The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ ඇත්ත - නැත්ත !

T

The Leader Desk

August 23, 2025 • 7:43 AM

අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ ඇත්ත - නැත්ත !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැටලීම සහ එසැණින් දහවල් දොළහ ප්‍රවෘත්ති විකාශය හරහා අනවසර වැඩබිමක් මෙන් ම ජාවාරමක් ලෙස හංවඩු ගසමින් පුවත් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ආශා මිනරල්ස් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.
  • වසරේ දී අප විසින් ආශා මිනරල්ස් ආයතන ආරම්භ කරනුයේ ඛනිජ සඳහා අගය එකතු කිරීමේ විශේෂිත සමාගමක් ලෙස ය.
  • එහි දී වයඹ පළාත් පරිසර අධිකාරිය තීරණය කළේ අපගේ පරිසර අනුමැතිය සඳහා මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් සකස් කරන ලෙසයි.
  • ඒ අනුව එවැනි වාර්තා පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති EML Consultants PLC ආයතනය මගින් සකස් කරන ලද මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවට, රාජ්‍ය ආයතන පහළොවක අධීක්ෂණය හා අනුමැතිය ලැබීමෙන් පසු වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් අප වෙත පරිසර නිෂ්කාශන සහතිකය නිකුත් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

වැටලීම සහ එසැණින් දහවල් දොළහ ප්‍රවෘත්ති විකාශය හරහා අනවසර වැඩබිමක් මෙන් ම ජාවාරමක් ලෙස හංවඩු ගසමින් පුවත් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ආශා මිනරල්ස් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.

 


මතු පළ වන්නේ එම නිවේදනය යි.

සති අග දීර්ඝ නිවාඩුවක් වූ අගෝස්තු මස නමවන සෙනසුරාදා දහවල් දොළහට පමණ අප ආයතනයට නීත්‍යානුකුලව අයත්, අරුවක්කාරු බැර ඛනිජ නිස්සාරණය වැඩබිමට සෝදිසි කිරීමේ වරෙන්තුවක් පවා නොමැතිව, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැටලීම සහ එසැණින් දහවල් දොළහ ප්‍රවෘත්ති විකාශය හරහා අනවසර වැඩබිමක් හා ජාවාරමක් ලෙස හංවඩු ගසමින් පුවත් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙහි අරමුණයි.

2016 වසරේ දී අප විසින් ආශා මිනරල්ස්  ආයතන ආරම්භ කරනුයේ  ඛනිජ සඳහා අගය එකතු කිරීමේ විශේෂිත සමාගමක් ලෙස ය. 2016 වසරේ දී ම ආශා මිනරල්ස් ආයතනය මගින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත ඉදිරිපත් කරන ලද ඉල්මනයිට් සඳහා අගය එකතු කිරීමේ තාක්ෂණයට  පවා අවසර හිමි විය.


2022 වසරේ දී රටෙහි තිබූ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පරිසර අමාත්‍යංශයේ දී පැවැත්වූ ඛනිජ සමුළුව සඳහා අප හට ද ආරාධනා ලැබුණු අතර අරුවක්කාලු බැර ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතිය පිළිබඳ වූ යෝජනාව කර්මාන්ත අමාත්‍යාංශය වෙත යොමු කළ අතර එම අමාත්‍යාංශය විසින් අපව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත යොමු කළේ ය.
 
පුරා වසර තිස් පහකට අධික කාලයක් තිස්සේ හුණු ගල් කැණීමේ දී ඉවත ලන රතු පස් සහ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා බසින වතුර යොදාගෙන, බැර ඛනිජ නිස්සාරණය කර, ඛනිජ වෙන් කර, බැර ඛනිජ සඳහා අගය එකතුකර අපනයනය කිරීමෙන් රටට ඩොලර් මිලියන ගණනක් ලබා ගත හැකි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ යෝජනාව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත ඉදිරිපත් කළ අතර සිමෙන්ති සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ද ඇතිව මෙම ව්‍යාපෘතිය අප විසින් ආරම්භ කරන ලදී.
 
knkdjf
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට ද අපගේ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කර ඔවුන්ගෙන් මෙම ව්‍යාපෘතිය සඳහා වූ මාර්ගෝපදේශ ලබාගෙන එම සියලු අවශ්‍යතා සපුරාලීමට අප විසින් කටයුතු කරන ලදී.
 
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන පාරිසරික  අනුමැතිය වයඹ පළාත් පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රැස්වීම් හයක් අදාළ සියලු ම ආයතනවල සහභාගිත්වය ද සමග පැවැත්විය. එහි දී වයඹ පළාත් පරිසර අධිකාරිය තීරණය කළේ අපගේ පරිසර අනුමැතිය සඳහා මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් සකස් කරන ලෙසයි.

ඒ අනුව එවැනි වාර්තා පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති EML Consultants PLC ආයතනය මගින් සකස් කරන ලද මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවට, රාජ්‍ය ආයතන පහළොවක අධීක්ෂණය හා අනුමැතිය ලැබීමෙන් පසු වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් අප වෙත පරිසර නිෂ්කාශන සහතිකය නිකුත් කරන ලදී. එම ආයතන පහත පරිදි වේ.
 
