සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේ මහත් ආන්දෝලන ඇතිවෙමින් තිබෙයි.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඉකුත් සතියේදී කළුතර තරුණ පිරිසක් රනිල් හමුවූහ. ජාජබ ආණ්ඩුව විසින් තරුණ කටයුතු සඳහා දේශපාලනය රිංගවා ගන්නා ආකාරය ගැන එම තරුණයෝ මෙහිදී රනිල්ට සවිස්තර කරුණු පැහැදිලි කිරීමක් කළහ.
යෞවන සමාජ සඳහා මාලිමාව හිතවත් අයගේ නම් ලැයිස්තු කලින් හදා යෞවන සමාජ සඳහා පත් කිරීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියා ගැන තරුණයෝ මෙහිදී රනිල්ට කීහ.
ආණ්ඩුවේ මේ අත්තනෝමතික ක්‍රියාවලිය ගැන එක්තරා තානාපති කාර්යාලයක් සූක්ෂමව කරුණු සොයන බවද මෙම කතාබහේදී අවධානයට ලක් විය.
එදා තරුණ සම්මේලන පවත්වන්නටත් ගම් මට්ටමින් යෞවන සමාජ ගොඩනැංවීමටත් දේශපාලනයක් නොබලා තරුණ කටයුතු මෙහෙයවීමටත් තමා කටයුතු කළ ආකාරය පිළිබඳව රනිල් මෙහිදී තරුණයන්ට පැහැදිලි කර දුන්නේය. තමන්ගේ එම වැඩසටහන නිසා සියලුම පාට පක්ෂ පාර්ශව වලට අයත් තරුණියන්ට ඉහළට පැමිණීමට අතදුන් ආකාරය ගැනද රනිල් විස්තර කළේය.
" රනිල් නායකතුමා කවදාවත් පටු අරමුණු ඇතුව වැඩ කළේ නෑ. එදා යම් වන සමාජ හදද්දි තරුණ ව්‍යාපාරය මෙහෙයවදිත් වැඩ කළේ දේශපාලන අරමුණු ඇතිව නොවේ. සමස්ත තරුණ සංහතිය ගොඩනැගීමේ අරමුණින්. රනිල් ට දේශපාලනිකව වැරදුනෙත් ඕකම තමයි. එයා හැමදාම හිතුවේ යම් වැඩකින් තමන් වාසි ගන්න එක නෙමෙයි. සමාජ පද්ධතියට වෙන වාසිය ගැන. කට පාවිච්චි කරලා රජ වෙච්ච දේශපාලකයොත් රනිල්ගෙත් අතර තියෙන වෙනස ඕකයි" වජිර තරුණයන් හමුවේ අදහස් දක්වමින් පැවසීය.

'ආණ්ඩුවේ සක්‍රීය මැදිහත්වීමක් වුණානම් මේ බද්ධ මීට වඩා කීයක් හරි අඩු කරගන්න තිබුනා''

ඇමරිකා තීරු බද්ධ පැනවුණු බොහෝ රටවල් කළේ ට්‍රම්ප් සමග සෘජුවම කතාබහ කරන්නට අවස්ථාවක් හදාගෙන යම් යම් එකඟතාවලට පැමිණ බදු සහන ලබා ගැනීමයි. ඒත් ලංකා ආණ්ඩුවෙන් ඊට උත්සාහයක් ගන්නා ආකාරයක් නොපෙණිනි. නිලධාරී මට්ටමේ සාකච්ඡාවට කිහිපයක් පමණක් පැවැත්වුණත් ඒවා සාර්ථකද අසාර්ථක ද කියාවත් හරියට රටට දැනගන්නට ලැබුණේ නැත.
" මේ බද්ද ගැන අනුර එක කතා කරන්න ට්‍රම්ප් සූදානම් කියලවත් පෙන්නුවේ නැහැ නේදැයි තලතා විමසූ අවස්ථාවේදී රනිල් මුහුණ හකුළුවා ඉවත බලා සිනාසුනා මිස වචනයක්වත් කීවේ නැත.
අදාල බදු සහන ඉන්දියාවට ලබාදිය හැක්කේ ඔවුන් රුසියාව සමග තිබෙන සබඳතා අඩු කර ගතහොත් පමණක් බව දැනුම් දීමක් කර තිබිණි. ඒ වගේම යුරෝපා සංගමයට සටනක් නොදීම අදාළ බදු සහන ලබා දෙන්නට ට්‍රම්ප්ට සිදුවිය.
මේ බදු අඩු කර ගැනීමේ සාකච්ඡා ගැන රජය පාර්ශවයෙන් තවමත් එක මතයක් ප්‍රකාශයට පත් නොවූ බව දේශපාලක විචාරකයන්ගේ මතය විය.
" ඇත්තෙන්ම ආණ්ඩුවේ සක්‍රීය මැදිහත්වීමක් වුණානම් මේ බද්ධ මීට වඩා කීයක් හරි අඩු කරගන්න තිබුණා" රනිල්ගේ මතයද එය විය.
එජාප සංවත්සරය සැප්තැම්බර් මාසයේ

