රාජකීය විද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා හා උසස් පෙළ විද්‍යා අංශයේ දිවයිනේම පළමු වැනියා ලෙසිනුයි නුඹ වෛද්‍ය පීඨයට අතුලු වුණේ.
1984 වසරේ විදයාලයීය ත්‍යාග ප්‍රධානෝත්සවයේදී නුඹ,
වෙනුර එදිරිසිංහඇල්ෆ්‍රඩ් ඇන්ඩීස් අනුස්මරණ ත්‍යාගය (උද්භිද විද්‍යාව සඳහා)
පී. සී. ඩබ්ලිව්. පීරිස් අනුස්මරණ ත්‍යාගය (සත්ත්ව විද්‍යාව සඳහා)
එෆ්. ඊ. වීරසූරිය අනුස්මරණ ත්‍යාගය (ජීව විද්‍යා අංශයේ හොඳම ශිෂ්‍යයා)
තිස්ස වීක්‍රමසිංහ අනුස්මරණ ත්‍යාගය (උද්භිද විද්‍යාව හා සත්ත්ව විද්‍යාව සඳහා හොඳම ශිෂ්‍යයා)
අ. පො. ස. (උ.පෙළ) විභාගයේ හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය
එම්. ඥාණරත්නම් අනුස්මරණ ත්‍යාගය
යන සියල්ලම දිනාගත්තා.නිමල් බාලසූරියඑපමණක් නෙවෙයි, නුඹ හොඳ ක්‍රීඩකයෙක්, දක්ෂ කලාකරුවෙක්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය ජය ලබද්දී නුඹ අප අතර සිටියේ නැහැ.
සමකාලීනයන් නුඹ ගැන කියද්දී, නුඹ හිත හොඳ නිරහංකාර කොල්ලෙක් බව කියනවා. එදා බාලේ (නිමල් බාලසූරිය) මරා දැමූ දවසේ මහා හඬින් හඬා වැටුණු හැටි ඔවුන් තවමත් සිහිපත් කරනවා.

බාලේ ගෙන් පස්සෙ නුඹ සමස්ථ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේම නායකත්වයට පත් වුණා. එතැන් සිට පැහැරගෙන ගොස් අතුරුදහන් කරන තෙක්ම නුඹ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන්නා.
ඔව්.... අපේ උපාධිය රැකදුන් නුඹට උපාධිය පමණක් නොවෙයි, ජීවිතයද අහිමි වුණා.
අපේ උත්තමාචාරය නුඹේ ඒ සාධු ගුණයටයි.....
| වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
(උපුටා ගැනීම - Medical Faculty Students' Union, Colombo ෆේස්බුක් පිටුවෙන්..)





