The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුළුල් කතිකාවක් අවශ්‍ය යි - ඔස්ට්‍රේලියානු සහයෝගතාව

T

The Leader Desk

August 4, 2025 • 7:19 AM

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුළුල් කතිකාවක් අවශ්‍ය යි - ඔස්ට්‍රේලියානු සහයෝගතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සංවිධානය මෙලෙස සඳහන් කරන්නේ පසුගිය 2වන දින නිකුත් කර තිබූ නිවේදනයක ය.
  • මතු පළ වන්නේ ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගතාව සංවිධානය නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
  • සම්මුතිවාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුළුල්, සියල්ල ඇතුළත් කර ගන්නා කතිකාවතක් අත්‍යවශ්‍ය යි හැඳින්වීම: කලක් දකුණු ආසියාවේ ප්‍රගතිය පිළිබඳ පහන් කණුවක් වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දැන් දැඩි අභියෝගවලට මුහුණ දෙයි.
  • ඉහළ සමාජ සංචලතාවයට බාධා ඇති කරමින් සමාජ-ආර්ථික බාධක, උසස් අධ්‍යාපනය අත හැර යාම වේගවත් කරන්නට සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති ප්‍රවේශය අසමාන කරන්නට දායක වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සංවිධානය මෙලෙස සඳහන් කරන්නේ පසුගිය 2වන දින නිකුත් කර තිබූ නිවේදනයක ය.

'ඔස්ට්‍රේලියානු සහයෝගතාව' සංවිධානයේ විධායක කමිටුව නියෝජනය කරමින් ආචාර්ය ලයනල් බෝපගේ ගේ අත්සනින් යුත් මෙම නිවේදනයට අනුව අධ්‍යාපනය සමාජ සමානාත්මතාවයේ සහ ආර්ථික ප්‍රගතියේ පදනමක් වන අතර, වේගයෙන් කළ නොහැකි නැතහොත් දේශපාලනය මගින් මෙහෙයවිය නොහැකි ප්‍රතිසංස්කරණ, ගුරුවරුන්, දෙමාපියන්, සිසුන් සහ ප්‍රජාව සමඟ කරන අව්‍යාජ කතිකාවත් මත පදනම් විය යුතුය.

 

නොමිලේ අධ්‍යාපනයේ ඇත්ත කතාව - (චන්දන ප්‍රසන්න)

එමෙන් ම වේගයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සූදානම් කිරීමේ දී සහ සමාජ ව්‍යවසායකත්වය පෝෂණය කිරීමේ දී අධ්‍යාපනය සතු කාර්යභාරය බවත්, සමානාත්මතාවය, පුද්ගල ආරෝපිත ඉගෙනීම සහ 21 වන සියවසේ කුසලතාවලට ප්‍රමුඛත්වය ලබා දීමෙන් රටට වඩාත් ඔරොත්තු දෙන සහ නවෝත්පාදක ශ්‍රම බලකායක් වර්ධනය කළ හැකි බවත් එම සංවිධානය විශ්වාස කරන බව ද ඔවුන් සඳහන් කරයි.

මතු පළ වන්නේ ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගතාව සංවිධානය නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

සම්මුතිවාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පුළුල්, සියල්ල ඇතුළත් කර ගන්නා කතිකාවතක් අත්‍යවශ්‍ය යි

හැඳින්වීම:

ශ්‍රී ලංකාවේ රජයේ පාසල් දරුවන්ගෙන් 97%කට අහිමි වී ඇති ඉංග්‍රීසි මාධ්‍ය  අධ්‍යාපනය
කලක් දකුණු ආසියාවේ ප්‍රගතිය පිළිබඳ පහන් කණුවක් වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දැන් දැඩි අභියෝගවලට මුහුණ දෙයි. යල් පැන ගිය විෂය මාලා, ප්‍රමාණවත් සම්පත් නොමැතිකම සහ සුදුසුකම් ලත් ගුරුවර ගුරුවරියන්ගේ හිඟය හේතුවෙන්, විශේෂයෙන් නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ අතර අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ විෂමතා පුළුල් වෙමින් පවතී. ඉහළ සමාජ සංචලතාවයට බාධා ඇති කරමින් සමාජ-ආර්ථික බාධක, උසස් අධ්‍යාපනය අත හැර යාම වේගවත් කරන්නට සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති ප්‍රවේශය අසමාන කරන්නට දායක වේ.

