The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

තම්පෝ ; වෘත්තීය සමිතියෙන් ඔබ්බට විමසීමක් - (එකලොස් වන අනුස්මරණය අදයි)

T

The Leader Desk

September 1, 2025 • 8:26 AM

තම්පෝ ; වෘත්තීය සමිතියෙන් ඔබ්බට විමසීමක් - (එකලොස් වන අනුස්මරණය අදයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම්පෝ සිය දිවිසැරිය නිමා කොට සැප්තැම්බර් 01 වැනිදාට එකළොස් වසකි.
  • කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ ඔහු 1939 දී ලංකා විශ්ව විද්‍යාලයටත් අනතුරුව 1944 ලන්ඩන් සරසවියටත් ඇතුලත්ව විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේ ලංකා සමසමාජ පක්‍ෂ දේශපාලනයේ නිරතවෙමින් ය.
  • උද්භිද හා උද්‍යාන විද්‍යාව පිලිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස කුණ්ඩසාලේ කෘෂි විද්‍යාලයේ රැකියාවට එක් වූ තම්පෝ 1947 සමස්ත මහා වැඩවර්ජනයට එක්විය.
  • තම්පෝ සහ සී.එම්.යු සමග වූ ලසසප දීගය හමාර වුයේ 1964 දී ඉල්ලීම් 21 අරගලය පවා දෙමින් ශ්‍රීලනිපය සමග හවුලකට යාමෙන් අනතුරුවය.
අකුරු ප්‍රමාණය (Font Size):


තම්පෝ සිය දිවිසැරිය නිමා කොට සැප්තැම්බර් 01 වැනිදාට එකළොස් වසකි. වාමාංශික දේශපාලනය, කම්කරු සටන් මෙන්ම මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සෑම විටම පීඩිතයාගේ  පැත්තේ සිට ගත් තම්පෝ, කිසිදිනෙක පාලකයන් වෙනුවෙන් පෙනී නොසිටි කම්කරු නායකයෙකි.

 

 ARJ0281 copy
සමසමාජ - බි.එල්.පී සහ ආර්.එම්.පී. දේශපාලනය

දෙමළ ජාතික දෙමාපිය යුවලකට දාව උපන් තම්පෝගේ මව් බස වුයේ ඉංග්‍රීසි ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ ඔහු 1939 දී ලංකා විශ්ව විද්‍යාලයටත් අනතුරුව 1944 ලන්ඩන් සරසවියටත් ඇතුලත්ව විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේ ලංකා සමසමාජ පක්‍ෂ දේශපාලනයේ නිරතවෙමින් ය. 17 හැවිරිදි වියේදී ඊට එක්වූ ඔහුට, පක්‍ෂය තහනම් කර නායකයන් සිරගත කෙරුණු අවධියේ ඔවුන් මුදා ගැනීමේ වගකීම පැවරුණු අය අතර තරුණ තම්පෝ ද එක් අයෙකි.

මෙහෙයුම සාර්ථකව අවසන්ව සමසමාජ නායකයෝ සුරක්ෂිතව ඉන්දියාවට පළා ගියහ. පසුව බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ ආරම්භකයෙකු වූ තම්පෝ දක්ෂ ට්‍රොස්කිවාදී දේශකයෙකු විය.

 

Bala
උද්භිද හා උද්‍යාන විද්‍යාව පිලිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස කුණ්ඩසාලේ කෘෂි විද්‍යාලයේ රැකියාවට එක් වූ තම්පෝ 1947 සමස්ත මහා වැඩවර්ජනයට එක්විය. වර්ජනය හමුවේ පාලකයන්ගේ උදහසට ලක්වුවන් අතර තම්පෝද විය. රැකියාවෙන් දොට්ට වැටුණු ඔහු දේශපාලනය තෝරා ගත්තේ අනතුරුවය. ලංකා වෙළඳ සේවක සංගමයේ නායකත්වය තම්පෝ සතුවන්නේ එහි ආරම්භකයා වූ ඊ.ඒ. ගුණසිංහ  එ.ජා.ප.ට එක්වීමත් සමගය.

