. වන්දි ඉල්ලන්න එන්න එපා; වන්දි දෙන්න ඕන රජයට. තමන් වැව් තාවුල්ල අස්සට ආවට, වැව් ඇතුළෙ ඉන්න අය කරුණාකරලා එළියට යන්න යවන්න කලින්.”ඔහු ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත්තේ එසේ ය.

මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක පවසා ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර නුවර වැව් රක්ෂිතයේ ඉදිකර ඇති මහ ඇමති නිල නිවස, ආණ්ඩුකාර නිල නිවස සේම ආබාධිත රණ විරුවන් ගේ සුව නිවහනක් වන අභිමංසල වැනි රාජ්‍ය ඉදිකිරීම් පළමුව ඉවත් කර ආදර්ශයක් ලබා දිය යුතු බවයි.

ඒ අනුව රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක රාජ්‍ය ආයෝජනයක් ශූන්‍ය කිරීමට ද රජයට සිදු වනු ඇත.ඒ අනුව එම ඉදිරි ක්‍රියා මාර්ග කෙරෙහි ද ජනතාව වඩාත් සංවිභාගශීලී වනු ඇත.එමෙන්ම අනුරාධපුර නුවර වැව් රක්ෂිතයේ ඇති රාජ්‍ය අංශයේ ඉදි කිරීම් එපමණකට සීමා නොවන අතර ඉහත සඳහන් තීරණයට අනුව ඒවා ද ඉවත් කොට සුදුසු වෙනත් ස්ථාන වල ස්ථාපිත කළ යුතු වේ.

 

waw1ආබාධිත රණ විරුවන් ගේ සුව නිවහනක් වන අභිමංසල
මේ අතර ඉහත සඳහන් ආකාරයට මිනුම් ගත කිරීමක් සිදු නොවුණ ද පොලොන්නරුව පරාක්‍රම සමූද්‍ර රක්ෂිතය ද මෙම ව්‍යසනයට පත් වෙමින් තිබේ. පොලොන්නරුව බැඳිවැව ද මේ ඛේදවාචකයට ලක් ව තිබේ. කලක පටන් මෙම ආශ්‍රිතව මහා පරිමාණ හෝටල් මෙන්ම කුඩා පරිමාණ හෝටල් ද ඉදිව ඇත. නමුත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැව්තාවුලු අල්ලාගෙන ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවට කළ ප්‍රකාශයට අභියෝග කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා පවසනුයේ ඩඩ්ලි සිරිසේන පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ආසන්නයේම සුදු අරලිය හෝටලය ඉදිකර ඇති බවත්, හැකි නම් කයිවාරු නොගසා එය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්ය.

එමෙන්ම ඩඩ්ලි සිරිසේන වැනි සහල් මෝල් හිමියන් නොසිටින්නට මෙරට වී සහල් අර්බුදය මීට වඩා උග්‍ර වන බවට ලාල් කාන්ත අමාත්‍ය වරයා පසුගිය කාලයේ කල කතාව හා ජවිපෙ හිටපු මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා ගේ මෙම ප්‍රකාශය අතර කිනම් හෝ සබැඳියාවක් තිබේ ද යන්න අපි නොදනිමු.

 



එමෙන්ම ඉන්ද්‍රානන්ද සිල්වා ගේ ප්‍රකාශයෙන් පසුව ලාල් කාන්ත අමාත්‍ය වරයා එයට ද ප්‍රතිචාර දක්වා තිබේ. ඒ වී මිලදී ගැනීමේ ක්ෂේත්‍රයේදී ඩඩ්ලි සිරිසේන අවශ්‍ය පුද්ගලයකු වුවද වැව් තාවුළුවල හෝටල් ඉදිකිරීමේදී එසේ නොවන බව පවසමිනි. මෙවර වැව් තාවුළුවල ඉදිකිරීම් ඉවත් කිරීමට පරාක්‍රම සමුද්‍රය ඇතුළත් කර නැත්තේ මෙම අදියරට වෙන් කර මුදල් ප්‍රමාණය අවසන් නිසා බවත් ඉදිරියේදී සියලුම වැව්තාවුළුවල පිහිටි අනවසර ඉදිකිරීම් ඉවත් කරන බවත් පැවසූ ඔහු තාවුල්ලේ ඉදිකර ඇති සියලු ඉදිකිරීම් ඊට පෙර ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටින බව ද පැවසීය.

 

waw 3
ඒ අතර ඩඩ්ලි සිරිසේනට ඇතැමුන් අපහාස කළ ද ඔහු නොමැති නම් අදට ද බත් වල ගල් හැපෙනු ඇති බවද ලාල් කාන්ත අමාත්‍ය වරයා කියා සිටියේ ගතවූ කාලය තුළ ඩඩ්ලි සිරිසේනට ලොකුම නින්දා අපහාස සිදු වූයේ ජනතා විමුක්ති පෙරමුණු සහ ජාතික ජන බලවේග වේදිකා වලින් බව මුළුමනින් අමතක කරමිනි.එමෙන්ම අප රටේ ජනතාවට බත් කන විට ගල් කැටයක් නො හැපෙන ලෙසට වෙළඳපළට සහල් නිකුත් කළ පුද්ගලයා ඩඩ්ලි සිරිසේන යයිද කේ.ඩී. ලාල්කාන්ත කළ ප්‍රකාශය අනුව ඔහු ඩඩ්ලි සිරිසේන මුල් කොට පවසන දෙඤ්ඤං බැටේ කතාව ආණ්ඩුවේ කෙබර ගොන්නට එකතු වන තවත් කෙබරයක් බව අප ගේ වැටහීම ය.

