The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාද කළ හැකිද ?

T

The Leader Desk

August 19, 2025 • 10:22 AM

ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාද කළ හැකිද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ඉතිහාසයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට ඉදිරිපත් වූ පළමු විශ්වාස භංගය අරුණ ජයසේකර ට ඉදිරිපත්වී ඇත.
  • විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් සහිත ආණ්ඩුවක සාමාජිකයෙකුට (අගමැති, කතානායක, ඇමති හෝ වෙනත්) විරුද්ධව ගෙනෙන විශ්වාස භංගයක් විවාද කර ජය ගැනීමට කනකැස්බෑ හිස විය සිදුරෙන් අහස දැකීමකි.
  • විවාදය හා ඡන්දය මඟහැරීමට හේතුව ලෙස ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කයේ නෛතික පදනම විමසමු.
  • පාර්ලිමේන්තුවෙන් අධිකාරි ලබන ඕනෑම පුද්ගලයෙකු විශ්වාස භංග යෝජනාවකට යටත් බව ඒ අනුව පැහැදිලිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකා පාර්ලිමේන්තුවේ දී  ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක (2), රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ (2) යන අගමැතිවරුන්ට අවස්ථා හයක දී (6) ද, 2024 පාර්ලිමේන්තුවේ භාරකරු ද වූ කතානායක මහින්ද යාපා අබේවර්ධනට ද, 2023 කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ද, 1981 ඒ.අමිර්තලිංගම් විපක්ෂ නායකවරයාට ද ලෙස විශ්වාස භංග නවයක් (9) විවාද කර ඇත.  

ලංකා ඉතිහාසයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට ඉදිරිපත් වූ පළමු විශ්වාස භංගය අරුණ ජයසේකර ට ඉදිරිපත්වී ඇත. පාර්ලිමේන්තුවට විශ්වාස භංග ගෙනෙන්නේ දිනන්නටම නොවේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් සහිත ආණ්ඩුවක සාමාජිකයෙකුට (අගමැති, කතානායක, ඇමති හෝ වෙනත්) විරුද්ධව ගෙනෙන විශ්වාස භංගයක් විවාද කර ජය ගැනීමට කනකැස්බෑ හිස විය සිදුරෙන් අහස දැකීමකි.

 

cgrggh
විවාදය හා ඡන්දය මඟහැරීමට හේතුව ලෙස ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කයේ නෛතික පදනම විමසමු.  

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ප්‍රියානි ‍විජේසේකර මහත්මිය ‘ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය’ කෘතියේ මෙසේ දක්වයි. ‘පාර්ලිමේන්තුව විසින් විවාදයට ගැනීම සුදුසු යයි හැගෙන්නේ නම් විධායකයේ හෝ වයවස්ථාදායකයේ කිසිදු නිලධාරියෙකු විශ්වාසභංග යෝජනා විවාදයකට විෂයය වීමේ හැකියාවෙන් සම්පූර්ණයෙන්ම පරිවරණය නොවේ’  (පි. 31) මෙහි අර්ථය සරළය. නිරවුල් ය.  නීතිමය විධිවිධානයක් මගින් පොදු වගකීම ප්‍රශ්න කිරීම විශ්වාසභංගයයි.  

ස්ථාවර නියෝග තුල ඇමතිවරුන් හෝ නියෝජ්‍ය ඇමතිවරුන් සම්බන්ධයෙන් සඳහනක් නොමැතිවීම එම විශය ආවරණය නොවන්නේ ය යන්න අදහස් නොවේ. පාර්ලිමේන්තුවෙන් අධිකාරි ලබන ඕනෑම පුද්ගලයෙකු විශ්වාස භංග යෝජනාවකට යටත් බව ඒ අනුව පැහැදිලිය.