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය සැප්තැම්බර් මාසයට යෙදෙයි. ඒ සමගම යළි එක්සත් ජාතික පක්ෂය ගොඩනගන ක්‍රියාකාරී සැලැස්ම එළිදකිනු ඇත.
නායක රනිල් ඒ පිළිබඳ සැලසුම් දැනටමත් පක්ෂයේ නායකයන්ට ලබා දී අවසන්ය. ඔවුනට වගකීම් පවරමින් ඉදිරි කටයුතු මෙහෙයවීම රනිල්ගේ අරමුණ වී තිබේ.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයෙන් විපක්ෂයේ කාර්යභාරය ඉටු නොවන බව පක්ෂයේ ක්‍රියාකාරී බලවේගවල චෝදනාවයි. ප්‍රධාන විපක්ෂයෙන් මග හැරී යන එම කාර්යභාරය අතට ගනිමින් ඒ කටයුතු මෙහෙයවීමට බලමුළුවක් සැකසීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇත.
හිටපු නාවික හමුදාපති සමග ආරෝවට හේතුව ?

හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයින්ද දේශපාලන ලෝකයේ විවිධ කසු කුසු ඇසෙන්නට විය. ඒ හමුදාපතිවරයාට පත්වීම ලබා දුන්නේ හිටපු ජනපති ගෝඨාභයයි.
රනිල් හමුවෙන්නට ආ යුද ගුවන් නාවික ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික හමුදා නිලධරයන් පිරිසක් මේ ගැන රනිල්ට කරුණු කීහ. මෙම හිටපු නාවික හමුදාපතිවරයා මුලින්ම තානාපති ධුරයෙන් ඉවත් කෙරුණු බවත් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත් වූ බවත් විශ්‍රාමික නිලධරයෝ රනිල්ට කීහ.
මේ හමුදාපතිවරයා ගැන තරහ ඇතිවීමට හේතුව වන්නේ එදා අරගල සමයේදී ගෝඨාභය නැවෙන් රැගෙන ගොස් ත්‍රිකුණාමලයේ ආරක්ෂාව දුන්නේ මොහු වීම නිසා යැයි හමුදා නිලධරයෝ පැවසූහ.
යුද හමුදාපතිවරයාට වසරක සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන්ද රනිල් හමු වූ මන්ත්‍රීවරුන් අතර කතාබහක් ඇති විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් රනිල් පැවසූයේ තමාගේ කාලයේ කිසි දිනක කාටවත් සේවා දිගු ලබාදීමට කටයුතු නොකළ බවයි. 2024 ඡන්දය සමයේදී රාජ්‍ය සේවා යාන්ත්‍රණය නොකැඩී පැවැත්වා ගැනීම සඳහා පමණක් තමා යම් සේවා දිගු ප්‍රමාණයක් ලබාදුන් බව රනිල් එහිදී කීය.
''අනුර රට ගිහින් ලංකාවට ගෙනාපු එක දෙයක් කියන්න''

ජනපති මාල දිවයිනේ සිට කොළඹට එන දවසේ ආරක්ෂක නිලධරයන් ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වලට ගොස් මිල අධික විස්කි ආදිය මිලදීගෙන රැගෙන යන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙන බවද මන්ත්‍රීවරු මෙහිදී කතාබහ කළහ.
මෙවැනි දේ කලින් වතාවලත් සිදුවූ බවත් ඇතැමුන්ගේ වැඩ තහනමට ලක්ව තිබූ බවත් එහිදී කතාබහ විය. මේ සම්බන්ධ වීඩියෝ වැඩ බලන පොලිස්පතිවරයාටද යවා ඇති බව දැනගන්නට ඇත.
ජනාධිපති සහ නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයක මාල දිවයිනට යාම පිළිබඳවද මෙහිදී කතාබහට ලක් වූ අතර බොහෝ මන්ත්‍රීවරුන් පැවසූයේ දෙදෙනා යාබද අසුන්වල ගමන් කර ඇති බවයි.
" රනිල්ගේ විදේශ සංචාර ගැන මේ ආණ්ඩුවේ අය පාර්ලිමේන්තුවේදීත් කතා කළා. රනිල් රට ගිහින් ලංකාවට ලබා ගත්ත දේවල් ගැන විස්තරයක් ඒ අය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. හරි නම් අනුර රට ගිහින් ලංකාවට ගෙනාපු එක දෙයක් කියන්න කියලා අභියෝගයක් කරන්න ඕන" වජිර මන්ත්‍රී කණ්ඩායම හමුවේ කීය.
(සටහන | මල් පාරේ ලියුම්කරු )