The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රම්ප් බද්ද ලංකාවට සිදු කරන බලපෑම කුමක්ද? - ඇමරිකානු - ලංකා ‘ආර්ථික හා ආරක්ෂක බැඳීම්’ ප්‍රසිද්ධ කළ යුතුයි

T

The Leader Desk

August 3, 2025 • 8:29 AM

ට්‍රම්ප් බද්ද ලංකාවට සිදු කරන බලපෑම කුමක්ද? - ඇමරිකානු - ලංකා ‘ආර්ථික හා ආරක්ෂක බැඳීම්’ ප්‍රසිද්ධ කළ යුතුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් හෝ සාකච්ඡා වෙමින් පවතින ‘ආර්ථික හා ආරක්ෂක බැඳීම්’ පිළිබඳ රජය පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ප්‍රතිපත්ති විශ්ලේෂණ වාර්තාව මගින් පවසයි.
  • ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ විධායක නියෝගය ලංකාවට වාසිදායක තත්වයක් නිර්මාණය කර ඇති බව මතුපිටින් පෙනේ.
  • ලංකාවේ අපනයන තරඟකරුවන් ද එකම බදු සීමාවක සිටීමෙන් ‘අවාසියක් නොමැති’ තත්වයක් නිර්මාණය වී ඇතැයි මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
  • ලංකාවට වඩා බදු පනවා ඇති රාජ්‍යයන් 15 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් හෝ සාකච්ඡා වෙමින් පවතින ‘ආර්ථික හා ආරක්ෂක බැඳීම්’ පිළිබඳ රජය පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ප්‍රතිපත්ති විශ්ලේෂණ වාර්තාව මගින් පවසයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ විධායක නියෝගය ලංකාවට වාසිදායක තත්වයක් නිර්මාණය කර ඇති බව මතුපිටින් පෙනේ.  ලංකාවේ අපනයන තරඟකරුවන් ද එකම බදු සීමාවක සිටීමෙන් ‘අවාසියක් නොමැති’ තත්වයක් නිර්මාණය වී ඇතැයි මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.  

ලංකාවට වඩා බදු පනවා ඇති රාජ්‍යයන් 15 කි.  රාජ්‍යයන් 48 කට අපට වඩා අඩු බදු පනවා ඇත. ලංකාවට සමාන (20%) බදු රාජ්‍යයන් හතරකි.

 

ට්‍රම්ප් පැනවූ 44%ක තීරු බද්ද ශ්‍රී ලංකාව 'රැකියා සහ ඩොලර් අර්බුදයකට' ඇද  දමයි ද?

ට්‍රම්ප් ගේ බදු වාසි - අවාසි තනි රටකට ‘හුදෙකලා සාධකයක්’ නොවේ. එය ලෝක වෙළඳාම සහ ආර්ථිකය ද, ඇමරිකානු පරිභෝජන රටාව වෙනස් කරන්නේය. වෙළඳපොල ස්ථාවරවීමට ඉඩ නොදීම හෙවත් ‘අස්ථාවරත්වයේ සාධකය’ තවත් කලක් පවත්වාගැනීම ඇමරිකානු උපක්‍රමයයි.  

ලංකාවේ ඉලක්කය වූයේ බහුතර කුඩා රාජ්‍ය කණ්ඩායම සමඟ (15% ) රැඳීමය. නමුත්, අප ආසියාවේ අපගේ තරඟකරුවන් සමඟ සම තැන රැදීමෙන් සතුටු වීමට අපට සිදුව ඇත.  

betr54t45345


ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර වෙළදාම ඩොලර් මිලියන 3,368 කි.  එහි ශ්‍රී ලංකාවට වාසිදායක වෙළඳ පරතරය ඩොලර් මිලියන 2,632 කි. ඒ අනුව ලංකාවට 44%ක මුලින්ම නිවේදනය කර දෙවනුව 30% දක්වා ද, අවසානයේ 20% දක්වා අඩු වී ඇත.    

