The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එදා කලු, අද සුදු රනිල්ගේ අධ්‍යාපන ධවළ පත්‍රිකාව | ආචාර්ය රසිකා කුමාරසිංහ

T

The Leader Desk

July 23, 2025 • 11:36 AM

එදා කලු, අද සුදු රනිල්ගේ අධ්‍යාපන ධවළ පත්‍රිකාව | ආචාර්ය රසිකා කුමාරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජතාන්ත්‍රණයෙන් හා දේශපාලන උපාය මාර්ග භාවිතයෙන් ඔහු දෙවන වන්නේ නම් ඒ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.
  • එක්සත් ජාතික පක්ෂයෙන් මහා මැතිවරණයට තරග වැදුනු තරුණ රනිල් වික්‍රමසිංහ, ජයවර්ධණ රජයේ තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධණ අමාත්‍යවරයා බවට පත්විය.
  • එම කාලය තුල, 1979 දී එතුමා පාසල් හැර යන්නන් සදහා වෘත්තීය පුහුණුව ලබා දෙන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකාය සහ ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළේය.
  • පසුව 1980 පෙබරවාරි 14 වන දින, එතුමාව ජයවර්ධණ රජයේ අධ්‍යාපන ඇමති ධූරයට පත් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


රාජතාන්ත්‍රණයෙන් හා දේශපාලන උපාය මාර්ග භාවිතයෙන් ඔහු දෙවන වන්නේ නම් ඒ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධණ මැතිතුමාට පමණි. නව ලිබරල් දෘෂ්ඨිවාදය මත පදනම්වූ රනිල් ගේ දේශපාලන ජීවිතයේ කැපී පෙනෙන සංධිස්ථාන වන්නේ ලංකාවේ අධ්‍යාපනය සදහා වූ ඔහුගේ දායකත්වයයි.

1977 එක්සත් ජාතික පක්ෂයෙන් මහා මැතිවරණයට තරග වැදුනු තරුණ රනිල් වික්‍රමසිංහ, ජයවර්ධණ රජයේ තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධණ අමාත්‍යවරයා බවට පත්විය. ඔහු ලංකාවේ එතෙන් මෙතෙක් සිටි ලාබාලම කැබිනට් ඇමතිවරයා වන්නේ එම තණතුරත් සමගය. එම කාලය තුල, 1979 දී එතුමා පාසල් හැර යන්නන් සදහා වෘත්තීය පුහුණුව ලබා දෙන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකාය සහ ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළේය. පසුව 1980 පෙබරවාරි 14 වන දින, එතුමාව ජයවර්ධණ රජයේ අධ්‍යාපන ඇමති ධූරයට පත් කරන ලදී.

එම කාළයේදී රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අරමුණ වූයේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රවේශය (Access), ගුණාත්මකභාවය (Quality) සහ equity (සමානාත්මතාවය) වැඩිදියුණු කිරීමයි.

ඔහු ඒ සදහා තෝරාගත්තේ නව ලිබරල් (Neoliberal) මාවතකි. නව ලිබරල්වාදයට අනුව යමින් අධ්‍යාපන සේවා සැපයීමේදී කාර්යක්ෂමතාව, තරගකාරිත්වය සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය ප්‍රවර්ධනය කරයි. මෙම සුසමාදර්ශී රාමුවේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික රාජ්‍ය අරමුදල් මගින් කල නොහැකි අධ්‍යාපනයේ ගුණාත්මකහාවය හා ප්‍රවේශභාවය වැඩි දියුණුකිරීම පෞද්ගලික අංශයේ මැදිහත්වීම සහ යාන්ත්‍රණය හරහා සිදු කිරීමයි. මෙම ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාණ අංගයක් වන්නේ රාජය හා පෞද්ගලික අංශ අතර හවුල්කාරිත්වය (Public-Private Partnerships) තුලින් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමයි. මෙය, රජයට දැරීමට නොහැකි අධික පිරිවැය සොයා ගැනීමට සුදුසු උපාය මාර්ග යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලදී.

