The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගුරු විදුහල්පති නායකයෝ බතල කොළ කැඩීම | කුසල් පෙරේරා

T

The Leader Desk

August 3, 2025 • 11:42 AM

ගුරු විදුහල්පති නායකයෝ බතල කොළ කැඩීම | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකට ඒ හැමෝම අඩු නැතුව ගිහින් තිබුණා.
  • ඒ සාකච්ඡා උණුසුම්ව පැවති බවත් වාර්තා වුනා.
  • එදා ඉදිරිපත්කර තිබුණේ අධ්‍යපන අමාත්‍යංශය විසින් දළ කටු සටහනක් ලෙස, වාචික පැහැදිලි කිරීම් සදහා යොදා ගන්නා power point ඉදිරිපත් කිරීමක මුද්‍රිත පිටපත් පමණයි.
  • ඒ කටු සටහනට අනුව මේ ප්‍රතිසංස්කරණ 2023 ජනාධිපති වික්‍රමසිංහ යටතේ ඇමති මණ්ඩල අනුමැතිය ලැබූ කවුරුත් නොදන්නා යෝජනාවලියක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකට ඒ හැමෝම අඩු නැතුව ගිහින් තිබුණා. ඒ සාකච්ඡා උණුසුම්ව පැවති බවත් වාර්තා වුනා.

ඒ අතර වාරයේ, ප්‍රතිසංස්කරණ පිළිබඳ කිසිම ලේඛනයක් නොදුන්නා කියා ජෝසෆ් ස්ටාලින් සහ තවත් දෙතුන් දෙනෙකු ඊට විරෝධය දැක්වීමට සාකච්ඡාවෙන් නැගිට පැමිණ තිබුණා. ඔවුන් සුපුරුදු පරිදි මාධ්‍යයට “වොයිස් කට්” දීලා තමන්ගේ විරෝධය පළ කෙරුවා.



පසුගිය දිනක ජනාධිපති අනුර කුමාර පාර්ලිමේතුවට පැමිණ අධ්‍යපන ප්‍රතිසංස්කරණ ගැන කළ කතාව සහ හරිනි අධ්‍යපන ඇමතිනී හැටියට කියන කතා ජෝසෆ් ස්ටාලින් දැඩි විවේචනයට ලක් කෙරුවා.

ඔවුන්ගේ මෝඩකම් ප්‍රදර්ශනය කෙරෙන්නෙම එතැනින්. අධ්‍යපන ප්‍රතිසංස්කරණ ගැන කිසිම ලියැවිල්ලක් නැතිව, මේ කතා කරන අධ්‍යපන ප්‍රතිසංස්කරණ පාදකවන කෙටුම්පතක්ද නැතිව, සාකච්ඡාවට කෙරුණු ආරාධනාව ඔවුන් පිළිගත්තේ මොන ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කරන්නද? එවැනි කෙටුම්පතක් නැතිව විවරණය කරන්නේ, විවේචනය කරන්නේ මොනවද? විරුද්ධ වෙන්නේ මොනවටද? හරිනී තැන තැන ගිහින් කටින් බතල කොළ හිටවනවා වගේ කියන කතා ගැන සාකච්ඡා කිරීමේ අර්ථය, පලය මොකක්ද?

ඔවුන්ට තිබුණේ, “ඔය කතා කරන ප්‍රතිසංස්කරණ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපට අදහස් දක්වන්න, යෝජනා ඉදිරිපත් කරන්න කිසිවක් නැහැ. කරුණාකර අධ්‍යපන ප්‍රතිසංස්කරණ පිළිබද කෙටුම්පත ලබා දෙන්න. ඊට පසුව අපි සාකච්ඡාවට එන්නම්” යැයි අධ්‍යපන අමාත්‍යංශ ලේකම්ට දන්වන්න. එවැනි සාමාන්‍ය  බුද්ධියක්වත් නැති මේ ගුරු විදුහල්පති නායකයින් සාකච්ඡාවට යෑමෙන් කෙරුවේ, 2026 ජනවාරි සිට 01 වන හා 06 වන ශ්‍රේණි  වලින් ආරම්භ කරනවා කියන හරිනි එයාගේ කල්ලියක් එක්ක ඉදිරිපත් කරන අධ්‍යපන ප්‍රතිසංස්කරණ, රහසිගතව සම්පාදනය කෙරුණක් යැයි කෙරෙන චෝදනාවෙන් ගැලවීමට, විවෘත ලැයිසමක් ලබා දීමයි.

