The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අඹන්පොළ මවට සහ දියණියට පහර දුන්නේ කුපිත කරවූ වන අලියෙක් ද ?

T

The Leader Desk

August 22, 2025 • 7:07 AM

අඹන්පොළ මවට සහ දියණියට පහර දුන්නේ කුපිත කරවූ වන අලියෙක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය අතිශය ඛේදජනක සිදුවීමකි.ඉනෝකා කුමාරි අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක වූ අතර එම දියණියගේ විවාහ මංගල්‍යය ද ඉදිරි මාස කීපයේ දී යොදාගෙන තිබුණු බවත් පැවසෙයි.
  • ඒ නිලධාරිනිය ඉතා යහපත් මහජන සම්බන්ධතාවකින් යුතු හා තමන් වෙත පැවරෙන ඕනෑම වගකීමක් නොපසුබටව භාර ගන්නා තැනැත්තියක බව පැවසූ කේ.ඩී.ඒ.
  • ඊට නිසි විසඳුමක් ලැබුණොත් යම්තාක් දුරට මිනිස්සුත් රැකගෙන වන සතුනුත් ආරක්ෂා කරගෙන ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වනවා,” සැබැවින්ම මෙම දෙපාර්ශවයම රැක ගත යුතු බවට පළ වූ ඇගේ අදහස අතිශයින් නිවැරදි ය.
  • මෙය සාමාන්‍යයෙන් අලි-මිනිස් ගැටුමේ දරුණුතම තත්වයක් ලෙස හඳුන්වන අතර එය දිනෙන් දින ශ්‍රී ලංකාවේ බරපතල පාරිසරික සහ සමාජ ගැටලුවක් බවට පත් වෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය අතිශය ඛේදජනක සිදුවීමකි.ඉනෝකා කුමාරි අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක වූ අතර එම දියණියගේ විවාහ මංගල්‍යය ද ඉදිරි මාස කීපයේ දී යොදාගෙන තිබුණු බවත් පැවසෙයි. ඒ නිලධාරිනිය ඉතා යහපත් මහජන සම්බන්ධතාවකින් යුතු හා තමන් වෙත පැවරෙන ඕනෑම වගකීමක් නොපසුබටව භාර ගන්නා තැනැත්තියක බව පැවසූ කේ.ඩී.ඒ. කැරැව්ගොඩ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් වරිය මෙසේ ද පවසා තිබුණි.

vt6786787
“මේ ප්‍රදේශයේ මිනිස්සු නිරන්තරයෙන්ම වන අලි ප්‍රහාර වලට, වගා හානි, දේපළ හානි වැනි කරදර වලට මුහුණ දෙනවා. ජන ජීවිතය කඩා වැටෙමින් මිනිස්සුන්ගේ ජීවිතයට බලපෑම් එල්ල වෙනවා තමයි. නමුත් අපිට සත්තුත් ආරක්ෂා කරගෙන මිනිස්සු ආරක්ෂා වෙලා ජීවත් වීමට අවශ්‍යතාවය තියෙනවා. ඊට නිසි විසඳුමක් ලැබුණොත් යම්තාක් දුරට මිනිස්සුත් රැකගෙන වන සතුනුත් ආරක්ෂා කරගෙන ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වනවා,” සැබැවින්ම මෙම දෙපාර්ශවයම රැක ගත යුතු බවට පළ වූ ඇගේ අදහස අතිශයින් නිවැරදි ය.

ඉහත සඳහන් සාතිශය සංවේග ජනක සිදුවීම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි කම්පාවට පත්ව සිටින අතර, මිනිස් වන සතුන් අතර ගැටුම් අවම කිරීම සඳහා විධිමත් විසඳුම් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කරති.නමුත් එදා මෙදා තුළ ලැබී ඇත්තේත් අද වන විට ලැබෙමින් පවතින්නේත් “යන්නෙ කොහෙද ?මල්ලේ පොල් “ මාදිලියේ විසඳුම් බව පෙනෙයි.

 

අලියාට ඇහැ තියන ක්‍රමයට අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද? | ප්‍රණීත්  අභයසුන්දර

වන අලින් මිනිසුන්ට පහර දීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. මෙය සාමාන්‍යයෙන් අලි-මිනිස් ගැටුමේ දරුණුතම තත්වයක් ලෙස හඳුන්වන අතර එය දිනෙන් දින ශ්‍රී ලංකාවේ බරපතල පාරිසරික සහ සමාජ ගැටලුවක් බවට පත් වෙමින් තිබේ. නමුදු මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් ලෙස බලපාන ගැටළුවක් බව ද පෙනෙයි. එක් එක් ප්‍රදේශ වල ජන කොටස් වන අලින් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ද ඊට හේතු වී ඇති බව ද ඉන් වටහා ගත හැක.