රටට අවශ්‍ය ගුරු බලයක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහසී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කොට සම්මත කරගනු ලැබූ නිදහස්‌ අධ්‍යාපන පනතින් පසු ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක්‌ වසර හතලිහක් පුරා ඇතිවී තිබුනේ නැත. අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා හෙවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කලේ මෙම අරමුණු පෙරදැරි කර ගනිමිනි.

මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවේ අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක්‌ මෙසේය.

* පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවරීම.

* බාලාංශ පංතිය අහෝසි කිරීම.

* පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම.

* 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වා ඉන් සමත්වන සිසුන් ඉහළ පංති වලට යොමු කිරීම.

*  අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීම.

* අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීම.

* පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දීම.

ටියුෂන් තහනම් කිරීම වෙනුවට….. | අජිත් පැරකුම් ජයසිංහ
* පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම.

* සම්පත් බෙදා ගැනීම සදහා පර්ෂද (පොකුරු) පාසල් සංකල්පය ඇති කිරීම.

* පර්ෂද පාසල් වලට එකතු නොවන ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොදීම.

* රජයේ නීති රෙගුලාසි වලට යටත් පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවීම.

* විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීම අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගින් සිදු කිරීම.

* තාක්‍ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යැමට පෞද්ගලික අංශයට පැවැරීම.
 

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ  ලියවිල්ල - දෙවැනි කොටස

මීට අමතරව වික්‍රමසිංහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර ප්‍රමුඛතාවය ගත් අනෙක් අංශය වූයේ පාසල් විෂයමාලාව සංශෝධනය කිරීමයි. ලංකාවේ සහ ලෝකයේ රැකියා වෙළදපොළ සදහා සිසුන් සූදානම් කිරීම එම සංශෝධන වල අරමුණයි. මෙහිදී STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත) සහ ඉංග්‍රීසි භාෂාව ප්‍රවීණ කිරීම සදහා වැඩි අවධාණයක් යොමු කරන ලදී.

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ඇතුළත් STEM විෂයයන්, බොහෝ වෘත්තීන් සඳහා අඩිතාලම දමන සහ නවෝත්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන  විෂයයන් සමූහයයි. STEM අධ්‍යාපනය ගැටළු විසඳීම, විවේචනාත්මක චින්තනය (critical thinking) සහ සැබෑ ලෝක තත්වයන්ට දැනුම යෙදීමට ශිෂ්‍යන්ගේ මොළය පුහුණු කරයි. දියුණු රටවල ප්‍රාථමික අධ්‍යාපනයේ භාෂාවට පසුව ප්‍රධාණ තැනක් දෙන්නේ STEM අධ්‍යාපනයටයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : ආචාර්ය නිර්මාල් කරන යෝජනාවට කන්දෙන්න |  Wijayananda Jayaweera

 

මෙම අධ්‍යාපන යෝජනා මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ 1981 අගෝස්‌තු මාසයේ දීය. දේශපාලන බඩගෝස්තරවාදීන්ගේ උසි ගැන්වීමෙන් කවදත් කිසිවක් නොසොයා උද්ඝෝෂණ, වැඩවර්ජණ සහ අරගල කිරීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවට දැඩි විරෝධයක්‌ එල්ල විය.

මෙම විරෝධතා මැද්දේම, 1982 ජනවාරි 6 දින මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් එයට අදි මදි කලේ පවතින ශිෂ්‍ය විරෝධය තමන්ගේ දේශපාලන ගමනට සුබ නැති නිසා විය හැකිය. ධවල පත්‍රිකාවේ ඇති යෝජනා නැවත අධ්‍යනය කොට එය 1982 ජනවාරි 21 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය විය.

