The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මුස්ලිම් පිරිමින්ට කංසා භාවිතයට ආගමික නිදහසක් තිබේ ද?- රජයේ මුල්ම කංසා ව්‍යාපෘතියට ටීකාවක්

T

The Leader Desk

August 14, 2025 • 6:43 AM

මුස්ලිම් පිරිමින්ට කංසා භාවිතයට ආගමික නිදහසක් තිබේ ද?- රජයේ මුල්ම කංසා ව්‍යාපෘතියට ටීකාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති වරයාගේ විෂය පථයට අයත් මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය ඒ සඳහා ක්‍රියාකාරී දායකත්වය සපයන බව ද පැවසෙයි.
  • නමුත් තමන් ඒ වගා කිරීමේ හිමිකම ඇත්තේ විදේ­ශීය ආයෝ­ජ­ක­යන්ට පමණක් බව එම මණ්ඩලය පවසයි.
  • ඔවුනට කංසා නීත්‍යනු­කූ­ලව වගා කිරී­මට අව­සර ලබා දී ඇත්තේ වගා කරන ලද කංසා ශ්‍රී ලංකාව තුළ භාවිත නොකර සම්පූ­ර්ණ­යෙන්ම අප­න­ය­නය සඳහා පම­ණක් බව ද ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය පව­සයි.
  • බීජ, කොළ, මුල් ආදී වශයෙන් වන කංසා ශාකයේ ඕනෑම කොට­සක් බාහිර පරි­ස­ර­යට මුදා හැරී­මෙන් තොරව විනාශ කිරී­මට දැඩි නීති සහ රෙගු­ලාසි පන­ව­මින් සිටින බව එම මණ්ඩ­ලය පව­සයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනාධිපති වරයාගේ විෂය පථයට අයත් මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය ඒ සඳහා ක්‍රියාකාරී දායකත්වය සපයන බව ද පැවසෙයි.
 
නමුත් තමන් ඒ වගා කිරීමේ හිමිකම ඇත්තේ විදේ­ශීය ආයෝ­ජ­ක­යන්ට පමණක් බව එම මණ්ඩලය පවසයි. ඔවුනට කංසා නීත්‍යනු­කූ­ලව වගා කිරී­මට අව­සර ලබා දී ඇත්තේ වගා කරන ලද කංසා ශ්‍රී ලංකාව තුළ භාවිත නොකර සම්පූ­ර්ණ­යෙන්ම අප­න­ය­නය සඳහා පම­ණක් බව ද ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය පව­සයි.
BOI logo bg
 
බීජ, කොළ, මුල් ආදී වශයෙන් වන කංසා ශාකයේ ඕනෑම කොට­සක් බාහිර පරි­ස­ර­යට මුදා හැරී­මෙන් තොරව විනාශ කිරී­මට දැඩි නීති සහ රෙගු­ලාසි පන­ව­මින් සිටින බව එම මණ්ඩ­ලය පව­සයි.

ශ්‍රී ලංකාවේ පව­තින නීති සහ රෙගු­ලා­සි­ව­ලට අනු­කූ­ලව මෙම වගා­වන් දැඩි ආර­ක්ෂක පිය­වර යටතේ සිදු කෙරෙන බව ද ආයෝ­ජන මණ්ඩ­ලය අවධාරණය කරයි.

මෙම කංසා වගා කිරීමේ ව්‍යාපෘ­තිය ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය විසින් අධී­ක්ෂ­ණය කරනු ලබන අතර, මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය ද එයට සහාය දක්වනු ඇත මෙම ව්‍යාපෘ­තියේ මූලික අර­මුණ වන්නේ කංසා භාවි­ත­යෙන් ඖෂධ නිෂ්පා­ද­නය සහ පර්යේ­ෂණ සඳහා නිෂ්පා­දන අප­න­ය­නය කිරී­මයි.ඒ අනුව මෙහි කිසිදු දේශීය සම්බන්ධයක් නැත.
 
 
වාර්තා වන පරිදි මෙම ව්‍යාපෘ­තිය සඳහා ඉදි­රි­පත් කරන ලද අය­දු­ම්පත් තිස් හතෙන්, සුදු­සු­කම් සපුරා ඇති විදේ­ශීය ආයෝ­ජ­ක­යන් හත් දෙනකු මේ වන විට තෝරා­ගෙන තිබේ. මුල දී ඔවුන්ට මාස හයක මූලික කාල­යක් සඳහා තාව­කා­ලික බල­ප­ත්‍ර­යක් නිකුත් කර ඇත. මෙම කාලය තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියා­ත්මක කරන ආකා­රය අනුව වගා කාලය අනා­ග­තයේ දී දීර්ඝ කිරී­මට නිය­මි­ත ය.
කංසා වගාවට ආයෝජකයින් කැඳවීමට කැබිනට් පත්‍රිකාවක්
 
ව්‍යාපෘ­තිය ආරම්භ කිරීම සඳහා ආයෝ­ජ­ක­යකු අවම වශ­යෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 5ක මූලික ආයෝ­ජ­න­යක් කළ යුතු අතර, අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2ක බැඳු­ම්ක­ර­යක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු බව ද කියනු ලැබේ.

