The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'අරුණෝදාකරුවෝ' පිළිබඳ අරුණේදාකරුවාගේ ම ලියවිල්ලක්

T

The Leader Desk

August 1, 2025 • 2:01 PM

'අරුණෝදාකරුවෝ' පිළිබඳ අරුණේදාකරුවාගේ ම ලියවිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාකච්ඡාමය සම්මුතියක් ඔස්සේ අර්බුදයට මුහුණ දිය හැකි පාලනයක් ගොඩනගාගැනීමයි.
  • බොළඳ අනුරාගයන්ගෙන් මිදිලා 2022 අරගලය දෙස විචාරශීලීව බලන්නට ඔබව පොළඹවන්න.
  • ඒකෙ හොඳම නවකතාව සම්මානය දිනූ වැහිපීල්ලක් යට නවකතාවත් 2022 අරගලය ගැන එකක්. අරුණෝදාකරුවෝ මංම ඉංග්‍රීසියෙනුත් ලිව්වා.
  • ගෙදරටම ගෙන්වා ගන්නටත් පුළුවන්. අමතන්න: 077 1734470 සතියෙ දවස්වල මං දෙමටගොඩ ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සාකච්ඡාමය සම්මුතියක් ඔස්සේ අර්බුදයට මුහුණ දිය හැකි පාලනයක් ගොඩනගාගැනීමයි. එතන ජුලී චැං, කාදිනල්, ඩයස්පෝරා, ඊබ්‍රාහිම්ස්ලා වෙන වැඩක් ගෙන යනවාය කියලා ඉව වැටුණු මොහොතේ මං අරගලෙන් අයින් වුණා.

අරගලය කැරැල්ලක් විතරක් නෙමෙයි, එය පසුපස පහසුවෙන් විග්‍රහ කළ නොහැකි, සංකීර්ණ, බහුවිධ අරමුණු සහිත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණාය කියලා මං හිතනවා.

xfgsefed
මේ නවකතාව මං ලියන්නෙ ඒ අදහස සංකේතාත්මකව දක්වන්න. බොළඳ අනුරාගයන්ගෙන් මිදිලා 2022 අරගලය දෙස විචාරශීලීව බලන්නට ඔබව පොළඹවන්න.

මේ කැරැල්ල ගැනත් සාහිත්‍යයක් බිහි වෙනවා මදි. ඊනියා අරගල නායකයන්ට කොකා පෙන්නලා ජවිපෙ රාජ්‍ය බලය ඩැහැගත්ත එකේ අරගල නායකයො උඹලගෙ කූඩාරම් අත්දැකීමවත් ලියපල්ලා.

2024 විදර්ශන සාහිත්‍ය තරගයේ නවකතා අංශයේ අරුණෝදාකරුවෝ දිගු ලැයිස්තුගත වුණා. ඒකෙ හොඳම නවකතාව සම්මානය දිනූ වැහිපීල්ලක් යට නවකතාවත් 2022 අරගලය ගැන එකක්. 

අරුණෝදාකරුවෝ මංම ඉංග්‍රීසියෙනුත් ලිව්වා. නම #dawnbreakers අරුණෝදාකරුවෝ නවකතාව දැන් සරසවි, ගුණසේන, සූරිය, විදර්ශන, grantha.lk, kathandara.com, Kathandara Bookshop මතුගම යන තැන්වලින් මිලදී ගන්නට පුළුවන්. ගෙදරටම ගෙන්වා ගන්නටත් පුළුවන්. 

අමතන්න: 077 1734470

සතියෙ දවස්වල මං දෙමටගොඩ ඉන්නවා. සති අන්තයේ මතුගම ඉන්නවා. ඕනැ නම්, කතා කරලා ඇවිත් පොඩි චැටක් දාලා පොත අරගෙන යන්නත් පුළුවන්. එහෙම නම් කතා කරන්න 0771229191අංකයට.

මං ගැන ජෙප්පන් හා සෙසු වාමාංශිකයන් නිර්මාණය කරලා තියෙන ප්‍රබන්ධයේ තරමටම මං කුහකයෙක්ද කියල පරීක්ෂා කරලා බලන්න, මේ පොත කියවන්න. ඇත්තම කියනවා නම් මං ඊටත් වඩා තැරියෙක්. ඒ නිසා මේ පොත ගැන විචාර ලියන්න, දොරට වැඩුංවල කතා පවත්වන්න කවුරුවත් නැහැ. දේශපාලන ක්‍රියාකාරිකයන්ට, විචාරකයන්ට පොත නිකං ඕනැ නම් කෝල් එකක් දෙන්න. හමුවෙන්න ඇවිත් අරගෙන යන්න. කියවලා සද්ද නැතුව හිටියට කමක් නැහැ, හිතන්න.

Ajith parakum jaya(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

සටහන උපුටා ගත්තේ: අජිත් පැරකුම් ජයසිංහ Face book පිටුවෙනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අරුණෝදාකරුවෝ' පිළිබඳ අරුණේදාකරුවාගේ ම ලියවිල්ලක් | The Leader