The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මියගිය මුත්තණුවන් බිළිඳු මුණුපුරා ගේ ගෙල මිරිකන්න හදලා !

T

The Leader Desk

August 29, 2025 • 11:03 AM

මියගිය මුත්තණුවන් බිළිඳු මුණුපුරා ගේ ගෙල මිරිකන්න හදලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම තොරතුරින් පැවසුණේ ඒ බිළිඳු දරුවාගේ මුත්තණුවන් අදෘශමානව පැමිණ බිළිඳාගේ ගෙල සිර කරන බවකි.
  • එවිට ඒ දරුවා දරුණු වේදනාවකට පත්ව උගුරෙන් අමුතු හඬක් නංවමින් හඬා වැටෙන බව ද පැවසිණ.
  • මාතර ප්‍රදේශයේ ඉපිද හැදී වැඩී ඒ ප්‍රදේශයේ ප්‍රමුඛතම විද්‍යාලයකින් ඉගෙනුම ලැබූ අපට දුරින් ඥාති සබඳතාවක් ද ඇති බිළිඳු පුතුගේ පියා මේ වන විට නාවුකයකු වශයෙන් රැකියාව කරයි.
  • බිරිඳගේ මව ජීවතුන් අතර නොමැති නිසා නව නිවස මිලට ගැනීමෙන් පසු ඇගේ තනි නොතනියට ළඟ හිඳ ඇත්තේ සැමියාගේ මව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම තොරතුරින් පැවසුණේ ඒ බිළිඳු දරුවාගේ මුත්තණුවන් අදෘශමානව පැමිණ බිළිඳාගේ ගෙල සිර කරන බවකි. එවිට ඒ දරුවා දරුණු වේදනාවකට පත්ව උගුරෙන් අමුතු හඬක් නංවමින් හඬා වැටෙන බව ද පැවසිණ.

මාතර ප්‍රදේශයේ ඉපිද හැදී වැඩී ඒ ප්‍රදේශයේ ප්‍රමුඛතම විද්‍යාලයකින් ඉගෙනුම ලැබූ අපට දුරින් ඥාති සබඳතාවක් ද ඇති බිළිඳු පුතුගේ පියා මේ වන විට නාවුකයකු වශයෙන් රැකියාව කරයි. මීට සය වසරකට පෙර ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණියක හා විවාහ වී එම ප්‍රදේශයේම මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයකින් නිවසක් මිලට ගෙන තිබේ.

සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද
බිරිඳගේ මව ජීවතුන් අතර නොමැති නිසා නව නිවස මිලට ගැනීමෙන් පසු ඇගේ තනි නොතනියට ළඟ හිඳ ඇත්තේ සැමියාගේ මව ය. එමෙන්ම ඇය තම කුළුඳුල් දරු උපත සිදුකරන විට සැමියා මහ සයුරේ නාවික වෘත්තියේ යෙදී සිටි බැවින් ඒ කටයුතු සොයා බලා සිදුකර ඇත්තේ ද සැමියාගේ මව විසින්ම ය.

සැමියා නැවත සමුදුරු ජීවිතයෙන් මිදී මව්බිමට පැමිණෙන විට බිළිඳාගේ වයස මාස හයකට ළංව තිබිණ. ඉන්පසු ඔහු යළි නැව් නැඟ ඇත්තේ බිළිඳාගේ පළමු උපන්දින උත්සවය සැමරීමෙන් මාසයකට පසුව ය. ඒ දක්වා දවසේ මුළු කාලයම තම බිළිඳු පුතු සුරතල් කිරීමට ඔහුට හැකි වී ඇත්තේ තමන් මව්බිමට පැමිණීමත් සමඟ මව මාතර මහගෙදර පදිංචියට යාම නිසා ය.

