ඉඩ හසරක් විවර විම පිළිබඳව ය. දැන් එතුමාට ඉරිදා පාස්කු ප්‍රහාරයින් නොඇල්ලුව ද කම් නැත. මේ මොහොතේ එතුමාගේ ඒකායන පරමාර්ථය සමලිංගික ප්‍රජාවට එරෙහිව සමාජය පෙළ ගැස්විමය; සමාජ බලවේගයක් ගොඩනැගීම ය.
මතු පළ වන්නේ කාදිනල්තුමාගේ මේ අමානුෂික මෙහෙයුමට එරෙහිව Aritha Wickramasinghe සිය Face Book ගිණුමෙහි තබා තිබු සටහනකි.
මීට අමතරව ඔහුගේ Face Book ගිණුමෙහි ලෝක සමරිසි ප්‍රජාව වෙනුවෙන් ඇතැම් රටවල කතෝලික පූජ්‍ය පූජකවරු සාධනිය ලෙස කටයුතු කරන ආකාරය ද ඉදිරිපත් කර ඇත.
මතු පළ වන්නේ Aritha Wickramasinghe සිය Face Book ගිණුමෙහි තබා තිබූ සටහන යි.
''ඊයේ දින, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නැවත වරක් “සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන කණ්ඩායම්” පිළිබඳ අනතුරු ඇඟවූහ.
කාදිනල් හිමිපාණන්ගේ සිතේ සමලිංගිකත්වය හැර අන් කිසිවක් නොමැති බව දැන් පැහැදිලි ය. මේ දිනවල, පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින් හට යුක්තිය සොයනු වෙනුවට, මා වැනි පුද්ගලයින් පිළිබඳ වැඩි උනන්දුවක් උන්වහන්සේගේ සිත තුළ ඇති බව පෙනී යයි.
නමුත් මා හට ඇසීමට දෙයක් ඇත; අප සමාජයට මුහුණදීමට සිදුව ඇති තර්ජනය සැබෑවට ම සමලිංගිකත්වය ද? එසේත් නැතිනම්, සැබෑ අර්බුදය දශක ගණනාවක් පුරාවට කතෝලික සභාව සිය බැමි අතර සැඟවීමට තැත්කරමින් සිටිනා දෙය ද?
සත්‍ය කරුණු දෙස මඳක් බලා ගැටලුව හඳුනා ගනිමු:
1. එක්සත් ජනපදයේ, 1950 - 2002 අතර කාලය තුළ කතෝලික පූජකවරුන් විසින් ළමා ලිංගික අපයෝජන සිදුකළ බවට වූ චෝදනා 10,667 ක් පවතින බව අනාවරණය කරන්නේ කතෝලික සභාව විසින් ම නිකුත් කරන ''ජෝන් රේ වාර්තාව'' මඟිනි.
2. ප්‍රංශයේ, 1950 සිට කතෝලික පූජකවරුන් අතින් ලිංගික අපයෝජනයට ලක්වූ වින්දිතයන් සංඛ්‍යාව 216,000 ක් බව විමර්ශන කොමිෂන් සභා වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
3. පෘතුගාලයේ, ගත වූ වසර 70 ක කාලය පුරාවට, දරුවන් 4,815 ක් කතෝලික පූජකවරුන් අතින් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට අනාවරණය වී ඇත.
4. අයර්ලන්තයේ, කතෝලික සභාව විසින් මෙහෙයවන පාසල්වල, අපයෝජන සිදුවීම්වලට චූදිතයන් වූ පුද්ගලයන් 884 කට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා 2,395 ක් ගොනු වී ඇති බව මෑත කාලීන රජයේ විමර්ශනයකින් අනාවරණය විය. මෙම වසරේ පමණක්, නව චෝදනා 385 ක් ගොනු වී ඇති අතර, එය වසර 16 කින් වාර්තා වූ ඉහළම චෝදනා සංඛ්‍යාව ලෙස සැලකේ.
5. වර්තමානය වන විට පවා, සෑම වසරකම ළමා අපයෝජන සම්බන්ධ නව චෝදනා 800 ක් වතිකානුවෙන් වාර්තා වේ.
ඉතිහාසයේ පටන් කතෝලික සභාව මෙම සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද?
දශක ගණනාවක් මුළුල්ලේ, කතෝලික සභාව පූජකවරුන් නව දේවස්ථාන වෙත මාරුකර හැරීමෙන් මෙම චෝදනා සඟවා තබා ඇත (ඒ අනුව, ඔවුනට නව ස්ථානවල දරුවන් අපයෝජනය කිරීමට දිගටම අවස්ථාව සැලසේ), පූජකයන්ට තම අපරාධ “පාපකර්ම” ලෙස අනෙකුත් පූජකවරුන් ඉදිරියේ පාපොච්ඡාරණය කිරීමට සලස්වා, ඔවුන් පොලිස් රැහැනට හසුවීම වළක්වා ඇත, පල්ලියෙන් නෙරපා හරින බවට තර්ජනයකර වින්දිතයන් නිහඬකර ඇත, සාක්ෂි විනාශකර දමා ඇත, විමර්ශන ප්‍රමාද කිරීම සඳහා ඔවුන්ගේ ම නීති පිටුපස සැඟවීමට කටයුතුකර ඇත.
ඔවුන් මේ සියල්ල සිදුකළේ සමරිසි (LGBTQ+) ප්‍රජාව ප්‍රසිද්ධියේ අපවාදයට ලක්කරමින් සදාචාරය පිළිබඳ දේශනා පවත්වමිනි.
මේ වන විට කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකරමින් සිටින්නේ ද එයම ය. අන් සැමට වඩා දරුණු යතාර්ථයක් සැඟවීම සඳහා, දැනටමත් ආන්තීකරණයට ලක්වන පුද්ගල කොට්ඨාශයකට හානි පැමිණවීමට අවධානය වෙනතකට යොමු කිරීමට උන්වහන්සේ කටයුතු කරමින් සිටිති.
ස්වකීය කැමැත්ත මත ජීවිත ගතකරන වැඩිහිටියන් පාදක කරගනිමින් සදාචාරාත්මක භීතියක් ඇති කර අවධානය වෙනතකට යොමුකරනු වෙනුවට, සදාචාරාත්මක නායකයන් යැයි කියාගත් අය විසින් ජීවිත විනාශකරන ලද දහස් ගණනක් දරුවන් වෙනුවෙන් වගවීම ඉල්ලා සිටීමට කාලය එළඹ ඇත.
අපයෝජකයන් නොව, දරුවන් ආරක්ෂා කරන්න.
විනිවිදභාවය ලබාදෙන්න. යුක්තිය ඉටුකරන්න.





