The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : හෙලිකොප්ටරයක් ඕනෑ කර තිබේ

T

The Leader Desk

August 3, 2025 • 7:27 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : හෙලිකොප්ටරයක් ඕනෑ කර තිබේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විප්ලවාදියකු මෙන්ම ගරිල්ලා භටයකු ලෙස ද සිටි මුජිකා, වසර 15 ක් සිරදඬුවම්ද වින්දේය.
  • ඔහුගේ බයිසිකලය වසර 60 ක් පැරණිය.
  • එය ජනාධිපතිවරයකුගේ වරප්‍රසාදයක් ලෙස සැලකෙන බැවිනි.
  • වර්තමාන සිරි ලංකාවේ ජනාධිපතිවරයා නම් “රථ ගායෙන්’ පෙළෙන්නකු නොවන බව ඔහුගේ කල්ක්‍රියාවෙන් පෙනී යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විප්ලවාදියකු මෙන්ම ගරිල්ලා භටයකු ලෙස ද සිටි මුජිකා, වසර 15 ක් සිරදඬුවම්ද වින්දේය. පසු කලෙක ජනාධිපති පදවිය ලැබුවද ඔහු ගත කළේ ඉතා සරල දිවියකි. තම ජීවිකාව සඳහා කුඩා ගොවිපළක් ද පවත්වාගෙන ගිය ඔහු, එහි තිබූ එකම ට්‍රැක්ටරයේ රියැදුරා ද විය.

 

jose mujicaමුජිකා කොර්ඩානෝ
ජනාධිපතිවීමෙන් පසුවත් ඔහු තම ගමන් බිමන් සඳහා භාවිත කළේ පරණ කාලේ වොක්ස්වැගන් බීට්ල් මෝටර් රථයකි. ඔහුගේ බයිසිකලය වසර 60 ක් පැරණිය.

ලෝකයේ දුප්පත්ම රටවල පවා ජනාධිපතිවරු මිල අධික සුඛෝපභෝගී වාහන භාවිත කරති. ඒ ගැන දොස් කියන කෙනෙක් නැති තරම්ය. එය ජනාධිපතිවරයකුගේ වරප්‍රසාදයක් ලෙස සැලකෙන බැවිනි.

ජනාධිපතිවරුනට තනිවම ගමන් යාමටද නොලැබේ. ඔහුගේ ආරක්ෂාවට පරිවාර රථ පෙළක්ද ඉදිරියෙන් හා පසුපසින් ගමන් කෙරේ. සිරි ලංකාවේද පසුගිය කාලයේ සිටි ජනපතිවරුන් යන යන තැන ආරක්ෂක රථ පමණක් නොව ගිලන් රථ පවා ගමන් ගත්තේය.

pr squad
වර්තමාන සිරි ලංකාවේ ජනාධිපතිවරයා නම් “රථ ගායෙන්’ පෙළෙන්නකු නොවන බව ඔහුගේ කල්ක්‍රියාවෙන් පෙනී යයි. එහෙත් මෑතකදී සමාජ මාධ්‍ය තුළින් දැනගැනීමට ලැබුණේ ඔහුට හෙලිකොප්ටර් භාවිතයට ඉඩ ලබාදිය යුතු බවට ඇතැමුන් යෝජනා කර ඇති බවය.

අපට නම් එහි කිසි වරදක් නොපෙනේ. ලෝකයේ සියලුම රටවල පාහේ ජනාධිපතිවරු හෙලිකොප්ටර් පමණක් නොව, ගුවන් යානා ද තම ගමන් බිමන් සඳහා යොදා ගනිති. ජනාධිපති යනු බොහෝ වැඩ රාජකාරි ඇත්තෙකි. ගොඩබිමින් යනවාට වඩා ගුවනින් යාම කාලය ඉතිරි කර ගැනීමකි. මෙහිදී වියදම පසෙක තැබිය යුතුය. මක් නිසාද යත්, කාලය රන් හා වටිනා බැවිනි.

කලකට පෙර මාධ්‍ය ක්ෂේත්‍රයේ පැතිරි කටකතාවකට අනුව මෙරට එක් ජනාධිපතිවරයෙක් ඈත පළාතක උත්සවයකට සහභාගි වීමට ගියේය. එහිදී ඔහු දිවා භෝජනය ගැනීමට නියමිතව තිබුණේ ගැමියන් පිරිසක් සමඟ වැව් කණ්ඩියකය. (එයට අවශ්‍ය ප්‍රචාරය ලබාදීම සඳහා රූපවාහිනි කණ්ඩායම්ද කල්තියාම එහි ගොස් සිටියහ.)