ගෝලීය වශයෙන්, සමාජ විපර්යාස පිළිබඳ සිද්ධාන්ත සමඟ සමපාත ව පරිණාමය වන විෂය මාලා සංවර්ධනයත් සමග 20 වන සියවස පොදු අධ්‍යාපනයේ වේගවත් ව්‍යාප්තියක් අත් දුටුවේ ය. ශ්‍රී ලංකාවේ නිදහසින් පසු මුල් කාල පරිච්ඡේදයේ දී ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපනය ඉවහල් විය. කෙසේ වෙතත්, මූල්‍ය සම්පත් සහ වග වීම සඳහා වැඩි වෙමින් පවතින ඉල්ලීම්වලට අද එය මුහුණ පා සිටියි. දැනටමත් සමානාත්මතාවය සහ ගුණාත්මක බව තුලනය කිරීම අතින් දුෂ්කරතාවලට මුහුණ දී සිටින ක්‍රම පද්ධති තවදුරටත් පීඩාවට පත් කරමින්, නව ලිබරල්වාදී, වෙළඳපොළ මත පදනම් වූ ප්‍රතිසංස්කරණ ලොව පුරා අධ්‍යාපනය යළි හැඩ ගස්වමින් සිටී.

වත්මන් ආර්ථික විද්‍යා පුරෝකථනයන් නිවැරදි ද?- (ජයශ්‍රී ප්‍රියලාල්)

අධ්‍යාපනය පුද්ගල හා සමාජ ප්‍රගතියේ මුල් ගලක් ලෙස රැඳී පවතී. ආර්ථික වර්ධනයට මඟ පාදමින් රැකියා අවස්ථා වැඩිදියුණු කරන අතරම එය, ස්වශක්තිය, මූල්‍ය සුරැකියාව සහ සමාජ පිළිගැනීම ප්‍රවර්ධනය කරයි. ශ්‍රී ලංකාව `මෙම ප්‍රතිලාභවලින් ප්‍රයෝජන ගැනීමට නම්, එහි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විස්තීර්ණ, සියල්ල ඇතුළත් කර ගත ගන්නා සහ සාක්ෂි මත පදනම් වන ඒවා විය යුතුය.

අධ්‍යාපනයේ නව-ලිබරල් තෙරපුම

slide 6
1980 ගණන්වල සිට, වෙළඳපොළ වෙත නැඹුරු වූ ප්‍රතිපත්ති මාලාවක් වන ගෝලීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (GERM), එක්සත් ජනපදය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි ඇන්ග්ලෝ-සැක්සන් රටවල සහ ඇතැම් සංක්‍රාන්තිමය ආර්ථිකයන් තුල පවා, අධ්‍යාපන ක්‍රම පරිනාමණයට ලක් කර ඇත. මෙම ප්‍රතිසංස්කරණ විසින් වෙළඳපොළ පාදක කර ගත් පාසල් අධ්‍යාපනය, දැඩි අවදානම් සහගත විභාග සහ පටු අධ්‍යයන පටිපාටිවල අවධානය සාක්ෂරතාවය හා ගණිතමය කුසලතා වෙත යොමු කිරීම් හඳුන්වා දී තිබේ.

