The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මංගල නැතිව සිව්වසක්

T

The Leader Desk

August 26, 2025 • 2:19 PM

මංගල නැතිව සිව්වසක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ දේශපාලනයට මංගලගේ සාම්පලේ දේශපාලකයෙක් පහුගිය අවුරුදු පහටම බිහිවෙලා නෑ.
  • ජාතිවාදය, ආගම, පන්සල උගස් කරමින් බලය වඩ වඩා තහවුරු කරගත් මහින්ද වගේ කෙනෙක්ට මංගල හිතන්නේ කොහොමද කියලවත් නොතේරෙන්න ඇති.
  • මංගල එංගලන්තේ දැක්ක, ලෝකේ වටේ අත්වින්ද ජිවිතය ලංකාවේ සමාජෙ ඇතුළේ සාක්ෂාත් කරගන්න පුලුවන්කම තිබ්බේ රනිල් එක්ක ඒත් මංගලට ඒක තේරෙනකොට එයාගේ ජිවිතේ හොඳම කාලේ ගිහින් ඉවරයි.
  • මංගල ගැන රසකතා ගොඩක්ම කියන්නේ බූඩී.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලංකාවේ දේශපාලනයට මංගලගේ සාම්පලේ දේශපාලකයෙක් පහුගිය අවුරුදු පහටම බිහිවෙලා නෑ. නිදහස් චින්තනය විශ්වාස කරපූ, සංස්කෘතික ජිවිතය අගයපූ, ආගම දේශපාලනයෙන් වියුක්ත විය යුතුයි කියලා තර්ක කරපූ, මංගල තරම් නූතනවාදියෙක් පේනතෙක් මානෙක නෑ.

MS 01 12 800x533

 

මංගලගේ සංස්කෘතික ජිවිතය ,චින්තනය සහ ලිබරල්වාදි හැසිරිම නිසාම මහින්ද වගේ කෙනෙක් එක්ක බොහෝකල් එකට රැඳෙන්න  බැරි උනා. ජාතිවාදය, ආගම, පන්සල උගස් කරමින් බලය වඩ වඩා තහවුරු කරගත් මහින්ද වගේ කෙනෙක්ට මංගල හිතන්නේ කොහොමද කියලවත් නොතේරෙන්න ඇති. මංගලට පෑහුන එකම චරිතේ උනේ ඔහූගේ දිර්ඝකාලීන මිතුරිය චන්ද්‍රකා. අනෙක් කිසිම කෙනෙක්ට මංගල හිතන විදිය දැනූනේ නෑ. තේරුනේ නෑ. මං හැමදාම පුදුම උනා මංගල ශ්‍රීලනිප වගේ තැනක ඉන්නේ ඇයි කියලා. එයාව හැමදාම පෑහූනේ එජාප රනිල්ගේ සෙවණට. මංගල එංගලන්තේ දැක්ක, ලෝකේ වටේ අත්වින්ද ජිවිතය ලංකාවේ සමාජෙ ඇතුළේ සාක්ෂාත් කරගන්න පුලුවන්කම තිබ්බේ රනිල් එක්ක


ඒත් මංගලට ඒක තේරෙනකොට එයාගේ ජිවිතේ හොඳම කාලේ ගිහින් ඉවරයි.
 
ගොඩක් අය දන්නේ නෑ මංගල, කොස්වාඩියේ බුද්ධි බතික් එකේ Designer කියලා. බුද්ධි බතික් එක අයිති උනේ ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂක බූඩී කීර්තිසේනගේ තාත්තට. මංගල ගැන රසකතා ගොඩක්ම කියන්නේ බූඩී. බූඩී කියන විදියට ඩේවීඩ් බෝවිගේ සංගීත පිස්සූව ඒ වටේටම බෝ කරලා තියෙන්නේ මංගල. වූඩී ඇලන්ගේ චිත්‍රපටි බලන්න ෆිලිප් ග්ලාස්ගේ ඔපෙරා රසවිඳින්න. කොස්වාඩියේ වටේම තරුණයෝ සංස්කෘතික ජීවීන් කරේ මංගල. බුද්ධී කීර්තිසේනගේ අවසරය එක්ක මංගල තමන්ගේ පළවෙනි විලාසිතා දැක්ම කරේ Barefoot කැෆේ එකේ. ඒ එක්කම ආචර්‍ය චන්ද්‍රමානි තේනුවරගේ ආරාධනයෙන් මංගල කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්‍යවරයෙක් විදියටත් කාලයක් සේවය කරා. දේශපාලකයාගෙන් වැහූනූ මංගලගේ වර්ණවත් ජිවිතය තමා ඒ.
WhatsApp Image 2021 09 06 at 3.51.30 PM
 
අදටත් සංගීතයක් රසවිඳින, ලස්සනට ඇඳුමක් අදින, චිත්‍ර ප්‍රදර්ශනයක චිත්‍රයක් රසවිදින, රසවත් සම්භාව්‍ය චිත්‍රපටියක යටි අර්ථය තේරුම් ගන්න පුලුවන් එක දේශපාලකයෙක් ඉන්නවද? කියන එක ප්‍රශ්ණයක්. දශක භාගයක් ගිහිල්ලත් මංගල ගේ හිස්තැන තවමත් පෙන්නේ අන්න ඒ නිසයි.

තමන් තමන් වීම කිසිදින ප්‍රතික්ෂේප නොකළ ඛේමගේ කොල්ලා නොහොත් ප්‍රින්ස් මංගලගේ නික්මයාමට පස්වරක් පිරිම නිමිතෙන් ලියවූනූ සටහනකි.

(මංගලගේ එංගලන්තයේ මිතුරියක් වූ Smooth opertor ගීතයේ ගායිකාව, මංගලව හැඳින්වූවේ Prince Mangala නමිනි) 

manujayaමනුජය තෙන්නකෝන්
 
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...