The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බංකොලොත් බවින් ඔලුව උස්සන රටකට බදු ගසා, ලෝක ආර්ථික අර්බූදය ඉදිරියේ ජාතික ආර්ථිකය බේරා ගැනීමේ තුරුම්පුව

T

The Leader Desk

August 8, 2025 • 5:32 AM

බංකොලොත් බවින් ඔලුව උස්සන රටකට බදු ගසා, ලෝක ආර්ථික අර්බූදය ඉදිරියේ ජාතික ආර්ථිකය බේරා ගැනීමේ තුරුම්පුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබූ මේ නව විධායක නියෝගයට, රටවල් 40 ක තීරු බදු සංශෝධන ඇතුළත් වේ.
  • එම විධායක නියෝගය, අත්සන් තැබූ දින සිට දින 7 කට පසු බලාත්මක වන බව, ධවල මන්දිරය නිවේදනය කළේ ය.
  • එහිදී ප්‍රමුඛ වන්නේ ඇමරිකානු ඇඟළුම් වෙළඳ පල තුල ආසියානු තරග කරුවන්ට මුහුණ දීමට ලංකාවේ නිෂ්පාදනයන්ට වැඩි වාසියක් මේ මගින් ලැබෙන බවට ඇති මතයයි.
  • ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (JAAF) නව තීරුබදු අනුපාත පිළිගන්නා බවත් එසේ තීරුබදු අඩු කිරීමට හේතු වූ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වෙළඳ සාකච්ඡා අගය කළ බවද වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):


අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබූ මේ නව විධායක නියෝගයට, රටවල් 40 ක තීරු බදු සංශෝධන ඇතුළත් වේ. එම විධායක නියෝගය, අත්සන් තැබූ දින සිට දින 7 කට පසු බලාත්මක වන බව, ධවල මන්දිරය නිවේදනය කළේ ය.

 

ට්‍රම්ප් පැනවූ 44%ක තීරු බද්ද ශ්‍රී ලංකාව 'රැකියා සහ ඩොලර් අර්බුදයකට' ඇද  දමයි ද?

ට්‍රම්ප්ගේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් මිශ්‍ර අදහස් පල කර තිබෙනු දැකිය හැකිය. එහිදී ප්‍රමුඛ වන්නේ ඇමරිකානු ඇඟළුම් වෙළඳ පල තුල ආසියානු තරග කරුවන්ට මුහුණ දීමට ලංකාවේ නිෂ්පාදනයන්ට වැඩි වාසියක් මේ මගින් ලැබෙන බවට ඇති මතයයි.  ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (JAAF)  නව තීරුබදු අනුපාත පිළිගන්නා බවත් එසේ තීරුබදු අඩු කිරීමට හේතු වූ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වෙළඳ සාකච්ඡා අගය කළ බවද වාර්තා විය. මෙහි අරුත නම් තමන්ට සම අසල්වැසි යාචකයා යට කර ගැනීමට හැකි තත්වයක් එක්සත් ජනපදය සකසන්නේ නම් තීරු බදු වැඩිකිරීමට ලංකාවේ නිෂ්පාදකයෝ එකඟය.

1754054930174

අප්‍රේල් මාසයේ ආරම්භක තීරුබදු නිවේදනයේ සිට ප්‍රායෝගික හා තිරසාර සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ නායකත්වයෙන් යුත් සාකච්ඡා කණ්ඩායමට අවංක කෘතඥත්‍යතාව පලකරණ බවත් ඔවුන් නිසා ලාංකික අපනයනකරුවන්ට සාධාරණ හා තරඟකාරී ප්‍රතිඵලයක් ලබා ගැනීමට උපකාරී වී තිබෙන බවත් සංගමය තවදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකාව ට්‍රම්ප්ගේ භාණ්ඩ සඳහා ආනයන බද්දෙන් 20% දක්වා අඩුවීමක් ලබා ගැනීම මත,  කලාපීය තරඟකරුවන්ට සමාන වූ  20% ක සංශෝධිත තීරුබදු අනුපාතය,  කාම්බෝජයේ 19%, බංග්ලාදේශයේ 20%, වියට්නාමයේ 20%, පිලිපීනයේ 19%, තායිලන්තයේ 19% සහ පකිස්ථානය 19% ට සමාන වනු ඇති බවයි මේ කියන්නේ.

betr54t45345

මේ බලාපොරොත්තුව හා යථාර්තය කොතරම් ගැලපේදැයි පැහැදිලි නැත. යථාර්තය වන්නේ 2024 දී ඇමරිකාව ලෝකයෙන් ඩොලර් බිලියන 108 ක් වටිනා ඇඟලුම් ආනයනය කළ බවත් මෙම ආනයනයන්ගෙන් ශ්‍රී ලංකාවේ කොටස 2% ක් පමණක් වීමත්ය. මෙහිදී ශ්‍රී ලංකාවේ ඇඟලුම්වල ඒකකයකට වටිනාකම ඩොලර් 4 ක් වන විට චීනය - ඩොලර් 0.7, වියට්නාමය - ඩොලර් 2.5, බංග්ලාදේශය - ඩොලර් 2.8 සහ ඉන්දියාව - ඩොලර් 0.7 හා සසඳන විට වැඩිවන්නේ 20% දක්වා අඩුවීම ‘තරග බිම සම වීමක්’ ලෙස සැලකීම යථාවාදීද යන ප්‍රශ්නය ද මතුවේ.

