The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : "සර් මේකෙ අනතුරක් දකින්නේ නැද්ද?''

T

The Leader Desk

August 9, 2025 • 7:48 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : "සර් මේකෙ අනතුරක් දකින්නේ නැද්ද?''

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් තරුණ සේවා සභාව ගොඩනැගූ අපේක්ෂාවන් මෙන්ම අරමුණු පිළිබඳව හොඳින්ම දන්නේ ඔහුය.
  • " ඔබතුමා මේවා ගැන ප්‍රකාශයක් කලොත් නරක දැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් වරෙක රනිල්ට මතක් කර දුන්නේ මේක සතියකට පමණ පෙරය.
  • කෙසේ වුවද අවසානයේ දිනිත් කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව රනිල් වටහා ගත්තේය.
  • " අපි ලබන ඉරිදා ප්‍රකාශයක් කරමු.
අකුරු ප්‍රමාණය (Font Size):


තමන් තරුණ සේවා සභාව ගොඩනැගූ අපේක්ෂාවන් මෙන්ම අරමුණු පිළිබඳව හොඳින්ම දන්නේ ඔහුය.

" ඔබතුමා මේවා ගැන ප්‍රකාශයක් කලොත් නරක දැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් වරෙක රනිල්ට මතක් කර දුන්නේ මේක සතියකට පමණ පෙරය. රනිල් පුරුදු උපේක්ෂාවෙන්ම තව ටිකක් බලමු යැයි කීය. කෙසේ වුවද අවසානයේ දිනිත් කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව රනිල් වටහා ගත්තේය.

" අපි ලබන ඉරිදා ප්‍රකාශයක් කරමු. ඒකට සූදානම් වෙන්න" රනිල්- දිනිත්, ශානුක ඇතුළු මාධ්‍ය හිතවතුන් කැඳවා දැනුම් දුන්නේය.

ඒ අනුව රනිල් ඉරිදා තරුණ සේවා සභාව සම්බන්ධයෙන් එහි උද්ගතව පවතින වත්මන් අර්බුද මෙන්ම තරුණ සේවා සභාව ගොඩනැගූ අතීතය ගැනත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

WhatsApp Image 2025 08 02 at 9.17.01 PM 1024x682

කොළඹ නවතම සුවිසල් හෝටල් සංකීර්ණය වන City of Dreams විවෘත කිරීමේ උත්සවයට රනිල්ට ද ආරාධනා ලැබ තිබිණි. එහි දකුණු ආසියාවේම ප්‍රධාන කැසිනෝ මධ්‍යස්ථානයක්ද පිහිටා තිබේ. වත්මන් ජනපතිට මෙන්ම හිටපු ජනපතිවරණයටත් ඊට ආරාධනා ලැබ තිබිණි.

හිටපු ජනපති මහින්දටත් ඊට ආරාධනා ලැබ තිබුණත් ඔහු ඊට සහභාගී නොවුණි. ඔහු එදින රවී කරුනායකගේ දියණියගේ මංගල උත්සවයට සහභාගී වීමට ගොස් තිබිණි. මේ හෝටලය විවෘත කිරීම නිමිත්තෙන් මුද්‍රණයක් නිකුත් කිරීම මෙන්ම ජනපතිට තිළිණයක් ලබාදීමද විශේෂත්වයක් විය.

" ජනාධිපති තෑග්ග ගත්තේ වේදිකාවට යන්නේ නැතුව. වේදිකාවේ පහළ ඉඳලා තමයි තෑග්ග අරගෙන තියෙන්නේ" මේ ඕපාදූපය රනිල්ගේ කනේ තිව්වේ විවෘත කිරීමේ උත්සවයට ආරාධනා ලැබ සිටි තවත් දේශපාලකයෙකි.

 

526781951 122124672770891428 8515471253135414376 n

කැසිනෝ රජා ලෙස හැඳින්වූ ජේම්ස් පැකර්ට අනුර එදා විරුද්ධව කතා කළේය. අනුර එදා හිටියේ පැකර් මූනට හම්බ වුනොත් හොම්බට දෙකක් අනිනවා වගේ ගානටය. City of Dreams කැසිනෝ හිමිකරු පැකර්ටත් වඩා ඉදිරියෙන් සිටින්නකු බව ක්ෂේත්‍රය ගැන දන්නා කාටත් නොරහසකි.