ඔහු අවසන් වරට නැව් නැගීමට පෙර නව නිවසේ ඉවුම් පිහුම් සහ බිළිඳු දරුවා බලාගැනීම පිණිස ගෘහ විශ්වාසවන්ත සේවිකාවකගේ අවශ්‍යතාව මතුවී තිබුණද එවැන්නියක සොයාගැනීමට නොහැකි වී ඇත. ඉන්පසු තරුණ බිරිඳට ඇගේ නිවස වසා දමා කුඩා දරුවා ද සමඟ මාතර මහගෙදරට යාමට සිදුව ඇත්තේ සැමියාගේ මව ඇතුළු ඒ පවුලේ ඥාතීන්ගේ පෙරැත්තය නිසා ය.

 

දරුවන් නොලැබීමට තීරණයකර ඇති ශ්‍රී ලාංකික කාන්තාවෝ
‘‘මාතර ගෙදරට අරන් ගිය දවසේ ඉඳලා පුතා එහෙම් පිටින්ම වෙනස් වුණා. ඊට පහුවෙනිදා ඉඳලම හුස්ම හිරවෙන ගතියක් තිබුණා. ඒ එක්කම හැම තිස්සෙම හොටු ගලන්න පටන්ගත්තා. පුතා හිටපු ගමන් ලොකු බයකින් වගේ අමුතුම විදිකට ගෙදර වටපිටාව බලනවා. ඊටපස්සේ යටිගිරියෙන් බෙරිහන් දෙනවා. අපි සති දෙක තුනක් තිස්සේ පුතාව ඩොක්ටර්ස්ලා කීපදෙනෙකුටම පෙන්නුවා. ඒ අය බේතුත් දුන්නා. නමුත් පුතාගේ තත්ත්වය එන්න එන්නම වැඩි වුණා මිසක් කිසි අඩුවක් වුණේ නැහැ,’’ එම බිළිඳාගේ මව දුරකතනයෙන් මා හා කියා සිටියා ය.

පසුව තම දරුවාගේ රෝගී තත්ත්වය නිරන්තරව පැවතීම මත සිය නැන්දනිය ශාස්ත්‍ර ඇසීමකට ගොස් ඇති අතර, එම නිවසට මියගිය ඥාතියෙකුගේ බැල්ම වැටී ඇති බවත් පවුලේ එක්තරා සාමාජිකයෙකු තමන් වෙතට ඇද ගැනීමට ඒ මියගිය ඥාතියා වෙහෙසෙන ඉවත් ඒ ශාස්ත්‍රයට කියැවී තිබේ. පසුව ඒ ප්‍රාණකාරයා මීට වසර කිහිපයකට ඉහත මියගිය තම සැමියා බවත් ඔහු තමන් සමීපයට කැඳවාගැනීමට වෙර දරන තම පවුලේ සාමාජිකයා ඒ බිළිඳු දරුවා බවත් නැන්දනිය තම ලේලියට කියා ඇත. එය එම බිළිඳා ගේ මවට කෙබඳු මානසික බලපෑමක් සිදු වී ද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

මේ වන විට මළ යකෙකු වී සිටින බිළිඳාගේ මියගිය මුත්තනුවන් මන්ත්‍ර බලයෙන් බැඳ මහ මුහුදට දැමීම පිණිස තොවිලයක් කළ යුතු බවට සියල්ලන්ම තීරණය කරන ලද්දේ ඒ අනුව ය. ඒ වන විට තොවිලයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් ලක්ෂ අටක් දහයක් විය හැකි බවට ගණන් බලා තිබිණ.

 

රන් බඩු එහා මෙහා කරන කෑම පිළුණු කරන පෙරේතයා | තිලක් සේනාසිංහ
ඔය අතරවාරයේ අමනුෂ්‍ය දෝෂය සම්බන්ධ යම් අර්ථකථනයක් දිය හැකිද? යනුවෙන් එම පවුලේ ඥාතීන් ම’වෙතින් කළ ඉල්ලීමකට අනුව නිවස සම්බන්ධ ස්ථානීය පරීක්ෂාවක් සඳහා ඊට පසු දිනයෙක මාතර ගියෙමි. මා එම නිවසට පිවිසි මුල්ම වතාව ද එය විය. එය මීට පනස් වසරකට පමණ පෙර ඉදිකොට ඇතැයි සැළකිය හැකි පැරණි නිවසකි. පරිසරය එතරම් නාගරික නොවුවද අවට පරිසරයේ තුරුලතා දුලබ වීම හා අවට සිදුවෙමින් තිබූ මහා පරිමාන පස් කැපීමක් මත හාත්පස නිතර දුහුවිලි නැංවෙන තත්ත්වයක් මට නිරීක්ෂණය කළ හැකි විය.