තනිවම බුදුවීමේ හෙවත් සියතින් වලකපා ගැනීමේ ප්‍රත්පත්තිය

මේ තනිවම බුදුවීමේ හෙවත් සියතින් වලකපා ගැනීමේ ප්‍රත්පත්තියයි. 1972-75 අවපාතයෙන් ඇරඹී ලෝ වසාගනිමින් පැතිර යන මහා වෙළෙඳ යුද්ධය ලිං මැඩියකුට දර්ශනය වන අන්දමයි.

ලංකා තේ' අපනයන මිල පහත වැටේ ! - 'තේ පොහොර නිදහස් කරන්න' 
මේ අතර වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි පවසන්නේ පොදුවේ කනස්සල්ලක් ඇති වුවද, එක්සත් ජනපදය තේ සඳහා නම් 'සීතල' වෙළඳපොළක් පමණක් වන බවයි. එසේ වුවත් මේ වෙළඳපොලේ ගනුදෙනු කරන අපනයනකරුවන්ට මේ බදු වැඩිවීම අහිතකර ලෙස බලපානු ඇති බවයි. "නමුත් තේ කර්මාන්තයට ඇති ලොකුම ගැටළුව වන්නේ 2025 ඔක්තෝබර් මාසයේ සිට SVAT (Simplified Value Added Tax) [සුදුසුකම් ලත් පුද්ගලයන් සඳහා VAT ආපසු ගෙවී‌මේ අවශ්‍යතාවය ඉවත් කිරීම] ඉවත් කිරීම බවයි” යි, එය කර්මාන්තය පුරා විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇති බවද ඔහු පවසා තිබේ.

ලංකාවේ විශාලම අපනයන වෙළඳපල වන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති සාධකයන්ගෙන් ගැලවීමක් ලැබෙන්නේ නැත. (අපනයන සංවර්ධන මණ්ඩලයට අනුව 2025 ජනවාරි මාසයේ දී එය රටේ මුළු අපනයන වලින් 23% ක් විය)

 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යමය අභියෝගයන් පැහැදිලි කරන ප්‍රස්ථාර හතරක්

ලංකාව එක්සත් ජනපද වෙළෙඳපලින් වීසි වීමේ අමාරු තත්ත්වය‌ට මුහුණ දී සිටින්‌නේ ලක්වාසීන්ගෙන් දශලක්ෂ 6.3 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ලෝක බැංකුව පෙන්වා දී ඇති අතරේ ය. මෙයට රටේ ජනගහනයෙන් 30% ක් ඇතුළත්ය.

ඒ අතර අපේ රට තවමත් එහි බාහිර ණය ආපසු ගෙවා නොමැති වීම එකතු වූ කළ මේ අඳුරු අගාධයේ ගැඹුර මැනීමට සරිලන මිනුම් උපකරණ නැති තරම් ය.

ලෝකයම ගිනිතියන ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට වමේ විරෝධය!
ඒ අතර ට්‍රම්ප්, ජූලි 09 දාතමැති සිය ලිපියෙන් අවධාරණය කර සිටින්නේ ශ්‍රී ලංකාව හෝ ලංකාව තුළ සිටින සමාගම් එක්සත් ජනපදය තුළ නිෂ්පාදනයන් කිරීමට තීරණය කළහොත් කිසිම තීරු බද්දක් අය නොකරන බවත්, ඒ සමාගම් වලට සති කිහිපයක් තුලදී අදාල අනුමැතීන් ලබා දීමට හැකි සෑම දෙයක්ම කරන්නා වූත් බවයි. එහි අරුත වන්නේ ලොව පුරා ප්‍රාග්ධනය අපනයනය කරමින් අපර යුධ මහා උත්පාතයට දායක වූ එක්සත් ජනපදයට සිය දිවි රැක ගැනීම වෙනුවෙන් දැන් දුගී රටවල අල්ප ප්‍රාග්ධනය පවා තමන් වෙත ඇද ගැනීමට සිදුව ඇති බවයි.

පෙනෙන විදියට තමන් පනවන මේ නව තීරු බදු මගින් සිය රටේ දේශීය ආර්ථිකයේ උත්පාතයක් ඇති කරනු ඇතැයි ට්‍රම්ප් විශ්වාස කරයි. ඒ සඳහා සුදුසු ද්විපාර්ශවික ගිවිසුම් වලට මේ රටවල් ඇතුල්  කරගැනීමට තල්ලුවක් ලැබෙනු ඇතැයිද ඔහු කල්පනා කරනවා වීමටද හැකිය. එසේ සිය රටේ නව රැකියා නිර්මාණය කිරීම හා නිෂ්පාදන පදනම නැවත ගොඩ නැගෙනු ඇති බව ඔහුගේ කල්පනාව වී ඇත්තා සේය.

 

මේ අතර තම ජනාධිපතිවරයාගේ බදු ඉහල දැමීමේ ප්‍රතිපත්තිය කොයිතරම් දුරට පල දරන්නේ ද යන්න ගැන ඇමරිකාව තුලම ආර්ථික විශ්ලේෂකයන්ගේ විචිකිච්චාව පලවී තිබේ. නමුත් ඔහුගේ අනාගත අනුප්‍රාප්තිකයින්ද මේ ලෝක තතු යටතේ වෙනත් මගක් ගනු ඇතැයි සිතීමද අපහසුය.

කෙසේ වෙතත් ඔහුගේ බලාපොරොත්තු කඩවීම ලංකාවට වාසියක් වේද යන්න ද විමතියකි.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...