The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : යෞවන සමාජය සහ සංගම් රත්නලා

T

The Leader Desk

August 10, 2025 • 10:06 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : යෞවන සමාජය සහ සංගම් රත්නලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවයිනේ විවිධ පළාත්වලින් තරුණ තරුණියෝ යෞවන සමාජය පටිගත කිරීම්වලට පැමිණියහ.
  • එහෙත් කිසිදු ගැටුමක් ඇතිවුණේ නැත.
  • පහන් වැටෙහි මෙන්ම, යෞවන සමාජය තුළ ද ඇතිවූ මිත්‍රත්වයන් නොබිඳි පැවතුණි.
  • ධර්මසිරි ගමගේ පහන් වැටෙන් මුල් පියවර ලැබුවෝ කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් ගිය අතර, යෞවන සමාජයෙන් බිහිවූවෝ මෑතකදී “නොනිමි කවි සිත්” (2024) නමින් කව් එකතුවක්ද පළ කළෝය.
අකුරු ප්‍රමාණය (Font Size):

දිවයිනේ විවිධ පළාත්වලින් තරුණ තරුණියෝ යෞවන සමාජය පටිගත කිරීම්වලට පැමිණියහ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝද ඒ අතර වූහ. විවිධ දේශපාලන මතිමතාන්තර තිබූ අය ඒ අතර සිටියහ. එහෙත් කිසිදු ගැටුමක් ඇතිවුණේ නැත. පහන් වැටෙහි මෙන්ම, යෞවන සමාජය තුළ ද ඇතිවූ මිත්‍රත්වයන් නොබිඳි පැවතුණි.

dharmasiri gmageධර්මසිරි ගමගේ

පහන් වැටෙන් මුල් පියවර ලැබුවෝ කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් ගිය අතර, යෞවන සමාජයෙන් බිහිවූවෝ මෑතකදී “නොනිමි කවි සිත්” (2024) නමින් කව් එකතුවක්ද පළ කළෝය.


මට මේ පූර්විකාව කියන්නට සිතුණේ ඊයේ පෙරේදා අසන්නට දකින්නට ලැබුණු යෞවන සමාජ ‘ගෝරි’ නිසාය.

දේශපාලනය යනු ඇතුවත් බැරි, නැතුවත් බැරි සමාජයීය අවශ්‍යතාවකි. එහෙත්, ඒ නිසා කුළල් කාගැනීම් ඇතිවන්නේ නම්, ඒ දේශපාලනය නිසා නොව, දේශපාලනය බදාගත්තවුන්ගේ නොමනා හැසිරීම් හේතුවෙනි.

 

ගිය තැන ‘හා’ ගන්නේ, අඳ බාලයන්ය. දේශපාලනය නිසා ‘ගා’ ගන්නේද, එබඳු ඔලමොට්ටලයන් බව අමුතුවෙන් කිවයුතු නැතුවා සේම, එය යෞවනයන්ට නොව, ඔවුන්ගේ අප්පලා බාප්පලා සහ මහප්පලාටත් පොදුය.

මෙකී සමාජවල අරමුණ, ඉලක්කය යහපත්ය. එහෙත් ප්‍රශ්න මතුවන්නේ ක්‍රියාකාරීත්වය තුළිනි.

“සමගිය බලය වේ” වැනි ආදර්ශ පාඨයක් මේ සියලු සමාජ සඳහා සුදුසුය. එහෙත්, එය සමගි ජනබලවේගයට වාසිදායක යැයි තව පිරිසක් විරුද්ධ වනු ඇත. “එක් මිටට අත්වැල් බැඳ පෙරටම යමු” හෝ “නිවැරදි දිශාවට එක්ව පා තබමු” වැනි පාඨයකට මාලිමා විරෝධීන් එකඟ නොවනු ඇත. ‘මාලිමාව’ යනු, නිවැරදි දිශාව පෙන්වන යන්ත්‍රයකි.