එමෙන්ම මෙම තත්වය සම්බන්ධයෙන් අප රට තුළ විධිමත් ගවේෂණ හා ඒ සඳහා වන විසඳුම් ඉදිරිපත්ව ඇතත් දේශපාලන බලධාරීන් ඒ කිසිවක් නොතකා ගින්දර නිවීමට ජලය වෙනුවට පෙට්‍රල් ඉසින්නක් බඳු අලි මිනිස් ගැටුම තව දුරටත් උග්‍ර වන ආකාරයට කටයුතු කරමින් සිටිනු දක්නට ලැබේ. ඊට ප්‍රධානතම හේතුව මෙම ගැටළුව නිසි පරිදි හඳුනා ගැනීමට ඔවුන් අසමත් වීම ය.

වර්තමානයේ වන අලින් ගම් වැදීම යනුවෙන් හඳුන්වන නිර්වචනයේම බරපතල දෝෂ සහගත බවක් පෙන්නුම් කෙරෙන තර සැබැවින් ම සිදුව ඇත්තේ එහි අනෙක් පැත්ත ය. මෙම ගැටළුවට මූලික හේතුව වන අලින්ට ඔවුන් ගේ ගේ නිජ බිම් හා ඔවුන් ගේ වාසස්ථාන අහිමි වීම ය.  ප්‍රධාන වශයෙන්ම වනාන්තර එළි පෙහෙළි කිරීම ඊට මුල් වී තිබේ. වගා කටයුතු සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා මිනිසා විසින් අවිධිමත් ලෙස භූමිය භාවිත කිරීම නිසා අලි ඇතුන්ගේ ස්වාභාවික වාසස්ථාන හා ඔවුන් සැරිසරන මාර්ග අහිමි වී තිබේ. මේ නිසා කර කියා ගැනීමට කිසිවක් නොමැති ඔවුහු ආහාර සහ ජලය සොයා පසු කාලීනව ඉදි කර ගත් මානව ජනාවාස වලට සහ වගා බිම් වලට ඇතුළු වෙති.

සල්ලි අහේනිය ලංකාවේ අලි වෙඩිවලටත් ගිනි තියන ලකුණු

 

අතීතයේ තිබූ ස්වාභාවික වනාන්තර හා ජල මූලාශ අහිමි වීම මත අලින්ට අවශ්‍ය තරම් ආහාර සහ ජලය සොයා ගැනීමට අපහසු වී තිබේ. එම වන කලාපයන් මුල් කොට ගත් පාරිසරික හානි ආදී හේතු නිසා වන අලින්ට ඒවායේ වාසය සඳහා තිබූ යෝග්‍යතාව නොමැති වීම ඉන් එක් හේතුවකි. එමෙන්ම එම ප්‍රදේශයන් හි වන අලින් ගේ වාස කලාපයන්හි තිබූ ජලාධාර ප්‍රදේශ වගා කටයුතු සඳහා මිනිස් ග්‍රහණයට පත්ව තිබීම ඒ හා සම්බන්ධ දෙවන හේතුව සේ පෙනේ.

මේ වන විට අඹන්පොල ගල්ගමුව ආශ්‍රිත මී ඔය නිම්නයේ වැඩිම වන අලි ගහණයක් වාර්තා වනුයේ ඉහත සඳහන් ජෛවමය පරිසර පද්ධතිය තාමත් එහි සුරැකී තිබීම නිසා ය. දැන් කාලයක සිට වයඹ විල්පත්තු, තබ්බෝව හා උතුරු මැද හා මධ්‍ය පලාත් මායිම් වලටට අයත් කහල්ල-පල්ලෙකැලේ වන කලාප වල සිටි වන අලින් ද අඹන්පොල ගල්ගමුව ආශ්‍රිත ප්‍රදේශ වලට සංක්‍රමණය වී සිටිති.