ජනවාරි 21 දා, ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී රටපුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල සිසුන් පාරට බැස එයට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට වූහ. අන්තිමේදී එල්ල වූ විරෝධය මධ්‍යයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව නිල වශයෙන් හකුලා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවිය.

zr343d
නිල වශයෙන් ධවල පත්‍රිකාව හකුලා ගැනීමට සිසු වුවත්, වසර 43 ට පසු අද රටේ තත්වය විශ්ලේෂණය කර බලන  විට, ධවල පත්‍රිකාවේ තිබූ බොහොමයක් යෝජනා අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වී ඇති බව පෙනේ.  

අද පෙර පාසල් පවත්වාගෙන යන්නේ පෞද්ගලික අංශය මගිනි. පාසල් වල බාලාංශ පන්තියක් නැත. අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි විශය අනිවාර්ය වේ.

පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කර ඇත. නමුත් මේවා වික්‍රමසිංහ මහතා ධවල පත්‍රිකාවෙන් යෝජනා කල ආකාරයට රජයේ මැදිහත්වීමෙන්, රජයේ රෙගුලාසි වලට, නීති රීති වලට යටත්ව, රජයේ මග පෙන්වීමේ ක්‍රියාන්විතයක් හරහාම නොකෙරෙන නිසා, ඒයායේ ගුණාත්මකභාවය පිළිබදව ගැටලු තිබීය හැක. අනෙක් අතට, මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතන රජයෙන් යැපෙන්නේ නැති බැවින්, යල් පැන ගිය ගතානුගතික අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගොස් ගෝලීය අධ්‍යාපන ව්‍යුහයට ගැළපෙන පරිදි වෙනස්වීමට ඔවුන්ට නිදහස ඇත.

ටියුෂන් තහනම අනෙක් පළාත්වලටත් දෙන්නැයි ඉල්ලීමක්

 

ධවල පත්‍රිකාවේ තිබුන, එහෙත් තවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුන යෝජනා නිසා අප සමාජීය ගැටලු රැසකට මුහුන පා ඇත. ඉන් එකක් වන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගයයි. පර්ෂද පාසල් ක්‍රමය (Cluster Schools) ක්‍රමය ස්ථාපිත කර සම්පත් බෙදා හදා ගැනීම තුලින් සම්පත් බෙදී යෑමේ විශමතාවය අවම කර ගැනීමේ හැකියාව තිබිනි. එසේනම් අද තිබෙන නගරයේ ජනප්‍රිය පාසල් වලට ඇති තරගය, ශිෂ්‍යත්ව ටියුෂන් මාෆියාව වැනි දේවල් අද නැති වන්නට ඉඩ තිබිනි.

දශක හතරකට පමණ පෙර ධවල පත්‍රිකාව ප්‍රතික්ෂේප කිරීම නිසා රටට වැදුනු තවත් සාපයක් වන්නේ රටේ බහුතර උගතුන්ට ඉංග්‍රීසි භාෂා දැනුම නොමැති වීමයි. උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම තුලින් පාසලින් පිටත ලෝකයට වැඩිහිටියෙකු ලෙස පිටවන්නේ ජ්‍යාත්‍යන්තර භාෂාවත් සමගය. එය එසේ සිදු වුනා නම්, අද අපේ රටේ රාජ්‍ය නායකයින් ජ්‍යාත්‍යන්තරය ඉදිරිපිට භාෂාව නිසා අපහසුතාවයට, අපහාසයට, නිංදාවට පත් වන්නේ නැත.

පිටවී ඇත්තේ ප්‍රශ්න 3යි ශිෂ්‍යත්වය යළි නොපවත්වන්න තීරණයක්

වික්‍රමසිංහ අධ්‍යාපන ප්‍රතිසංස්නරණයේ තවත් අතිශය වැදගත් යෝජනාවක් වන්නේ STEM අධ්‍යාපනයයි. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර අටේ පන්තියේ විභාගයෙන් සහ සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් වර්ගීනරණය කොට ඔවුන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව වෘත්තිය පුහුණුවකට හෝ උසස් අධ්‍යාපනය සදහා යොමු කිරීමයි. ඒ සදහා දරුවන් සවිබල ගැන්වීමට STEM අධ්‍යාපනය වටිනා මෙවලමකි.

