The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දරුවන් වැඩෙන්නේ මෙහෙමයි...

T

The Leader Desk

August 23, 2025 • 5:18 AM

දරුවන් වැඩෙන්නේ මෙහෙමයි...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වකිය අනන්‍යතාව ගොඩනංවා ගැනීම පුද්ගලයකුගේ ජිවිතයට වඩාත්ම වැදගත් වන බවත්, එය ළමා කාලයේ සිට කෙමෙන් කෙමෙන් ගොඩනැගෙන අතර ළමයකු ලබා ගන්නා අත්දැකීම් බෙහෙවින් වැදගත් වන බවත්..." එරික් එරික්සන් අවධාරණය කළ කරුණකි.
  • තමන්ගේ වුවමනාවන් නොපමාව ඉටු කළ යුතු යැයි සිතන අතර පමා වීම සහ අඩුපාඩු සිදුවූ විට බලාපොරොත්තු කඩ වී අවිශ්වාසය ඇති වේ.
  • දුක්වී තම අදහස් ප්‍රකාශ කරයි.
  • මෙම කාලය තුළ මාපියන්ගේ, රැක බලගන්නන්ගේ ආදරය, කරුණාව නොලබන දරුවන් වැඩිහිටි වියේ දී සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට අසමත් වෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

erik 1එරික් එරික්සන්"... ස්වකිය අනන්‍යතාව ගොඩනංවා ගැනීම පුද්ගලයකුගේ ජිවිතයට වඩාත්ම වැදගත් වන බවත්, එය ළමා කාලයේ සිට කෙමෙන් කෙමෙන් ගොඩනැගෙන අතර ළමයකු ලබා ගන්නා අත්දැකීම් බෙහෙවින් වැදගත් වන බවත්..." එරික් එරික්සන් අවධාරණය කළ කරුණකි.

child awadi

මේ අනුව දරුවකු ස්වාධීනව වැඩිය යුතු ජීවියෙකි. දරුවා ස්වාධීනව වැඩීමේ දී සමාජ සංස්කෘතික නොගැළපීම් බඳු බාධා ඔහුගේ අනන්‍යතාව ගොඩනංවා ලීමට අවහිරයක් වීමට ඉඩ තිබේ. මෙම තත්ත්වය ජිවිත කාලය පුරාම බලපෑ හැකි ය. එරික්සන් මේ අනුව අවධි අටකින් සමන්විත වූ සමාජීය වර්ගීකරණයක් ඉදිරිපත් කළේ ය. මෙහි මුල් කොටස් පහ පුද්ගලයකුගේ වර්ධනයට බෙහෙවින් බලපායි.

පළමු අවුරුද්ද තුළ දී සිදුවන දෑ...

unsplash image Uvlir2v dXE

එරික්සන් ට අනුව උපතේ සිට වයස අවුරුදු  එක දක්වා බිලිඳු අවධිය යි. මෙම අවධියේ දී දරුවා බෙහෙවින් ආදරය බලාපොරොත්තු වේ. තමන්ගේ වුවමනාවන් නොපමාව ඉටු කළ යුතු යැයි සිතන අතර පමා වීම සහ අඩුපාඩු සිදුවූ විට බලාපොරොත්තු කඩ වී අවිශ්වාසය ඇති වේ. දුක්වී තම අදහස් ප්‍රකාශ කරයි. අන්‍යයන් කෙරෙහි විශ්වාසය තැබීමේ අඩිතාලම වැටෙන්නේ මෙම පළමු අවුරුද්ද තුළ දී ය. මෙම කාලය තුළ මාපියන්ගේ, රැක බලගන්නන්ගේ ආදරය, කරුණාව නොලබන දරුවන් වැඩිහිටි වියේ දී සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට අසමත් වෙති.

තමන් පිළිබඳව විශ්වාසය ඇති කර ගැනීම, තමා ජීවත් වන පරිසරයේ ආරක්ෂිතභාවය හා අනාගතය පිළිබඳව සුබදායි බලාපොරොත්තු ඇති කර ගැනීම දරුවාගේ අනාගතය දරුවාගේ අවශ්‍යතා සම්පුර්ණ වීම තුළින් සිදුවේ. මෙම අවධියේ දී අපේක්ෂා සුන්වූ දරුවන් අනාගතයේදී බිය, අධික සැක සහිත අදහස් ඇති, අධි සුරක්ෂිත බව අපේක්ෂා කරන පුද්ගලයින් වීමට ඉඩ ඇත.

දොරටුවලට වැටවල් ගසා දරුවන් ආරක්ෂා කළ යුතු ද?

baby gate iStock 1028298414

වයස අවුරුදු 01-03 දක්වා ළදරු අවධිය යි. මෙම වයසේ දී දරුවා තමන්ට රිසිසේ නිවාස තුළ දුව පැන ඇවිදීමටත්, බඩුමුට්ටු එහෙට මෙහෙට අදිමින්, නිදහසේ හැසිරීමට ප්‍රිය කරයි. ඔහුගේ කායික වැඩිම සීඝ්‍රයෙන් සිදුවේ. දරුවා වැඩෙන්නට ඉඩ ඇතැයි ද අනතුරක් සිදු කර ගැනීමට ඉඩ ඇතැයි යන බියෙන් වැඩිහිටියෝ දොරටුවලට වැටවල් ගසා දරුවන් ආරක්ෂා කිරීමට පෙලඹෙති. මේ නිසා දරුවා බියට, ලැජ්ජාවට පත් වීමට ඉඩ තිබේ. බාහිර පරිසරය සමග ගනුදෙනු වැඩි වී ස්වාධීනත්වය මෙන්ම චාලක ක්‍රියාකාරකම්වල ද වර්ධනයක් දැකිය හැකි ය.

