The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

කාලයේ වැලිතලාවෙන් වැසුණත්, මතකයෙන් නොමැරුණු මිනිස්සු !

T

The Leader Desk

September 1, 2025 • 12:44 PM

කාලයේ වැලිතලාවෙන් වැසුණත්, මතකයෙන් නොමැරුණු මිනිස්සු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුවෙකුගේ, සැමියෙකුගේ සහෝදරයෙකුගේ හෝ හිතවත්ම ඥාතියකුගේ වුවද කිසිදු තොරතුරක් නොමැතිව දීර්ඝ කාලීනව ඔවුන්ගේ මතකයන් සමග ජීවත්වීමටට යම්කිසි විටෙක සිදු වුවහොත් එය කුමන ආකාරයේ කේදාන්තයක් විය හැකිදයි දන්නේ එම ශෝචනීය අත්දැකීමට මුහුණ දෙන ඔවුන්ගේ සමීපතමයන්ම පමණි.
  • තුවාලේ තියෙන ඇත්තෝම තුවාලයේ වේදනාව දන්නවා මෙන්ම තම සමීපතයන්ගේ අතුරුදහන් වීම් පිළිබඳ හෝ ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් දක්නට නොලැබ ජීවත්වීමට සිදුවන්නන් තම පුද්ගලික ජීවිතය තුළ විවිධ මනෝ සමාජීය අභියෝග රාශියකට මුහුණ දෙමින් කාලය ගත කරයි.
  • වසර අවසන් වන විට, ලොව පුරා තැනැත්තන් 284,000 කට වැඩි සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇති බව රතු කුරුස සහ රතු අඩසඳ සංවිධානයේ පවුල් සබඳතා ජාලයෙහි ලියාපදිංචි කර තිබුණි.
  • විශේෂයෙන් එම අතුරුදහන් තැනැත්තා පවුලේ මූලික ආදායම් උපයන්නා වී සිටියේ නම්, චිත්තවේගීය පීඩනයට අතිරේකව, ආර්ථික, නෛතික, පරිපාලන අභියෝග සමඟද ඔවුන්ගේ දුක කලවම් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දරුවෙකුගේ, සැමියෙකුගේ සහෝදරයෙකුගේ හෝ හිතවත්ම ඥාතියකුගේ වුවද කිසිදු තොරතුරක් නොමැතිව දීර්ඝ කාලීනව ඔවුන්ගේ මතකයන් සමග ජීවත්වීමටට යම්කිසි විටෙක සිදු වුවහොත් එය කුමන ආකාරයේ කේදාන්තයක් විය හැකිදයි දන්නේ එම ශෝචනීය අත්දැකීමට මුහුණ දෙන ඔවුන්ගේ සමීපතමයන්ම පමණි.


තුවාලේ තියෙන ඇත්තෝම තුවාලයේ වේදනාව දන්නවා මෙන්ම තම සමීපතයන්ගේ අතුරුදහන් වීම් පිළිබඳ හෝ ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් දක්නට නොලැබ ජීවත්වීමට සිදුවන්නන් තම පුද්ගලික ජීවිතය තුළ විවිධ මනෝ සමාජීය අභියෝග රාශියකට මුහුණ දෙමින් කාලය ගත කරයි. සෑම වසරකම අගෝස්තු 30 වෙනිදා යොදාගනු ලැබෙන්නේ "ජාත්‍යන්තර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ දිනය ලෙසයි."

 

අතුරුදහන් ළමයි හොයා නොදෙන ආණ්ඩුව හෙලා දැකීමට දෙමළ අම්මලා කොළඹ

ජාත්‍යන්තර මානුෂවාදී නීතිය යටතේ, රාජ්‍යයන් සහ ගැටුමක පාර්ශව විසින් මිනිසුන් අතුරු දහන්වීම වළක්වාලන සහ අතුරුදහන් වන තැනැත්තන් සම්බන්ධයෙන් හේතුවක් හෝ පැහැදිලි කිරීමක් කිරීමට සහ යම් තොරතුරු පවතින්නේ නම් ඔවුන්ගේ පවුල් සමඟ ඒවා බෙදා ගැනීමට ඉඩ සලසන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සිදුවන අතර. මෙම බැඳීමි ජිනීවා සම්මුති වලින් සහ ඒවායේ අතිරේක සම්මුතීන් ගණනාවක එකඟතා වලින් තහවුරු කර තිබේ. තවද ගැටුම්කාරී හා ව්‍යසනකාරී සිදුවීම් වලින් අනතුරුව එදිරිවාදිකම් අවසන් වී තිබියදී පවා එය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

