The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හැරී ස්ටැසන් ජයවර්ධන : හදවතේ නොමැකෙන 'සලකුණ'! | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

T

The Leader Desk

August 18, 2025 • 4:05 PM

හැරී ස්ටැසන් ජයවර්ධන : හදවතේ නොමැකෙන 'සලකුණ'! | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉක්ම ගිය වසර වසර ගණනාවක් තිස්සේ, අගෝස්තු 17 වන දින මම අවදි වූ වහාම කරන පළමු දෙය නම් මගේ ආදරණීය මිතුරා වන නැසීගිය හැරී ස්ටැසන් ජයවර්ධනට කතා කිරීමයි.
  • ඒ අමුතු අන්වර්ථ නාමය අපගේ කුඩා සම්ප්‍රදාය බවට පත් වූ අතර, එය සැමවිටම අප දෙදෙන අතර කිසියම් හාස්‍යජනක සිනහවකට හේතුවක් විය.
  • අද, එනම් 2025 අගෝස්තු 17, එය වෙනස් ය.
  • එලෙස අමතා කිව යුතු දේ මම දනිමි. නමුත් “ලොක්කා” තවදුරටත් නැත.!
අකුරු ප්‍රමාණය (Font Size):

ඉක්ම ගිය වසර වසර ගණනාවක් තිස්සේ, අගෝස්තු 17 වන දින මම අවදි වූ වහාම කරන පළමු දෙය නම් මගේ ආදරණීය මිතුරා වන නැසීගිය හැරී ස්ටැසන් ජයවර්ධනට කතා කිරීමයි.

සෑම අවස්ථාවකම එය ආරම්භ වූයේ, "සුභ උපන්දිනයක්, ලොක්කා" යනුවෙනි. ඔහු වහාම පෙරළා පිළිතුරු දුන්නේ, "ස්තූතියි, ලොක්කා" යනුවෙනි. අපි දෙදෙනාම එකිනෙකාට 'ලොක්කා' යන නම තැබූ ආකාරය අපේ ලෙංගතුකම වෙනුවෙන්ම යොදාගත් “හැදින්වීමක්” මෙනි. ඒ අමුතු අන්වර්ථ නාමය අපගේ කුඩා සම්ප්‍රදාය බවට පත් වූ අතර, එය සැමවිටම අප දෙදෙන අතර  කිසියම් හාස්‍යජනක සිනහවකට හේතුවක් විය.

අද, එනම් 2025 අගෝස්තු 17, එය වෙනස් ය. මට ඇමතුමක් ලබා දිය හැකිය. එලෙස අමතා කිව යුතු දේ මම දනිමි. 
 
Harry Jayawardene1 2

නමුත් “ලොක්කා” තවදුරටත් නැත.!

දවස අවසානයේදී, ඇත්තටම හැරී බැලුවහොත්, ජීවිතය යනු පවුල සහ හොඳ මිතුරන් ය. බොහෝ දෙනෙකුට, හැරී ජයවර්ධන යනු ව්‍යවසායකයෙක් සහ අති සාර්ථක ව්‍යාපාරිකයෙකි. මට නම්, ඔහු කලාතුරකින් මුණගැසෙන ආකාරයේ මිතුරෙකු වූ අතර ඔහුගේ හිතේශීවන්තකමට සීමාවන් නොතිබුණි. එවැනි අය යන විට යන්නේ , විශාල හිස් පරතරයක් සහ වේදනාත්මක මතකයක් ඉතිරි කරමිනි.

මාස පහකට පෙර මගේ පියා අහිමි වූ නිසා එය මට වඩාත් දුෂ්කර විය. ඔවුන් දෙදෙනාම මට 'ලොක්කා'ලා වුණ අතර, එක් කෙනෙක් පියෙකි, අනෙකා පියෙකු වැනි චරිතයකි. ඒ වගේම දෙදෙනාම මගේ ළඟම ආදරණීය මිතුරන් ය. ඔවුන්ගේ වියෝව මට අනිත්‍යතාවය සහ බැඳීමේ හිස්බව පිළිබඳ සදාකාලික පාඩම ඉගැන්වීය. අහෝ, එය අපේ මනුෂ්‍යත්වයේ නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකයකි.
 
harry 1

සාමාන්‍යයෙන්, හැරී සහ මම දිනකට අවම වශයෙන් තුන් වතාවක් කතා කළ අතර, ඒ කතාවලින් තෘප්තිකර ආශ්වාදයක් ලබා ගත් හැටි මතකය. බොහෝ අය හැරී ජයවර්ධන ගැන සිතුවේ අතිශයින්ම දැඩි හා රළු  මිනිසෙකු ලෙස නමුත්, ඔහුගේ බොහෝ දෙනෙක් නොදුටු පැත්තක් දැකීමට මම වාසනාවන්ත වීමී. ඒ ඔහුගේ මෘදු, කරුණාවන්ත, නිමක් නැති ලෙංගතු බවය. 
 
