The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

පොලීසිය නම් 'ඉන්ද්‍රිය' බෙලහීන නොවීමට නම් | ෆාතිමා හලල්දීන්

T

The Leader Desk

September 5, 2025 • 11:28 AM

පොලීසිය නම් 'ඉන්ද්‍රිය' බෙලහීන නොවීමට නම් | ෆාතිමා හලල්දීන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ඓතිහාසික තීන්දුව සඳහා පාදක වී ඇත්තේ හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා 2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද බාල වයස්කාර පාසල් සිසුවෙකුට පහර දී ඔහුගේ දෑස්වලට නයි මිරිස් යුෂ වත්කර හිංසා සිදු කිරීම සම්බන්ධ සිදුවීමකි.
  • ඒ මගින් හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත මෙම මෙම නියෝගය ලබා දී ඇත.
  • ප්‍රශ්න කිරීම් සිදුවන අතරවාරයේ දරුවාගේ පාදවලට පොලුවලින් පහර දී වධ හිංසාවට ලක් කර ඇති අතර, ලේන්සුවකට නයි මිරිස් කරල් කීපයක් මිරිකා එහි යුෂ දරුවාගේ දෑස්වලට වත්කරමින් වධ හිංසා පමුණුවා ඇති බවත් නඩු තීන්දුවේදී ප්‍රකාශ වී ඇත.
  • මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ජනක් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයා විසින් මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ඓතිහාසික තීන්දුව සඳහා පාදක වී ඇත්තේ හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා 2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද බාල වයස්කාර පාසල් සිසුවෙකුට පහර දී ඔහුගේ දෑස්වලට නයි මිරිස් යුෂ වත්කර හිංසා සිදු කිරීම සම්බන්ධ සිදුවීමකි.

ඒ මගින් හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත මෙම මෙම නියෝගය ලබා දී ඇත.

හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවෙකු වූ කමල්ඩීන් ඉල්හාම් අහමඩ් සහ ඔහුගේ භාරකාරිය වන හමින් සිත්ති නිහාරා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව මෙම පෙත්සම්කාර දරුවා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක සිදුවූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පෙත්සම්කාර දරුවා 2022 වසරේ අගෝස්තු මස 07 වන දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.ඉන් අනතුරුව මෙම දරුවා පොලිස් ස්ථානයට රැගෙන ගොස් විවිධ වධ හිංසනවලට ලක් කරමින් ප්‍රශ්න කර ඇතැයි අනාවරණය වූ බව තීන්දුවේ සඳහන් වේ.

child assault

ප්‍රශ්න කිරීම් සිදුවන අතරවාරයේ දරුවාගේ පාදවලට පොලුවලින් පහර දී වධ හිංසාවට ලක් කර ඇති අතර, ලේන්සුවකට නයි මිරිස් කරල් කීපයක් මිරිකා එහි යුෂ දරුවාගේ දෑස්වලට වත්කරමින් වධ හිංසා පමුණුවා ඇති බවත් නඩු තීන්දුවේදී ප්‍රකාශ වී ඇත.

ඉන් අනතුරුව අදාළ දරුවා ඇප මත මුදා හැරීමෙන් පසුව ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත් බවත්, එහිදී වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ වෛද්‍ය වාර්තා මගින් පොලිස් අත්අඩංගුවේදී දරුවා වධහිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වී ඇති බවත් එම තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරු ප්‍රකාශ කොට තිබේ.නමුත් පසුව මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී අදාළ දරුවා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කොට ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙන්වා දී තිබේ.

මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ජනක් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයා විසින් මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.

ඒ අනුව, අදාළ බාල වයස්කාර දරුවාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එම දරුවාට රුපියල් ලක්ෂ 03ක වන්දියක් සහ ඔහුගේ භාරකාරියට රුපියල් 75,000ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවන ලෙස හතරලියද්ද පොලිසියේ එවකට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරන ලදී.

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස් තීරණය කථානායකට

යම් බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබා දිය යුතු බවට දිවයිනේ සියලු ම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කරන ලද්දේ ඊට අමතරව ය.

එමෙන්ම අපරාධ නඩු සංග්‍රහය යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී සාධාරණ පැමිණිල්ලක්, විශ්වාස කළ හැකි සාක්ෂි සහ සාධාරණ සැකයක් තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එහෙත් මෙම පෙත්සම්කාර දරුවා අත්අඩංගුවට ගැනීමේදී වගඋත්තරකාර පොලිස් නිලධාරියා එම නීතිමය මූලධර්ම උල්ලංඝනය කරමින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවටත් චෝදනා කර තිබේ. එමඟින්එම නිලධාරියා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර තිබෙන බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසානයේදී තීන්දු කොට තිබේ.

යමකු පොලිස් අත් අඩංගුවට පත් වීමේ දී එම චෝදනා සනාථ වීමට පෙර දස වධ විඳින්නට සිදුවීම මෑතක් වන තුරුම අපට අසන්නට ලැබිණ.එමෙන්ම එය සමාජය තුළ කොතෙක් ව්‍යාප්ත වූ ක්‍රියාදාමයක් තිබිණි ද යත් එලෙස අත් අඩංගුවට ගන්නවුන්ට දඬුවම් පැමිණවීමේ බලයක් පොලීසිය සතුව ඇතැයි යන සාවද්‍ය මතය එක්තරා සමාජමය පිළිගැනීමකට ලක්ව තිබූ බවක් ද අපට මතකය.ඉහත සඳහන් සිදුවීම සමාජමය රැකවරණ හිමි විය යුතු බාල වයස් කරුවකු මුල් කොට සිදුවීම එහි බරපතල බව තව දුරටත් ත්‍රීව්‍ර කරවන්නකි.