IDOD NR 2025 S page 0001

IDOD NR 2025 S page 0002

2024 වසර අවසන් වන විට, ලොව පුරා තැනැත්තන් 284,000 කට වැඩි සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇති බව රතු කුරුස සහ රතු අඩසඳ සංවිධානයේ පවුල් සබඳතා ජාලයෙහි ලියාපදිංචි කර තිබුණි. එහෙත් මෙම සංඛ්‍යාව එහි සිටින සත්‍ය වශයෙන්ම අතුරුදහන් වු තැනැත්තන්ගෙන් කොටසක් පමණි. සෑම අතුරුදහන් වූ තැනැත්තෙකු පිටුපසම ඔවුන්ගේ ප්‍රියාදරයන්ට කුමක් සිදු වූයේදැයි නොදැන මහත් වේදනාවක් සමඟ පොර බදමින් සංතාපයෙන් සහ අවිනිශ්චිතතාවයෙන් දිවි ගෙවන පවුලක් සිටියි.

තම ප්‍රියාදරයන්ට අත් වූ ඉරණම සහ ඔවුන් කොහේ සිටිත්දැයි නොදැන සිටීම මෙම පවුල්වලට නිරන්තරවම අවිනිශ්චිත මානසික තත්වයක් ඇති කරන අතර, ඔවුන් එහි බලපෑමෙන් ඊළඟට කුමක් සිදුවේදැයි සිතා ගත නොහැකි, අපැහැදිලි සහ ශෝක වීමට නොහැකි තත්වයකට පත්වී මෙන්ම, නිරතුරුව අපේක්ෂාව සහ බලාපොරොත්තු සුන්වී යාම අතර දෙගිඩියාවකට ඇද දැමීමක් සිදුවී ඇත. විශේෂයෙන් එම අතුරුදහන් තැනැත්තා පවුලේ මූලික ආදායම් උපයන්නා වී සිටියේ නම්, චිත්තවේගීය පීඩනයට අතිරේකව, ආර්ථික, නෛතික, පරිපාලන අභියෝග සමඟද ඔවුන්ගේ දුක කලවම් වී ඇත.

ඔවුන්ගේ දුක නිමා කිරීම පිණිස ඔවුන්ට පිලිතුරු අවශ්‍යව ඇත. තමන්ගේ ප්‍රියාදරයන්ට කුමක් සිදුවූයේදැයි දැන ගැනීමට පවුල්වලට අවශ්‍යතාවයක් සහ අයිතියක් ඇත. ජාත්‍යන්තර වශයෙන් එය පොදු කාරණාවක් වුවද ශ්‍රී ලංකා වශයෙන් එය අප රජයට මැදිහත්වීමෙන්ද මෙමගින් වින්දිතභාවයට ලක් වූ පවුල්වලට සවන් දිය යුතු අතර, ඔවුන්ගේ විවිධ සහ දිගු කාලීන අවශ්‍යතා ආමන්ත්‍රණය කරමින් ඔවුන්ට ආධාර ඇතුළු අනෙකුත් මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ වගකීමක් ඇත.

ජනපතිගෙන් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ටත් ළඟදීම “ගම සමග පිළිසඳරක්”

ශ්‍රී ලංකාවේ ද සියලු ප්‍රජාවන්හි අතුරුදහන් තැනැත්තන්ගේ පවුල් දහස් ගණනක් පවුල්, ප්‍රජා සහ සමාජමය මට්ටම්වල බහුවිධ අභියෝග මධ්‍යයේ ගැටලු සහ දුෂ්කරතා සමඟ සාර්ථකව කටයුතු කරගෙන යාමට අරගලයක යෙදෙමින් තවමත් පිළිතුරු අපේක්ෂාවෙන් පසු වෙති. ඔවුන්ගේ ප්‍රියාදරයන්ට අත් වූ ඉරණම සහ ඔවුහු කොහේ සිටිත්දැයි නොදැන, මෙම පවුල් සිය සමාජීය විවිධතා ඉක්මවා යන දුක සහ සංතාපය අඛණ්ඩව විඳදරා ගනිමින් සිටිති. අතුරුදහන් තැනැත්තන්ගේ ඥාතීන්ට ගරුත්වය ඇතිව දිවි ගෙවීමට හැකියාව ඇති කරමින් අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සනාථ කිරීමට සැම උත්සාහයක්ම දැරිය යුතුය.

