The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාළහාමි නිලයේ සිට ඉහළ නැඟ පොලීසියේ ඉහළම පුටුව හිමි කර ගත් නව පොලිස්පති

T

The Leader Desk

August 15, 2025 • 8:11 AM

රාළහාමි නිලයේ සිට ඉහළ නැඟ පොලීසියේ ඉහළම පුටුව හිමි කර ගත් නව පොලිස්පති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක් වූ තමන්ට මෙම තනතුර තෙක් ඒමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත්, අපරාධ හා ප්‍රචණ්ඩත්වය ගැන බියකින් තොර විශ්වාසයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කැපවන බවත් මෙරට මහ ජනතාව හමුවේ ප්‍රකාශ කරමිනි.
  • උණුසුම් හා ගාම්භීර පොලිස් උත්තමාචාර මධ්‍යයේ පොලිස් මුලස්ථානට පැමිණි නව පොලිස්පතිවරයා එහි දී වැඩි දුරටත් සඳහන් කර සිටියේ, තමන් අට ලෝ දහම හොඳින් හුරු පුරුදු කෙනකු බවත්, පොලීසියේ ගෞරවය හා ප්‍රෞඩත්වය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.
  • පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බව ද නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එහි දී පැවසීය.
  • විනයානුකූල පොලීසියක් සකස් කිරීම තම එකම අභිප්‍රාය බවත් එය තමා ඉහළින්ම සලකන බවත් පැවසු නව පොලිස්පතිවරයා තමන්ව පොලිස්පති ධුරයට පත්කළ සියලු දෙනාට ස්තූතිය පළ කරන බවත් එහි දී කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක් වූ තමන්ට මෙම තනතුර තෙක් ඒමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත්, අපරාධ හා ප්‍රචණ්ඩත්වය ගැන බියකින් තොර විශ්වාසයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කැපවන බවත් මෙරට මහ ජනතාව හමුවේ ප්‍රකාශ කරමිනි.



උණුසුම් හා ගාම්භීර පොලිස් උත්තමාචාර මධ්‍යයේ පොලිස් මුලස්ථානට පැමිණි නව පොලිස්පතිවරයා එහි දී වැඩි දුරටත් සඳහන් කර සිටියේ, තමන් අට ලෝ දහම හොඳින් හුරු පුරුදු කෙනකු බවත්, පොලීසියේ ගෞරවය හා ප්‍රෞඩත්වය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.

පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බව ද නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එහි දී පැවසීය.

විනයානුකූල පොලීසියක් සකස් කිරීම තම එකම අභිප්‍රාය බවත් එය තමා ඉහළින්ම සලකන බවත් පැවසු නව පොලිස්පතිවරයා තමන්ව පොලිස්පති ධුරයට පත්කළ සියලු දෙනාට ස්තූතිය පළ කරන බවත් එහි දී කියා සිටියේය.

 

ප්‍රියන්ත වීරසුරියට ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ සුවිශේෂ තැනක් හිමි වේ. පොලිස් කොස්තාපල් පදවියේ සිට උප පොලිස් පරික්ෂක සහ සහකාර පොලිස් අධිකාරි ධුරවල සේවය කරමින්, පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා වශයෙනි. මින් පෙර පත් වූ සෑම පොලිස්පති වරයකුම සහකාර පොලිස් අධිකාරී හෝ උප පොලිස් පරීක්ෂක ශ්‍රේණි වලින් තම රාජකාරී ජීවිතය ආරම්භ කරන ලද්දෝ වෙති.

1969 වසරේ පෙබරවාරි මස 9 වන දා දකුණු පලාතේ දොඩම්ගොඩ ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක උපත ලැබූ ප්‍රියන්ත වීරසූරිය හෙවත් වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත සිය ප්‍රාථමික අධ්‍යාපනය දොඩම්ගොඩ නෑහින්න ද්විතීයික පාසලෙන් ලබා ද්විතීයික අධ්‍යාපනය සඳහා කළුතර ඥානෝදය මහා විද්‍යාලයට ඇතුළු විය. එහිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් ව තිබේ.

ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ එම සුදුසු කම මුල් කරගනිමිනි. එලෙස පොලිස් සේවයට එක්වූ “ප්‍රියන්ත රාළහාමි” 1988 වසරේ සිට 1992 දක්වා වූ කාල සීමාවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ රථවාහන සහ අපරාධ කොට්ඨාසයන්හි සේවය කොට තිබේ.

1990 වසරේදී ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දෙනුයේ ද පොලීසියේ රාජකාරී කරමින් හිඳින අතරේ දීම වීම විශේෂත්වයකි. ඉන් සමත් වූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළු වීමට වරම් ලබා ගත් අතර 1992 අගෝස්තු 2 වන දින ඔහු පරිවාස උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස බඳවා ගැනීමත් සමඟ මෙම දිගු ගමන ඇරඹුණි.

56u5u656u
1993 ජූලි 1 වන දින, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වීමෙන් ඔහු දිගු අධ්‍යයන ගමනකට මුල පිරීය. සිය අධ්‍යයන කටයුතුවලට අමතරව මරදාන අපරාධ අංශයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති හා ස්ථානාධිපති මෙන් ම මාලිගාවත්ත සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානවල ස්ථානාධිපති යන ධූර දැරූ ප්‍රියන්ත ඊටත් අමතරව, යුද්ධ සමයේදී උපායමාර්ගිකව වැදගත් ස්ථානයක් වූ කොක්එළිය පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස ද ඔහු සේවය කොට තිබේ.

ඒ වන විට තම උසස් අධ්‍යාපන සුදුසු කම් සපුරාගෙන සිටි ප්‍රියන්ත වීරසූරිය, කිරුළපන සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කොට තිබේ. ඒ, ඔහු නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමටත් පෙර සිට ය.

කොස්තාපල් වරයකු ලෙස පොලිස් සේවයට එක් වීමෙන් වසර එකොලහකට පසු 1999 මාර්තු 5 වන දින ඔහු (පරිවාස) සහකාර පොලිස් අධිකාරී ධූරයට පත් වීම ද සුවිශේෂ සිදුවීමක් වනුයේ එවැනි වේගවත් උසස් වීම් ශ්‍රී ලංකා පොලීසිය තුළ සිදු නොවන බැවිනි.

පසුව 2007 ජනවාරි 1 වන දින, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග නැගෙනහිර ටිමෝරයේ සේවය කිරීමට අවස්ථාව ලැබුණු අතර ඔහු 2008 මාර්තු දක්වා එහි සේවය කොට තිබේ.ඒ ඔහු ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් අධිකාරී තනතුරක් දරන අතරේ ය.

 

b46i78i


එම මෙහෙවර නිමා කොට නැවත දිවයිනට පැමිණි පසු ඔහු මඩකලපුව කොට්ඨාසය භාර නිලධාරියා ලෙස පත් වී ඇත.

මෙම කාලයේදී එල්ටීටීඊ පිස්තෝල කල්ලියක් විසින් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු ඛේදජනක ලෙස ඝාතනය කරනු ලැබීමත් සමග ඇති වූ අස්ථාවර තත්ත්වය අපරාධ නිවාරණය සම්බන්ධයෙන් ඔහු හමුවේ පැන නැඟි අභියෝගයක් විය. නමුත් එම අභියෝගය ජය ගෙන එම තත්ත්වය සමනය කර ගැනීමට සමත් වීම හේතුවෙන් ඔහුගේ සුවිශේෂී කාර්ය සාධනය අගයමින් ඔහු වෙත එවක පොලිස්පතිවරයා විසින් පොලිස්පති ප්‍රශංසා දෙකක් ප්‍රදානය කරන ලදී.

