The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : බිල් වීණා වයන මහල්ලෝ

T

The Leader Desk

August 17, 2025 • 8:27 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : බිල් වීණා වයන මහල්ලෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක පාලක දෙවිවරුද දැන් මහලුය.
  • වර්තමාන ලෝකයේ සිටින බලසම්පන්න නායකයන් වන ට්‍රම්ප්, පුටින්, මෝදි, සී ජින්ග් පින්ග් ආදී සැවොම 70 පැනපු උදවිය බව මෑතකදී මාධ්‍ය තුළින් හෙළි කෙරුණි.
  • Geronotology යනු, වයෝවෘධ විද්‍යාව යනුවෙන් භාවිත කෙරෙන ග්‍රීක සම්භවයක් ඇති වචනයකි.
  • පුද්ගලයෙක් වියපත් වත්ම කායික, මානසික හා සාමාජීය වශයෙන් ඇතිවන වෙනස්කම් මේ විද්‍යාව යටතේ හදාරනු ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝක පාලක දෙවිවරුද දැන් මහලුය. ඒ කිසිම දෙවියෙක් විශ්‍රාම ගොස් නැත.

 

trump putin xi jinpin

වර්තමාන ලෝකයේ සිටින බලසම්පන්න නායකයන් වන ට්‍රම්ප්, පුටින්, මෝදි, සී ජින්ග් පින්ග් ආදී සැවොම 70 පැනපු උදවිය බව මෑතකදී මාධ්‍ය තුළින් හෙළි කෙරුණි. මෙහි වරදක් නම් නොපෙනේ.

ඉංග්‍රීසි කියුමකට අනුව Old is gold ය. (වයසට යන විට bold වීමද සිදුවේ.)

තවත් රස කියුමකට අනුව, Age only matters if you are a Cheese.

 

fbaafd9f 6af6 4fe0 b676 1a53f161b7df8f4eb6c31b37bc8d8a EH83NY 1
චීස් නොහොත් කේජුවල රස ගුණ වැඩි වන්නේ කල් ගතවන විටය. පුද්ගලයකුගේද අගය වැඩි වන්නේ ඔහු පරිණත වන තරමටය.

“මට මහලු වයසේ - බැරිය වෙණ ගායනා පෙර සේ” යැයි කීවේ ගුත්තිල පඬිතුමාය. එහෙත්, කිසිම දේශපාලන පණ්ඩිතයෙක් එසේ නොකියයි. තත් කැඩෙනතුරුම, දත් හැලෙනතුරුම, වක් ගැහෙනතුරුම, රාජ්‍ය පාලනය කරගෙන යති.

Geronotology යනු, වයෝවෘධ විද්‍යාව යනුවෙන් භාවිත කෙරෙන ග්‍රීක සම්භවයක් ඇති වචනයකි. පුද්ගලයෙක් වියපත් වත්ම කායික, මානසික හා සාමාජීය වශයෙන් ඇතිවන වෙනස්කම් මේ විද්‍යාව යටතේ හදාරනු ලැබේ.

m 8978o78o98o
ලෝකයේ වෙසෙන වෘධ දේශපාලනඥයන් සම්බන්ධයෙන් නම්, එබඳු හැදෑරීම් සිදුවන බවක් නොපෙනේ. යම් තරමකට හෝ එබඳු ව්‍යායාමයක යෙදේනම්, ඒ අප වැනි හාස්‍යලෝලී, උපහාස ප්‍රිය උදවියට පමණි.

මහලු විය යනු සිනාවට ලක්කළ යුතු තත්ත්වයක් නොවේ.

තරුණ – මහලු ගැටුම අතීතයේ සිටම ලෝකයේ දක්නට ලැබෙන්නකි. තරුණයෝ, මහලුන්ට සරදම් කරති. මහලුන්ද තරුණයන්ට සමච්චල් කරන්නේ, “අපි ඔය වයස පහුකළා දරුවනේ,” යැයි කියමිනි.