තම්පෝ සහ සී.එම්.යු සමග වූ ලසසප  දීගය හමාර වුයේ 1964 දී ඉල්ලීම් 21 අරගලය පවා දෙමින් ශ්‍රීලනිපය සමග හවුලකට යාමෙන් අනතුරුවය. තම්පෝ සහ ශන්මුගදාසන් ප්‍රමුඛ සමිති නායකයන් විසින් කම්කරුවන්ට හා පොදු ජනයා මුහුණ දී සිටින ගැටලු ඇතුලත් ඉල්ලීම් 21 යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කෙරිණි.

 r mendisරෙජි මෙන්ඩිස් - Image © JDS Lanka

එහෙත් එම ඉල්ලීම් පසෙකලා සමසමාජ හා කොමියුනිස්ට් නායකයෝ ශ්‍රීලනිප ආණ්ඩුවත් සමඟ හවුලකට එක්වුහ. ඊට විරෝධය දැක්වූ  සමසමාජයේ එඩ්මන් සමරක්කොඩි, කරාලසිංහම්, රෙජි මෙන්ඩිස්, තම්පෝ  ඇතුළු ක්‍රියාකාරීන් රැසක් ඉන් ඉවත්ව සමසමාජ [විප්ලවකාරී] ලෙස ක්‍රියාත්මක වුයේ ඉන් අනතුරුවය. මෙම වෙන්වීම තම්පෝ ගේ දේශපාලන දිවියේද තීරණාත්මක සන්ධිස්ථානයකි.

1960 මාර්තු හා ජුලි පැවති මැතිවරණ දෙකේදීම සමසමාජ පක්‍ෂයෙන් මැද කොළඹට තරඟ වැදුණු ඔහු 1965 මහ මැතිවරණයට එක් වුයේ ලසසප [විප්ලවකාරී] ලෙසය. එවරද මැද කොළඹ අසුන වෙනුවෙනි.

අනතුරුව එළඹී දේශපාලන හැලහැප්පීම් මැද හතරවන ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව ලෙස විප්ලවකාරී මාක්ස්වාදී පක්‍ෂය ගොඩනගමින් පක්‍ෂ දේශපාලනය හා වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය වෙන්වෙන්ව පවත්වා ගෙනයන්නට තම්පෝ  සමත් විය. ඔහු, වෛද්‍ය සරවන බවන් සමග එක්ව සීඑම්යු සාමාජිකයන්ට දේශපාලනික අධ්‍යාපනික වැඩපිළිවෙලක් ගෙන ගියේ ආර්එම්පී හරහාය. 1977 මහමැතිවරණයට ආර්එම්පී ලෙසත්, සිඑම්යු ලෙසත් අපේක්ෂයන් දෙදෙනා බැගින් ආසන හතරකට තරඟ වැදිණි. ජවිපෙ සහාය ලැබුවද, එජාප ලැබූ සුවිශාල ජයග්‍රහණය හමුවේ සිව්දෙනාම පරාජයට පත්විය.

 

1000076311
80 වැඩවර්ජනයෙන් පසුව සී.එම්.යු  හා ආර්.එම්.පී  අතර ඇතිවූ මතවාදීමය ගැටළුවක් හේතුවෙන්, පක්‍ෂය දෙකඩ විය. උපාලි කුරේ ඇතුළු පිරිසක් ආර්.එම්.පී ලෙස ක්‍රියාත්මක වෙද්දී  තම්පෝ කම්කරුවන්ට නායකත්වය සැපයුවේ සිඑම්යු හරහාය. 1988 -89 භීම සමයේදී පැමිණි තර්ජන සමග උපාලි කුරේ ඇතුළු ආර්එම්පී නායකයන් රටින් පලායාමත් සමගින් එම පක්ෂයේ ද ක්‍රියාකාරිත්වය අඩපණවිය.

53 හර්තාලය හා 80 වැඩවර්ජනය

ධනේශ්වර ආණ්ඩුවකට එරෙහිව කම්කරුවන්ගේ හා සෙසු ජනකොටස්වල  පළමු නැගිටීම ලෙස සැලකෙන 1953 හර්තාලය කැඳවමින්, ඊට නායකත්වය දුන් කමිටුවේ සාමාජිකයෙක් ලෙස බාලා තම්පෝ  සී.එම්.යු. නියෝජනය කළේය. හර්තාලය සංවිධානය කරමින් ඔහු රටපුරා ගොස් රැස්වීම් අමතමින්, කම්කරුවන් එක්රැස් කළේය.

harthalaya53 හර්තාලයේ අවස්ථාවක්

හර්තාලයට හා වැඩ වර්ජනය කිරීමට පක්‍ෂ හා විරුද්ධ ලෙස සී.එම්.යු. සාමාජිකයන් දෙකට බෙදිණි. කළුපටි පැළඳ ගත් සාමාජිකයන් හර්තාලයට සහාය පළ කරමින් වර්ජනයට එක්වීමට සැලැස්වීමෙන් සෙසු බලවේග පරාජය කිරීමට  තම්පෝ සුක්ෂම විය.  හර්තාලයට ක්‍රියාත්මකව මැදිහත් වූ තම්පෝ 80 ජුලි වර්ජනයට එරෙහිවිය. එහිදී ඔහු කියා සිටියේ අලුත් ආණ්ඩුවක් නිසා හදිසියේ මෙවැනි වර්ජන කළ නොහැකි බවය. එහෙත් සෙසු නායකයෝ ඊට එකඟ නොවී වර්ජනය කැඳවන ලදී. සිඑම්යු ලෙස  වර්ජනයට එක් නොවුන ද වර්ජකයන්ට රැකවරණය දෙන්නට තම්පෝ පසුබට නොවිණි. වර්ජනයේ යෙදීම නිසා රැකියාවෙන් දොට්ට දැමූ  සංඛ්‍යාව 40,356 කි.