ජනාධිපතිවරයා කොළඹ සිට හෙලිකොප්ටරයක නැගී නියමිත වේලාවට එහි ගියේය. තරුපහේ හෝටලයකින් සපයන ලද ඔහුගේ දිවා ආහාරය ද යානයේ විය.

helicopter
ටික වේලාවකින් හෙලිකොප්ටරය ආපසු ගුවන්ගත වනු දක්නට ලැබුණි. හේතුව දැනගන්නට ලැබුණේ පසුවය. ජනාධිපතිවරයා ගොටුකොළ සම්බෝල කෑමට ප්‍රිය කළ කෙනෙකි. හෝටලයේ කෝකියකුට එදින ගොටුකොළ සම්බෝලය එවීම අතපසු වී තිබුණි. ජනපති ආරක්ෂකයෝ බය වූහ. වෙනත් කටයුත්තකට බව අඟවමින් හෙලිකොප්ටරය ආපසු කොළඹ ගියේ ජනපතිට ගොටුකොළ සම්බෝලය ගෙන ඒමටය.

මෙය සැබෑවක්දැයි කියන්නට නොදනිමි. එහෙත් එවැනි විකාර වැඩ ඒ ඒ කාලවල සිදු වූ බව නම් මාධ්‍යවේදීහු දනිති.

ඇතැම් රාජ්‍ය උත්සව වාර්තා කිරීම සඳහා හෝ විස්තර ප්‍රචාරයන් සඳහා හෙලිකොප්ටර් මගින් ගමන් කිරීමට ලැබීම මෙරට මාධ්‍යවේදීන්ගේද වෘත්තිය ජීවිතයේ විශේෂ අවස්ථාවකි. යුද්ධය පැවති සමයේ ආරක්ෂක අංශයේ යානා මගින් මාධ්‍යවේදීහුද උතුරු-නැගෙනහිර පළාත්වල වාර්තාකරණයට ගියහ. එබඳු අවස්ථා දෙකකදී ගුවන් යානා අනතුරට පත්වීමෙන් ඔවුන් කිහිප දෙනකුටම දිවි පුදන්නට වූ බවද සිහිපත් කරනුයේ මහත් ශෝකයෙනි.

A Sri Lankan solidier watches as a helicopter takes off from the northern town of Kilinochi on April 24, 2009.  The Sri Lankan army has made steady advances in recent months against the separatist Liberation Tigers of Tamil Eelam (LTTE), slowly beating back the guerrillas. The army said the guerrillas controlled a mere 10-12 square kilometres of territory on the northeast coast, where thousands of civilians are still trapped by the fighting.   TOPSHOTS     AFP PHOTO/PEDRO UGARTE (Photo credit should read PEDRO UGARTE/AFP/Getty Images)

 

හෙලිකොප්ටර් හා ගුවන් යානා පිළිබඳ සිනා කතා ද බොහෝය.

අප්‍රිකානු රටක සිටි ආඥාදායක පාලකයෙක් හෙලිකොප්ටරයකින් ගමන් කරමින් සිටින අතර, යාන්ත්‍රික දෝෂයක් නිසා එය පාසලක ක්‍රීඩාංගණයකට ගොඩබාන්නට සිදුවිය.

පාසලේ ළමුන්ද, ගුරුන්ද, පිටියට රැස්වූයේ මේ හදිසි සිද්ධිය දැකබලා ගැනීමටය.

ආඥාදායකයා, හෙලිකොප්ටරයෙන් බැස ළමුන් වෙත ගමන් කළේය. ඔවුන් සැම සිටියේ මහත් කනස්සල්ලෙනි.

“මොකද මේ හැමෝම දුකින් වගේ?”

ළමයෙක් මෙසේ පිළිතුරු දුන්නේය.

 

sadm7o

“අපි දුවගෙන ආවෙ හෙලිකොප්ටර් එකක් කඩා වැටෙන හැටි බලන්න. ඒත් ඒක එහෙම නොවුණම අපේ බලාපොරොත්තු කඩවුණා. හෙලිකොප්ටර් එකේ හිටියෙ ඔබතුමා කියල දැනගත්තම ඒ කනස්සල්ල තවත් වැඩි වුණා.”


අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...