දැන් හිටපු ජනපති රනිල්ගේ සමීපතමයන් රහස් පොලිසියට, මූල්‍ය  අපරාධ අංශයට දවස ගානේ ගෙන්වීම අලුත්ම සෙල්ලම වී තිබේ. ඒ දේ කරන්නේ හරියට ආණ්ඩුවක් තිබෙනවා කියා මිනිස්සුන්ට පෙන්නන්නට මෙනි. රනිල් ජනපති අවධියේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා සහ එකල ජනපති ලේකම්වරයා වූ සමන් ඒකනායක රහස් පොලිසියට කැඳවද්දී රනිල්ගේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ සාගල රත්නායක නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.

" ආණ්ඩුවේ උත්සාහය වෙලා තියෙන්නේ අපේ නායක රනිල් මොන ක්‍රමයකින් හරි හිර කරලා තියාගන්න, අර සමහර සත්තු බයට ඇඟට පනිනව කියලා කියනවනේ. අන්න ඒ වගේ තමයි" වජිර මේ සිද්ධි වල සුල මුල පැහැදිලි කරමින් කතා කරන විට රනිල් ඉවත බලාගෙන සිනහවක් පළ කළේය.

 



ආණ්ඩුව දැන් මතක ඇති කාලයක සිට හොරු අල්ලනවා යැයි එකම මන්තරය මතුරමින් සිටී. හෝර රාජපක්ෂ නඩය අල්ලනවා යැයි ඔවුන් උගුර ලේ රස වනතුරු මර ලතෝනි දුන්නද අල්ලපු රාජපක්ෂ කෙනෙක් නැත. මාසෙකට විතර සැරයක් රාජපක්ෂ නාමය තියෙන කෙනෙක් කුදලාගෙන ඇවිත් දවසක් දෙකක් ඇතුලේ තියාගෙන ආපහු ගෙදරට ගිහින් ඇරලවයි. දැන් මේක හරියට පොඩි උන්ගේ හොරා පොලිස් සෙල්ලම ගානට වැටී තිබේ. දැන් අලුතෙන්ම ඇතුලට අරගෙන සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂටද අවසානයේ අත් වන්නේ මේ ඉරණමමය.

"ටික දවසක් නිහඬව ඉඳලා ඔය රාජපක්ෂ දඩයම ආපහු පටන් අරගෙන තියෙන්නේ තරුණ විරෝධය ගැන සමාජය කතා කරන එක මැඩ පවත්වන්න. ආණ්ඩුවට තරුණ විරෝධයට මුහුණ දෙන්න බැරි නිසා ඒවා වෙනසකට යොමු කරන්න උපක්‍රමයක් විදියට ආපහු මේ ඊනියා හොර දඩයම පටන් අරගෙන" චාමර සම්පත් කීවේය.

රාජපක්ෂලාගේ හොරකම් නිසා මේ රටේ කඩා වැටීම සිදුවී තිබෙන බව හුදු වචන වලින් නොව සත්‍ය වශයෙන්ම ඔප්පු කරගන්නට තවම කිසිවකුටත් හැකිවී නැත. නඩු පැවරීම මෙන්ම ගෙදර යාම දැන් චක්‍රයක් වගේ වටේ කැරකෙමින් තිබෙයි.

2015 යහපාලන කාලයේ දූෂණ විරෝධී සභාව මගින් අනුර කුමාර සහ එහි ලේකම්ව සිටි ආනන්ද විජේපාල රාජපක්ෂලාට විරුද්ධව නඩු පැවරුවේය. 2019 වනතුරු ඒ නඩු කටයුතු සිදුවිය. නමුත් 2020 දී ජනතාව යළිත් රාජපක්ෂලාට බලය ලබා දුන්නේය.



election 500 1 800x445

හිටපු ජනාධිපතිලාගේ අයිතිවාසිකම් කැපීම ගැන යළිත් කරළියට කතාබහ පැමිණ තිබේ. මේ හරහා ආණ්ඩුවේ එක අරමුණක් වී ඇත්තේ මහින්ද ගෙදරින් එළියට ඇද දැමීමයි. අනෙක් අරමුණ වන්නේ රනිල්ගේ ආරක්ෂාව අඩු කිරීම ආදිය මගින් ඔහු රට වටා ගොස් දේශපාලන කටයුතුවල නිරත වීම නතර කිරීමයි.