විෂමතා ඇති කිරීම, ශික්ෂණ විවිධත්වය සීමා කිරීම සහ ආයතනික කළමනාකරණ ආකෘතිවලට ප්‍රමුඛත්වය දීම මගින් GERM ව්‍යාපාරය පොදු අධ්‍යාපනයේ මූලික ප්‍රතිපත්ති කඩාකප්පල් කර දමා ඇති බවට විචාරකයෝ තර්ක කරති. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ ප්‍රතිසංස්කරණ, ඉගෙනුම් ප්‍රතිඵල සැලකිය යුතු ලෙස වැඩිදියුණු නොකොට, ගුරුවරුන් මත පීඩනයක් ඇති කරවමින්, සිසුන් අත් කර ගන්නා ජයග්‍රහණ NAPLAN වැනි ප්‍රමිති ගත විභාග සමග සම්බන්ධ කර තිබේ.

naplan

 

එවැනි ප්‍රවේශ අත්හදා බැලීම් සහ සාකල්‍ය ඉගෙනීම අධෛර්යමත් කරවන "අඩු අවදානම්" ගන්නා ඉගැන්වීම ප්‍රවර්ධනය කිරීමේ අවදානමක් පවතී. ඵලදායී ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කාර්ය සාධන මිනුම්වලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ; ගුරු සංවර්ධනය, සන්දර්භය වෙත දක්වන සංවේදීතාව සහ ඓතිහාසික ලෙස භාවිතා කිරීමේ දී අත් කර ගන්නා පාඩම් සඳහා ද ඒ ප්‍රතිසංස්කරණය කිරීම සහාය විය යුතුය.

ජාත්‍යන්තර අත්දැකීම්

ෆින්ලන්තය: සාධාරණත්වය සහ වෘත්තීය නිපුණතාව පිළිබඳව ආදර්ශයක්

vuh567u67
ෆින්ලන්තය GERM ව්‍යාපාරයේ බලපෑම්වලට සැලකිය යුතු අන්දමින් ප්‍රතිරෝධය දක්වා ඇත. විභාග මත පදනම් වන වග වීම වළකා ලන එය, ඒ වෙනුවට ශික්ෂක විශේෂඥතාව, නිර්මාණශීලිත්වය සහ ශිෂ්‍ය ශුභ සාධනය වෙත ප්‍රමුඛත්වය ලබා දෙයි. උසස් වෘත්තීය ප්‍රමිතීන් සහ අඛණ්ඩ ශික්ෂණ දියුණුව සහතික කරන අන්දමට ගුරුවර ගුරුවරියන් සතුව ශාස්ත්‍රපති උපාධියක් තිබීම අවශ්‍ය වේ. ෆින්ලන්ත පාසල් විදුහල්පතිවරු/වරියෝ ඔවුන්ගේ ආයතන බාහිර මැදිහත් වීම් වලින් ආරක්ෂා කරන අතර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී තීරණාත්මක මෙහෙවරක් ඉටු කරති.


ශ්‍රී ලංකාව වැනි රටවලට වටිනා පාඩම් ලබා දෙන ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සමානාත්මතාවය, ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීම සහ සාකල්‍ය සංවර්ධනය කෙරෙහි දක්වන යොමු වීම, ගෝලීය අවධානය දිනා ගෙන ඇත.
 
elinamanninen keksi maakuva ylaaste 7265 736x414
කියුබාව: මධ්‍යගත කැපවීම මගින් විශ්වයීය ප්‍රවේශයක්
 
කියුබාවේ අධ්‍යාපන ක්‍රමය වයස අවුරුදු 6 සිට 16 දක්වා සියළුම දරුවන්ට නොමිලේ සහ අනිවාර්ය අධ්‍යාපනය සහතික කරන බොහෝ සේ මධ්‍යගත කරන ලද සමාජවාදී ආකෘතියකි. 1959 සාක්ෂරතා ව්‍යාපාරයෙන් පසුව, කියුබාව ලෝකයේ ඉහළම සාක්ෂරතා අනුපාතයන් ගෙන් එකක් අත් කර ගත්තේය. ගුරු පුහුණුව සහ වෘත්තීය වර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන මෙම පද්ධතිය සමානාත්මතාවය, ජාතික අභිමානය සහ සමාජීය වගකීම අවධාරණය කරයි. පාසල් ක්‍රියාත්මක වන්නේ විනය, සිවිල් වටිනාකම් සහ ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති ඒකාබද්ධ විෂය මාලාවක් තුළ යි. පශ්චාත්-ද්විතීයික මාවත්වලට පූර්ව විශ්ව විද්‍යාල සහ තාක්ෂණික පුහුණුව යන ද්විත්වය ම ඇතුළත් වන අතර, අධ්‍යාපනය සහ ජාතික සංවර්ධනය අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමින් සියළුම උපාධිධාරීහු අනිවාර්ය සමාජ සේවය සම්පූර්ණ කරති.
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය: නොගැළපීම් පිළිබඳ පාඩම්
 