එමෙන්ම එම බිළිඳු දරුවා රඳවා තිබුණේ ද නොයෙකුත් බඩු මුට්ටු හෙවත් ලට්ට ලොට්ට වලින් පිරීගත් කාමරයක ය. වයස මාස හයේ සිට අවුරුද්ද තෙක් කාලයක් තිස්සේ තම පියාගේ රූපයට, කටහඬට හුරුවී සිටි එම දරුවාට එක්වරම එය අහිමි වීමත්, ඒ සමඟම පිරිසිදු වාතාශ්‍රයක් සහිත නවීන නිවසක අවුරුද්දකට වැඩි කාලයක් ජීවත් වූ ඔහු එක්වරම දුහුවිලි ආදියෙන් පිරීගත් පැරණි නිවසක විසීමට සිදුවීමත් මත ඔහුට වින කරන ඒ ‘මළගිය ප්‍රාණකාරයා’ අනුමාන වශයෙන් හඳුනාගැනීමට මට හැකි විය. ඊට හේතුව මෙබඳු ගුප්ත උවදුරු ඇතැයි පැවසෙන ස්ථාන බොහොමයක පාරිසරික සාධක මඟින් ද ඒ සම්බන්ධ යථාර්ථයන් අනාවරණය වන බැවිනි.

මිත්‍යාව හා විද්‍යාව - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහළමා රෝග සහ ආසාත්මිකතා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ දිගු කලෙක සිට මා හා කුළුපග ඇසුරක් පවත්වන හිතවතෙකි. එබැවින් එම මාතර නිවසේ සිටම ඔහුට දුරකතන ඇමතුමක් දුන් මම ඒ අමනුෂ්‍ය දෝෂයට ඉවහල් වන යථාර්ථවාදී පසුබිම ඔහුට විස්තර ක‍ළෙමි.


‘‘අපොයි, අපොයි කවුරු වුණත් අසරණ වෙලා ඉන්න මිනිස්සුන් ගෙන් ඔහොම සල්ලි ගරන එක මොන අපරාධයක්ද? කැමති නම් ඔය ළමයව මගේ ළඟට අරන් එන්න කියන්න. මම ඔය ලෙඩේට හේතු විස්තර කරලා දීලා කරන්න ඕනෙ දේවලුත් කියලා දීලා බෙහෙතුත් දෙන්නම්. ඕනෙ නම් මම යකාට කියන්නම් කියන්න කට්ටඬියෙක් නොවුණත් මාත් මාතර මිනිහෙක් කියලා.’’වෛද්‍ය අජිත් අමරසිංහ සිනාසෙමින් කීය.

කෙසේ හෝ මේ සිදුවීමට දැන් කලක් ගත වී ඇති අතර ඉන් පසුව එම වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු තොවිල් කිරීමකින් තොරව එම බිළිඳා සුවය ලබා ඇතැයි එම පවුලේ ඥාතීහු මා හා කීහ.

” අපි මූණ දෙන ප්‍රශ්න ගැටළු අර්බුද වලට මොනම විදිහකින් වත් මළවුන් සම්බන්ධ වෙන්නේ නෑ. ඒ හින්දා මේ ලෝකේ ප්‍රශ්න වලට නොපෙනෙන පරලොවකින් විසඳුම් හොයන්න එපා. අනික කවුරු මොන විදිහට කළත් මළවුන්ට අපහාස කිරීමත් බරපතල අපරාධයක් වගේම මිනිස් කමට කර ගන්න නිගාවක් ” අවසානයේ ඔවුනට පිළිතුරු ලෙසින් මම කීවෙමි.


WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...