" සර් මේකෙ අනතුරක් දකින්නේ නැද්ද? ඒ අයගේ එකම අරමුණ සර් ආපහු ක්‍රියාකාරී දේශපාලනයට එන එක නැවැත්වීම. ආරක්ෂාව අඩු කළොත් සර්ට ගේ ඇතුළටම වෙලා ඉන්න වෙයි" රනිල් හමුවෙන්නට පැමිණි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් කී කතාවට රනිල්  උත්තර දුන්නේ "මං ඒක බලා ගන්නම්" යනුවෙනි.

xfdfgrr

දේශබන්දුට එරෙහි පාර්ලිමේන්තු ක්‍රියාදාමය මේ සතියේ දේශපාලන ලෝකයේ උණුසුම් මාතෘකාවක් විය. පාර්ලිමේන්තුවේ කෙරුණු ඇතැම් කතා වලින් කියවුනේ කාගේ හෝ බලපෑමට ආණ්ඩුව මේ ක්‍රියාවලිය කඩිනම් කළ බවයි" කාදිනල් තුමාට පාප් ධුරය ලැබුනා නම් ලංකාවත් වතිකානයක් වෙලා තමයි නවතින්නේ යැයි" චාමර සම්පත් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබිණි.

දේශබන්දුට එරෙහි පාර්ලිමේන්තු ඡන්දයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තිස් දෙනෙක්ම ඡන්දය මැගහැර ගොස් තිබීම විශේෂ කතාබහට ලක්වන කරුණක් විය. ඉතිහාසයේ දුර්වලම විපක්ෂ නායකයා ලෙස කිරුළු දරා සිටින සජිත් ක්‍රියාකරන ආකාරය ගැන සමගි ජන බලවේගයේ බහුතරයක් සිටින්නේ දැඩි කලකිරීමකිනි. දේශබන්දුගේ ඡන්දය මගහැරීමෙන්ම පෙන්නුම් කරන්නේ සජබ ඇතුලේ තිබෙන බෙදීමයි.

" ආණ්ඩුවේ නොහැකියාව වැහිලා තියෙන්නේ විපක්ෂ නායක සජිත්ගේ ඊටත් වඩා වැඩි බැරි බැරියාව නිසා" සමගි ජන බලවේගයේම ජ්‍යෙෂ්ඨ නායකයෙක් රනිල් හමුවේ එසේ පවසා තිබිණි.


chdfbryj

පොලිස්පති ධුරය සඳහා නම් කිරීමේදී සේවා පලපුරුද්දම සලකා බැලිය යුතු නැති බව නීති විශාරදයන්ගේ මතයයි. ඉහතදී පොලිස්පති ධුරයේ කටයුතු කර රිචට් අලුවිහාරේ මෙන්ම ඉතිහාසයේ තවත් පොලිස්පතිවරයෙක් එලෙස සේවා කාලයට පිටින් පත්වීම් ලැබ ඇති බව නීති විශාරදයෝ රනිල්ට මතක් කර සිටියහ.

ආණ්ඩුවේ එක මිටට සිටි උදවිය දැන් ටිකෙන් ටික විසිර යමින් ජනපති වෙල මැද තනි වූ ආකාරයක් පෙන්නුම් කරමින් සිටින බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත. පනස් හයේ බණ්ඩාරනායක බලයට පැමිණි විදග්ධ ලේකම් මණ්ඩලයක් ඔහුගේ සවියට සිටියහ. මැතිනියගේ සමයේ පිලිප්, දහනායක වැන්නෝ සිටියහ. මහින්දගේ සමයේ ඔහුට තෙම්පරාදු වූ පළපුරුද්ද තිබිණි. අනුර දෙන් තනිවී සිටින්නේ මේ කිසිවක් නොමැතිවය.