primary school classroom 1504x846px
ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ, දේශපාලනික වාසිදායක තත්වය විසින් සාක්ෂි මත පදනම් වූ ප්‍රතිසංස්කරණ බොහෝ විට යටපත් කර දමයි. වෙළඳපොළ පාදක කර ගත් ප්‍රවේශ, ප්‍රමිති ගත විභාග මත අධික ව රඳා පැවතීම සහ පෞද්ගලීකරණයට මුල් පිරීම් විසින් අසමානතා පුළුල් කොට, සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම් අඩපණ කර දමා තිබේ. මෙම අවස්ථා ඉස්මතු කර දක්වන්නේ තිරසාර, පර්යේෂණ විසින්-දැනුවත් කරන ලද ප්‍රතිසංස්කරණවලට වඩා කෙටි කාලීන දේශපාලන වාසිවලට ප්‍රමුඛත්වය ලබා දීමේ ආදීනව යි.

අධ්‍යාපනය, සමාජීය සහ ප්‍රජා ව්‍යවසායකත්වය සඳහා උත්ප්‍රේරකයක් ලෙස
 
සමාජීය සහ ප්‍රජා ව්‍යවසායකත්වය පෝෂණය කිරීම සඳහා අධ්‍යාපනය කේන්ද්‍රීය වේ. එය සමාජීය අභියෝගවලට මුහුණ දෙන්නට සහ තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ මානසිකත්වය සහිත පුද්ගලයන් සූදානම් කරයි. විවේචනාත්මක චින්තනය, සමාජ වගකීම සහ සැබෑ ලෝකයේ ගැට‍ළු විසඳීම අවධාරණය කරන විෂය මාලා විසින් අර්ථවත් වෙනස්කම් ඇති කිරීමේ හැකියාව සහිත පුද්ගලයින් පෝෂණය කරයි.
ජාලක, හවුල්කාරිත්ව සහ උපදේශක අවස්ථා රෝපණය කිරීමෙන්, අධ්‍යාපනය විසින් අදහස් බලපෑම් සහගත මුල් පිරීම් බවට පරිවර්තනය කිරීම සඳහා සිසුන් ව බලාත්මක කරවයි. සමාජයන් වඩ වඩාත් සංකීර්ණ සමාජීය හා පාරිසරික අභියෝගවලට මුහුණ දෙන විට, සමාජීය වශයෙන් වගකිවයුතු ව්‍යවසායකත්වය පෝෂණය කිරීමේ දී අධ්‍යාපනය ඉටු කරන මෙහෙවර වඩාත්‍ අත්‍යාවශ්‍ය බවට පත් වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු
 
නිදහස් අධ්‍යාපනය ඔළුවෙන් සිටුවන 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව'
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගුණාත්මක භාවය, සමානාත්මතාවය සහ අදාළත්වය තුලනය කළ යුතුය. ප්‍රධාන ප්‍රමුඛතා අතර පහත සඳහන් කරුණු ඇතුළත් වේ:

* පාලනය සහ නායකත්වය ශක්තිමත් කිරීම: ඵලදායී කළමනාකරණ ව්‍යුහ සහ බෙදා හදා ගත් වග වීමේ යාන්ත්‍රණ තීරණාත්මක වේ.

