The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සියල්ල සිද්ධ වන්නේ හේතුවක් ඇතිව ය | එරන්ද ගිනිගේ

T

The Leader Desk

August 19, 2025 • 3:11 PM

සියල්ල සිද්ධ වන්නේ හේතුවක් ඇතිව ය | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් මහින්දට මිනිස්සු දැන් වෙනදාටත් වැඩියෙන් ආදරය කිරීමට පටන් ගෙන තිබේ.
  • සියල්ල සිද්ධ වන්නේ හේතුවක් ඇතිව ය.
  • සැබෑ ආදර ගෞරවයක් ඇත්නම් එය දැක ගත හැක්කේ බලය නැති දාට ය.
  • එය ඔහුට මහත් කණස්සල්ලක් සහ චිත්ත පීඩාවක් වූ බව මා අසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් මහින්දට මිනිස්සු දැන් වෙනදාටත් වැඩියෙන් ආදරය කිරීමට පටන් ගෙන තිබේ. සියල්ල සිද්ධ වන්නේ හේතුවක් ඇතිව ය. බලය තිබෙන කල්හි පෙන්වන ආදර ගෞරව ඵලක් නැත. ඒවා බොහෝ විට බොරු රඟපෑම් ය. සැබෑ ආදර ගෞරවයක් ඇත්නම් එය දැක ගත හැක්කේ බලය නැති දාට ය.

මහා බලසම්පන්නව සිටි ජේ ආර් ට පවා බලය නැති වූ පසු ජනතාවගේ ගෞරවය නැති වී ගියේ ය. ඔහු අමතකව ගියේ ය. එය ඔහුට මහත් කණස්සල්ලක් සහ චිත්ත පීඩාවක් වූ බව මා අසා ඇත. නමුත් මහින්ද රාජපක්ෂ බලන්නට දැන් ජනතාවට උවමනා වී තිබේ. මා හඳුනන බොහෝ දෙනා මා හට කථා කරමින් ඉල්ලා සිටින්නේ මහින්ද සහ ගෝඨාභය මහත්වරුන් බැහැ දකින්නට අවස්ථාවක් සලසන මෙන් ය. මෙම තත්ත්වය එන්න එන්නම තීව්‍ර වනු මට දැනේ.

ඇතැමුන් සිතන්නේ මෙය කිසිවෙකු විසින් සැලසුම් සහගතව කරන්නක් බව ය. නැත. එවැනි කිසිදු සැලසුමක් නැත. මේවා සිද්ධ වන්නේ හේතු-ඵල ජාලයකිනි. මෙය වේගවත් කරන්නේ නම් අනුර කුමාර ඇතුළු ඔහුගේ වෛරී ආණ්ඩුව ම ය. මහින්දට එරෙහිව ඔවුන් දැන් කියන වචනයක් වචනයක් පාසා ජනතාව මහින්ද වෙත තව තවත් සමීප වේ. සැබැවින් ම මහින්ද සහ ගෝඨාභයගේ අගය ඉස්මතු වීමට අවශ්‍යව තිබූ එකම දෙය ජවිපෙ ආණ්ඩුව වැන්නකි. චන්ද්‍රයා පැහැදිලිව පෙනෙන්නට නම් අන්ධකාරය එළඹිය යුතු ය.

fdfgrfff
මහින්ද යනු මහා පුදුමාකාර චරිතයකි. ඒ චරිතය ගැන පොතක් තවම ලියවී නැත. චිත්‍රපටියක් හැදී නැත. එයට හේතුව වන්නේ එය ලියන්නට අපහසු පොතක් බැවිනි. ප්‍රතිනිර්මාණය කරන්නට මහත් අපහසු කථාවක් බැවිනි. මෙවැනි සුවිශේෂී චරිත නිර්මාණය වන්නේ කලාතුරකිනි. එය කිසිදු කැම්පේන් එකකින් නිර්මාණය කළ හැකි දෙයක් නොවේ. මහින්දට දැන් ලැබෙමින් පවතින්නේ සහමුලින්ම ඓන්ද්‍රීය අව්‍යාජ ජනතා ආදරයකි. ඔහුගෙන් කිසිවක් නොලැබෙන බව දැන දැන ම ඔහු වෙනුවෙන් පැමිණීම සැබැවින්ම දේවත්වයට පවා එහා ගිය අපූරු චර්යාවකි.

මෙම තත්ත්වය පැහැදිලි කිරීම පහසු නැත. ඇතැම් විට වීරයන් අහිමි සමාජයක් තමන් දන්නා එකම වීරයා කෙරෙහි නැවත බැඳීමක් විය හැකි ය මෙය. සැබැවින්ම දැන් ලක් සමාජයේ වීරයන් නැත. ඉන්නේ අර කිව්වාත් වගේ පඟර නැට්ටන් ය. නමුත් ඕනෑම මිනිස් සමාජයකට වීරයන් අවැසිය. වීරත්වය කටින් ලබා ගත නොහැකි ය. වීරත්වය බොරුවෙන් ලබා ගත නොහැකි ය. වීරත්වය ධනයෙන් හෝ බලයෙන් හෝ ලබා ගත නොහැකි ය. වීරත්වය අව්‍යාජ කැප කිරීමෙන් පමණක් ම ලබා ගත හැකි ය.

fhdhfgf

ගෝඨාභය සැබැවින් ම වීරයෙකු වූයේ යාපනය කොටුවේ සිර වී සිටි සහෝදර සෙබළුන් මුදා ගත් දින නොවේ. ඔහු වීරයෙකු වූයේ තම විධායක ජනාධිපති ධුරයේ බලය හැර දමා නික්මුණු මොහොතේ ය. අද මහින්දට එන ආදර ගෞරවය හෙට ගෝඨාභයටත් එලෙස ම එනු ඇත. හේතු-ඵල ධර්මය යනු එයයි. කිසිවක් නොකර සිටියත් මෙම චක්‍රය පෙරළීම කාට නම් නැවැත්විය හැකි ද… ධර්මය අපට මග වේවා!

eranda. ginige(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2024 අගෝස්තු 19


සබැඳි ලිපියක් :

මහින්දට නායක හිමිවරුන්ගෙන් ගෙයක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...