මෙම සියළු වැව් රක්ෂිත තුළ අනවසරයෙන් පදිංචිව සිටින පිරිස් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා වාර්තාවක් සකස් කිරීම යහපත් දෙයක් වුවද එය හුදෙක් දේශපාලනික කටයුත්තක් නොවිය යුතු බව අප ගේ වැටහීම ය.වත්මන් ආණ්ඩුව මේ වන විටත් සිදු කරගෙන යන කලින් බලයේ සිටියවුන් ගේ වැරදි හුවා දක්වමින් සිය බලය තව දුරටත් තහවුරු කර ගැනීම මෙහි දී ද සිදු වන්නේ නම් මෙය “හොඳ දෙයක් නරකට කිරීමක්”සේ සමාජ ගත වනු ඇත.

 

Wewa 1
ඉහත සඳහන් පාරිසරික විනාශය දේශපාලනඥයන් විසින් කරන ලද්දක් සේම ජන වර්ග අතුරින් ඊට දායක වූ ජන වර්ගය කුමක් ද? ඉහත සඳහන් වැව් රක්ෂිත කොල්ල කෑමට මෙරට සුළු ජන කොටස් වලින් ලැබී ඇති දායකත්ව කුමක් ද? යන්න සම්බන්ධයෙන් ජනතාව තුළ නිවැරදි දැනුමක් ස්ථාපිත කිරීම අතිශය වැදගත් ය. මක් නිසා ද යත් මේ සඳහා දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී ජන කොටස් වල දායකත්වය “ශූන්‍ය මට්ටමක” තිබිය හැකි බැවිනි. එනිසා ඒ සම්බන්ධයෙන් විමසා බැලීම ද ඉතා වැදගත් වේ. එවිට මේ වන විටත් සමාජය පුරා පැතිර යන වඳ සැත්කම්, වඳ කොත්තු වඳ බ්‍රෙසියර් ආදී නිසරු ප්‍රවාද හා ප්‍රලාප වලට ඉඩ නොදී මෙවන් “රට කෑමේ ‘ක්‍රියාකාරකම් වලට දායකත්වය දෙන්නවුන් කවුරුන් ද යන්න සමාජ ගත වනු ඇත.

එමෙන්ම අප රටේ “මහ ජාතිය” වනසනුයේ අනුන් නොව එය ඔවුන් තමන්ම වනසා ගන්නා බව මීට වඩා හොඳින් ඒත්තු ගැනීමට කාට කාටත් හැකි වනු ඇත. එය සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේ මතු යහපතට හේතු වන්නකි.

environmental impact assessments

ජාතික පරිසර පනත සහ තවත් අණපනත් කිහිපයක් යටතේ පාරිසරික බලපෑම් ඇගයීම ( EIA ) ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කර තිබේ . පාරිසරික බලපෑම් ඇගයීම මගින් යම් සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරය මත ඇති කෙරෙන බලපෑම එහි මූලික අවස්ථාවේ දී ම හඳුනා ගැනේ. එමගින් එම ව්‍යාපෘතියෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමටත් ස්වාභාවික පරිසරයට ගැලපෙන පරිදි අදාල ව්‍යාපෘතිය සකස් කිරීමටත් අවස්ථාව සැලසේ.

පාරිසරික බලපෑම් ඇගයීම මගින් නිලධාරීන්ට ව්‍යාපෘතීන් සම්බන්ධ තීරණ ගැනිමේ අවස්ථාව සලසා දෙනු ලබන අතර, එමගින් ව්‍යාපෘතියේ පරමාර්ථ වඩාත් සාර්ථකව සාධනය කර ගැනීමට අවස්ථාව ලැබේ. එමනිසා, පාරිසරික බලපෑම් ඇගයීම, සැලසුම්කරණයේත් අඛණ්ඩ සංවර්ධනයේත් මූලික කාර්යයක් ලෙස හැඳින්විය හැකිය. නමුත් පසුගිය කාලය තුළ ඇරඹූ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගයීම තුට්ටුවකටත් මායිම් නොකළ බව ප්‍රසිද්ධ රහසකි.

ඒ කෙසේ හෝ වත්මන් ආණ්ඩුව බාහිර බලපෑම් වලින් වැව් රක්ෂිත නිදහස් කිරීමේ ක්‍රියාවලිය “ඇඟට නොව ඔළුවටම” ගත යුත්තක් බව කිව යුතු ය. එහෙත්, වන අලින් බහුල ප්‍රදේශ වල ඔවුන්ට මරු කැඳවමින් ජනතාවට ගිනි අවි ලබා දී වන අලින් සඳහා රෝහල් තැනීමට කටයුතු කරන ආණ්ඩුවට ‘ඔළු දෙකක් මිස” “එක් හොඳ හොඳ ඔළුවක්” ඇති බවට සහතිකයක් නිකුත් කිරීමට තවමත් කල් වැඩියැයි අපට සිතෙයි.

(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැව් රක්ෂිත වනසන්නවුන් අතරේ දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයාත් ඉන්නවා දැයි සොයමු | ෆාතිමා හලල්දීන් | The Leader