The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සතුරු - මිතුරු

T

The Leader Desk

August 31, 2025 • 8:30 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සතුරු - මිතුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “හුඟ වෙලාවකින් වෙඩි සද්දයක් ඇහුණෙ නෑ නේද?” එක් සෙබළෙක් ඇසීය.
  • සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනවා.” “අපි දන්නෙම නැතුව?” “ඒවා එහෙම තමයි.
  • විරාම දාන්නෙ නායකයො.” පලස්තීනයේ හමාස් සංවිධානයත්, ඊශ්‍රායලයත් අතර, අවසන් වරට ඇතිකරගත් යුද විරාමය පැවතියේ සති දෙකකි.
  • දැනට ලෝකය පුරා ලොකු කුඩා යුද ගැටුම් 150 ක් පමණ පවතින බව මානව හිමිකම් සමීක්ෂණ වාර්තාවලින් කියැවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


“හුඟ වෙලාවකින් වෙඩි සද්දයක් ඇහුණෙ නෑ නේද?”

එක් සෙබළෙක් ඇසීය. “මාත් මේ කල්පනා කෙරුවෙ ඒක තමයි.”

“සටන් විරාමයක්වත් දාලාද දන්නෙ නෑ.”

 

ceasefire

“එහෙම කොහොමද? අපෙන් අහන්නෙ නැතුව සටන් විරාම දාන්න පුළුවනෑ. අපිනෙ යුද්ද කරන්නෙ?” දෙවැනි සෙබළා පුදුමයෙන් කීය.

“සටන් විරාම තීරණය කරන්නෙ අපි නෙවෙයි, ලොකු ලොක්කො.”

“එතකොට අපි ඒක දන්නෙ නැතුව වෙඩිල්ලක් තිබ්බොත්?”

“සටන් විරාමය බිඳ වැටෙනවා.”

“ඒකනෙ... ඉතින් ඊටපස්සෙ?”

israel palastine war0384
“ආයෙත් යුද්දෙ පටන් ගන්නවා.”

“ඊටපස්සෙ?”

“සාකච්ඡාවකට යනවා. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනවා.”

“අපි දන්නෙම නැතුව?”

“ඒවා එහෙම තමයි. සටන් කරන්නෙ අපි. විරාම දාන්නෙ නායකයො.”

පලස්තීනයේ හමාස් සංවිධානයත්, ඊශ්‍රායලයත් අතර, අවසන් වරට ඇතිකරගත් යුද විරාමය පැවතියේ සති දෙකකි.

putin trump 8

රුසියාවත්, යුක්රේනයත් අතර සටන් විරාම සාකච්ඡාව පැවතියේ අමෙරිකාවේය. ඒ, ට්‍රම්ප් හා පුටින් අතරය. ට්‍රම්ප් කියන දේවලට ‘හුම් හුම්’ ගගා සිටි පුටින්, ආපසු රුසියාවට ගිය පසු යුක්රේනය, රුසියාවට අයත් භූමියක් යැයි හඬ නගා කියා සිටියේය.

දැනට ලෝකය පුරා ලොකු කුඩා යුද ගැටුම් 150 ක් පමණ පවතින බව මානව හිමිකම් සමීක්ෂණ වාර්තාවලින් කියැවේ. යුද්ධයකින් තොර කාලයක් ලෝකයේ තිබුණේම නැති තරම්ය. මිනිසා ඒ තරම් දියුණුය. මිනිසාට යුද්ධය අත්‍යවශ්‍යය. ඔවුන් තම ශක්තිය මනින්නේ යුද්ධය මාර්ගයෙනි.

දැනට ලෝක යුද්ධ දෙකක් සිදුවී හමාරය. තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවුවහොත් එය ලෝක අවසානය වනු ඇතැයි, යුද විශාරදයෝ පවසති. ඇල්බට් අයින්ස්ටයින් දාර්ශනිකයා සඳහන් කළේ තුන්වැනි ලෝක යුද්ධය කෙසේ වෙතත්, හතරවැනි ලෝක යුද්ධයේදී මිනිසුන්ට සටන් කිරීමට සිදුවනු ඇත්තේ ගල් හා මුගුරුවලින් බවය.

world without human

අවසන් ලෝක යුද්ධය නිමාවේදී, ලෝකය කෙසේ වෙතත්, මිනිසා නම් නැත්තටම නැතිවී යනු ඇත. එවිට ඉතිරි වන්නේ වන සතුන් පමණි. මිනිසුන් සිටි ලෝකය, තිරිසනුන්ට අයත් වනු ඇත.

යුද්ධයෙන් ජය ගත්තෙක් නැත.

එක් වරක ජයග්‍රාහකයා ඊළඟ වාරයේ පරාජිතයෙකි. ග්‍රීක ජන කියුමකට අනුව, සෙබළා නිවෙසට එන අවස්ථා දෙකකි. එක, යුද්ධය ජයගත් පසුය. දෙක, යුද්ධය පරාජය වූ පසුය.

බොහෝ විට සෙබළු මේ අවස්ථා දෙකේදීම ගෙදර නොඑති. ඒ ඔවුන් ජීවතුන් අතර නැති බැවිනි.

 

war soliers
යුද්ධය පිළිබඳ සිනා කතා මෙන්ම, උපහාසාත්මක කියුම්ද බොහෝය. ඉන් එකකට අනුව යුද්ධය අවසන් කළ හැකි ඉක්මන්ම ක්‍රමය, ඉක්මනින්ම පරාජය බාරගැනීමය.

වර්තමාන ලෝකයේ බොහෝ යුද්ධයන්ට අමෙරිකාවද කොහෙන් හෝ පැටලෙයි. මේ පිළිබඳව උපහාස කොලමක මෙසේ දැක්වුණි.

“අමෙරිකාවට තම දේශසීමා පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැත.

ඔවුහු ලෝක සිතියම තම රට යැයි වරදවා වටහා ගනිති.

කාටූනයක දැක්වුණු ආකාරයට වියට්නාම් යුද්ධයට සහභාගි වූ වියපත් කෘතහස්ත අමෙරිකානු සෙබළකුගෙන් මාධ්‍යවේදියෙක් මෙසේ අසයි.

 

vietnam war
“වියට්නාමය ගැන ඔබේ මතකය අවදි කළොත්, මුලින්ම සිහිපත් වන්නෙ මොකක්ද?”

“මදුරුවෝ”

ඔහු පහසුවෙන් පිළිතුරු දෙයි.

යුද්ධයක් ඇතිකර ගැනීමට අවශ්‍ය වන්නේ සතුරකු පමණි.
බොහෝ විට ඔහු කලින් මිතුරෙකි!


(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : සතුරු - මිතුරු | The Leader