The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'අපිත් වරප්‍රසාද ඉල්ලලා උසාවිය යන්නේ නෑ'

T

The Leader Desk

August 15, 2025 • 9:51 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'අපිත් වරප්‍රසාද ඉල්ලලා උසාවිය යන්නේ නෑ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳදැමීම ගැන ඉකුත් සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න ඇසුණු නමුත් කැබිනට් ප්‍රකාශකවරයා ලබා දුන්නේ යන්නේ කොහෙද මල්ලෙ පොල් ජාතියේ උත්තරයකි.
  • " ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම දක්වා තිබෙනවා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(2) වගන්තියේ සඳහන් වන්නේ මෙහෙමයි "අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමුහිකව වගකීමට සහ පිළිතුරු දීමට බැඳි සිටින්නේය.
  • "ඒ පිළිතුර සකස් කරනු ලැබුවේ ජනාධිපතිතුමා යටතේ පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දුන් තොරතුරු මත.ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සකස් කෙරුණු පිළිතුරයි, අග්‍රාමාත්‍ය තුමිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
  • හිටපු ජනපති වරප්‍රසාද ඉවත් කිරීම ගැනත් ඉකුත් සතියේ දේශපාලන ලෝකයේ විවිධ කතාබහ ඇති විය.
අකුරු ප්‍රමාණය (Font Size):


කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳදැමීම ගැන ඉකුත් සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න ඇසුණු නමුත් කැබිනට් ප්‍රකාශකවරයා ලබා දුන්නේ යන්නේ කොහෙද මල්ලෙ පොල් ජාතියේ උත්තරයකි.

 



රටක කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ දැමීම යනු එසේ මෙසේ වරදක් නොවේ.හරි නම් ඒ සාමූහිකත්වය බිඳ දැමූ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුය.
එජාප උප සභාපති නවීන් මල් පාර දේශපාලන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා ඒ ගැන කරුණු පැහැදිලි කළේය.

" ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම දක්වා තිබෙනවා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(2) වගන්තියේ සඳහන් වන්නේ මෙහෙමයි

"අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමුහිකව වගකීමට සහ පිළිතුරු දීමට බැඳි සිටින්නේය. "

සුප්‍රීම් සැට් සැටලයිටයට අදාළව අග්‍රාමාත්‍ය තුමිය පාර්ලිමේන්තුවේදී දුන් පිළිතුර සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍ය වසන්ත සමරසිංහ දැක්වූ ප්‍රතිචාරය අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම අමු අමුවේ උල්ලංඝණය කිරීමක් වෙනවා" නවීන් මාධ්‍ය හමුව පටන් ගත්තේ එසේය.

"ඒ පිළිතුර සකස් කරනු ලැබුවේ ජනාධිපතිතුමා යටතේ පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දුන් තොරතුරු මත.ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සකස් කෙරුණු පිළිතුරයි, අග්‍රාමාත්‍ය තුමිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ඒ අනුව බලන විට වසන්ත සමරසිංහ අමාත්‍යයවරයා ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය එක එල්ලේම අභියෝගයට ලක් කර තිබෙනවා" නවීන් මාධ්‍ය හමුව අවසන් කළේ ඉහත බරපතල වරද කල වසන්ත සමරසිංහ කැබිනට් අමාත්‍ය ධූරයෙන් වහා ඉවත් කළ යුතුයි.

ඒ පියවර ගන්න ජනාධිපති සූදානම් දැයි අප ප්‍රශ්න කරනවා යැයි ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි.

හිටපු ජනපති වරප්‍රසාද ඉවත් කිරීම ගැනත් ඉකුත් සතියේ දේශපාලන ලෝකයේ විවිධ කතාබහ ඇති විය. මීට එරෙහිව පාර්ශ්ව කිහිපයක් නඩු මඟට බහින්නට යන බවත් කනින් කොනින් ඇසෙන්නට විය.


"වරප්‍රසාද ආරක්ෂා කරගන්න නඩු දාන වැඩවලට මම නෑ" යනුවෙන් හිටපු ජනපතිනී චන්ද්‍රිකා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළේ ඔය අල්ල පනල්ලේය.

ඒ ගැන හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනලාල් දිනිත් රනිල්ගෙන් විමසූ විට රනිල් ලබාදුන් පිළිතුර වූයේ "අපිත් වරප්‍රසාද ඉල්ලලා උසාවිය යන්නේ නෑ" යනුවෙනි.

