මගේ ඉරියම් කියැවූ එතුමා ''ළමයෝ මේ උසාවිය නොවෙයි අනෙක් දැන් මම පැන්ෂන්'' කියා සිනාසුණා තවමත් මතකය. එදා හටගත් තැති ගැන්ම හෝ අවිනිශ්චිත භාවය පනස් විය ඉක්මවා සිටි තිස් අවුරුදු රාජ්‍ය සේවා අත්දැකීම් සහිතව නීති වෘත්තියට පිවිසි මා තුළ යම් කාලයක් පැවතිණ. එහෙත් පුරවැසියා තුළ අධිකරණය කෙරෙහි එවැනි දෙපරාදුවක් විය යුතු නොවේ.
ගරු රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති හැටියට 2022 ජූලි මස 17 වෙනි දින පැනවූ හදිසි නීති රෙගුලාසි සම්බන්ධව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ ඔබේසේකර විනිසුරු තුමාගේ විසම්මතික තීන්දුව පිළිබඳ සමාජයේ විවෘත සාකච්ඡාවක් වී හමාරය. 2022 අප්‍රේල් අරගලය, ව්‍යවස්ථානුකූලව පත් කළ පාලකයෙකු ගෙදර යැවූ එකම සංසිද්ධිය වන අතර, එහිදී රටේ ආරක්ෂාවට පැනවූ රෙගුලාසි නිත්‍යනුකූල නොවේ නම් එහි යටි අරුත ඛෙහෙවින් විවාදිත වීම ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත.

උක්ත විසම්මතික තීන්දුවේ දැක්වෙන එ දවස භූමියේ පැවති සුවිශේෂි තත්වය 2022 මැයි 9 වෙනිදා මුළු රටම එක් මොහොතක තැති ගන්මට ලක් කිරීමෙන් ආරම්භ වූ අතර, එකී චලනය තුළ වැඩ බලන ජනාධිපති වරයා පැනවූ හදිසි නීති රෙගුලාසි නො වන්නට නඩු අසන්නට අධිකරණයක් හෝ ඉතිරි නො වන බව දැක්වුණ මාධ්‍ය සටහනක් කියැවූ පුරවැසියෙකුට 88-89 කාලයේ අධිකරණ ගිනි තැබීම්, ඡන්ද පොලට යන මුල් පස් දෙනාට මරණ තර්ජන කළ පෝස්ටර් මෙන්ම, පොල්දූව පාර්ලිමේන්තු මංසන්ධියේදී කේ.ඩී. ලාල්කාන්ත සහ සුනිල් හඳුන්නෙත්ති දෙදෙනා, රට අකමැති ජනාධිපති වරයෙකු පත් කිරීමට අත් ඔසවන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුට ගෙදර යාමට ඉඩ නො ලැඛෙන බවට 2022 ජූලි මාසයේ කළ තර්ජනයද සිහිපත් විය හැකිය.

2022 අරගලය අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු පහර දි නිරුවත් කොට නිට්ටඹුවේදී මරා දැමූ අතර, එදින රාත්‍රීයේ දිවයින පුරා තැන තැන පුද්ගලයන්ට පහර දීම් සහ දහස් ගණනක් දේපල ගිනි බත් කිරීම් වාර්තා විය. ඉන් හානියට පත් අයවළුන් රජයෙන් ලබා ගත් වන්දි ප්‍රමාණයන් ගැන ප්‍රශ්න කිරීම යනු ජීවත්වන පුරවැසියාගේ ආරක්ෂාව අවතක්සේරු වීමකි.