* ප්‍රධාන අමාත්‍යංශය - වයඹ පළාත
* පළාත් පාලන දෙපාර්තමේන්තුව - වයඹ පළාත
* පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව - වයඹ පළාත
* ප්‍රාදේශීය ලේකම් - වනාතවිල්ලුව
* භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය - පිටකෝට්ටේ
* ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය - පේරාදෙණිය
* වාරිමාර්ග දෙපාර්තමේන්තුව - පුත්තලම
* ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව - කොළඹ
* ප්‍රාදේශීය සභාව - වනාතවිල්ලුව
* භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වයඹ පළාත් කාර්‍යාලය - කුරුණෑගල
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව - කුරුණෑගල
* ජල සම්පත් මණ්ඩලය - පුත්තලම
* වන ජීවී සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව - පුත්තලම
* සෞඛ්‍ය වෛද නිලධාරී කාර්‍යාලය - පුත්තලම
* වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව - පුත්තලම
* ස්වාහාවධර්ම  සං‍රක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IUCN – Country office)
* පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය

අප විසින් ඉදිරිපත් කරන ලද මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් අනුමැතිය දීමට ප්‍රථම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හය දෙනෙක්ගෙන් යුත් පරීක්ෂණ කණ්ඩායමක් අරුවක්කාරු ඉඩමට ගොස් පුරා දින පහක් පමණ අපගේ වැඩ බිම් භූමිය පරීක්ෂාකර අවශ්‍ය තොරතුරු සටහන් කර ගත්තේ ය.

ඉන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය අප හට ලබා දෙන ලදී. එම ලබාදුන් අවසරයේ නිර්දේශයකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 14 දෙනෙක් පමණ පුරා දින 45 ක් අපගේ ව්‍යාපෘති භූමියේ රැඳී සිටිමින් ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සිදු කළහ.

ගස් ඉවත් කිරීම පිළිබඳ අනුමැතිය
 
අපගේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන භූමියේ ශාක ඉවත් කිරීම සඳහා අප විසින් රාජ්‍ය දැව සංස්ථාවෙන් ඉල්ලීම් කරන ලදී.

ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉවත් කළ යුතු ගස් සලකුණු කර රාජ්‍ය දැව සංස්ථාව මගින් එම ශාක ඉවත් කර ගැනීමට අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් රාජ්‍ය දැව සංස්ථාව විසින් එකී ශාක කපා දැව ඉවත් කර ගන්නා ලදී.
 
ffdgdfg
ව්‍යාපෘතිය සඳහා ජලය ලබාගැනීමේ අනුමැතිය
අපගේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ජලය ලබා ගැනෙනුයේ උප්පු ආරූ මඟිනි. අප ජලය ලබාගැනීමට තෝරාගැනු ලැබූවේ පානීය හා කෘෂිකාර්මීක කටයුතුවලින් පසුව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ජලය මුහුදට ගලා යන ස්ථානයකිනි. අප එම ජලය ලබා ගැනීමට හා ජල පොම්පාගාරය ඉදිකිරීම සඳහා වාරීමාර්ග දෙපාර්තුමෙන්තුවේ අවශ්‍ය සියලු ම අවසර ද ලබා ගෙන තිබුණි.

තත්ත්වය එසේ වුව ද සියලු ම නීත්‍යනුකූල අනුමැතියෙන් සහ අවසරයෙන් ලබා තිබියදීත්, මෙය නීති විරෝධී කටයුත්තක් ලෙස මවාපාමින්, මාධ්‍ය තුළින් හිතා මතාම අප ආයතනයේ කීර්තිනාමයට හානි වන කුමන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම සිද්ධියට අදාළව අප ආයතනය වෙත කිසිදු ලිඛිත හෝ වාචික දැනුම්දීමක් නොකෙරුණු අතර, වැටලීමට හේතුව දැන ගැනීම පිණිස අප විසින් නිසි බලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, අප වෙත බලධාරීන් විසින් කිසිදු තොරතුරක් ලබා නොදුණි. මෙම වැටලීම සම්බන්ධයෙන් අප හට එල්ල වී ඇති චෝදනා පවා අප දැනගත්තේ ගරු අධිකරණයට කරන ලද කරුණු වාර්තා කිරීමේ දී ය.

අපගේ සමාගම සියයට සීයක් ශ්‍රී ලාංකික සමාගමක් වන අතර ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන දේශීය ව්‍යවසායකයන් අධෛර්ය කරමින් එල්ල වන බලවේග සහ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වීම කණගාටුවට කරුණක් වන අතර එය පරාජය කිරීම අප සැමගේ වගකීමකි.''
 
මේ පිළිබඳ පැහැදිලි කරමින් ආශා මිනරල්ස් ආයතනය මඟින් පැවැත්වූ මාධ්‍ය හමුව මතු පළවේ.
 
 
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...