 

නව සන්ධානයේ නායකයා රනිල්

" හිටපු ජනාධිපති කවුරුවත් වරප්‍රසාද අඩු කිරීමට එරෙහිව කණ්ඩායමක් විදියට කතා කරලා තිබුණේ නෑ.මෛත්‍රිපාල එක වතාවක් මා එක්ක ඒ ගැන කතා කළා. මඟුල් ගෙදරකදී හම්බවෙලා මහින්ද එක වතාවක් කතා කළා. එහෙම කතා බහ ඇරෙන්න අපිත් කල්ලි ගැහිලා සංවිධාන ගතවෙලා කතා කරල නෑ. වරප්‍රසාදා ආරක්ෂා කර දෙන්න කියලා ඉල්ලලා අපි උසාවි යන්නෙත් නෑ. ඒත් වෙන කවුරු හරි ගියොත් අපිට කරන්න දේකුත් නෑ" රනිල් එලෙස ඍජුව තම මතය ප්‍රකාශ කර සිටියේය.

මේ වරප්‍රසාද ප්‍රශ්නයට නඩු පවරන්නේ නම් පරස්පර විරෝධී කරුණු ඉදිරිපත් නොකර එය සිදුකරන ලෙස හිටපු ජනපතිවරුන්ට නීති උපදෙස් ලැබී තිබිණි.

 



සඳුදා කැබිනට් රැස්වීමෙන් පසුව ආණ්ඩුවේ කල්ලිය සමගි ෆොටෝ එකක් ගෙන සමාජ මාධ්‍යයට නිකුත් කර තිබිණි.ඒ ෆොටෝ එකේ අරමුණ "මේ බලපන් අපි සමගියි" කියා ජනතාව ගොනාට ඇන්දීම බව මොලේ කලඳක් හෝ තියෙන මිනිසුන්ට නම් අමුතුවෙන් කියාදෙන්නට අවැසි නොවීය.

" සර් ප්‍රේමදාසගේ දෝශාභියෝගය කාලෙත් කවුරුත් සමගියෙන් ඉන්නවා කියලා පෙන්නන්න ඔය වගේ ෆොටෝ එකක් ගත්ත නේද? රනිල් ජනපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වූ අතීත කාරණයක් සිහිපත් කළේ ආණ්ඩුවද අසමගිය වසාගන්නට එළි දක්වා තිබෙන ෆොටෝව රනිල්ට පෙන්වමිනි.

" අසමගියක් නැත්නම් ෆොටෝ ගහලා මේවා උලුප්පලා පෙන්නන්නෙ මොකටද? පාඩුවේ ඉන්න නේ තියෙන්නේ"රනිල් ඒ ගැන කීවේ එපමණකි.

"මේකෙ ප්‍රධාන නළුවා වෙච්ච වසන්ත ඔය ගෘෘෆ් ෆොටෝ එකේ නෑ නේද?" මහලේකම් තලතා මඳක් එසවෙමින් ෆොටෝව දෙස බලමින් ඇසුවේ තර්කානුකූල පැනයකි.

ඇත්ත නේන්නං වසන්ත -හඳුන්නෙත්ති, ෂූටින් එකකට වුනත් නියමිත නළුවෝ ඔක්කොම ගෙන්න ගන්න බැරිවෙලා තියෙනවා" වජිර කීවේය.

" පසුගිය සතියේ ටිල්වින් ගම්පහ මාතර හම්බන්තොට බල මණ්ඩල කැඳවලා තියෙනවා.මීඩියා වලට හොරෙන් තමයි ඒ වැඩේ කරලා තියෙන්නේ.සාමාන්‍යයෙන් මේ දේ කරන්නේ ඇතුලෙ අර්බුදයක් ආවාම" ජවිපේ ලොකු තැනක සිට දැන් රනිල් අසල සිටින ප්‍රබලයෙක් එලෙස රහසක් අනාවරණය කළේය.

කොච්චර වහගන්න හැදුවත් ආණ්ඩුවේ දෙදරීම එහෙන් මෙහෙන් මතුවෙමින් කාන්දු වෙන්නට පටන් ගනිමින් තිබෙන්නේ කොයි වෙලේ හෝ වැව් බැම්මක් කඩාගෙන වතුර ටික දෝරෙ ගලනවා යැයි නොකියා කියන්නාක් මෙනි.

 

cw54y54y56
" අනුර ජනාධිපති පාර්ලිමේන්තුවේ කතා කරපු හැම දවසකම හරිනි අගමැති ඒ අසල පුටුවෙ ඉඳගෙන හිටියා. ඒත් මේ සුප්‍රීන් සැට් හුට පටෙන් පස්සේ අනුර ගිය සතියේ පාර්ලිමේන්තුවේ කතාව පටන් ගනිද්දි හරිනි හිටියේ නෑ. පස්සෙ ඇවිත් වාඩි වුණත් නොහොඳ නෝක්කාඩුව දෙන්නගෙම මූනෙන් එළියට පනින්න පටන් ගත්තා" පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එසේ කීවේ තමන් දෑහින් දැකගත් දේය.