මෙය ජර්මනියේ අධ්‍යාපන ව්‍යුහයට තරමක් සමානය. ජර්මානු අධ්‍යාපන ක්‍රමය සහ එහි ව්‍යුහය, විවිධ පාසල් වර්ගවලට සිසුන් මුල් අවධියේදී වර්ගීකරණය කිරීම සහ වෘත්තීය පුහුණුව කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ප්‍රමුඛතාවය දෙයි. අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු හයේ සිට ආරම්භ වෙයි. එය නවය හෝ දහය පන්ති දක්වා පවතින අතර, සිසුන් සාමාන්‍යයෙන් ප්‍රාථමික පාසලට (Grundschule) සහ පසුව ද්විතීයික පාසල් වලට ඇතුළත් වේ. ද්විතීයික අධ්‍යාපනය Hauptschule, Realschule සහ Gymnasium ඇතුළු ප්‍රධාණ කාණ්ඩ තුනකට අයත් පාසල් මගින් ලබා දෙයි. මෙම පාසල් වර්ග තුන තුලින් ලබා දෙන්නේ එකිනෙකට වෙනස් අධ්‍යාපනයකි.

කොරෝනා ලෝකඩවුන් : පාසල් දරුවන් මානසික බලපෑම්වලින් මුදවා ගන්නේ කෙසේද?
Hauptschule පාසල් දරුවන් වෘත්තීයන් සදහා සූදානම් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

Realschule පාසල් පුළුල් විෂය මාලාවක් පිරිනමන අතර රජයේ හෝ ව්‍යාපාරවල මධ්‍යම මට්ටමේ තනතුරු සඳහා සිසුන් සූදානම් කරයි. Gymnasium පාසල් 12 හෝ 13 ශ්‍රේණියෙන් පසු ප්‍රදානය කරන ලද Abitur (විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම්) සමඟින් විශ්ව විද්‍යාල අධ්‍යයන සඳහා සිසුන් සූදානම් කරයි.

මේ අධ්‍යාපන ව්‍යුහය මගින් සහාජයේ සියලුම තරා තිරම් වල රැකියා සදහා පිරිස් බිහිකරන අතර කිසිම රැකියා කාණ්ඩයක් සදහා තරගයක් හෝ පිරිස් උූනතාවයක් ඇති නොවේ. රනිල් විකංමසිංහ යෝජනා කලේ මීට සමාන ව්‍යුහයක් වන අතර ඔහුගේ ධවල පත්‍රිකාවේ ඇති නව කාර්මික විද්‍යාල ස්ථාපිත කිරීමේ යෝජනාවෙන් එය තහවුරු වේ.

 

rfwr3

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිව සිටි කාලයේ සහ අසූව දශකය ලංකෙවේ අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය ලෙස සැළකිය හැකිය. එම කාලය තුල නව පාසල් විශාල ප්‍රමාණයක් ආරම්භ කරන ලද අතර නව විශ්ව විද්‍යාල වාගේම පැවතුන විශ්ව විද්‍යාල සදහා යටිතල පහසුකම් සහ ප්‍රතිපාදන වැඩි කිරීම, විශ්ව විද්‍යාල වපට ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම, ජාතික අධ්‍යාපන ආයතන ඇති කිරීම, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඇති කිරීම, අධ්‍යාපන පරිපාලන සේවය ස්ථාපිත කිරීම වැනි කර්තව්‍යන් රාශියක් කරන ලදී. 1986 අංක 30 දරණ අධ්‍යාපනික විද්‍යායතන පනත රනිලි වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිව සිටි කාලයේදී ගෙන ආ පනත් අතර ප්‍රධාණ තැනක් ගනියි.