මානව හිමිකම් කඩකිරීම් වලට එරෙහිව

 

TA
1971 දකුණේ තරුණයන්ගේ නැගිටීම, හදිසි නිතිය යොදා එය මර්දනය කිරීමට එරෙහිව නැගී සිටිය වුන් අතර තම්පෝ ඉදිරියෙන්ම සිටියේය. මරා දැමීම්, බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිවවූ ඔහු කැරලිකරුවන්ට එරෙහිව නඩු විභාග කළ අපරාධ යුක්ති කොමිසම හමුවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ නොමිලේය. තම්පෝගේ මැදිහත්වීම නොවන්නට  කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතනයද රහසිගතව යටපත්ව යා හැකිව තිබුණි. 1975 දී ඇරඹි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ ද තම්පෝ ප්‍රමුඛයෙකි.

Thampo 170  දශකය අවසානය්දී  එජාප ආණ්ඩුව හඳුන්වා දුන් හදිසි නීති රෙගුලාසි වලටත්, ත්‍රස්ත පනතටත් එරෙහිවූ  තම්පෝ ඉන් පිඩාවට පත්වූ සරසවි සිසුන්, ආගමික නායකයන්, තරුණ තරුණියන් වෙනුවෙන් පෙනී සිටියේ මහත් කැපවිමෙනි. 88 -89 භීම සමයේදීත් මානව හිමිකම් කඩකිරීම් වලට එරෙහිව නොබියව විරෝධය පෑ තම්පෝ  ආරම්භයේ සිටම විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවිය. එය අහෝසි කිරීමේ සටන් පාඨය තවමත් සිඑම්යු සතුය. ඊට අමතරව දේශීය සම්පත් පෞද්ගලීකරණයට එරහිව ද තම්පෝ සිය සටන් මෙහෙයවන ලැබුණි. නිදසුන් ලෙස එප්පාවල පොස්පේට් නිධිය දැක්විය හැකිය.

කම්කරුවන්ගේ පක්‍ෂයක්..

වෘත්තීය සමිති දේශපාලන පක්‍ෂ වල අතකොලු නොවිය යුතු බව ඇදහු තම්පෝ ගේ අපේක්ෂාව වුයේ කම්කරුවන්ට අනන්‍යවූ පක්‍ෂයක් ගොඩනැගීමය. `ලංකා ගාඩියන්` සඟරාවේ 1978 දෙසැම්බර් කළාපයට ඔහු මේ බව පැහැදිලිව ප්‍රකාශ කොට ඇත.


ishanka 250812

``සමසමාජය ගැන තිබුණු අපේක්‍ෂා බිඳ වැටි තියෙනවා. කොමියුනිස්ට් පක්‍ෂය යම් වෘත්තීය සමිති පදනමක් තිබුනත්, එය සුළුතර පක්ෂයකට වැඩි යමක් නොවේ. අනෙකුත් බොහොමයක්  ඊනියා වාම කණ්ඩායම්වලට සැබවින්ම අනුගාමිකයන් නැහැ. එහෙත් කම්කරු පන්තියේ විඥාණය, ධනපති පන්තියට  හෝ ධනපති රාජ්‍යට එරෙහි අරගලය ප්‍රධාන කොට පවතින්නේ වෘත්තීය සමිති මට්ටමින්ය… අපි දැන් ඉන්නේ ජේ.ආර්. වැනි ප්‍රතිගාමීන් සමාජවාදීන් ලෙස පෙනී සිටින තත්වයකයි…  ධනේශ්වර පක්‍ෂවලින් වෙනස් වූ කම්කරු පංති පක්‍ෂයක් නොමැති විට ජනතාව ධනේශ්වර පක්‍ෂ අතර දෝලනය වෙනවා.

``77 මාර්තුවේදී, මැතිවරණයට ටික කලකට පෙර  ආර්එම්පී සහ සීඑම්යු එක්ව ධනේශ්වර විරෝධී පෙරමුණක් සඳහා අපි කැඳවීම් කළා. ධනපතියන්ට එරෙහිව අරගලය වෙනුවෙන් කම්කරු පන්තිය මෙන්ම අනෙකුත් පීඩිත ජනයා එක්සත් කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමටයි අපි උත්සහා කළේ. එවැනි බලමුළු ගැන්වීමක් වෙනුවෙන් අපි පවතින ගැටළු සලකාබලා ඉල්ලීම් 28 කින් සමන්විත කෙටුම්පතකුත් ඉදිරිපත් කළා.