ආණ්ඩුව ‘ස්ථාවර නියෝග තුළ අමාත්‍යවරුන්ට එරෙහිව විශ්වාස භංග යෝජනා පිළිබඳ නිශ්චිත සඳහන් නොමැත’ යන තර්කය එදා කෙහෙළිය රඹුක්වැල්ල ට අදාළව ආණ්ඩුවේ තුරුම්බුවක් නොවීය. දැනට පොහොර සංස්ථා දුෂණ චෝදනා එල්ල වී ඇති ජයකොඩි අමාත්‍යවරයාට ද ඒ අනුව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමට ආණ්ඩුව විරුද්ධ වනු ඇත.

 

kumara 250818කුමාර ජයකොඩි අමාත්‍යවරයා
ආණ්ඩුවේ තර්කය නිවැරදි නම්, 1981 දී එවකට විපක්ෂ නායකවරයා වූ ඒ.අමිර්තලිංගම්ට විරුද්ධ විශ්වාසභංගය සම්මතවීම ද නීතිවිරෝධීය. එමගින් ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවහාරයක් හා සම්ප්‍රදායක් බවට පත් වූ ‘පාර්ලිමේන්තුවේ තනතුරක් දරණ ‍අයෙකුට විරුද්ධව සිදු කළ හැකි දඬුවම් ක්‍රමය’ අගමැතිවරයාට පමණක් අදාල වනු ඇත. නියෝජ්‍ය ඇමති විශ්වාස භංගය විවාද නොකරන්නේ නම් එය පාර්ලිමේන්තුව තමන් විසින්ම තමා දුර්වල කර ගැනීමකි.

ව්‍යවස්ථා ප්‍රතිපාදනය

parliment 2025.08.18
සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා විසින්, අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වගන්තියේ ප්‍රතිපාදන අනුවය. එමගින් විධායකය තුල ඔහුගේ බලය ස්ථාපනය වී ඇත.  

ආරක්ෂක අමත්‍යවරයා වන අනුර කුමාර දිසානායක මහතා විදේශගත වූ අවස්ථා තුනක (3) දී ඔහු එම ධූරයේ වැඩ බලන වගකීම ඉටු කර ඇත. ඒ අනුව ඔහු ආරක්ෂක අමාත්‍යාංශය ‘වගකීම් මුලධර්මයට යටත් වන්නේය’.

ඉන්දීය පූර්වාදර්ශය

hdkkpjk8 jagdeep dhankhar 625x300 10 December 24 ජග්දීප් ධන්බාර්
2023 දී, ඉන්දීය ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපති ද වන, (නිල බලයෙන් උප ජනපති) ජග්දීප් ධන්බාර් ට විරුද්ධව ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂය විසින් විශ්වාස භංගයක් ගෙන එනු ලැබීය. පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් එය පරාජයට පත් වූ නමුත්, එමගින් අර්ථ ගැන්වෙන්නේ විධායක බලය සහිත (ඇමති, නියෝජ්‍ය ඇමති ) පුද්ගලයින්ට පමණක් නොව පාර්ලිමේන්තුවේ විශ්වාසය බිඳවට්ටන ඕනෑම අයෙකුට විශ්වාසභංග ගෙන ආ හැකි බව ය.  

අනෙක් අතට අමාත්‍යවරයා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස (225 න් අයෙකු ලෙස) නියෝජ්‍ය ඇමති, වැඩ බලන ඇමති ධූරයේ කටයුතු කරමින් ඇත. එමගින්,  ව්‍යවස්ථාවේ 45 (3) වගන්තියේ දැක්වෙන ‘පුළුල් ව්‍යවස්ථාමය රාමුව හා  වගකීමේ මූලධර්මය’ ට ඔහු යටත් වන්නේය. නියෝජ්‍ය අමාත්‍යවරයා විධායක අධිකාරිය භාවිත නොකරන්නේය යන්න ‘කොන්ඩම් යොදා සිදු කරන ලිංගික සංසර්ගයක්’ ලිංගික ක්‍රියාවක් නොවන්නේය යන්නටත් වඩා ප්‍රාථමික ග්‍රාම්‍ය තර්කයකි!
 
ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම ‘විශ්වසභංගය හා දෝෂ දර්ශනය (හෙළා දැකීම) එකිනෙකට පර්යා පදයක් ලෙස භාවිත වී ඇත. අවිශ්වාස යනු හෙළා දැකීමයි. අරුණ ජයසේකරට විශ්වාසභංගයක් නොවේ නම්, ‘දෝෂ දර්ශනය (හෙළා දැකීම) යෝජනාව ඉදිරිපත් කළ හැකිය.  එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලක් කර ගැනීමට  නම් ‘ප්‍රායෝගිකව පක්ෂ නායක රැස්වීමේ දී එය තර්ක කර කතානායවරයා ඒත්තු ගන්වා ගත යුතුය.  ‘වල්පැල ගලවා මල් පැල සිටුවූ වත්මන් පාර්ලිමේන්තුවේ එවැනි විචක්ෂණ කණ්ඩායමක් විපක්ෂයට ඇතිදැයි හෙටින් (19) ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ දී අනාවරණය වනු ඇත.
අඟහරුවාදා (19) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා විශ්වාසභංග යෝජනාව ප්‍රතිකේෂප කිරීමේ නිවේදනය සිදු කළේ යැයි මොහොතකට උපකල්පනය කරමු. විපක්ෂ නායකවරයාට හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ඇති අනෙක් තෝරාගැනීම කතානායකවරයා වෙතින්  sensor motion** හෙවත් අනුමැති රහිත බව දැක්වෙන යෝජනාවක් විවාද කිරීමේ අවස්ථාව ඉල්ලා සිටීමයි. එය සභාව තුල සටන් කර දිනාගත යුතු තත්වයකි. (ලංකා ඉතිහාසයේ sensor motion විවාද නොකරම පරාජය කළ අවස්තා ඇත) ප්‍රශ්නය ඇත්තේ එවැන්නක් සභාවේ තර්ක කරන්නේ කවුරුන්ද යන්නය.
 
බිල්ලට යන්නේ රාජ්‍ය නිලධාරීන් පමණ ද?

46 (1) ව්‍යවස්ථාව මගින් පත්වීම් ලබන පුද්ගලයෙකුට බල අධිකාරිය ලැබෙන්නේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු (225 න් එකක්) නිසාය. දේශපාලනඥයින් මඟහැර රාජ්‍ය නිලධාරීන් දඬුකදේ ගැසීම ‘අගමන විගමන, බන්ධනාගාර, අශුචි පොහොර, මෝටර් රථවාහන’ වැනි දුෂණ හා අපරාධ චෝදනා විමර්ශනය පිළිබඳ  ව්‍යවහාරයක් බවට පත්ව ඇත. පාර්ලිමේන්තුව විවාද කර, දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වන පොලිස්පතිවරයා මෑතක දී ඉවත් කළේය.
 
 


පොලිස්පති ඉවත් කරන්නට ඡන්දය ප්‍රකාශ කළ අය දැන් කියන්නේ ‘බංකුවක් අරං ජාතික ආරක්ෂාව රකින නියෝජ්‍ය ඇමතිවරයාට’ එම ව්‍යවහාරය අදාළ නොවන බවට වන බොළඳ හා අධිපතිවාදී තර්කයයි.  ලංකා රාජ්‍යය නිර්මුක්තියේ පාරාදීය බව ගෝල්ෆෙස් විරෝධතාකරුවන් ගේ මතය විය. බලය ලැබුණු පසුව 225 න් ඕනෑම අයෙකුට ‘නිර්මුක්තිය’ ලැබෙන බව ආණ්ඩුව ක්‍රියාවෙන් පෙන්වමින් සිටී.

 
Rajith Keerthi
(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

rajith_tennakoon@yahoo.com
 
 

Rajith Keerthi Tennakoon
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...