තිස් වසරක යුද්ධය නිසාද වෙනත් කාලීන හා දේශපාලන ගැටලු නිසාද 1971 සිට 2009 වර්ෂයේ ත්‍රස්තවාදී යුද්ධය අවසාන වන තෙක් මෙරට අතුරුදහන්වීම් හා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වාර්තා විය. ඊට අමතරව , සුනාමි ව්‍යසසනය ඇතුළු ආපදා රැසකින්ද අතුරුදහන් වූ බහුල වෙති. 2016 අංක 14 අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත 2016 අගෝස්තු මස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

OMP කාර්යාලය සත්‍යය වසං කරන්නට හදන බවට අම්මාවරුන්ගෙන් චෝදනා
පනතේ ප්‍රතිපාදන අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ශ්‍රී ලංකා රජය විසින් එකී මෙහෙයුම් කටයුතු සඳහා ජාතික කාර්යාලයක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටා ස්ථාපනය කර ඇත. ආරම්භයේදීම පැමිණිලි දහ හතර දහසකට අධික සංඛ්‍යාවක් මේ වෙත ලැබූ අතර , මේ වන විට එකී වින්දිත පවුල්වලට සහ එම පැමිණිලිවලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතී. මේ සඳහා ප්‍රතිලාභ ලබාදීමේදී ලැබෙන ජාත්‍යන්තර සහයෝගය අනුව අතුරුදහන් තැනැත්තන්ගේ පවුල් 10,000 කට වැඩි සංඛ්‍යාවකට ආධාර සැපයීමට ජාත්‍යන්තර රතු කුරුස සංගමය හා ශ්‍රී ලංකා රතු සමාජය වැනි ප්‍රබල සමාජ සුභසාධන ආයතන ඉදිරිපත් වී සිටියි.

රාජ්‍යයන් සහ ගැටුමක පාර්ශව විසින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ගැටලු ආමන්ත්‍රණය කරන ක්‍රමය දිගු කාලීනව සමාජය විවිධ විපර්යාස ඇති කරයි. අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් නොවිසඳූ සිද්ධි වලින් සිතෙහි ඇතිවන කම්පනය සදාකාලික කිරීමක්, දුක් ගැනවිලි තීව්‍ර වීමක් සහ බෙදීම් ඇවිස්සීමක් ප්‍රචණ්ඩත්වය අවසන් වී දිගු කලකට පසුව වුවද ඇති වැළැක්වීම අපහසුය. 

පිළිතුරු සහ පිළිගැනීමක් නොමැති වීම අමනාපය වඩා ගැඹුරු ලෙස ජීවන මට්ට්ම් ත්‍රීව කිරීමට හේතු වන අතර පවුල් ඉතිහාසවලට, අනන්‍යතාවන්ට සහ අන්තර්-පාරම්පරික මතකයන්ට ප්‍රබල බලපෑමක් ඇති කරයි. අර්ථාන්විත ප්‍රතිචාරයක් නොමැතිව, සිත් රිදීම් දිගටම පවතින අතර සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම සාමාන්‍ය තත්ත්වයන්වලදී පවා ඉතා දුෂ්කර කාර්යයක් වෙයි. අතුරුදහන් තැනැත්තන්ගේ ගැටලුව ආමන්ත්‍රණය කිරීම සාමය සහ සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට බෙහෙවින් වැදගත් කාරණයක් වන්නේ මේ නිසාය.

එබැවින් මතකයන් සමඟ අමරණීය වනවාට වඩා මම සමීපතයන්ගේ ඉරණම කෙබඳු වී දැයි අත්‍ය අනාවරණය කරගැනීමටත් , වින්දිත තැනැත්තන් මුහුණ දෙනු ලබන මනෝ සමාජීය ගැටළු වලට මානුෂීය ප්‍රතිචාර ඇසුරෙන් ප්‍රවේශය වීමටත් පුරවැසියන් ලෙස අප සතු වගකීම අඛණ්ඩව දායක කළ යුතුය.

(සටහන | ජනක බෝකුඹුර )
නිදහස් මාධ්‍යවේදී
rbjsofficial@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...