අගමැතිනිය, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

 

ඇය විසින් පසුගිය මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන්නැයි කියා පැවැත්වූ සාකච්ඡාවට බෙදා දී තිබුණෙත් ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක් නෙවෙයි. එදා ඉදිරිපත්කර තිබුණේ අධ්‍යපන අමාත්‍යංශය විසින් දළ කටු සටහනක් ලෙස, වාචික පැහැදිලි කිරීම් සදහා යොදා ගන්නා power point ඉදිරිපත් කිරීමක මුද්‍රිත පිටපත් පමණයි.

ඒ  කටු සටහනට අනුව මේ ප්‍රතිසංස්කරණ 2023 ජනාධිපති වික්‍රමසිංහ යටතේ ඇමති මණ්ඩල අනුමැතිය ලැබූ කවුරුත් නොදන්නා යෝජනාවලියක්. එදත් එය සමාජ කතිකාවකට ඉදිරිපත් කෙරුවේ නැහැ. මෙදා හරිනි ඉදිරිපත් කරන්නෙත් නැහැ. නමුත් මෙදා, හරිනිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ නිලධාරීන් හා ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජනයක්ද ඇතිව පැවැත් වූ අධ්‍යපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවට, ප්‍රතිසංස්කරණ ගැන කිසිදු ලියැවිල්ලක්, අවබෝධයක් නැතිව ගුරු විදුහල්පති සංගම් නායකයින් සහභාගි වීමෙන් හරිනිගේ මේ යෝජනා සදහා ලැයිසමක් දුන්නා.

ඒ නිසා හරිනි මාධ්‍යයට  කිව්වේ, “අපට බිම් මට්ටමේ බොහෝ කරුණු කාරණා සම්බන්ධව වැදගත් අදහස් තොරතුරු ලැබුණා. යෝජනාත් කෙරුණා. සමහර ඒවා පිළිගත හැකීයි. සමහර ඒවා පිළිබද එකගතාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි ලබන 22 වන දින ඒවා සාකච්ඡා කරන්න එකගත්වයකට ආවා” යැයි කියා ය. තවමත් මේ කියන අධ්‍යපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ කිසිවක් ලිඛිතව නැහැ. අධ්‍යපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක් නැහැ. නමුත් ගුරු විදුහල්පති නායකයින් දැන් ඒ නොදන්නා ප්‍රතිසංස්කරණ වලට හවුල් වෙලා, ඒවාට අනුමැතියක් දීලා.

මේ ගුරු විදුහල්පති සංගම් නායකයින්ට මම කියන්නේ, හරිනි කටින් හිටවන බතල කොළ කඩාගෙන ඇවිත් ඒවා සමාජයට තබා තමන්ගේ පාසල්වල ගුරුවර ගුරුවරියන්ටවත් බෙදන්න බැහැ. සභ්‍ය  විදියට කියනවා නම්, ඔය අතිශය “වෘෂභ” වැඩක්. ඉදිරි පරම්පරා අනාථ කිරීමක්. ඒ නිසා මේ නායකයින් දැන් කළ යුත්තේ අධ්‍යපන ප්‍රතිසංස්කරණ සම්පාදනය සදහා පුළුල් සමාජ කතිකාවක් වෙනුවෙන් හරිනි කතා කරන අධ්‍යපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ නිල කෙටුම්පත වහා ප්‍රසිද්ධ කරන මෙන් ඇයටත් ආණ්ඩුවටත් බල කිරීමයි. ඒ වෙනුවෙන් පුළුල් සමාජ හවුලක් හදා ගැනීමයි.


මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 අගෝස්තු 03 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගුරු විදුහල්පති නායකයෝ බතල කොළ කැඩීම | කුසල් පෙරේරා | The Leader