අරගලයේ විරෝධය එල්ලවූ ජනතාව විධායක ජනාධිපති ඉල්ලා අස්වූ පසුව ව්‍යවස්ථානුකූලව නව ජනාධිපති තේරීමට දින නියම වූ පසුව පොල්දූව පාර්ලිමේන්තු මංසන්ධියේදී ඉහත දැක්වෙන ආකාරයට පොදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට කළ තර්ජනය මැයි 9 වෙනිදා මානසිකත්වයට රට කැඳවා ගැනීමට කළ උත්සාහය පාර්ලිමේන්තු වරප්‍රසාද හා සහතික කළ මිනිස් ජිවිතවල ආරක්ෂාව හෑල්ලූවට ලක් කිරිමකි.

නව ජනාධිපති පත්වූ පළමුව යුධ හමුදා මූලස්ථානයට ගොස් රට සන්සුන් කිරීමට ගත් උත්සාහයට ස්තුති කළ බව රහසක් නොවේ. හෙට දවසේ එකි හදිසි නිති රෙගුලාසි අනුව ක්‍රියා කිරිම සම්බන්දව ත්‍රීවිධ හමුදාවට එරෙහිව නඩු ගොනු කළොත් ඒ ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත. කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා යථාවත් වීම සමගම අරගලය සහ හදිසි නීති රෙගුලාසි දෙකම ජනතාවට අමතක වූ බව ඉතිහාසය ලියා තබනු ඇත.

1971 අප්‍රෙල් කැරැල්ල පිළිබඳ එවකට රටේ පැවති නීතිය ප්‍රමාණවත් නොවූ හෙයින් වෙනම නීති පැනවීමට සිදුවීම සමග 2022 උක්ක හදිසි නිති රෙගුලාසි සමාලෝචනය කළ යුතුවේ. විනිසුරු ඔබේසේකරගේ විසම්මතික තීන්දුවේ දැක්වෙන භූමියේ පැවති තත්වය ඉතිහාසගත 88-89 කාලයේද විදුලි පහන් නො දක්වා ජීවිත ආරක්ෂාවට අඳුරේ සිටි ජනතාවට ආරක්ෂාව සැලසා රට සන්සුන් කිරීමට රාජ්‍ය සහ හමුදා නිලධාරින් නීතිය ඉක්මවා සද්භාවි අභිමතය පාවිච්චි කළහ.
අභිමතය යනු රාජ්‍ය නිලධාරින්, නිශ්චිත රාජ්‍යයක ජීවත්වන ජනතාව සහ ගතික ආණ්ඩුව අතර මිනිස් උවමනාවන් වෙනුවෙන් සිදු කිරිමට නියමිත මැදිහත්වීම හෝ ක්‍රියාකාරිත්වය හැටියට තේරුම් ගත යුතුවේ.
නවසිය අසූ ගණන්වල රජයේ කාර්යාල පරිහරණය සඳහා ආයතන ප්‍රධානියෙකුට, රුපියල් 500කට වඩා අක් මුදල් ප්‍රමාණයක් තබා නො ගත යුතුය යන මුදල් රෙගුලාසිය බිඳ විශේෂ රාජකාරියක් ඉටු කිරීමට අනවසරයෙන් රුපියල් දස ලක්ෂයක (වර්තමානයේ නම් කෝටි ගණනක) මුදලක් දින තුනක් ළඟ තබා ගැනීමට රාජ්‍ය නිලධාරියෙකු හැටියට මා විසින් ගත් තීරණය සාධාරණය කිරීමට අමාත්‍යාංශ ලේකම් වූ සිවිල් නිලධාරියාට මැදිහත්වීමට සිදුවූ අතර, එකී මුදලෙන් සතයක් හෝ අවභාවිතා වී නම් එකී ක්‍රියාව දඬුවම් විඳීමේ අවදානමද එකී අභිමතය තුළ නො වුණා නොවේ. එවැනි අවස්ථා විනිශ්චය කළ යුත්තේ සද්භාවි මැදිහත්වීම යන මනෝ භාවී අර්ථ නිරූපනය යටතේ මිස පොතේ දැක්වෙන නීති සහ රෙගුලාසි වලට අනුගතව නොවේ.