* ඉගැන්වීම සහ ඉගෙනීම වැඩිදියුණු කිරීම: ගුරු පුහුණුව, වෘත්තීය සංවර්ධනය සහ නවෝත්පාදක ශික්ෂණය සඳහා කරන ආයෝජන ප්‍රමුඛස්තානයේ පැවතිය යුතුය.

* සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම: සියළුම සිසුන්ට ගුණාත්මක ඉගෙනුම් අවස්ථා සඳහා ඇති ප්‍රවේශය සහතික කරමින්, ප්‍රතිසංස්කරණ මගින් ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, ආබාධිත භාවය සහ සමාජ-ආර්ථික තත්ත්වය අතර පවතින හිඩැස් පුරවා දැමිය යුතුය.

* අධ්‍යාපනය ආර්ථික ඉලක්ක හා සම්බන්ධ කිරීම: දක්ෂ ශ්‍රම බලකායක් ආර්ථික වර්ධනය ධාවනය කරයි. දිවි ඇති තෙක් ඉගෙනීම, ඩිජිටල් සාක්ෂරතාවය සහ අනුගත වීමේ හැකියාව ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වනු ඇත.

* සිවිල් වගකීම පෝෂණය කිරීම: අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, අන්තර් සංස්කෘතික අවබෝධය සහ සමාජ එකමුතුකම ප්‍රවර්ධනය කළ යුතුය.
අධ්‍යාපන විෂමතා ආමන්ත්‍රණය කිරීම සමාජ සමානාත්මතාවයට සහ ඉහළට සංචලනය වන්නට මූලික වේ. තාක්ෂණය, පුද්ගල රෝපිත ඉගෙනීම සහ 21 වන සියවසේ කුසලතා ඒකාබද්ධ කරමින් තිරසාර අධ්‍යාපනය, ගතික ශ්‍රම වෙළඳපොළ සඳහා පුද්ගලයින් සූදානම් කරයි.

ෆින්ලන්තයෙන් සහ කියුබාවෙන් පාඩම්
 
finnish
ෆින්ලන්තයේ විමධ්‍යගත එහෙත් වටිනාකම් පාදක කර ගත් ප්‍රවේශය, සාධාරණත්වය සහ ගුණාත්මක බවෙන් සමන්විත ආකෘතියක් ඉදිරිපත් කරයි. එහි පරිපූර්ණ විෂය මාලාව, ප්‍රමිති ගත විභාග කෙරෙහි තබන අවම විශ්වාසය සහ දුෂ්කරතාවන්ට මුහුණ දෙන සිසුසිසුවියන් සඳහා පවතින ප්‍රබල ආධාරක පද්ධති විසින් සාධාරණ ප්‍රතිවිපාක පෝෂණය කරනු ලැබේ.
මධ්‍යගත සමාජවාදී ආකෘතියක් සහිත කියුබාව, අධ්‍යාපනය සඳහා විශ්වයීය ප්‍රවේශ මාර්ගය සාක්ෂාත් කර ගැනීමේ දී දේශපාලන අධිෂ්ඨානයේ ඇති වැදගත්කම විදහා දක්වයි. එහි බලවත් ගුරු පුහුණු වැඩසටහන් සහ සාක්ෂරතා ව්‍යාපාර සඳහා ඇති කැපවීම ශ්‍රී ලංකාවට වැඩි අවබෝධයක් ලබා දෙයි.

ශ්‍රී ලංකාව: ඉදිරි මාවත
ප්‍රතිසංස්කරණය අධ්‍යාපනයටත් අවශ්‍යයි - ( සාගල රත්නායක)
ප්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාවය හඳුනා ගෙන තිබුණු අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික ආණ්ඩු වෙනස හැසිරවීම සඳහා බොහෝ විට පාර්ශව කරුවන්ගේ කමිටු සහ ධවල පත්‍රිකා යෝජනා කළහ. එහෙත්, ප්‍රතිසංස්කරණ කඩදාසි මත සිදු කෙරෙන කතිකාවත්වලින් ඔබ්බට යා යුතුය; අධ්‍යාපනඥයින්, දෙමාපියන්, සිසුසිසුවියන් සහ ප්‍රජා කණ්ඩායම්වල තීක්ෂ්ණ බුද්ධිය මත පදනම් වෙමින් ඒවා අව්‍යාජ ලෙස ම සහභාගීත්වයෙන් සිදු කල යුතුය.
 
