The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාස්කු ප්‍රහාර විමසුම කතෝලික සභා දීප්තිය ද හීන කරවන මට්ටමට ඇවිත්! | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

July 23, 2025 • 6:50 AM

පාස්කු ප්‍රහාර විමසුම කතෝලික සභා දීප්තිය ද හීන කරවන මට්ටමට ඇවිත්! | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ හටගෙන ඇති සහකම්පනය අවම කරවීමට ද අවම කරවීමට හේතු වී ඇති බව අප ගේ වැටහීම ය.
  • රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් නොවන අතර ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සාධාරණව සිදුකිරීම බව යැයි ද උන් වහන්සේ එහි දී වැඩි දුරටත් කීහ.ඒ ඉකුත් 21දා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ය.
  • නමුත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ යුක්තිය සඳහා වන කිතුණු සාමූහිකයේ කැඳවුම් කරු ප්‍රදීප් ප්‍රනාන්දු පවසා සිටියේ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් ගේ එම ප්‍රකාශය මඟින් පල්ලිය තුළටත් “සාතන්”රිංගා ගෙන සෑම කෙනකු ගේම සිත් දූශ්‍ය කරවන වගක් හැඟෙන බවකි.
  • කිතුණු දහමේ මූලික හරය වන දස පනතට අනුව ඝාතන සපුරා තහනම් වන අතර ඒ ඔස්සේ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් පාස්කු ප්‍රහාරය මත පදනම් ව කිතුණු දහමේ මූලික හරයන්ට පහර දීම සම්බන්ධයෙන් එතුමා සමස්ත කිතුණුවන් ගෙන් සමාව අයැදීම හෝ ලෝගු හැර යාම කළ යුතු බව ප්‍රදීප් ප්‍රනාන්දු අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ හටගෙන ඇති සහකම්පනය අවම කරවීමට ද අවම කරවීමට හේතු වී ඇති බව අප ගේ වැටහීම ය.

කොළඹ අග රදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් පසුගිය 20 වන දා මාධ්‍ය හමුවක දී පාස්කු ප්‍රහාරයේ වැරදි කරුවන්ට මරණ දඬුවම හිමි විය යුතු යැයි තමන් සිතන බව පැවසීම හා ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවේ කොළඹ අග රදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍ය වෙත පළ කළ අදහස් එහි අලුත්ම වර නැඟීම බවට පත්ව තිබේ.

 

”ජූඩ් පියතුමන් කියන්නේ තමන්ගේ මතයට අනුව මරණ දඬුවම දිය යුතුයි කියලා. නමුත් ඒක කතෝලික සභාවේ මතය නෙවෙයි. දඩුවම් දීම අධිකරණයේ කටයුක්තක්. අපේ උවමනාව සත්‍ය සෙවීම. අධිකරණය තමයි දෙන දඩුවම තීරණය කරන්නේ. විශ්ව කතෝලික සභාව මරණ දඩුවම ප්‍රතික්ෂේප කරනවා. ජූඩ් පියතුමා දැන් ඉන්නේ නුවර. උන්වහන්සේ මට කතාකරලා කිව්වා ඒක නිවැරදි කරන්න කියලා” ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් නොවන අතර ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සාධාරණව සිදුකිරීම බව යැයි ද උන් වහන්සේ එහි දී වැඩි දුරටත් කීහ.ඒ ඉකුත් 21දා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ය.

 



නමුත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ යුක්තිය සඳහා වන කිතුණු සාමූහිකයේ කැඳවුම් කරු ප්‍රදීප් ප්‍රනාන්දු පවසා සිටියේ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් ගේ එම ප්‍රකාශය මඟින් පල්ලිය තුළටත් “සාතන්”රිංගා ගෙන සෑම කෙනකු ගේම සිත් දූශ්‍ය කරවන වගක් හැඟෙන බවකි.

කිතුණු දහමේ මූලික හරය වන දස පනතට අනුව ඝාතන සපුරා තහනම් වන අතර ඒ ඔස්සේ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් පාස්කු ප්‍රහාරය මත පදනම් ව කිතුණු දහමේ මූලික හරයන්ට පහර දීම සම්බන්ධයෙන් එතුමා සමස්ත කිතුණුවන් ගෙන් සමාව අයැදීම හෝ ලෝගු හැර යාම කළ යුතු බව ප්‍රදීප් ප්‍රනාන්දු අවධාරණය කරයි.