රාජකාරි අතර, ගන්නා තීරණ වෝහාරික (පරිපාලන හා විගණන) විමර්ෂණ වලින් සොයා නො බලා උසාවියට දක්කා රිමාන්ඩ් කිරීම හරහා රටේ සාමාන්‍ය ජන ජීවිතයට රාජ්‍ය සේවයේ බියපත් වීමෙන් අනාගතයේ නිර්මානය වන අනාරක්ෂිත භාවය කිසිවෙකුට ගණනය කළ නො හැකිය. එකී නිලධාරින් නිදොස් කොට නිදහස් වුවද රාජ්‍ය නිලධාරින් ජනතාවගේ නොව තම ආරක්ෂාව වෙනුවෙන් රස්සාව කිරීමට තිරණය කළොත් අනාගතයේ රාජ්‍ය සේවයෙන් අපෙක්ෂිත අභිලාෂයන් රටට අහිමි වීමකි.
වෛද්‍ය වරයෙකු ඖෂධ නියම කිරිමේදී නිර්මානය වන ගැටළු සම්බන්ධව විමසිය යුත්තේ රහස් පොලිසියෙන් හෝ අල්ලස් කොමිෂමෙන් නොව ජාතික වෛද්‍ය සභාව විසිනි. ආන්දෝලනාත්මක වෛද්‍ය ෂාපි සිද්ධියේදී මෙන් විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නට එරෙහි තවත් පැමිණිලි තිබේදැයි මාධ්‍ය හරහා විමසා තිබීම අශ්ලීල මෙන්ම රීති විරෝධි වේ.
චෝදනා වලින් නිදොස් කොට නිදහස්වූ වෛද්‍ය ෂාපි, සිය ප්‍රකාශය අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වගකීම ගැන ස්වකීය කණගාටුව පළ කළ අතර, වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නමද සඳහන් කළ බවද මෙහි අවධාරණය කළ යුතුවේ. විශේෂඥ වෛද්‍ය විජේරත්න සිද්ධියේදී වෛද්‍ය සභාවේ නිරික්ෂණ ලබා නො ගැනීම යනු වෛද්‍ය වෘත්තිකයන් පැත්තෙන් නිරික්ෂණය කළ යුතුවේ.

වෘත්තීය කටයුතු අතර නිර්මානය වන ගැටළු සම්බන්ධව පොලිසිය හෝ අල්ලස් කොමිසම විෂය බද්ධ විශේෂඥ නිරීක්ෂණ රහිතව අධිකරණයට යොමු කිරිම ඛෙහෙවින් හානිකර බවට වෛද්‍ය ෂාපි සිද්ධිය හොඳ උදාහරණයකි. මනුෂ්‍ය ඝාතන නඩුවකදී විශේෂඥ සාක්ෂි ලබා ගැනීමේ පරිචය මෙවැනි අවස්ථාවල මූලික විමර්ශණ වලදී අනිවාර්ය කිරීමට වහා රෙගුලාසි සැකසිය යුතුවේ.

සමාජ මාධ්‍ය විමර්ෂකයෙක්, විනිසුරු ඔබේසේකරගේ විසම්මතික තීන්දුව උස්සවීම් අපේක්ෂා නො කර සිදු කළ කැප කිරිමක් ලෙස හඳුන්වා දුන්නේ අධිකරණයෙන් ජනතාව අපේක්ෂා කරන ස්වාධිනත්වය රටට ශක්තියක් වන නිසාය. අග විනිසුරු සරත් නන්ද සිල්වා සුනාමි නඩු තීන්දුව ගැන ජාතියෙන් සමාව ගැනීම මෙන්ම අග විනිසුරු අසෝක සිල්වා, පී.බී.ජයසුන්දර නිදහස් කිරීම් වැනි අවස්ථා මෙහිදී සිහිපත් කරන්නේ නැවත එවැනි තත්වයන් උදා නොවේවා යන ප්‍රාර්ථනාව සමගය. සිල් රෙදි නඩුවේ අභියාචනා තීන්දුවේ තැනක එකි නඩුව විමසූ මහාධිකරණ විනිසුරු පිළිබඳ සටහන ගැන මේ ලේඛකයා මෙයට පෙර ලියා තිබේ.
