The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහනුවර වන සත්ව සංගණනය බාබර් ගේ වැඩේ ටේලර් ට බාර දීමක් වේ ද? | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

July 31, 2025 • 9:31 AM

මහනුවර වන සත්ව සංගණනය බාබර් ගේ වැඩේ ටේලර් ට බාර දීමක් වේ ද? | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි දී මහනුවර දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි නැවතත් රිළවා, මොනරා, වඳුරා සහ දඬු ලේනා යන සතුන් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය සිදු කරන බව පැවසෙයි.
  • මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව, අදාළ සතුන් ගහණය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට සැලසුම් කර ඇති අතර, එම ක්‍රියාමාර්ග අනෙකුත් දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සාකච්ඡා කර ඇත.
  • කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ ඉදිරියේදී මෙම දිස්ත්‍රික්කවල ද වන සතුන් සම්බන්ධයෙන් විද්‍යාත්මක සමීක්ෂණ සිදු කිරීමට ඉඩ ඇති බවයි.
  • ඒ පශු වෛද්‍යවේදය හා ඉහත සඳහන් සතුන් ගේ චර්යාත්මක කරුණු අතර ලොකු සබැඳියාවක් ඇතැයි අපට කෙසේ වත් නොපෙනෙන බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


තත්වය මෙසේ තිබිය දී එම නොවිධිමත් සමීක්ෂණයෙන් දිවයිනේ වැඩිම වන සත්ව හානි සිදුවන දිස්ත්‍රික්කය ලෙස හඳුනාගෙන ඇති මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව නැවත වරක් විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.ඒ වන සතුන්ගෙන් සිදුවන හානි අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ගනු ලබන පියවරක් ලෙසිනි.

 

Rilla

මෙහි දී මහනුවර දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි නැවතත් රිළවා, මොනරා, වඳුරා සහ දඬු ලේනා යන සතුන් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය සිදු කරන බව පැවසෙයි. මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව, අදාළ සතුන් ගහණය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට සැලසුම් කර ඇති අතර, එම ක්‍රියාමාර්ග අනෙකුත් දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සාකච්ඡා කර ඇත.

පසුගිය මාර්තු 15 වන දින පෙරවරු 8.00 සිට 8.05 දක්වා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් දිවයින පුරා සිදු කරන ලද වන ඊනියා සත්ව සංගණනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කය තුළ රිළවුන් 634,668 ක්, දඬු ලේනුන් 163,929 ක්, මොණරුන් 106,582 ක් සහ වඳුරන් 86,834 ක් සිටින බව අනාවරණය වී තිබේ.කෙසේ වෙතත්, මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් මෙවැනි විශාල සත්ත්ව ගහනයක් වාර්තා වීම බැලූ බැල්මටම එහි අසාර්ථකතවය කදිමට පෙන්වන්නක් බැවින් නව විද්‍යාත්මක සමීක්ෂණයක අවශ්‍යතාව මතු වී තිබේ.

අදාළ සංගණන දත්ත අනුව, වන සතුන්ගෙන් දිවයිනේ දෙවැනියට වැඩිම හානියක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද, තෙවැනියට වැඩිම හානියක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වේ. කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ ඉදිරියේදී මෙම දිස්ත්‍රික්කවල ද වන සතුන් සම්බන්ධයෙන් විද්‍යාත්මක සමීක්ෂණ සිදු කිරීමට ඉඩ ඇති බවයි.

 

ලෝකේ කොහේවත් නැති' වන සත්ව සංගණන අපේ රටේ | නිරංජන් චාමින්ද කරුණාතිලක

පේරාදෙණිය හා කොළඹ විශ්ව විද්‍යාල සිසුන් ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන මෙම සමීක්ෂණ කටයුතු භාර දී ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විදා මහාචාර්ය අශෝක දංගොල්ල වෙත ය නමුදු සත්ව විද්‍යා, සත්ව චර්යාවේද,පාරිසරික ගා වනජීවී යන ක්ෂේත්‍රයන් හා සම්බන්ධ විෂය පථය සම්බන්ධ සමීක්ෂණයක් පරිසර අමාත්‍යංශය පසෙකට කොට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මුදල් ප්‍රතිපාදන ද සහිතව විශ්ව විද්‍යාල පශු වෛද්‍ය පීඨයකට පැවරීම හා සම්බන්ධ බලවත් කුකුසක් අප ගේ සිත් තුළ පැන නැඟී තිබේ. ඒ පශු වෛද්‍යවේදය හා ඉහත සඳහන් සතුන් ගේ චර්යාත්මක කරුණු අතර ලොකු සබැඳියාවක් ඇතැයි අපට කෙසේ වත් නොපෙනෙන බැවිනි. අප බොහෝ දෙනකු දන්නා අන්දමට පශු වෛද්‍ය විද්‍යාව යනු මිනිසුන් නොවන සතුන්ගේ රෝග, ආබාධ සහ තුවාල වැළැක්වීම, කළමනාකරණය, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන විෂය පථයකි.