එහෙත් 21 දා පැවැති මාධ්‍ය හමුවේ දී ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් නුවර හිඳින බවක් පැවසූ සිරිල් ගාමිණී පියතුමා එය “ලස්සනට රූටා හැරි” බවක් අපට පෙනිණ.

ඒ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් විද්යුත් තාක්ෂණය ඔස්සේ හෝ ඒ මොහොතේ එම නිවැරදි කිරීම සඳහා ඉදිරිපත් නොවූ පසුබිමක ය. එමෙන්ම දැනට කතෝලික සභාවේ කටයුතු යෙදෙන අන්දමට ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් කොළඹ අග රදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ පදවියේ තව දුරටත් රැඳී සිටිනු නියත ය.

සොනික් සොනික්“ රාජ්‍ය බුද්ධි සේවයේ ! - ලසන්ත රුහුණගේ

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් නිර්දේශ ක්‍රියාත්මක කළ පරිද්දෙන් චෝදනා ලබා සිටින සෙසු පුද්ගලයින් සඳහා ද එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුව ඇති බව 21දා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසූ සිරිල් ගාමිණී පියතුමෝ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන නිලධාරීන් පත් කිරීම ගැන ජනාධිපතිවරයාගෙන් හෝ වෙනත් පාර්ශවයකගෙන් කාදිනල් හිමියන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටියදී සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලීම සිදුකළ බවත් සඳහන් කළහ.

”අපි ඉල්ලුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මාරුකර යැවූ මුල සිටම පරීක්ෂණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයව නැවත පරීක්ෂණයයට යොමුකරන්න කියලා. නම් වශයෙන් සඳහන් කරලා කවුරුවත් පත්කරන්න කියලා කාදිනල් හිමියන් ඉල්ලලා නෑ. ඒ ප්‍රකාශය හෙළා දකිනවා. තව ප්‍රකාශයක් යනවා හමුදාපතිට සේවා දිගුවක් ඉල්ලුවා කියලා. ඒකත් ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් වෙන්නෙ නෑ. විමර්ශන සාධාරණව කරන්න කියන එක තමයි අපේ එකම ඉල්ලීම”සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

 



නමුත් පසුගිය ජූලි 09 වන දා සභා නායක බිමල් රත්නායක ශානි අබේවික්‍රම සහ රවී සෙනවිරත්න එම තනතුරුවලට පත් කළේ කාදිනල්තුමාගේ ඉල්ලීම මත යැයි පාර්ලිමේන්තුවේ දීම ප්‍රකාශයක් කර ඇත.

මෙය අතිශය බරපතල ප්‍රකාශයකි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක වැල්ලම්පිටියේ සුමන ධම්ම හිමි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද කර ඇත. එහි දී සුමන ධම්ම හිමි විමසා සිටින්නේ අමාත්‍ය බිමල් රත්නායක බොරු කියනවා ද?, කාදිනල්තුමා බොරු කියනවා ද? කියා ජනතාව දැනුවත් කරන ලෙස යි.

වැඩි දුරටත් කරුණු දක්වන සුමන ධම්ම හිමි පවසන්නේ මෙබඳු ප්‍රකාශ තුළින් ආගම් අතර මතබේද ඇති වන බැවින් කතෝලික ජනතාවගෙන් හා ආගමික නායකයින්ගෙන් සමාව ගන්නැයි බිමල් රත්නායක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව යි.නමුත් එවැන්නක ද ළකුණක් වත් පෙනෙන්නට නැත, මේ අතර කතෝලික සභාවේ කොළඹ අගරදගුරු පදවිය හා වත්මන් ආණ්ඩුව අතර පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ “ගනු-දෙනු”සවරූපයේ එළිදැක්වීම් මේ වන විටත් සමාජ ගත වී තිබේ.



පාස්කු ප්‍රහාරයට වසර හයක් සපිරුණු 2025 අප්‍රේල් 21 වැනිදාට ආසන්නතම දිනයෙක එනම් පසුගිය මාර්තු 30 වැනිදා ජනාධිපති අනුර දිසානායක මාතර දෙයියන්දරදී පැවසුවේ, මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කිහිප දෙනෙකු 2025 අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බවයි.

“පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ විධිමත්ව සිදුවෙනවා. අප්‍රේල් 21 වැනිදාට එම ප්‍රහාරයේ සිහිවටනය නැවතත් එළඹෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහයෙන් යුතුව, එදිනට පෙර මෙම ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු පිරිසක් හෙළිදරව් කිරීමට කටයුතු කරමින් සිටිනවා,” යැයි ඔහු එදින පැවසීය.



මේ අතර ඒ සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් එවක මාධ්‍ය වෙත පැවසුවේ නව රජයේ ප්‍රකාශය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බවත් අප්‍රේල් 21 වැනිදා දක්වා ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවත්, නව රජයේ ප්‍රකාශය කෙරෙහි කතෝලික සභාව දැඩි විශ්වාසයක් තබා ඇති බවත්ය.

මීට පෙර, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව රජයෙන් සාධාරණයක් ඉටුවන බවක් නොපෙනෙන බවත්, එසේ නොවුවහොත් නව රජයට එරෙහිව ද පාරට බැසීමට සිදුවන බවත් පැවසීම මත ජනාධිපති වරයා එසේ “දින නියම කිරීමක්” කළ අතර කිසියම් සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් එහි සැක කරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු මිස ඊට පූර්වගාමීව එම සැක කරුවන් ගේ නම් රාජ්‍ය නායකයා විසින් ප්‍රකාශ කිරීම ලෝකයේ හොඳම විහිළු අතරට එක් වන බව අප ගේ වැටහීම ය.

එය ජනාධිපති වරයා බලයට පත් වීමට පෙර හා පසු කියූ මුසාවාද ගොන්නේ තවත් මුසාවාදයක් වූ අතර සමස්ත ලෝකය හමුවේ කතෝලික සභාව ජනපති වරයා ගේ ඒ කතාව පිළිගැනීම ද එම විහිළුවේ පසු අර්ධය පෙන්නුම් කරන බව අපගේ වැටහීම ය.

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: කවුද මේ හිටිහැටියේ පහළ වූ අසාද් මවුලානා ?
මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයෙහි ස්වදේශීය බුද්ධි තොරතුරු සහ ආරක්ෂක සේවාව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) විසින් එරට අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අන් කිසිවකු නොව සහරාන් හෂීම් බවයි.

නමුත් ඒ සම්බන්ධයෙන් විශ්වාසය තැබීම හෝ නොතැබීම පසෙක තබා පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැක කරුවන් අධිකරණය හමුවට පත් කිරීම රජයේ පරම වගකීමකි. නමුත් එහි දී කතෝලික සභාවේ කොළඹ අග රදගුරු පදවියේ මෙවන් විවිධ ක්‍රියාකාරකම් වලින් එය කඩිනම් හෝ විධිමත් වීම වෙනුවට මේ වන විට කතෝලික සභාවේ ද “සායම යාමට” හෙවත් දීප්තිය ද හීන කරවන තත්වයකට පැමිණ තිබීම අතිශය කණගාටුදායක ය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් අප රටේ ලිබරල්වාදී කතෝලික ප්‍රජාවගේ සංතීක්ෂණ අවධානය යොමු වී ඇති බව ද කාරුණිකව සිහිපත් කරවමු.

Screenshot 2024 12 25 at 10.13.44 copy 1(සටහන | රීටා ජෙනට් පෙරේරා)
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida


සබැඳි ලිපි :

'බිමල් අමාත්‍යවරයා කාදිනල්තුමාගෙන් සහ කතෝලික ජනතාවගෙන් සමාව ගත යුතුයි'

ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කළ ප්‍රකාශය සිරිල් ගාමිණී පියතුමා විසින් ප්‍රතික්ෂේප කරයි

‘පාස්කු ප්‍රහාර’යේ විමර්ශන කළ නිලධාරීන් පත්කරන්න ඉල්ලීමක් කළා - ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාස්කු ප්‍රහාර විමසුම කතෝලික සභා දීප්තිය ද හීන කරවන මට්ටමට ඇවිත්! | රීටා ජෙනට් පෙරේරා | The Leader