ඇමරිකා තීරු බදු අඩු කිරීම සම්බන්ධයෙන් පැනවූ කොන්දේසි ගැන තවම කතාබහක් නැත. මේ නිසා මේවා අඩුවීම ගැන තවම ඇත්තේ කුකුසකි.



xfgdfgdfgdf

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීම් කිහිපියක්ම නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. මෙම රැස්වීම් සඳහා සභාපති වජිර, මහලේකම් තලතා, උපනායක අකිල, ජාතික සංවිධායක සාගල ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සියලුදෙනාම පාහේ සහභාගී වී සිටියහ.

මෙම රැස්වීම් වලදී පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කිරීම, පක්ෂයට අනුබද්ධ සංවිධාන වන යොවුන් පෙරමුණ, ලක්වනිතා සංවිධානය වැනි සංවිධාන තවදුරටත් ශක්තිමත් කර මහජනයා අතරට ගෙනයාම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

පක්ෂයේ නීති සංගමය සහ විශ්‍රාමික රජයේ නිලධාරින්ගේ සංගමය පිහිටුවීමට නායක රනිල් උපදෙස් දී තිබුණි.

පක්ෂය ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීම් වාර කිහිපයක්ම මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැති අතර විශ්‍රාමික රජයේ නිලධාරීන්ගේ හමුවක් ද නායක රනිල්ගේ සහ සභාපති වජිරගේ ප්‍රධානත්වයෙන්  කොළඹදී පැවැත්විණි.

එජාපයට හිතවත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම හමුවට සම්බන්ධ වී තිබිණි.

 

1720435067 government employees L

රටේ වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට එරෙහිව ගෙනයන මර්දනකාරී ක්‍රියා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි. රනිල් මෙහිදී රාජ්‍ය සේවය අද මුහුණදෙන තත්ත්වය සහ ඒ හරහා ඉදිරියේදී රටට සිදුවන හානිය පිළිබඳව මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබුණි.

කෙසේ වෙතත් මෙම හමුව පිළිබඳව ඇතැම් පාර්ශව සමාජ මාධ්‍ය හරහා වෙනත් ආකාරයක කතා බහක් ප්‍රචාරය කරන බවක් දක්නට ලැබුණේ පසුගිය සති අන්තයේ වජිරගේ දුරකථනයට ලැබුණු වට්ස්ඇප් පණිවිඩයකිනි.

එක්තරා යුටියුබ් නාලිකාවක් විසින් වජිර සහ නායක රනිල් සම්බන්ධ කරමින් වැරදි තොරතුරක් සමාජගත කිරීමට දරන උත්සාහය දැක්වෙන මෙම වීඩියෝව වජිරට එවා තිබුණේ හිතවත් එජාප පාක්ෂිකයෙක් විසිනි.

 



මෙම වීඩියෝවේ සඳහන් වන පරිදි එම නාලිකාව විසින් ප්‍රචාරය කර තිබුණේ “වජිරගෙ ගෙදර ගිය මාලිමා මන්ත්‍රීලා කවුද ?” යනුවෙනි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු කාරණා සොයා බැලීමේදී ඔහුගේම වෙනත් නාලිකාවක් හරහා තවත් වීඩියෝවක් මුදාහරිමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ, “මාලිමා මන්ත්‍රීවරු රනිල්ගෙ අගසව් නිවසට, අලුත් ආණ්ඩුවකට සාකච්ඡා” යනුවෙනි.

මේ අසත්‍ය ප්‍රචාර ගෙන යන අය පසුගිය රනිල් ආණ්ඩු සමයේ ලොකුම තැන මාධ්‍ය ඒකකයේ ලොක්කෙක් ලෙස කටයුතු කිරීම හොඳම විහිළුවයි.

මෙම වීඩියෝව දැකීමෙන් අනතුරුව වජිරට  හිතවතුන් සහ පාක්ෂිකයින් පිරිසකගෙන් දුරකථන ඇමතුම් රැසක් ලැබිණි. ඒවාට උත්තර දෙමින් වජිර කීවේ" මාත් ඔය කියන වීඩියෝ එක දැක්කා. එයාට කිය කිය පොලිටිකල් ගේම් ප්ලේ කරන්න මටවත්, නායකතුමාටවත් පිස්සුවක් නෑ" යනුවෙනි.


(සටහන | මල් පාරේ ලියුම්කරු ) 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...