ලෝකයම මට විරුද්ධ වූ විටෙක වුවද හැරී මා අසල සිටියේ පර්වතයක් මෙන් ය. ඒක මට කිසිදාක අමතක නොවන්නකි.

හැරී ස්ටැසන් ජයවර්ධන කිසි විටෙකත් අභියෝගවලින් පසුබට වූයේ නැති අතර ඔහු කිසි විටෙකත් කිසිවෙකුට බිය වූයේද නැත. යමෙක් ඔහුගේ විශ්වාසය දිනා ගත් පසු, සියල්ල එපමණය. ඔහුගේ විශ්වාසය දිනාගත් අයෙකු වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ එහි ප්‍රතිවිපාක නොසලකා හරිමින්ය. මම ඒ බව බොහෝ වාරයක් අත්විඳ ඇත්තෙමි. එසේම, ඔහුගේ විශ්වාසය දිනාගත් අයෙකුට, ඔහු හොදින් දන්නා හඳුනන අයෙකුගෙන් වරදක් වුවහොත් ඔහුගේ විශ්වාසය දිනූ තැනැත්තා වෙනුවෙන්, ඔහුට එරෙහි වන්නට ඒ දැනහැදුනුම්කම අදාල නැත. කිසිදු හේතුවකට කිසිවිටෙකත් ඔහුගේ විශ්වාසනීයත්වය සහ බැඳිම බිඳ දැමිය නොහැකි විය.
 
Harry Jayawardena 779631
හැරී කෙතරම් පුරාවෘත්තයක්ද යත්, ශ්‍රී ලංකාවේ එවැනි චරිත 10 ක් පමණක් සිටියා නම්, අද මුළු රටම වෙනස් ස්ථානයක සිටිනු ඇතැයි මම බොහෝ විට මටම කියා ගතිමි. ඔහුගේ ධෛර්යය සහ කැපවීම අද්විතීය විය. ඔහුට සමීප පුද්ගලයින් කෙරෙහි ඔහුගේ සෙනෙහස ස්ථාවර, අව්‍යාජ සහ ගැඹුරු විය.

හැරී සබඳතාවල වටිනාකම තේරුම් ගත්තේය. ජයග්‍රාහී කාලවලදී හෝ ශෝකජනක අවස්ථාවන්හිදී, සැමවිටම මා වෙනුවෙන් මුලින්ම සිටියේ ඔහුය.

“ලොක්කා, මට ඔබව ගොඩක් මග හැරී තිබෙනවා. ඔබේ දුරකථන ඇමතුම්, ඔබේ උපදෙස්, ඔබේ විහිළු සහ ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය මට මග හැරී තිබෙනවා. සියල්ලටම වඩා, අපි එකට ගත කළ ඒ සුවදායක, අති විශේෂ අවස්ථා, බාර්වල, අවන්හල්වල, ගමන් බිමන්වල, මගේ නිවසේ සහ රෝහල්වල පවා මට මග හැරී තිබෙනවා.

මට තව එක වතාවක් දුරකතනය අරන් ඔයාගේ අමතක නොවන කටහඬ අහන්න පුළුවන් නම් කියලා මම ප්‍රාර්ථනා කරනවා.

 "සුභ උපන්දිනයක් වේවා ලොක්කා,"කියන්න මට බැහැ. "ස්තූතියි ලොක්කා, ඔයාගේ මිත්‍රත්වයට, මට ඔයාව ගොඩක් මතක් වෙනවා" කියලා මට කියන්න බැහැ. ඔයා දැන් අප අතර නැති වුණත්, ඔයාගේ උරුමය සහ අපි බෙදාගත්ත මතකයන් හැමදාම ඉතුරු වෙලා තියෙනවා. ජීවිතේ සෑම හැල හැප්පීමදීමත්, ඔබෙන් ලද අත්දැකීම් සහ ආශිර්වාදය මට ඉදිරියට යන්න ශක්තියක් වී තිබෙනවා.

අපි ආයෙමත් හමුවෙනකම් සුභ උපන්දිනයක් ලොක්කා!!!

Crishantha Corey(සටහන | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ ක්‍රියාකාරික
 
kpcooray@hotmail.com
2025 අගෝස්තු 17
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...