මේ වන විට අන්තර් ජාලය ඔස්සේ අති විශාල පිරිසක් නරඹමින් සිටින අඹන්පොල ගල්ගමුව අතර ගැට දිවුල ප්‍රදේශයෙන් දුම්රිය සහ මහා මාර්ගය හරහා අති සුප්‍රකට කාවන් තිස්ස ඇතා ඇතුළු වන අලි ඇතුන් විශාල පිරිසක් මාරු වීම පිළිබඳ ලොව දුලබම දර්ශන ඒ සම්බන්ධ වටිනා සාක්ෂියකි.

 



එමෙන්ම එම වන අලි එම මානව ජනාවාස ඇසුරේ ඇති පහසුවෙන් ලබාගත හැකි බෝග වර්ග වන වී, බඩ ඉරිඟු, උක්, කෙසෙල්, කොමඩු, වට්ටක්කා වැනි බොහෝ දේ ආහාරයට ගනු පිණිස අලුතින් බිහි වූ මානව ජනාවාස වලට ඇතුළු වෙති. නමුත් ඒවා මිනිසුන් විසින් වගා කරන ලද, මිනිසුන් විසින් පරිභෝජනය කරනු ලබන හා ආර්ථික වටිනා කමකින් යුතු බව බෝග බව වන අලි නොදනිති. ඔවුනට ඒවා තම පාරම්පරික වාස කලාප වල ඇති ආහාර වර්ග පමණි.

ස්වාභාවික යුක්තියට අනුව එම ක්‍රියාවලියේ සැබෑ වග උත්තර කරුවන් වනුයේ අප ද නැතහොත් ආහාර හා ජලය සොයා මානව ජනාවාස වලට පිවිසෙන වන අලින් ද යන්න අප නැවත සිතා බැලිය යුතු ය.

 

banda

නමුත් අලි ඇතුන් තම ජනාවාස වලට පැමිණෙන විට අද බොහෝ දෙනෙක් ඔවුන්ව එළවා දැමීමට, බිය ගැන්වීමට හෝ පහර දීමට විවිධ ක්‍රම භාවිතා කරති. උදාහරණයක් ලෙස වෙඩි තැබීම, ගිනි අවි භාවිතය, පුපුරණ ද්‍රව්‍ය යොදාගත් උගුල් ඇටවීම හක්ක පටස් වැනි උගුල් ඇටවීම මේ අතර ප්‍රධාන වේ. මෙම ක්‍රියා නිසා අලින් තුළ මිනිසුන් කෙරෙහි වෛරයක් සහ බියක් ඇති වීම ස්වාභාවික ය. ඒ හේතුවෙන් ඔවුහු තම ආර්ක්ෂාව තකා මිනිසුන්ට පහර දීමට පෙළඹෙති. ඉහත සඳහන් මව සහ දියණිය සම්බන්ධ ඛේදවාචකය ද එහි ප්‍රතිඵලයක් නොවන බව සහතික වීමට අපට නොහැක.

මිනිසා ගේ බුද්ධිය හා සතුන් ගේ බුද්ධිය අතර ප්‍රබල වෙනස් කම් තිබේ. සතුන් ගේ බුද්ධිය සහජතාව ( Instinct )මත පදනම් වීම ඒ සම්බන්ධ ප්‍රධානතම වෙනස ය. ඇතැම් විට එය මිනිස් මොළය ද ඉක්මවා යන්නක් බව සනාථ වී තිබේ. කිනම් හෝ සන්නිවේදන මාධ්‍යයක් ඔස්සේ කිලෝ මීටර් සිය ගණනක් දුරක සිට හෝ තම වාස කලාපය සොයා ඒමේ ශක්තියක් වන අලින් සතු ය.

 

වන අලි ගැටලුව විසඳන්න ආණ්ඩුව දරන වෑයම අලියා ගිල්ල දිවුල් ගෙඩියක් වේ ද? | |  රේණුකා දමයන්ති ගමගේ
එමෙන්ම අලි ඇතුනට අතීත අත්දැකීම් මතක තබාගැනීම හොඳ මතක ශක්තියක් ද තිබේ. අතීතයේදී තමන්ට සිදුවුණු වෙඩි වැදීම, පහරදීම පලවා හැරීම් වැනි බිහිසුණු හා බරපතල සිදුවීම හොඳින් මතක තබා ගැනීමට ඔවුනට පුළුවන. ඔවුන් මිනිසුන් දුටු විට ඒ අත්දැකීම් නැවත සිහිපත් කර ගන්නා වන අලින් කෝපයට හෝ බියට පත්ව ඔවුනට පහර දීමට පුළුවන. නමුත් මෙය මිනිසුන් දකින්නේ ‘පලිගැනීමක්’ ලෙස ය.