රනිල් වික්‍රමසිංහ මහතා එදා අපේ රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ සැළසුම් කලේ අදටය. ඔහුගේ  ලංකාවේ අධ්‍යාපනය පිළිබද තිබූ දුර දැක්ම ඊළග චන්දය දිනා ගැනීම වැනි පටු දේශපාපන අරමුණු වලින් වැසුනේ නැත. ඔහු එදා ධවල පත්‍රිකාව හරහා ගෙන ආ යෝජනා සර්ව සම්පූරණ හෝ දේශපාලනිකව සැමටම ගෝචර වූවක් නොවේ. නමුත් එම යෝජනා අපේ රටේ අධ්‍යාපනයට, රටේ ප්‍රගමනයට වැදගත් ඒවාය. පටු දේශපාලන න්‍යාය පත්‍ර අතහැර දමා, විවෘත සර්වපාක්ෂික සංවාද ඔස්සේ එම යෝජනා අධ්‍යනය කොට රටට වඩාත් හිතකර මට්ටමකට ගෙන ඒමට හැකියාව තිබිනි.

එදා අප එම මාර්ගයේ ගමන් කලා නම්, අද අපේ රටේ ජනප්‍රිය පාසල් තරගය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා තරගය, රැකියා විරහිත භාවය, සමහර රැකියා සදහා නිපුනතා ඇති පිරිස් හිග වීම වැනි බොහෝ ප්‍රශ්ණ අවම කර ගැනීමට හැකි වීමට තිබිනි.

 

gr563456d
කෙසේ වුවත්, වසර 43 ට පසු වික්‍රමසිංහ මහතාගේ සිහිනය සැබෑ වෙමින් පවතී. අද යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඩු වැඩි වශයෙන් ධවල පත්‍රිකාවේ යෝජනා වලට සමානය. එහි වරදක් නැත. නමුත් එය සිදු කිරීම ප්‍රායෝගික වශයෙන් අද අපහසුය. ඒ දේශපාලන වාසි සදහා අරගල උද්ඝෝෂණ කරන, සිසුන් පාරට බස්සන  අවස්ථාවාදීන් නිසා නොවේ. ඒ දශක ගණනාවක් පුරා වැරදි ලෙස ගොඩ නැගූ ව්‍යුහයක් එක් වරම වෙනස් කීරීම අපහසු වීම නිසාය.

උත්ප්‍රාසය වන්නේ, 1982 ධවල පත්‍රිකාවට විරුද්ධව උද්ඝෝෂණය කල, ශිෂ්‍ය සංගම් මෙහෙයවූ, ශිශ්‍යයන්ගේ ජීවිත පූජා කල පක්ෂය, අද ශ්‍රි ලංකාවේ බලයේ සිටින ආණ්ඩුව ලෙස ධවල පත්‍රිකාවේ යෝජනා නැවත ගෙන ඒමයි. එය සිංහල ජන වහරේ එන “උුරගෙ මාලු, උගේ ඇගේසම තියා කැපීම” යන පිරුළට සමාන දැයි මට සිතේ. නව ලිබරල්වාදී රනිල් වික්‍රමසිංහ මහතා එදා ඉතා අපහසුවෙන් ස්ථාපිත කිරීමට උත්සහා ගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමාජවාදී ලේබලය යටතේ අද පහසුවෙන් සිදු වෙමින් පවතී.

මා පෙර කීවා සේම රනිල් වික්‍රමසිංහ යනු ශ්‍රී ලාංකීය දේශපාලනට එතෙක් මෙතෙක් බිහිවූ කෘතහස්ත දේශපාලකයෙකි. ඔහු සමග බලන කල, අද ලංකාවේ දේශපාලන කරළියේ සිටිනා දේශපාලකයන් ළදරුවන් සේ මට හැගේ.

ලාංකික තාරුණ්‍යයට අකැප නිදහස් අධ්‍යාපනය | ආචාර්ය රසිකා කුමාරසිංහ(සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)


ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
rasikuma@yahoo.com

22.07.2025

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...