මෙම වයසේ දී දෙමව්පියන් චාලක ක්‍රියාකාරම්වල ද වර්ධනයක් දැකිය හැකි ය. මෙම වයසේදී දෙමව්පියන් චාලක ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ට්‍රයිසිකල්, building blocks, බෝල යනාදි උපකරණ සපයා දිය යුතුය. එම ප්‍රවීණත්වය ලබා ගැනීම අවහිර කිරීමෙන් දරුවන් වැඩිහිටි වියේ දී චාලක කුසලතාවල ඌන බවක් පෙන්නුම් කරන බව එරික්සන් පවසයි. එමෙන්ම ජනෙල්, පුටු , මේස යනාදි උස් ස්ථානවලට නැගීම, පැනීම, දිවීම යනාදි අත්හදා බැලීමේ ක්‍රියාවලට ද කැමැත්තක් දක්වයි.

කඩිසර බව සහ හීනමානය අතර ගැටුමක් ඇති නොවන්නට නම්...

වයස 03-05 අතර පෙර පාසල් වියේ දී දරුවාගේ ආරම්භක ශක්තියට එරෙහිව වරදකාරිත්වය පිළිබඳ හැඟීමක් ඇති කර ගනී. මිතුරු මිතුරියන් ඇසුර, ගුරුවරුන් ඇසුරු කිරීම, සමුහ ක්‍රීඩා යනාදි බාහිර ක්‍රියාකාරකම් මගින් දරුවා දැනුම ලබා ගනී.

තව දුරටත් වයස අවුරුදු 06-10 අතර කාලයේ දී ඉහත සඳහන් ක්‍රියාකාරකම් වර්ධනය කර ගන්නා දරුවා නව පර්යේෂණ, අත්හදාබැලීම්වලට යොමු වේ.සෙල්ලම් බඩු කැබැලි කර නැවත සවි කිරීමට උත්සහ ගැනීම, නිවසේ ඇති ගුවන් විදුලි යන්ත්‍ර, කැමරා අඩිය ගලවා පරික්ෂා කිරීමට උත්සහ කිරීම මෙම අවධියේ දී දැකිය හැකිය.


Blog Why is learning through the senses important Forest Lake 3 6 Sensorial Cylinders 2

වැඩිහිටියන් එම ක්‍රියාකරකම් නැවත්වීමට සහ ඒවාට බාධා කිරීමට උත්සහ කරන විට දරුවාගේ කඩිසර බව සහ හීනමානය අතර ගැටුමක් ඇති වේ. දරුවාට අනතුරක් නොවන සේ භාණ්ඩ පරිහරණය කිරීමට, නිර්මාණාත්මක දේ සෑදීමට අවශ්‍ය පහසුකම් වැඩිහිටියන් විසින් සලසා දිය යුතුය. බැටරි කැලි ,මෝටරයක්, රැස් වළල්ලක් කරකවිම වැනි ක්‍රියාකාරකම් වලට පහසුකම් සැලසීම මගින් නිර්මාණාත්මක දරුවකු බිහි කිරීමේ අඩිතාලම දැමීම මෙම වයසේ දී සිදුකළ හැකි ය.


ආයුකාල සංවර්ධන අවධි බෙදා වෙන් කළ හැකි ද...?

 

arguing, mother, son,

නව යොවුන් වියේදී එනම් වයස අවුරුදු 10-20 අතර දරුවා තමා පිළිබඳව ආත්ම සංකල්ප ඇති කර ගනී. නව යෞවනයා තම ජීවිතවල අරමුණ කුමක්ද? තමා කළ යුත්තේ කුමක්ද යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට මෙම වයසේදී යොමු වේ. තෘතියික අධ්‍යාපනයට යොමු වීම සිදුවේ. කායිකව මෙන්ම මානසිකව සීග්‍ර වැඩීමක් පෙන්නුම් කරයි. මේ නිසාම සමහර අවස්ථාවලදී වැඩිහිටියන් සමග වාද විවාද ,මත ගැටුම් ඇති කර ගනී.

මින් පසු මුල් වැඩිහිටි විය, මධ්‍ය වැඩිහිටි විය සහ මහලු විය එළඹේ. එරික්සන්ගේ මෙම න්‍යායට දම්වැලක පුරුක් ලෙස ආයුකාල සංවර්ධන අවධි බෙදා වෙන් කළ නොහැකි බවට විවේචන ද එල්ල විය. නමුත් ඔහුගෙන් සිදුවූ සේවය නම් මෙම න්‍යායයේ පදනම අනුව පුද්ගල ජිවිත යනු අඛණ්ඩව ගැටලු නිරාකරණය කර ගැනීමේ ක්‍රියාවලියක් බවත්, එහි දී සමාජ බලපෑම් සහ පුර්ව අත්දැකීම් උපකාර කර ගැනීමේ වැදගත්කම පෙන්වා දීමත් ය.

nilakshi
(සටහන | නිලක්ෂි බණ්ඩාර)

නිදහස් ලේඛිකා

nilakshibandara0710@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...