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය රක්ෂිත බන්ධනාගාර ගත කළ පුවත ගැන කතා කළ ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික විනිසුරුවරයෙක්, ''මං හිතුවේ ඒ ළමයාට අවවාද කර නිදහස් කරයි කියා'' යනුවෙන් ප්‍රකාශ කර ඇයට කඩිනමින් සාධාරණය ඉටු වීම ඛෙහෙවින් අගය කළේය.
1915දී යුධ නීති අතර සිර භාරයේ සිටි බොරළුගොඩ රාළහාමි නම් තම පියා වෙනුවෙන් කරුණු දැක්වූ දා හතර හැවිරිදි පාසල් සිසුවෙකුව සිටි පිලිප් ගුණවර්ධන රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ කරුවෙකු ලෙස යටත් විජිත පාලකයන් කල්පනා නො කළා පමණක් නොව එකී කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන බොරළුගොඩ රාළහාමි රැඳවුම් භාරයෙන් මුදා හැරියේය. යටත් විජිත යුගයේ ආන්දොලනාත්මක බ්‍රෙස්ගේඩ්ල් නඩු තීන්දුව යනු පාලකයන් සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව ලැබුණ නඩු නියෝගය, නීතිය හා සාමය වෙනුවෙන් පෙනී සිටීමකි.
විශේෂඥ වෛද්‍ය විජේරත්නගේ දියණිය මුල් දවසේම අවවාද කර ශරීර ඇපයක් මත මුදා හැරියේ නම් මැනවයි සමහරු කල්පනා කළේ විශේෂඥ වෛද්‍ය විජේරරත්න තවමත් සැක කාරියක පමණක් වන අතර, සදහටම ඒ දියණියගේ අම්මා වන නිසාය.
විසම්මතික තීන්දුවක් පිළිබඳ සමාජ කතිකාවක් යනු අධිකරණයට කරන අපහාසයක් නොව සමාජ චලනයන් කියවීමකි. අධිකරණය සමහර අවස්ථාවල මහජන ආවේග සැලකිල්ලට ගැනීමත් සම්මතයකි. නීතිය සම්මතයක් පමණක් වන බවට සේපාල ඒකනායක නඩුව විශිෂ්ඨ උදාහරණයකි. එහෙත් හැම විටෙකම එවැන්නක් සිදුවීමද බරපතල වේ. ලෝකයේ මරණය දණ්ඩනය ලැබූවන් පසු කලෙක එකී පාලකයන් නිදොස් කොට නිදහස් කළ අවස්ථා බොහෝවේ. නීතිය යනු සම්මතයක් මිස සමාජය මත තැබූ යගදාවක් නොවේ. ඒ සම්මතය සමාජ ආකල්ප විසින් නිරන්තර චලනය කරතී යයි අපේක්ෂා කළ යුතුවේ.

රාජකාරි අතර සිදු කෙරෙන ක්‍රියාවන් ඍජුව අපරාධ නීතියට යටත් කර උසාවි දැක්කීමෙන් රාජ්‍ය සේවය තුළ සිදුවන කඩා වැටීම කිසිසේත් වැළැක්විය නොහැකිය. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරාංගිකා ජයසුන්දර පළාත් පාලන ආයතන පිහිටුවීමේදී අර්ධ විනිශ්චයික ආකාරයෙන් ක්‍රියා කළ ආකාරය ඛෙහෙවින් අගය කළ යුතුවේ.
