The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලක්මාලි ට්‍රැවල්ස් එකසියපනස්පහ | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

August 12, 2025 • 5:53 AM

ලක්මාලි ට්‍රැවල්ස් එකසියපනස්පහ | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රූට් එකේ දැන් බස් නොදුවන බව මතක් වුණෙත් එතකොටයි.
  • තව එකක් තිබුණා ඔය වගේ ටොරිංටන්, ජාවත්ත පැත්තෙන් ගිහින් නුගේගොඩ යන පිටකෝට්ටෙ-පිටකොටුව 115ක්.
  • ඉස්සර තිබුණා, 134 අංගොඩ-ගල්කිස්ස, 131 මහරගම-කොළොන්නාව, 167 දෙහිවල-තොටළඟ වගේ බස් සේවා හැටහුටහමාරක් කොළඹ.
  • පොදු ප්‍රවාහනයට නම් කරපු දෙයක් ඇත්තෙම නැහැ නේද?
අකුරු ප්‍රමාණය (Font Size):


155 රූට් එකේ දැන් බස් නොදුවන බව මතක් වුණෙත් එතකොටයි. ඔය බස් දිව්වෙ මට්ටක්කුලියේ සිට රත්මලාන සොයිසාපුර දක්වා. හෙන දිග රූට් එකක්. ඉස්සර කොන්දලා කෑගහලා බස් ලෝඩ් කරනකොට කියන දිගම හෑල්ල. ගල්කිස්ස-දෙහිවල-මිරිස්මෝල හන්දිය-වැල්ලවත්ත-බම්බලපිටිය-තුම්මුල්ල-කැම්පස්-ග්ලාස් හවුස්-ටවුන්හෝල්-ඉබ්බන්වල හන්දිය-ගාමිනී හෝල්-මරදාන-ආමර් වීදිය-කොස්ගස් හන්දිය-කොටහේන-හෙට්ටියාවත්ත-මෝදර-අලුත් මාවත-මට්ටක්කුලිය වගේ දිග හෑල්ලක් කියනවා.



ඔය හෑල්ලෙ හැටියට කොළඹට පිටින් පටන් අරන් කොළඹ හය, හතර, හත, දහය, දොළහ, දහතුන , පහළොව ඔක්කොගෙම යන බස්සෙකක්.

හැබැයි ඉතින් නැවතුණා. නැවතුනේ හේතු ඇතිව. බඩවැල වගේ දිව්වට ප්‍රයිවෙට් බස්කාරයන්ට ලාභ නැහැ. උන් හිමින් සැරේ අයින් වුණා. මීටර් ටැක්සි, මීටර් නැති ටැක්සි, පික්මී, ඌබර්, මොටෝ සයිකල්, ඔෆිස් ට්‍රාන්ස්පෝට්, හයිවේ ආවා. පාතාලෙත් පුළුල් වුණා. සීටීබීකාරයන්ව කොහොමත් ෂුවර් නැහැ. ඕකුන් ලක්මාලිව අන්දලා සද්දෙට ඕක විවෘත කළාට වැඩි කාලයක් දුවන්නෙ නැහැ. තුම්මුල්ලෙ ඉඳන් රත්මලානට ඕකුන්ට එකසියපනස්හතරෙන් තර්ජන එනවා.

ඔය බස්සෙකක ඉස්සර යනව කියන්නෙ ලව් එකෙන් ළමයිත් හම්බ වෙනවා.

ඔය වගේ අල වෙලා ගිය තව බස් රූට් කීයක් කොළඹ තියෙනවද? ප්‍රසිද්ධ ඒවා දෙක තුනක් මතක් වෙනවා. මතකද 112? කොටහේන-මහරගම. වරාය පැත්තෙන් ඇවිත් ගාලු පාරෙන්, ඩික්මන් පාරෙන්, තිඹිරිගස්යායෙන් තමයි ගියේ. තව එකක් තිබුණා ඔය වගේ ටොරිංටන්, ජාවත්ත පැත්තෙන් ගිහින් නුගේගොඩ යන පිටකෝට්ටෙ-පිටකොටුව 115ක්.

155 bus
102 වත්තල-බම්බලපිටිය මෑතක් වන තුරු තිබුණා. 140 කොල්ලුපිටිය-වැල්ලම්පිටියත් දැන් නැහැ. ඉස්සර තිබුණා, 134 අංගොඩ-ගල්කිස්ස, 131 මහරගම-කොළොන්නාව, 167 දෙහිවල-තොටළඟ වගේ බස් සේවා හැටහුටහමාරක් කොළඹ. ඒ හැම එකක් ගැනම අතීතකාමී කතා තියෙන එය එමටයි. ඒ බස්වලදි ඇසට ඇස ගැටිලා, කසාද බැඳලා, ළමයි හම්බ වෙලා බ්ලා බ්ලා බ්ලා. ඔය ඔක්කොම නැවත පටන් ගන්න ගියොත් ලක්මාලි මැතිනියට සළු පළන්දලාම ඉවරයක් නැති වෙයි.

මුලින්ම කරන්නට ඕනැ වෙළඳපොළ අධ්‍යයනයක්. එහෙම කළා නම් ඔය බස් සේවය නැවත පටන් ගන්නට අවශ්‍යද, පවත්වාගෙන යන්නට පුළුවන්ද වගේ කාරණා සාක්ෂි සහිතව දැනගන්න තිබුණා.

odyssy

 

ජාතික ජන බලවේග ආණ්ඩුව ෆියුචර් ටෙන්ස් එකෙන් පොදු ප්‍රවාහනයට හෙන සේවයක් කරනවාය කියල කියනවා. අර ප්‍රසන්න ගුණසේන කියන නියෝජ්‍ය ඇමතිතුමා එක වැඩක් නම් කරල තියෙනවා. අර හොර පාරෙන් යන උඩරට දුම්රිය මාර්ගයේ ටිකට් හරි පාරෙන් යන විදියක් හදලලු. ඒ වුණාට ඒවත් පොදු ප්‍රවාහනය නෙමෙයි මෙයා. ඒව ට්‍රිප් ප්‍රවාහනය. පොදු ප්‍රවාහනයට නම් කරපු දෙයක් ඇත්තෙම නැහැ නේද?

මහින්ද ජයසිංහ බාප්පා සහ ටීචර් අම්මා | අජිත් පැරකුම් ජයසිංහ(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලක්මාලි ට්‍රැවල්ස් එකසියපනස්පහ | අජිත් පැරකුම් ජයසිංහ | The Leader