ලංකාවේන් ඇමරිකාවට නිමි ඇඳුම්, අඟළුම්, රබර්, මැණික් හා ඛනිජ  අපනයනය කරේ. ඇමරිකාවෙන් ලංකාවට ආනයනය කරනු ලබන්නේ සෝයා, දුම්කොළ, කාර්මික උපකරණ ඇතුළු සීමිත භාණ්ඩ කිහිපයකි.

 

ඩොලරයේ වැටීම ඇඟලුම් කර්මාන්තයට ගැටලුවක්'

2025 මැයි මාසය වන විට ඇමරිකාවෙන් ලංකාවට ඩොලර් මිලියන 25.3 ක භාණ්ඩ පැමිණ ඇත. ලංකාවෙන් ඇමරිකාවට ඩොලර් මිලියන 205 ක භාණ්ඩ අලෙවි කර ඇත. 2024 මැයි සිට 2025 දක්වා වසර තුල ඇමරිකාවෙන් ලංකාවට සිදුකළ අපනයන 11% ක් පහත වැටී ඇති අතර, ලංකාවෙන් ඇමරිකාව මිලදී ගත් භාණ්ඩ ප්‍රමාණය ඩොලර් මිලියන 72.5  (26.1%) කින් පහත වැටී ඇත.

ලංකාවට වැඩිම අපනයන ආදායම ලැබෙන්නේ ඇමරිකාවෙනි. ට්‍රම්ප්ගේ වෙනස්වන බදු ප්‍රතිපත්තිය මෙරට අපනයන ආදායමට මේ වන විටත් දැනෙන බලපෑමක් කර ඇත.

2025 වසරේ මැයි දක්වා ඩොලර් මිලියන 15.8 ක නිමි ඇඳුම් ද, මිලියන 12.8 ක කාන්තා යට ඇඳුම් ද ඇමරිකාවට යවා ඇත.  අස්ථාවර බදු ප්‍රතිපත්ති සාකච්ඡා කටුනායක, බියගම, කොග්ගල වෙළෙඳ කලාපයන් හි අනාගතය මේ නිසා ප්‍රශ්නකාරී වී තිබුණි.  

 

පුවත් - Results from #135
කෙසේ නමුත් ලංකා ඇඟළුම් ව්‍යාපාරිකයින් බ්‍රිතාන්‍ය වෙළඳපොල පුළුල් කර ගැනීම නිසා අවදානම තරමක් පහත වැටී ඇත.  ට්‍රම්ප්ගේ නව බද්ද ගැන ‘ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංසදය’ සතුටට පත්ව ඇති අතර රජයේ සාකච්ඡාකරුවන්ට  ස්තුතිය පළ කර ඇත.

2025 මැයි මස වන විට (පසුගිය වසර කාලයට සාපේක්ෂව) යට ඇඳුම් අපනයන ආදායම සාපේක්ෂව  24.3% කින් ද, නිමි ඇඳුම් ආදායම 52.3% කින් ද පහත වැටී ඇත. දැනටමත් ට්‍රම්ප් බද්ද දේශීය නිමි ඇඳුම් අපනයන ආදායමට අහිතකර ලෙස බලපා ඇත.

මිලියන 12.5 ක පරණ ටයර් ද ඇමරිකාවට යොමු කර ඇත (ලංකාව ලොව විශාලතම පාව්චිචි කළ ටයර් අපනයනකරු ය) නව බද්ද මෙයට සිදු කරන බලපෑම තවමත් පැහැදිලි නැත.

බරපතල ටයර් ටියුබ් හිඟයක් : අලෙවි නියෝජිතයින් 5000ක් අනාතයි ! -බස් ලොරි කොට  උඩ!!

 

කෙන්යාවට ලංකාවට වඩා අඩු බදු ප්‍රමාණයක් ඇමරිකාවෙන් ලැබී ඇත. කෙන්යාවේ තේ සඳහා ඇමරිකානු වෙළඳපොල පුළුල්වීමට ඇති ඉඩ ඉහළ යන නමුත්, එය මෙරට ප්‍රමුඛ සමාගම් කිහිපයකට මිස, සමස්ථ අපනයන ආදායමට ඇති කරන බලපෑම සීමිතය.