ජනතා පරමාධිපත්‍ය හමුවේ නීතියේ සම්මතය, ගස් වී තිබිය යුතු නැත. වරක් මනුෂ්‍ය ඝාතන නඩුවක පැමිණිල්ලේ මුල්ම සාක්ෂිකාරිය දිගින් දිගටම චුදිතගේ වාසියට සාක්ෂි දුන් බව ඒත්තු යාම හේතුවෙන් මහාධිකරණ විනිසුරු තුමා එකී තැනැත්තිය අත් අඩංගුවට ගැනීමට නියම කෙරිණ. ඊට සමගාමිව අධිකරණ ශාලාවෙන් පිටතදී වියපත් ගැමි ගැහැනියක නීතිඥයෙකු වෙත දිව විත් අත් අඩංගුවට පත් සිය දියණිය කිරි බොන එකොළාස් මසැති දියණිය ගෙදර දමා සවස ගෙදර යාමට පැමිණි බව කියා හඬා වැටිණ. බොරු සාක්ෂි දීමේ අපරාධය ගැන කරුණු පහදා දුන් පසුව මොහොතක් නිහඬව සිටි එකී කාන්තාව මහ හඬින් වැළපී මෙසේ කීවාය.
''බුදු මහත්තයෝ මම ආවෙත් සාක්කි දෙන්ඩ. මමත් මගේ බාල කොල්ලා එල්ලූම් ගස් යවන්න සාක්කි දෙන් නෑ. මැරුම් කෑවේ වැඩි මහල් එකා. මගෙ මිනිහා මැරිලා. මගේ කෙල්ලයි බලා ගත්තේ මුන් දෙන්නා.'' අන්දමන්දවූ නීතිඥයා, එකී මව සන්සුන් කර අධිකරණය දිවා ආහාරයට කල් තැබූ අවස්ථාවේ මහාධිකරණ විනිසුරු නිල මැදිරියට ගොස් මේ තත්වය පැහැදිලි කළේය.

''ඉතින් මෝෂන් එකක් දාලා කරුණු කියන් නැතුව චේම්බර් එකට එන්නේ....'' විනිසුරු තුමා තරමක කෝපයෙන් සිය ප්‍රති ක්‍රියා දැක්වීය.
''සර් උදේ දහයට පසුව මෝසම් බාර ගන්නේ නෑනේ.... දැන් දවල් දොළහයි හතළිස් පහයි.... '' නීතිඥයා එසේ කියා නිල මැදිරියෙන් පිට විය. නැවත අධිකරණ කටයුතු ආරම්භ කළ පසුව විනිසුරු තුමා නිල මැදිරියේදී තමා හමුවූ නීතිඥ වරයාට උසාවියට කරුණු දක්වන ලෙස නියම කළ පසුව, ගරු අධිකරණය, ශරීර ඇපයක් මත උක්ත සාක්ෂිකාරිය මුදා හැරීමට නියම කළේය. ගෞරවයෙන් සඳහන් කළ යුත්තේ ඒ මහාධිකරණ විනිසුරු තුමා පසුව අග විනිසුරු පදවියට පත්ව රටේ විධායකයට එරෙහි නඩු තීන්දු ප්‍රකාශ කළ බවය.
සත්තකින්ම එහිදී ගරු විනිසුරු තුමාත් නීතිඥයාත් සාධාරණත්වය අපෙක්ෂාවෙන් සිය අභිමතය අනුව ක්‍රියා කළ අතර, රාජ්‍ය සේවය සතු එකී අභිමතය සහ සද්භාවි මැදිහත්වීම අභීයෝගයට ලක් වන වේගය අනුව මතු දවසක මේ ඉරණමට රටේ අධිකරණ පද්ධතිය ද ගොදුරු විය හැකි බව මෙහිලා අවධාරණය කළ යුතුවේ.