" අර ලොකු සද්දයක් දාලා කරපු තරුණ සම්මේලනෙත් ලොකු ගෝ එකක් පේන්න තිබුනෙ නෑ නේද? වජිර අලුත් කතාවකට මුල පිරුවේය.

" රනිල් නායකතුමා වේය හුඹහා බඳිනවා වගේ තරුණ සන්ධාන ගොඩනගලා පියවරෙන් පියවරට ලස්සනට ඒ වැඩේ කළා.මේ අය නයි වගේ ඒ හුඹහට රිංගලා ඒ අය නිර්මාතෘවරු වගේ පෙන්නන්න හදනවා" වජිර කීවේ අපූරු කතාවකි.

තරුණ මුළුවේදී අනුර ජනපති කී හැටදාහකට රජයේ රස්සා දෙන කතාවද තවත් ගජබින්නයක් පමණක් බව විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික මතය විය.



මන්ත්‍රී කණ්ඩායම බාරදූර කතාබහක සිටියදී චාමර සම්පත් මන්ත්‍රීවරයා මහ හඬින් හොඳ සිංහල ගුරුවරයෙකු නැද්දැයි අසාගෙන පැමිණියේ සියල්ලන්ම වික්‍ෂිප්ත කරමිනි.

සිංහල ගුරුවරු මොකටද ඔයාට හොඳට සිංහල පුළුවන් නේදැයි මන්ත්‍රී කණ්ඩායම ඇසූ විට චාමර ඇඟට පතට  නොදැනෙන අයුරින් කීවේ " නෑ මට නෙමෙයි.ට්‍රම්ප් ට. අපේ ජනාධිපතිතුමා ලබන මාස ඇමරිකාවේ යනවනේ. ඒකයි. යනුවෙනි. චාමරගේ ඒ කතාවට රනිල්ටත් සිනහ නොවී ඉන්නට නම් බැරි විය.

නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැදගත් තීරණ රැසකට එළඹ තිබිණි.පක්ෂය අලුතින් ප්‍රතිව්‍යුහගත කිරීම එහි මූලික තීරණයකි.

පක්ෂයේ ශාඛා සමිති, බල මණ්ඩල සහ දිස්ත්‍රික් සංවිධාන එම පක්‍ෂ ප්‍රතිව්‍යුහගත  කිරීමේදී ශක්තිමත් කරන මූලික ආයතන වන්නේය.

දේශපාලන ප්‍රචාරක යාන්ත්‍රණය මෙන්ම මානව සම්පත් දියුණු කිරීම සම්බන්ධයෙන්ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා විය.පක්ෂය නව්‍යකරණයේදී දේශපාලන අධ්‍යාපනයක් ලබාදීම කෙරෙහිද නායක මණ්ඩලයේ අවධානයට යොමුව ඇත.

පක්ෂයේ ප්‍රමුඛ නායකයන්ට දිස්ත්‍රික් දෙක තුනක් බාරදී ප්‍රතිසංවිධාන කටයුතු පැවරීම එක් අරමුණකි.

 

එළඹෙන ජනපතිවරණයෙන් ජවිපෙ හිස ඔසවන ලකුණු
එජාපයේ සංවත්සරය ලබන සැප්තැම්බර් 6 වැනිදාට යෙදී ඇති අතර එජාප සම්මේලනය මාර්තු මාසයේදී පැවැත්වීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය විය.එජාප නීතිඥ සංගමය අලුතින් ස්ථාපිත කිරීමද මෙහිදී අවධානයට ලක් වූ තවත් වැදගත් කරුණකි.

පලස්තීනය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවක් ගිය සඳුදා සවස කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඒවායේ නායකයින් සහ සාමාජිකයින් මේ සඳහා සහභාගී වූ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ මතය ප්‍රකාශ කිරීම සඳහා ආරාධනා ලැබ තිබුණේ සභාපති වජිරටයි.

 



දින කිහිපයකට ඉහතදී මේ සඳහා වජිරට ආරාධනා කර තිබූ අතර සඳුදා උදෑසන නායක රනිල්  සමග පැවැති සාකච්ඡාවකදී වජිර මේ පිළිබඳව කීය. ඒ අනුව නායක රනිල්ද වජිරට පක්ෂයේ මතය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලෙස උපදෙස් ලබාදී තිබුණි.

වජිර  එම ස්ථානයට පැමිණෙන විට දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ම එහි පැමිණ සිටියහ. හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබුර් රහුමාන්, රවුෆ් හකීම් ඇතුළු පිරිසක් එහි වූහ.

“අපේ පක්ෂයේත්, නායකතුමාගෙත් ස්ථාවරය වුණේ ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු බවයි.

(සටහන | මල් පාරේ ලියුම්කරු ) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...