2010 අප්‍රේල් 10 වන දින සිට 2011 අප්‍රේල් 14 වන දා දක්වා ප්‍රියන්ත වීරසූරියට නැවත වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සම්බන්ධ වී හයිටි රාජ්‍යයේ සේවය කිරීමට අවස්ථාව ලැබිණි. එය ඔහු ගේ රාජකාරීමය පන්නරය තවත් මුවහත් කිරීමට හේතු වූ බව නිසැක ය. පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තරික වගකීමක් උර මතට ගනිමින් ඔහු සැපයුම් අංශයේ අධ්‍යක්ෂ භූමිකාව භාර ගත්තේ ඉන් අනතුරුව ය.

පසුව 2012 වසරේදී ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට පත් වූ ඔහු 2016 මැයි 12 වන දින, ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වූ අතර, 2020 දක්වා එම තනතුර දැරීය.

අනතුරුව 2020 පෙබරවාරි 12 වන දින ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ වැඩ භාරගත්තේ පොලිස්පති පදවියට අත පෙවිය හැකි මානයට ළඟා වෙමිනි. එහි දී කෙටි කලක් ඔහු අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අතර පසුව සහය සේවා අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දරා ඇති අතරේ එම සේවා කාලය තුළ ඔහුගේ සේවය අගයමින් එවක පොලිස්පති ප්‍රශංසා තුනක් ප්‍රදානය කොට තිබේ.

 

493683472 1158365859636644 3851705754718822612 n
ඒ අතරේ 2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය කළමනාකරණ කටයුතු අධීක්ෂණය කළේ එම කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ය.

ඉන් අනතුරුව ඔහු ප්‍රියන්ත වීරසූරිය 2022-2023 කාලය තුළ උතුරු සහ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස අනගි මෙහෙවරක් ඉටු කොට තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් එල්.එල්.බී නීති උපාධිය හිමි කර ගැනීමට අමතරව ඔහු ඉදිකිරීම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගෝලීය කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව, රාජ්‍ය ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව, වෘත්තිකයින් සඳහා වන ඉංග්‍රීසි ඩිප්ලෝමාව, නීතිය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය (සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය) සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමි කරගෙන තිබේ. ඒ අනුව ඔහු නියත ලෙසම ශාස්ත්‍රඥයකු හා විද්වතෙක් ද වෙයි.

 

තත්වය මෙසේ වුවද අද වන විට ඔහුට බාර ගැනීමට සිදුව ඇති ශ්‍රී ලංකා පොලීසිය එතරම් යහපත් මට්ටමක නොපතින බව පොදු ජන මතයයි. එම අයහපත් කෙතරම් දුර-දිග ගොස් තිබේ ද යත් අනේක විධ වංචා, දූෂණ, හොර මැර කම් වලට සම්බන්ධ සේම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් හා සෘජු සබඳතා පවත්වන නිලධාරීන් ද ශ්‍රී ලංකා පොලීසිය තුළ සිටින බව ප්‍රසිද්ධ රහසකි.

එමෙන්ම පවත්නා නීති රෙගුලාසි අභිබවා දේශපාලඥයන් වෙනුවෙන් ‘කඩේ යාම’ නිසා පොලිස් නිල ඇඳුම නම් වන සුදු පිරුවටයේ අමු ගොම තවරා ගත් පොලිස් ලොක්කන් ගෙන් ද අපේ පොලිස් සේවයට කිසිදු අඩු පාඩුවක් නොමැති බව සැවොම දනිති.

මේ සියළු තත්වයන් මැඩ පවත්වා ගෙන කොන්ද කෙලින් තබා ගෙන වැඩ කළ හැකි නූතනවාදී පොලිස්පති වරකු ගේ භූමිකාව පිළිබඳ සමාජ අවශ්‍යතාව මැනැවින් ඉටු කිරිමට නව පොලිස්පති වරයාට නීතියේ, යුක්තියේ සහ සමාජ සාධාරණත්වයේ පිහිටාරක්ෂාව ලැබේ වා! යන්න අප ගේ පැතුම ය.

සහල් ආනයනය අලුත් ආණ්ඩුවේ අනුවණ කමක් ද? - (රේණුකා දමයන්ති ගමගේ)(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...