The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාලිමා ආණ්ඩුව ඇතුලට වැදුණු 'චිචීගේ රොකට් එක' | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

August 8, 2025 • 4:40 PM

මාලිමා ආණ්ඩුව ඇතුලට වැදුණු 'චිචීගේ රොකට් එක' | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ආකාරයෙන්ම ඉතුරු ටික ද සොයාගන්නා ලෙස ද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
  • මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ රෝහිත රාජපක්ෂ ගේ සහභාගීත්වයෙන් 2012 වසරේදී ගුවන්ගත කරන ලද සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ඉකුත් දිනයෙක පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ රට පුරා ප්‍රසිද්ධව ඇත්තේ ඔහු නිවසේ දී හැඳින්වෙන “චිචී” යන සුරතල් නමිනි.
  • ඒ අනුව ඔහු ගේ සහභාගීත්වයෙන් 2012 අරඹන ලද සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය “චිචීගේ රොකට්” එක නමින් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුට පමණක් නොව ඔහු ගේ පවුල වෙත එල්ල වන කුරුරු අපහාස උපහාස ගොන්නක් ද සමඟිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ආකාරයෙන්ම ඉතුරු ටික ද සොයාගන්නා ලෙස ද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ රෝහිත රාජපක්ෂ ගේ සහභාගීත්වයෙන් 2012 වසරේදී ගුවන්ගත කරන ලද සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ඉකුත් දිනයෙක පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

 



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ රට පුරා ප්‍රසිද්ධව ඇත්තේ ඔහු නිවසේ දී හැඳින්වෙන “චිචී” යන සුරතල් නමිනි. ඒ අනුව ඔහු ගේ සහභාගීත්වයෙන් 2012 අරඹන ලද සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය “චිචීගේ රොකට්” එක නමින් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුට පමණක් නොව ඔහු ගේ පවුල වෙත එල්ල වන කුරුරු අපහාස උපහාස ගොන්නක් ද සමඟිනි.

නමුත් “චිචීගේ රොකට් එක” නමින් ප්‍රසිද්ධියට පත්වූ සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් වැයකර නොමැති බවත් එයින් 2015 වසරේ සිට වාර්ෂිකව රුපියල් මිලියන දහස් ගණනින් රටට ආදායම් ලැබී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දත්ත අනුව වාර්තා වන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉකුත් 06 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමඟ ඒ සම්බන්ධ නවතම සමාජ කතිකාවක් ඇරඹී තිබේ.

ඩී. වී. චානක මන්ත්‍රීවරයා නැඟූ පැනයකට පිළිතුරු ලෙසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී ඒ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය මෙලෙසිනි.

 



“2011 – 2012 කාලයේදී සුප්‍රීම් ග්ලෝබල් සමාගමට අනුබද්ධ සුප්‍රීම් සැට් ආයතනය විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳ අහලා තියෙන ප්‍රශ්නය අනුව, සුප්‍රීම් සැට් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගතවී තිබෙන්නේ 2012 මැයි 23 වනදා. ඒ 2013 – 2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් මිලියන 12,104,936ක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවලා තියෙනවා.

සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර නොමැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ දේශීය වෙළඳපොල කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි ඒක ආයෝජනය කරලා තියෙන්නෙ. රුපියල් මිලියන 1828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතිය පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012 මැයි 23 දින සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති අතර මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාහකයින් සඳහා විදුලි සංදේශ විකාශන පහසුකම් සැපයීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය 2015.08.27 දින සිට වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත. පවතින වාර්තාවලට අනුව 2019 වර්ෂය වනවිට සමාගමේ කොටස් ව්‍යුහය පහත පරිදි වේ. සුප්‍රීම් එස් එල් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම කොටස් 47,180,200 ක්. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංස් පෞද්ගලික සමාගම කොටස් 188,344,970 ක්. පළවෙනි එකට 20% යි, අනිත් එකට 80% යි. ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිලාභ ලෙස සුප්‍රීම් සැට් සමාගම පහත සඳහන් ආදායම් ලබා ඇත.


වර්ෂ 2015 – 2016 = රුපියල් මිලියන 19,617

වර්ෂ 2016 – 2017 = රුපියල් මිලියන 28,133

වර්ෂ 2017 – 2018 = රුපියල් මිලියන 29,106

වර්ෂ 2018 – 2019 = රුපියල් මිලියන 34,169

වර්ෂ 2019 – 2020 = රුපියල් මිලියන 42,960

වර්ෂ 2020 – 2021 = රුපියල් මිලියන 62,545

වර්ෂ 2021 – 2022 = රුපියල් මිලියන 87,789

වර්ෂ 2023 පළවෙනි මාස 6 තුළ = 39,590

දීලා තියෙන වාර්තා අනුව ගරු කථානායකතුමනි මම මේ පිළිතුර සකස් කරලා තියෙන්නෙ. ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු අනුව පමණයි”

(උපුටා දැක්වීම අවසන්)


මෙහිදී මෙම ප්‍රශ්නය විමසූ ඩී. වී. චානක මන්ත්‍රීවරයා දුන් පිළිතුර ද පහත දැක්වේ.