අලි ඇත්තු තමන්ගේ වාසස්ථාන සහ ආහාර අහිමි වූ විට ඔවුන් මිනිසුන් සමඟ ගැටුම් ඇති කරගනිති. නමුත් එය ඔවුන්ගේ පැවැත්ම සඳහා කරන අරගලයක් මිස පෞද්ගලික පලිගැනීමක් ලෙස සැලකිය නොහැකි ය. එය ද හුදෙක් තම පරපුර පවත්වා ගෙන යනු පිණිස සොබා දහමින් ඔවුනට හිමි වූ සහජතාව මත පදනම් වූ හැකියාවකි.

නමුත් අලින් ඉතා බුද්ධිමත් සතුන් වුවත්, මිනිසුන් සිතන තරම් ඔවුන්ට දුර දිග දක්නා නුවණක් හෝ පලිගැනීමේ හැකියාවක් නැත. ඔවුන් කරන්නේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් වන විට හෝ අතීත අත්දැකීම් නිසා ඇතිවන ස්වභාවික ප්‍රතිචාරයන් පෙන්නුම් කිරීමක් පමණි. අලි ඇතුන් සම්බන්ධ මෙම තත්වය බෞද්ධ සාහිත්‍යයට අයත් මජ්ජිම නිකායේ කන්දරක සූත්‍රයේ පවා මනාව සඳහන් වේ.

වන අලින් සම්බන්ධ මෙවන් කරුණු කාරණා පාරම්පරික විඥානයෙන් දැන සිටි අතීත ගැමියා වන අලින් කුපිත කර නොගෙන ඔවුන් යාප්පුවෙන් තම වාස භූමි හා වගා බිම් වලින් පිට මං කොට තමන් ගේ තම දේපල සහ වගා බිම් වල ආරක්ෂාව යොදා ගැනීමට ගත් උපාය මාර්ග නූතන සමාජයෙන් මුළුමනින්ම ගිළිහී ගොසිනි.

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකි ද? |  සුපුන් ළහිරු ප්‍රකාශ්

එමෙන්ම වන අලින් කුපිත කොට මානව ජනාවාස වලින් පලවා හැරි පසු උන් යළි කිසිදා එහි නො එනු ඇත යන බාල බොළඳ මිථ්‍යාව වත්මන් දේශපාලනඥයන් තුළ ද නොඅඩුවම පවතින බව මේ දිනවල ක්‍රියාත්මක් වන වන අලින් පලවා හැරීමේ නිරර්ථක මෙහෙයුම් වලින් පෙනෙයි. එය හරියට උල්පත් සහිත ළිඳක් ඉස ජලය මුළුමනින් සිඳලීමට දරන වෑයමක් මෙනි. එය මේ වන විටත් එම සත්‍යය වත්මන් බලධාරීන් වටහා ගෙන ඇති බවක් නොපෙනේ. ඒ ඔවුන් වෙත කෙරෙන බලපෑම් බීරි අලින්ට වීණා වැයීමක් බවට පත් ව ඇති නිසා ය.

ඒ කෙසේ හෝ මේ වන විටත් නතර කොට ඇති බවක් නොපෙනෙන වන අලින් කුපිත කොට පළවා හැරීමට දරන උත්සාහය නතර නොකරන තුරු ඉහත සඳහන් මාදිලියේ ඛේදවාචක තව දුරටත් ප්‍රවර්ධනය වීම ඔස්සේ වටිනා මිනිස් ජීවිත දේපල සේම ජාතිය සතු මා හැඟි සම්පතක් වන වන අලි ඇතුන් ගේ ජීවිත ද එකි`නෙක පරයමින් වැනසී යාම තව දුරටත් වේගවත් වනු ඒකාන්ත ය. එය නිමාවට පත් වනුයේ මෙම යථාර්ථය පිළිබඳව කිසිත් නොදත් වන අලින් ට මිනිසුන්ට වඩා බරපතල හානි සිදුවීම මත යම් නුදුරු කාලයක දීම අප රටේ අවසන් වන අලියාට ද සදහටම සමු ගැනීමට සිදුවීමෙනි.

සහල් ආනයනය අලුත් ආණ්ඩුවේ අනුවණ කමක් ද? - (රේණුකා දමයන්ති ගමගේ)(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...