ඇමරිකානු බදු ප්‍රතිපත්තියේ වෙනස්කම් ස්ථාවර වන තුරු සහ ජාත්‍යන්තර වෙළඳාම එයට හැඩගැසෙන තුරු ඇමරිකන් බදු මගින් ලංකා ආර්ථිකයට ඇති කරන බලපෑම පූර්වකථනය පහසු නැත. ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව නව බදු ප්‍රතිපත්තියේ හිඩැස් සොයමින් නව තත්වයට  අනුගතවීමට යම් කාලයක් ගත වනු ඇත.

ලංකා - ඇමරිකානු එකඟතා මොනවා ද?

 

හිඟයයන් සහ තීරුබදු: ට්‍රම්ප්ගේ අවුල් සහ ඒ ගැන අපට කළ හැකි දේ | රොහාන් සමරජීව 
ට්‍රම්ප් විසින් නිකුත් කළ නිවේදනයේ  “සමහර වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක බැඳීම්වලට එකඟ වී ඇත, නැතහොත් එකඟ වීමට ආසන්න’’ බව දැක්වේ.  සාකච්ඡාවල දී ලංකාව එකඟ වූ ‘ආර්ථික හා ආරක්ෂක බැඳීම්’ ගැන තවමත් තොරතුරු අනාවරණය කර නැත. ඉන්ධන සහ බලශක්ති ආශ්‍රිත මිලදී ගැනීම්, වරාය මෙහෙයුම් උක්ත ‘ආර්ථික හා ආරක්ෂක බැඳීම්’  හෙවත් දැනට වෙළඳ සාකච්ඡා  පවත්වන කේෂ්ත්‍රයන් වීමට ඇති ඉඩ විශාලය.

මෙරට ඇඟළුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් ලබාගන්නා පසුබිමක් තුල, ‘අතිරේක ස්වේච්ඡා බදුවලට යටත්ව පවතිනු ඇති අතර, එම ගිවිසුම්වල නියමයන් සිහිපත් කරමින් මම පසුව නියෝග නිකුත් කරමි” යන්න ද ලංකාවට සෘජුව බල පවත්වනු ඇත. බදු සම්බන්ධයෙන් ආනගතයේ දීර්ඝ කේවල් කිරීමට ලංකා රජයට මුහුණදීමට ඒ අනුව සිදුවනු ඇත.

වසංගතයේ තුන්වැනි රැල්ල ඇඟලුම් කම්හල් සේවකයන් බිලි ගනී

 

ට්‍රම්ප් බදු ප්‍රතිපත්තිය දැඩිව බලපානු ඇතැයි විශ්වාස කළ බ්‍රන්ඩික්ස්, හෙල ඇපරල්, හේලීස්, ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වැන සමාගම් වෙත තිබූ පීඩණය අද වන විට පහව ගොස් ඇත.

ලංකා රජය වෙළෙඳ සාකච්ඡාවන් හි දී, ඇමරිකාවෙන් ආනයනය කිරීමට එකඟ වී ඇත්තේ ඛනිජ තෙල් හෝ වෙනත්  භාණ්ඩයක් ද, ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට  ලංකාවේ පාරිභෝගිකයාට සිදුවන්නේ ද යන්න තීරණාත්මක ය.  

බලශක්ති කේෂ්ත්‍රය ඇමරිකාවට විවෘත කිරීමට 2013 වසරේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර, විදුලි බල පනත තුලින් එයට ඉඩ ලබාදී ඇත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘නව විදුලි පනත’ මගින් එම ඉඩ වසා දැමීමට ඇති අවකාශය ඉතා අඩුවී ඇත.

රජ‍ය දැන්වත් 'දෙව් ලොව හෝ අපාය' තෝරාගත යුතු ය | රජිත් කීර්ති තෙන්නකෝන්(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
විධායක අධ්‍යක්ෂ/ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...