“මම අග්‍රාමාත්‍ය තුමියට ස්තූතිවන්ත වෙනවා. ලංකාව තුළ ආයෝජකයින්ට එල්ල කරලා තිබ්බ ලොකුම ප්‍රහාරයකට අද ඔබතුමිය උත්තර දුන්නා. මේක මං හිතන්නෙ ලංකාවෙ වැඩියෙන්ම දන්නෙ චිචීගෙ රොකට් එක කිව්වාම. සුප්‍රීම් සැට් කිව්වාට වැඩිය චිචීගෙ රොකට් එක කිව්වොත් තමයි දන්නෙ. මේක ගැන කිව්වා, ලංකාවේ ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරලා මේක අතුරුදන් වෙලා කියලා තමයි කිව්වෙ. මම ප්‍රශ්නය අහපු දවසෙත් බිමල් රත්නායක මහත්තයා එහා පැත්තෙ ඉඳන් කිව්වා ඒක අතුරුදන් වෙලා කියලා. හැබැයි දැන් අග්‍රාමාත්‍යතුමියම කියනවා එහෙම දෙයක් වෙලා වෙලා නෑ, ලංකාවේ එක රුපියලක්වත් ආයෝජනය කරලත් නෑ, ඒ වගේම අනිත් පැත්තෙන් වාර්ෂිකව මිලියන 20,000 වැනි ආකාරයෙන් හැම වර්ෂයේම රටට ආදායමක් ඇවිල්ලා තියෙනවා කියලා, සෘජු ආයෝජනයක් ඇවිල්ලා තියෙන්නෙ.

ඒ වගේම මම දැක්කා ගිය සතියට කලින් සතියෙත් පාර්ලිමේන්තුවේ දී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමායි හම්බන්තොට මන්ත්‍රීවරියයි පහර දෙනවා මේක මේ ලංකාවෙ රජයෙන් ජනාධිපතිතුමාගෙ පුතාලාට විනෝද වෙන්න කරපු දෙයක් කියලා. හැබැයි අද අග්‍රාමාත්‍යතුමියම කියනවා මේකෙන් විශාල ආයෝජනයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා, ඊටපස්සෙ හැම අවුරුද්දෙම වාර්ෂික ආදායමක් ඇවිල්ලා තියෙනවා”


(උපුටා දැක්වීම අවසන්)



නමුත් සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉකුත් 06 දා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආදායම් වාර්තා නිවැරදි නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ ( 07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සිදුවීමට අලුත් පරිච්ඡේදයක් එක් විය.

එහි දී ඔහු කියා සිටියේ අගමැතිනිය සඳහා මෙම තොරතුරු ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් විසින් බවත්, එහිදී තොරතුරු ලබාදෙද්දී මෙන්ම තොරතුරු ලබාගෙන සටහන් කිරීමේදී සංඛ්‍යා ලේඛන සටහන් කිරීමේ දී යම් වැරැද්දක් සිදුව ඇති බවත් ය.

එමෙන්ම පොදුවේ “චීචීගේ රොකට්ටුව” ලෙස හැඳින්වූ මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත්, අදාළ චන්ද්‍රිකාව පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බවත් ඔහු කීය.

ඒ සමඟම අමාත්‍ය වසන්ත සමරසිංහ තවදුරටත් සඳහන් කළේ, සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ විෂමතා කිහිපයක් ද සොයාගෙන ඇති බවයි.


අමාත්‍ය වසන්ත සමරසිංහ මෙබඳු හැඟීම් ආවේග මත අදහස් ප්‍රකාශ කොට හෙවත් “කට ඉස්සර කොට” පසුව ඒ සම්බන්ධයෙන් වගේ වගක් නොමැතිව හිඳීමට සමතකු බව මේ වන විට ජනතාව හඳුනා ගනිමින් සිටිති.
 
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාර නොදී තැන් තැන්වල ගාල් කර යෑමක් සම්බන්ධයෙන් ඔහු ඉකුත් සැප්තැම්බර් 25 වන දා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිට මාධ්‍යයට අදහස් දැක්වීම ඒ සඳහා වන ආසන්නතම නිදසුනකි. එහි දී ඔහු පවසා සිටියේ වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග විවිධ පුද්ගලයන් විසින් රැගෙන ගොස් තිබූ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන විධිමත් භාරදීමකින් තොරව එම ලේකම් කාර්යාලය අසල බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ සහ පදනම් ආයතනය ආසන්නයේ දමා ගොස් ඇති බවයි.
 
නමුදු ඒ සම්බන්ධ සුල මුල විමසීමේ දී අමාත්‍ය වසන්ත සමරසිංහ ගේ ඒ ක්‍රියාව සහ ප්‍රකාශය “මෝඩ චූන් එකක්”නොඉක්මවන්නක් බව සනාථ විය. ඒ අනුව ඔහු ඊයේ පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන් අගමැති වරිය අතින් සිදු වූ වැරැද්ද නිවැරදි කොට සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔහු සොයාගෙන ඇති බරපතළ විෂමතා කිහිපය අනාවරණය කොට ඒ සම්බන්ධ කඩිනම් ක්‍රියා මාර්ග ගන්නා තෙක් අපි බලා සිටිමු. ඒ දක්වා අපට කීමට ඇත්තේ “චිචීගේ රොකට් එක” මාලිමා ආණ්ඩුව ඇතුලේම වැදී ඇති බවක් පමණි.

(සටහන | රීටා ජෙනට් පෙරේරා)
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida


සබැඳි ලිපි :

SupremeSAT-1: අගමැතිනියගේ දත්ත වැරදි බව ඇමති වසන්ත කියයි: වැරදුණේ කොතැන ද?

ඈවරයි දෑවරයි, චිචිගේ රොකට් චෝදනාවත් තුන් ඈවරයි...| Bulitha Kumara

'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී

ශ්‍රී ලංකාව, චීනයේ DSEL සමඟ අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි

ශ්‍රී ලංකා ධජය අභ්‍යවකාශගත කළ චන්ද්‍රිකාව දැන් තියෙන තැන මෙන්න !


සුප්‍රීම් සැට් ගැන විශේෂ හෙළිදරව්වක් මතු වීඩියෝ ...

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාලිමා ආණ්ඩුව ඇතුලට වැදුණු 'චිචීගේ රොකට් එක' | රීටා ජෙනට් පෙරේරා | The Leader