චෙම්මින් මිනී වලේ පස් දමා ඇත්තේ ජීවත්වූ මිනිසුන් මිස ත්‍රස්තවාදින් නොවන බව විශ්වයම විශ්වාස කරති. අර අම්මාගේ විලාපය මෙන්ම උක්ත දියණීයට කඩිනමින් ඇප ලැබීමත් නීතියේ සම්මතය මත අභිමතයේ හෘදය සාක්ෂිය සටහන් තැබූ අවස්ථාවන්වේ. නඩුවක් අවසන් වන තෙක් සියල්ලන්ම සැක කරුවන් බවට සැලකෙන සම්මතය යනු මිනිස්කමට දෙන වටිනාකමකි.
සත්තකින්ම රාජ්‍ය නිලධාරින් සිදු කරන්නේද අර්ධ විනිශ්චයික ක්‍රියාවකි. විශේෂයෙන් අභිමතානුසාරි බලය රාජ්‍ය සේවයයේදී නිතර භාවිතා වේ. මේ හැම අවස්ථාවකම ඉස්මතු වුණේ ජනතාව හො මිනිසා වෙනුවෙන් සාධාරණත්ව මූලධර්ම අනුව පිළිගත් රාජ්‍ය බලය, නීතිය අතර මිනිස් අයිතිවාසිකම් සීරු මාරුවට දෝලනය වේ. රාජ්‍ය සේවයේදී පවත්නා රෙගුලාසි ඉක්මවා හෘදය සාක්ෂියට එකඟව සද්භාවය භාවිතා කිරිම නිරන්තරව සිදුවේ.
කාර්යාල පරිහරණය සඳහා නිලධාරියෙකුට රුපියල් 500ක මුදලක් පමණක් තබා ගැනීමේ අවසරය පැවති කාලයේ රාජ්‍ය නිලධාරියෙකුවූ මේ ලේඛකයාට හදිසි රාජකාරි හේතුවක් සඳහා ආයතන ගිනුමෙන් රුපියල් දස ලක්ෂයක් මුදලින් ලබා ගැනීමට සිදු විය. එකී මූල්‍ය පරිපාටිය ඉක්මවා ගත් තීරණය සාධාරණ සහ නිවැරදි බව තහවුරු කිරිම අමාත්‍යාංශ ලේකම්ට සිදු විය. නමුත් වර්තතමානයේ බොහෝ වාර්තා අනුව, රාජ්‍යයේ අඛණ්ඩ ගලා යාමට දැඩි බාධා නිර්මානය විය හැකිය.
එසේම වසර 14කට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටි (හිටපු පොලිස් අධිකාරි) ලක්ෂමන් කුරේ 2010දී ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව, වසර 15කට පසුව 2025 ජූලි මාසයේ අග සතියේ ප්‍රකාශයට පත් විය. ඒ 26 පාරේ මහනුවර පිවිසුම ස්ථීරව වසා දැමීමෙන් මහනුවර නගරයේ වායු දූෂණය ඉහළ යාමෙන් සිදුවන පීඩාව ඉහළ යාම වළක්වා ගැනීමට 2016දී පැවරූ මානව හිමිකම් පෙත්සම් විභාගය අවසන්ව නැති අතර, මහනුවර හෙට උපදින දරුවන් පමණක් නොව, වැව රවුමේ වාහන තදබදයට මැදි වූ ගිලන් රථ තුළ මරණයේ සෙවනැලි දකින අසාධ්‍ය රෝගින් ද, පීඩා විඳින්නාහ.
සිව් දෙනෙකුට පමණ සීමාවූ ලක්ෂමන් කුරේ නඩුව නිමවීමට වසර 15ක් ගත වීමට සමගාමීව මැදහත් පාර්ශව කරුවන් හැත්තෑ එක් දෙනෙකු ඇතුළත් ඒ 26 පාර සම්බන්ධ නඩුව නිම වන දිනය කිසිවෙකුට අනුමාන කළ නො හැකි වුවද, නව අග විනිසුරු තුමා නඩු කටයුතු ප්‍රමාදය ගැන කළ ප්‍රකාශය ඛෙහෙවින් අගය කළ යුතුවේ.
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com