ලොව විසූ සමහර මහල්ලෝ තරුණයන්ට වඩා විනෝදකාමිහුය. ඔවුන් “ජොලි ගුඩ් අන්කල්ලා” ය.

khushwant singh1 621x414කුෂ්වාන්ත් සිං
ඉන්දියාවේ විසූ විශිෂ්ට ලේඛකයකු, පත්‍ර කලාවේදියකු වූ කුෂ්වාන්ත් සිං එබඳු අයෙකි.

ඔහු අනුන්ට පමණක් නොව, තමන්ටද සිනාසුණේය. තරුණයකු මෙන් මහලු විය ගත කළේය.

තම ජීවිතය නොසඟවා ලොවට හෙළි කළේය. තමන් ඇසුරු කළ ගැහැනුන්, මද්‍ය පානය, දේශපාලනය, සිනා මවන සිදුවීම් ආදී සියල්ල ලියා තැබීය. සඟවන්නට කිසිත් නැති නිසාදෝ, ඔහු නිර්භීත වෘධයෙක් විය. “මට අනූහතයි. ඒත් මම හරිම සතුටින්” ඔහු පැවසීය.

ඉන්දියාවේ බොහෝ ජනයා, මුහුණ එල්ලාගෙන සිටීම ගැන ඔහු දොස් කීවේය. ඔහුට තම මිනිසුන්ට සිනාසීමට උගැන්වීමට අවශ්‍ය විය. ඔහුගේ තීරු ලිපි, උපහාසයෙන් පිරී තිබුණෙන්, බොහෝ ජනප්‍රිය විය.

v56u67y67i

ඔහු සිනා කතා එක්කොට “කුෂ්වාන්ත් සිං ජෝක් බුක්ස්” නමින් පොත් පෙළක් පළ කළේය.

“ඔබ සීරියස් රයිටර් කෙනෙක්. ඉතින් ඇයි මේ සිනා කතා පළ කරන්නෙ?”

ඉන්දීය මාධ්‍යවේදියෙක් කුෂ්වාන්ත්ගෙන් ඇසුවේය.

“සිනාවත් සීරියස් දෙයක්.” කුෂ්වාන්ත් ගත්කටටම කීවේය.

කුෂ්වාන්ත් වැඩ කළ පුවත්පතේ කතුවරයා, දිනක් මෙසේ ඇසීය.

“ඔබ විශ්‍රාම ගියාට පස්සෙ, මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?”

“මම විශ්‍රාම යන්නෙ, මළාට පස්සෙ.”

kushu67

කුෂ්වාන්ත් කීවේ සිනාසෙමිනි.

1948 දී කුෂ්වාන්ත් ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරියා වශයෙන් කටයුතු කළේය. මේ කාලයේදී එරට විසූ ඉන්දියානු මහා රාණි කෙනෙක් මිය ගියේය. අවමංගල්‍ය භාරවූ අධ්‍යක්ෂවරයා, කුෂ්වාන්ත් සොයාගෙන පැමිණියේය.

“මිස්ටර් සිං, අපිට ලොකු උදව්වක් කරන්න ඕනෙ... අපි කවුරුවත් සාරි අන්දන්න දන්නෙ නෑ. මහා රාණිට සාරිය අන්දන විදිහ ගැන උපදෙසක් ගන්නයි ආවෙ.”

“වෙරි සොරි... මම සාරි ගලවන්න මිසක්, සාරි අන්දන්න දන්නෙ නෑ.”

මහලු විය ගැන නොතකා සිටින තාක්, ඔබ මහලු නොවෙයි. සමහර විට, ඉහත කී දේශපාලන මහල්ලන්ද එසේ සිතනවා විය හැකිය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ලුණු නැති ඇඹුල් කතා(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : බිල් වීණා වයන මහල්ලෝ | The Leader