දුෂ්කර ප්‍රදේශවල තිබෙන, අඩු සිසු සංඛ්‍යාවක් සිටින පාසල් වසා දැමීම හෝ ඒකාබද්ධ කිරීම අධ්‍යාපනය අත හැර යන ප්‍රමාණය තවත් උග්‍ර කරවා ලිය හැකිය. ඒ වෙනුවට, ප්‍රතිසංස්කරණවල අවධානය යොමු කළ යුත්තේ පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සහතික කිරීම සහ ග්‍රාමීය ප්‍රජාවන්ට සුදුසුකම් ලත් ගුරුවරුන් ලබා දීම කෙරෙහි ය.
අධ්‍යාපන වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% දක්වා ක්‍රමයෙන් වැඩි කරන ලෙස අධ්‍යාපන වෘත්තීය සමිති ඉල්ලා ඇත. විෂය මාලා ප්‍රතිසංස්කරණ, ගුරු බඳවා ගැනීම්, කොන් කර ඇති සිසු සිසුවියන් සඳහා පෝෂණ සහාය ලබා දීම සහ සාධාරණ ලෙස සම්පත් බෙදා හැරීම සඳහා ඉලක්ක කරන ලද ආයෝජන තීරණාත්මක වනවා ඇත.
පාසල් වැසීම සහ 'නිදහස් අධ්‍යාපනය' ගැන නොසොයන කතා | කුසල් පෙරේරා
නිගමනය

අධ්‍යාපනය යනු ශාස්ත්‍රීය අභ්‍යාසයකට වඩා වැඩි යමක් වේ; එය සාධාරණ, සමෘද්ධිමත් සහ ඉදිරි දැක්මක් සහිත සමාජයකට යොදන පදනම වේ. ජාතියේ සමාජ නිර්මිතය ශක්තිමත් කරන අතරම, වේගයෙන් වෙනස් වන ලෝකයක දියුණු වීමට අවශ්‍ය කුසලතා සහ වටිනාකම්වලින් හෙබි පුද්ගලයන් සූදානම් කිරීම ඉන් සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ, අර්ථවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දේශපාලන කාල ක්‍රම ඉක්මවා යන පුළුල්, සියල්ල ඇතුළත් කර ගන්නා උපදේශන ක්‍රියාවලියක් අවශ්‍ය වනු ඇත. ප්‍රතිපත්ති සාක්ෂි මත පදනම් වූ, සාධාරණත්වය කේන්ද්‍ර කර ගත් දිගු කාලීන ජාතික ප්‍රමුඛතාවයන් සමඟ පෙළගැස්වූ ඒවා විය යුතුය.

අද සිටින සිසුන්ගේ මනස බල ගැන්වීම දීප්තිමත් අනාගතයක් හැඩ ගස්වා ගැනීම සඳහා ඇති වඩාත් ම ඵලදායී ක්‍රමය වේ. අධ්‍යාපනයේ ආයෝජනය කිරීම හුදෙක් ආර්ථික අවශ්‍යතාවයක් පමණක් නොවේ; එය ජාතියේ අනාගතය ම උදෙසා කරන ආයෝජනයක් වෙයි.

(ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා ඕස්ට්‍රේලියානු සහයෝගිතාව)
විධායක කමිටුව වෙනුවෙන් අත්සන් කලේ:
ආචාර්ය ලයනල් බෝපගේ
ඊමේල්: lionel.bopage@gmail.com

2025 අගෝස්තු 3 වන දා

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...