එහෙත් මෙම සන්ධානය කොළඹ හා මහනුවර රැස්වීමෙන් පසු අවසන් විය.

දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය..

 

tampo 2008 may dayImage - Shehan Gunasekara
"උතුරු නැගෙනහිර ජනයාට සුවිශේෂී ඉතිහාසයක් සහ භූමියක් මෙන්ම තමන් පිඩිත ජාතියක් ලෙස සැලකීමට සෑම අයිතියක්ම තියෙනවා. ස්වයං නිර්ණය සඳහා පමණක් නොව සුදුසුයැයි ඔවුන් සලකන ඕනෑම ආකාරයකින් ඒ සඳහා අරගල කිරීමට ද අයිතියක් ඔවුන් සතුය."

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ දැරූ ස්ථාවරය ගැන විවේචනාත්මක වන තම්පෝ පෙන්වා දී ඇත්තේ ඔවුන්ගේ මතය මාක්ස්වාදී නොවන සිංහල ජාතිවාදී ආකල්පයක් නියෝජනය කරන බවය. එමෙන්ම එවකට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුනේ නායකත්වය විසින් ඊළාම් සටන් පාඨය ප්‍රචාරක හා අවස්ථාවාදී ලෙස ඉදිරියට ගෙනයාම ගැන තම්පෝට පැවතියේ විවේචනයකි. දෙමළ ජනතාව අතර වෙන්වීමට පුළුල් මහජන හැඟීමක් පැවතිය මුත්, හුදකලා ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්වීම සඳහා අරගලයක් ලෙස සැලකිය නොහැකි බව ද ඔහු ``ලංකා ගාඩියන්`` වෙත අවධාරණය කර තිබිණි. කාලයත් සමග ඒවා අරගලයට මග හැරිය හැකි බවට අපේක්‍ෂා සහගතවිය.

"අපි දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී නොසිටිමු. දෙමළ,සිංහල සහ මුස්ලිම් ජනයාගේ අරගලය සමස්තයක් ලෙස පවතින රාජ්‍යයට එරෙහි විය යුතු බවට අපි විශ්වාස කරමු. එවැනි අරගලයක් මෙහෙයවිය හැක්කේ බහු වාර්ගික වූ, සංවිධානාත්මක කම්කරු පංතියට පමණි."

ප්‍රතිපත්තියක් ලෙස දෙමළ ජනයාගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගත්, වාමාංශික දේශපාලන පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිති වලට අමතරව ස්වාධීන වෘත්තීය සමිති ලෙස සී,එම්,යූ, ලංකා ගුරු සංගමය, ශ්‍රීලංකා ජාතික ගුරු සංගමය, බැංකු සේවක සංගමය දැක්විය හැක.

Bala Thampo 2020.09.12

කම්කරු පංතිය වෙනුවෙන් සිය දිවිය පුරාම වෙහෙසුණු  බාලා තම්පෝ, ධනපති ආණ්ඩු විසින් පිරිනමන්නට යෙදුනු සම්මානද ප්‍රතික්ෂේප කළේය. පොරොන්දු වූ පරිදි කම්කරු ප්‍රඥප්තිය එලි දැක්වීමට රාජපක්‍ෂ ආණ්ඩුව සමත් නොවීමට එරෙහිව ජාතික කම්කරු උපදේශක සභාවෙන් ඉවත් වීමට ඔහු  තීරණය කළේ ඊට විරෝධය පෑමක් ලෙසය.  2014 සැප්තැම්බර් 01 වැනිදා ඔහු දිවි සැරිය නිමා කරන තෙක්ම සටන් බිම අත් නොහළේය.

කම්කරුවන්ගේ සාමාජික මුදලින් ඉදි කෙරුණු  සිව් මහල් සී.එම්.යු මුලස්ථාන ගොඩනැගිල්ලට මේ වනවිට අඩසිය වසකි. 1975 කම්කරු දිනයේදී කම්කරුවන්ට දායාද කළ එහි මෙසේ දැක්වේ;

``සුරාකෑමට හා මර්දනයට එරෙහිව සටනෙහි යෙදී සිටින හා එම සටනේදී ස්වකිය ජිවිත නිදහස හෝ ජිවන මාර්ග අහිමිවූවන් වෙනුවෙන්  ``

Ishankha Sinhaarachchi
(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනි

ishanka.singhe@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තම්පෝ ; වෘත්තීය සමිතියෙන් ඔබ්බට විමසීමක් - (එකලොස් වන අනුස්මරණය අදයි) | The Leader