තරම දැන කළ යුතු 'උඩින් පල්ලෙන්' සත්ව සංගණනය | රේණුකා දමයන්ති ගමගේ

 

ගෘහාශ්‍රිත සේම වන ජීවී යන සියලුම සත්ව විශේෂ ආවරණය වන පශු වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ වෘත්තීය සත්කාර බොහෝ විට මෙහෙයවනු ලබන්නේ පශු වෛද්‍යවරයෙකු , පශු වෛද්‍ය ශල්‍ය වෛද්‍යවරයෙකු නමින් හඳුන්වන වෘත්තිකයකු විසිනි.එමෙන්ම අප රටේ පශු වෛද්‍ය සේවය ප්‍රධාන වශයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DAPH) වෙත සේවා සපයන බව ඒ සම්බන්ධ ප්‍රායෝගික විමසුම් වලින් පෙනේ.

නමුත් එහි සත්ව චර්යා සම්බන්ධයෙන් කොතෙක් දුරට විස්තර වන්නේ ද යන්න අප තුළ පැන නැඟී ඇති ගැටළුවකි. ඒ අතර තම වගා බිම් තුළ වන සතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධයෙන් ගොවීන්ට හැකි ඕනෑම ක්‍රියා මාර්ගයක් ගත හැකි බවත් ඒ සඳහා කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පසුගිය දෙසැම්බර් 05 වන දා පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.එහෙත් ඔහු ගේ එම ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය, අතිශය සාහසික සේම සපුරාම නීති විරෝධී වන අතර එය 1937 අංක 2 දරන වන ජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ ගෙල සිර කරන්නකි.

 

එමෙන්ම වන සතුන් නිසා ගොවීන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ වගකීම තම අමාත්‍යාංශය විසින් භාරගෙන ඇති බවත්, එය වැඩි කල් නොගොස් විසඳන බවත් පසුගිය මාර්තු 12 වන දා පාර්ලිමේන්තුවේ දී පැවසූ අමාත්‍යවරයා එම වන සත්ව සංගණනය ගැන ධනාත්මකව සිතන්නැයි කියා සිටියේ එම වනජීවී සංගණනය තුළ අඩුපාඩු තිබිය හැකි නමුත් වැරදි වැරිදී හෝ මේ දේවල් කළයුතු බව ද පවසමිනි.නමුත් ඔවුන් ගේ මෙම “ඉස්කෝලෙ යාම් “සඳහා ද වියදම් වනුයේ මහජන මුදල් බව ද අප ඔහුට අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම වංචාව දූෂණය සේම නාස්තිය ද රට වළ පල්ලට ඇද වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නකි.

“වන සතුන් සමීක්ෂණය කිහිප වතාවක් කළ යුතුයි. කෘෂි කර්මාන්තය මඟින් ඊට අත ගැසුවේ වෙන කවුරුත් නොකරන නිසා. වන ජීවි කළමනාකරණය කියන දෙයක් ලංකාව තුළ වෙන්නේ නැහැ. අපි ඒකටත් අත ගැහුවා”. ශ්‍රී ලංකා ජාතික ගොවිජන බල මණ්ඩලයේ නිලධාරීන් සමඟ ගොවිජන මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පසුගිය එසේ ප්‍රකාශ කොට තිබේ.

එහෙත්, ඔහු එහි දී වන මූලික ජාතික අවශ්‍යතාවක් වන ජීවී සංරක්ෂණය ගැන නොතකා ඔහු වන ජීවී කලමණාකරණයක් ගැන කතා කිරීම ද ඉතා බරපතල කරුණකි. ඒ අතර ඔහු එහි දී “වෙන කවුරුවත්”යනුවෙන් හඳුන්වා “වැලමිටෙන් ඇන ඇත්තේ” පරිසර අමාත්‍ය වරයාට බව ද පැහැදිලි ය.

 

රිළා වඳුරු ගැටළුව තව තවත් ලෝකයා හිනැස්සීමක් නොවීමට නම්.. | රීටා ජෙනට් පෙරේරා
ඒ අනුව පාරිසරික විෂය පථය පදනම් ව සිදුවිය යුතු සත්ව සංගණනයක් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද සමඟ පශු වෛද්‍ය අංශයකට බාර දීම බාබර් ගේ වැඩේ ටේලර් ට බාර දීමක් වැනි අමනෝඥ කමක් අප ගේ වැටහීම ය. නමුත් එහි බරපතලම තත්වය වනුයේ ගැමි වහරට අනුව තකතිරු කම් සේ පැවසෙන මේ සියළු අමනෝඥකම් වල බර හිස මතට ගැනීමට මෙරට ජනතාවට සිදු වීම ය.

(සටහන | රීටා ජෙනට් පෙරේරා)
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහනුවර වන සත්ව සංගණනය බාබර් ගේ වැඩේ ටේලර් ට බාර දීමක් වේ ද? | රීටා ජෙනට් පෙරේරා | The Leader