ඕනෑම සංගමයක් පවතින්නේ සාමූහිකව වැඩ කිරීමේ ගුණය මතය. එකමුතු වටු කුරුල්ලෝ දැල ඔසවාගෙන ගිය අයුරු නොදන්නා ළමයෙක්, ගැටවරයෙක් නැත. දර මිටිය නොබිඳිය හැකි බවද, තනි තනි කෝටුව පහසුවෙන් බිඳෙන බවද, බාලාංශයේ සිටම කියා දෙති. එහෙත්, බල තණ්හාවේදී මේ සියලු ‘පාඩම්’ කැලේ යයි. කිරි කළේට දේශපාලන බිංදුවක් දැමූ සැණින් සියල්ල ‘වහ’ වෙයි.

යළි පනවන සලාක ක්‍රමය සමග ශ්‍රී ලංකාව නැවත 70 දශකයට

සමගි පෙරමුණු (ශ්‍රී.ල.නි.ප. - සමසමාජ – කොමියුනිස්ට් ප්‍රධාන පක්ෂ) රජය බිහිවූ කාලයේ ගමක් ගමක් පාසා “ජනතා කොමිටි” නමින්, කුඩා සමිති විශේෂයක් ක්‍රියාත්මක වුණි. නමින් ජනතා වුණද, ඒ කොමිටිවල සිටියේ ආණ්ඩුවට සපෝට් කළ ජනයාම පමණි. එසේම, ඒ කමිටුවල ජනයා තම තමන්ටම වැඩ කරගත්තා මිස, ජනයාට කළ දෙයක් නම් නැත.

ඒ කාලේ ආහාර ද්‍රව්‍ය හැම දෙයක්ම ලබාගත හැකි වුණේ සමූපකාරයෙනි. එහෙත්, බොහෝ වෙලාවට සමූපේ හිස්ය. ඒවා පස්ස දොරෙන් ජනතා කමිටු කට්ටියගේ ගෙවල්වලය.

එක් ගමක ජනතා කමිටුකාරයෙක්ව, එකල තිබූ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (නම මගේ මතකයේ හැටියටය) වතු පාලක තනතුරකටද පත් කෙරුණි. දියට දැමූ ඉබ්බා මෙන් ඔහුද “ඇන්නෑවේ”යි කියමින් එය බාර ගත්තේය. වතු පාලනය තබා ගෙවතු පාලනය ගැනවත් මෙලෝ සම්මයක් නොදත් ඔහු, ගිය දා සිට කළේ වත්තේ ඇති සියලු දෑ ගෙදරට ඇදීමය.

 

189a3303 7390 4ad8 a708 eb26aaf283cb 1024x799
වතු බංගලාවේ පරණ ශීතකරණයක් තිබුණි. ඒ කාලයේ ඒවා අති සුඛෝපභෝගී, දුලබ භාණ්ඩය. ජනතා කොමිටිකාරයා, ඒ ශීතකරණයද වත්තේ ලොරියක දමාගෙන ගෙදර ගෙන ආවේය. එහෙත්, ඔහුගේ නිවෙසේ විදුලි බලය නැත. ඒ නිසා ශීතකරණය තුළට පරණ එක්සයිස් පොත්, පත්තර හා හිස් බෝතල් වැනි දෑ පැටවුණි.

පවුලේ උදවිය ඡායාරූප ගන්නා විට, ශීතකරණය පසුබිමේ දිස්වන අයුරින් පෙනී සිටීමට අමතක කළේ නැත. පසු කලෙක ඔවුන්ම ඒ ශීතකරණය නම්කළේ “ෆොටෝ ෆ්‍රිජ්” යනුවෙනි.

ජනතා කොමිටි ජනතාවගේ බලවත් අප්‍රසාදයට ලක් විය. යෞවන සමාජ ඒ තැනට පත්විය යුතු නැත. ඔවුන් වැඩේ නොකළොත් මෙසේ අසන්නට වනු ඇත. “යෞවන සමාජවලට පත් කළ යුත්තේ අත්දැකීම් ඇති උදවියය. අත්දැකීම් ඇත්තේ හැට පැනපු අයටය.”


කපිල කුමාර කාලිංගගේ හීසරය : දින්නත් වැඩක් නැති - සභාපති(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...