The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප ඉවත් කරන්න බැහැ...? - ලසන්ත රුහුණගේ (විඩියෝ)

T

The Leader Desk

August 19, 2025 • 6:03 AM

හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප ඉවත් කරන්න බැහැ...? - ලසන්ත රුහුණගේ (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හරින්ද්‍රරත්න බානගල සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රේමසිරි විජේසේකර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
  • එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
  • පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවයි.
  • ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් වූ කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හරින්ද්‍රරත්න බානගල සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රේමසිරි විජේසේකර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

b57i9090

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් වූ කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 වන ව්‍යවස්ථාවන් සහ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කර තිබේ.

රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවලට අදහස් දැක්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව  මෙන්න
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක්  නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් ද ඉකුත් දා පෙත්සමක් ගොනු කළේය.

බලපෑම හේමා ප්‍රේමදාසට පමණයි !

collage 63
මේ අතර අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලසන්ත රුහුණගේ පවසන්නේ, හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප ඉවත් කළ නොහැකි බවයි.

ඔහු එබව පැවසුයේ, Anidda Newspaper youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

එම කරුණ තව දුරටත් පැහැදිලි කළ ලසන්ත රුහුණගේ පැවසුවේ හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප අනුමත කර තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් බවයි. එසේ වුව ද හිටපු ජනාධිපතිවරුන්ගේ බිරින්දැවරු එම විශ්‍රාම වැටුප ලබාගැනීම වළක්වා ලිය හැකි යැයි ද ඔහු අවධාරණය කළේ ය.

ඒ අනුව මේ වන විට එලෙස අහෝසි කළ හැකිවන්නේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසගේ විශ්‍රාම වැටුප පමණක් යැයි ද ඔහු පැහැදිලි කළේ ය.

මතු පළවන්නේ ඔහු ඉදිරිපත් කළ සම්පූර්ණ කරුණු අන්තර්ගත වීඩියෝව යි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...