අප රටේ කංසා වගාව සම්බන්ධ විශාල සමාජ කතිකාවක් ඉකුත් කාලයේ ඇති විය. එහි දී ඇතැමුන් පවසා සිටියේ කංසා යනු මෙලොව ඇති අති ප්‍රබල ශක්ති ජනක ඔසුවක් බව ය. එමෙන්ම ඊට රාවණා රජ දවස තෙක් විහිද යන අති දීර්ඝ ඉතිහාසයක් ඇති බව ද සමහරෙක් කීහ. මේ අතර රජයේ දැඩි නියාමනයකට යටත්ව අපනයනය සඳහා කංසා වගා කිරීමට ආයෝජකයින්ට අවසර ලබාදීම 2024 අප්‍රේල් මාසයේ දී එවක දේශීය වෛද්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සිසිර ජයකොඩි අමාත්‍යවරයා විසින් යෝජනා කළ ව්‍යාපෘතියක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ද පවසා තිබුණි.
 
01 2 01 1

පසුගිය රජය විසින් අනුමැතිය ලබා දුන් මෙම ව්‍යාපෘතිය මේ වන විට අඩුපාඩු සකස් කරමින් ඉදිරියට ගෙනයමින් පවතින බව ඔහු පවසා තිබුණේ ඉකුත් 12 දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

සාමාන්‍යයෙන් පසුගිය රජයන් විසින් කරන ලද යහපත් දේ සම්බන්ධයෙන් මුනිවත රැකීම වත්මන් ආණ්ඩුව ස්වාභාවික මැලි කමක් දක්වන අතර ඉන් යහපත් දේ පිළිබඳ අයිතිය තමන් සතු කර ගැනීමට වෙහෙසෙන බව ප්‍රසිද්ධ රහසකි. ඒ පසුගිය මැතිවරණ මුල් කොට ඔවුන්ගොඩ නැඟූ “හැත්තෑ හය වසරක සාපය “නම් වන ප්‍රවාදයට හා ප්‍රලාපයට ඉන් හානි සිදුවන බැවිනි.
 
එහෙත්, ඉහත සඳහ අප රටේ කංසා වගාව නම් වන විෂයේ බැලූ බැල්මටම තරමක අවුලක් පවතින නිසා එහි ආරම්භය පසුගිය “ශාපලත් සමය”ට බැර කිරීමට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස නොපසුබට ව ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලි ය. ”මේ ජාතියේ වැඩ” ඔවුහු දැන් නිතර නිතර කරති. නමුත් ඉන් බාගෙට බාගයක් ජනතාව හමුවේ අනාවරණය වෙමින් තිබේ.
joint
 
කංසා යනු ඖෂධීය සංඝටක සහිත ශාඛයක් සේම මත් කාරකයකි. නමුදු එහි ශාඛ සාරය ඒ සඳහා යොදනු පිණිස ශාඛ පත්‍ර වියළා ඒවායේ දුම් ඉරීම කෙසේවත් අනුමත නොකෙරේ. නිසැක ලෙසම එය බරපතල අවභාවිතයකි.

මේ අතර පොදුවේ ශ්‍රී ලාංකේය සමාජයේ ඇතැම්හු මෙසේ කංසා දුම් ඉරීමට ඉස්ලාම් ආගම මඟින් මුස්ලිම් වරුන්ට අවසර දී ඇති බවක් පවසනු අපි අසා ඇත්තෙමු.

විශේෂයෙන් මුස්ලිම් ජාතික පිරිමින්ට ප්‍රජනන කාරිය සඳහා අවශ්‍ය පුරුෂ ශක්තිය වඩවා ගැනීම පිණිස කංසා භාවිතයට ඉඩ දී ඇතැයි යන්න ජනප්‍රිය මතයකි. එය ඉස්ලාමයේ සීමිතව සිදු වන බහු භාර්යා සේවනය මත පදනම් වන්නක් බව ද පෙනේ. මෙම පැනය මුස්ලිම් නොවන මිතුරියන් අප ගෙන් ද අසා තිබේ. නමුත් මෙම බහු භාර්යා සේවනය අතිශය අසීරු කොන්දේසි මාලාවකට යටත්ව ඉස්ලාමයෙන් නිර්දේශ වන්නක් මිස ඉස්ලාමයේ අනුමැතිය හිමි වන්නක් නොවන බව බොහෝ දෙනෙක් නොදනිති.

මේ සම්බන්ධයෙන් වෙනම කිවයුතු කරුණු රැසක් තිබේ.
 
islam worship
ඉස්ලාම් දහම තුළ මනැස විකෘති කරන සියල්ල භාවිතය තහනම් කර ඇත. ඉස්ලාම් භක්තිකයකු යනු සෑම විටෙකම දෙවියන් නමැදීමට හෙවත් සලාතයට සූදානමින් සිටිය යුත්තකු ලෙස සලකනු ලැබේ. එමෙන්ම එය සිහි විකලතාවයකින් යුතුව කළ නොහැකි නිසා එය අකැප (හරාම් ) ලෙස සලකනු ලැබේ. බොහෝ ඉස්ලාම් විද්වතුන් කියා සිටින්නේ, කංසා ද මත් බව ඇති කරන ද්‍රව්‍යයක් වන නිසා, එය භාවිත කිරීම ද හරාම් බවයි.
කෙසේ වෙතත්, වෛද්‍යමය හෝ චිකිත්සක අරමුණු සඳහා කංසා භාවිතය සම්බන්ධයෙන් විවිධ මත තිබිය හැකි ය. එය වෛද්‍යවරයකුගේ නිර්දේශය මත රෝගයක් සඳහා ඖෂධයක් ලෙස භාවිත කිරීම පිළිබඳව සමහර විද්වතුන් අතර වෙනස් අදහස් පවතී. විශේෂයෙන් මෙම මතය ප්‍රචලිත වී ඇත්තේ අරාබි සම්භවයකින් යුතු යුනානි වෛද්‍ය ක්‍රමය ඖෂධීය වශයෙන් කංසා භාවිතය සිදු කරන නිසා ය.
 
Banner 04
එමෙන්ම ඇතැම් රටවල් කංසා සතුව ඇති ඖෂධීය ගුණාංග නිසා එය වෛද්‍යමය අරමුණු සඳහා භාවිත කිරීමට අවසර දී ඇත. උදාහරණයක් ලෙස සමහර රටවල වේදනා නාශකයක් ලෙස හෝ වෙනත් රෝග සඳහා ඖෂධයක් ලෙස කංසා යොදාගනී. එහි ඇති Cannabinoids නම් සංඝටක බටහිර ඖෂධ සඳහා ද යොදා ගැනේ. නමුත් බොහෝ මුස්ලිම් රටවල්කංසා භාවිතය, වගා කිරීම සහ වෙළඳාම දැඩි ලෙස තහනම් කර ඇත. මේවාට සෞදි අරාබිය සහ ඉරානය වැනි රටවල් අයත් වේ.
 
ලොව සෙසු ජාතීන්ට සාපේක්ෂව මුස්ලිම් පිරිමින් ලිංගික ශක්තිය වඩවා ගැනීම පිණිස කාමෝද්දීපක (Aphrodisiac) පාවිච්චි බවට ද ප්‍රසිද්ධ මතයක් තිබේ. එය ඉස්ලාම් ආගමේ සෘජුවම තහනම් කර නැතැයි පවසන අතර බොහෝ මුස්ලිම් විද්වතුන් පවසන්නේ එය ඉස්ලාමීය නීතියට (ශරියා) පටහැනි නොවන බවයි. නමුත් මෙම කාමෝදීපක ගැනීමේ දී මුස්ලිම් වරුන් සැලකිය යුතු කරුණු හතරක් පිළිබඳව මුස්ලිම් විද්වතුන් අතර පොදු එකඟතාවක් තිබේ. ශරීරයට හානිකර නොවීම, ධන හානියට හේතු නොවීම, සිහි මුලාව පත් නොවීම සහ ඇබ්බැහියාවකට ලක් නොවීම යන්න ඒ කරුණු සතර ය.
ඒ අනුව මුස්ලිම් වරුන්ට කාමෝද්දීපක භාවිතයට දී ඇති ආගමික නිදහස ගැන ඔබට ද සිතා ගත හැකි වනු ඇත.

(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුස්ලිම් පිරිමින්ට කංසා භාවිතයට ආගමික නිදහසක් තිබේ ද?- රජයේ මුල්ම කංසා ව්‍යාපෘතියට ටීකාවක් | The Leader