 

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් | ලයනල් බෝපගේ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) වගන්තිය අනුව නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටියට හැර කිසිම තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට නොහැකි ය. 13 (1) නීතියෙන් නියම කරනු ලබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය' යනුවෙන් එහි සඳහන් ව තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන්නේ නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලූව මිස කිසිම තැනැත්තකු අත්අඩංගුවට නොගත යුතු බවකි..

යම් පුද්ගලයකු සිර භාරයට ගත යුතු ආකාරය 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ (සංශෝධන ) දක්වා ඇත.

23 (1) යම් තැනැත්තකු සිර භාරයට ගැනීමේ දී ඒ සිර භාරයට ගනු ලබන තැනැත්තා තමා අත්අඩංගුවට ගනු ලැබීමට වචනයෙන් හෝ ක්‍රියාවෙන් අවනත වුවහොත් මිස, ඔහු සිර භාරයට ගැනීම කරන තැනැත්තා විසින් සිර භාරයට ගනු ලබන තැනැත්තාගේ ශරීරය සැබැවින් ම ස්පර්ශ කොට හෝ රඳවා තබා ඔහුව සිර භාරයට ගත යුතු ය. තව ද සිර භාරයට ගනු ලබන තැනැත්තා සිර භාරයට ගනු ලබන්නේ යම් චෝදනාවක් හෝ දෝෂාරෝපණයක් මත ද ඒ චෝදනාවේ හෝ දෝෂාරෝපනයේ ස්වභාවය ඔහුට දැනුම් දිය යුතුයි.

එමෙන්ම යමකු අත්අඩංගුවට ගැනීමේ ක්‍රම දෙකකි.එනම් වරෙන්තුවක් ඇතුව අත්අඩංගුවට ගැනීම සහ නම් වරෙන්තුවක් නොමැතිව ව අත්අඩංගුවට ගැනීමයි. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 32 (1) වගන්තියේ දක්වා ඇත. එහි (ආ) වගන්තිය මෙසේය.

ස්ටිකර් ඇලවීමේ සිදුවීමක්' සම්බන්ධයෙන් PTA යටතේ තරුණයෙකු අත්අඩංගුවට ගැනීම:  පොලිසිය සහ ක්‍රියාකාරීන් කියන්නේ මොනවාද?
32 (1) (ආ) යම් සංඥය වරදකට සම්බන්ධ වූ තැනැත්තකු හෝ එසේ සම්බන්ධ වූ බවට යම් තැනැත්තකුට විරුද්ධව සාධාරණ පැමිණිල්ලක් ලැබී තිබේ ද නැතහොත් ඒ බවට යම් තැනැත්තකුට විරුද්ධව විශ්වාස කටයුතු තොරතුරක් ලැබී තිබේ ද නැතහොත් ඒ බවට යම් තැනැත්තකු සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතී ද එවැනි යම් තැනැත්තකු මහේස්ත‍්‍රාත්වරයකුගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව යම් සාම නිලධාරියකු විසින් සිර භාරයට ගත හැකිය.

නමුත් එම වගන්තිය අනුව කෙනෙකු ගැන සැකයක් ඇති වූ පමණින් හෝ පැමිණිල්ලක් ලද පමණින් අත්අඩංගුවට ගත නොහැකිය. පැමිණිල්ල සාධාරණ විය යුතුය. සැකය ද සාධාරණ විය යුතුය. සාධාරණ සැකය යනු ඒ සඳහා වන හේතු පැහැදිලි කළ හැකි සැකයක් බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවල සඳහන් වේ. පොලිසිය සම්බ්න්ධයෙන් ඇති අධිකරණ පූර්වාදර්ශ වලට අනුව “පොලිසිය යනු රජයේ එක් ඉන්ද්‍රියක්” ලෙස හඳුන්වා තිබේ. ඒ අමල් සුදත් සිල්වා එදිරි පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු නඩුවේ දී ය. ඒ අනුව යම් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවේ සිටිය දී හෝ සන්නද්ධ සේවාවන්හි අත්අඩංගුවේ සිටිය දී මරණයට පත්වීම හෝ වධ බන්ධනයන්ට ලක් වීම සම්බන්ධ වගකීම රජය සතු වනු ඇත.

1994 අංක 22 දරණ වද හිංසා සහ කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට හෝ දණ්ඩනයන්ට එරෙහි සම්මුති පනතේ 2.1 වගන්තිය අනුව යම් පුද්ගලයෙක්ව වධ හිංසාවකට හෝ කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට හෝ දණ්ඩනයන්ට ලක් කිරීම වරදක් බව ඉතා පැහැදිලිව දක්වා තිබේ.

මෙම පනත 1994 වර්ෂයේ දී මෙරට සම්මත කර ගත්තේ එක්සත් ජාතීන්ගේ වධහිංසාවන්ට එරෙහි සම්මුතියට බලාත්මක භාවය ලබා දීමේ අරමුණ ඇතිව ය.

vk5uihyt4o5y8t45yt
ඒ අනුව පොලිස් නිලධාරීන් ස්වකීය රාජකාරී කටයුතු කරද්දී හෝ රාජකාරිය අතරතුර අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ව යම් වද හිංසාවකට, අමානුෂික සැලකීමකට දණ්ඩනයකට ලක් කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් සේම මෙම පනත යටතේ සිදු කරනු ලබන වරදක් බව නිසැක ය.මේ පනත යටතේ යම් වරදක් සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගයක් පවත්වා වරදකරුවන්ට දඩුවම් ලබා දීමේ හැකියාව පවතිනුයේ මහාධිකරණයට ය.

නමුත් පොලිසිය එම නෛතික ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් වද හිංසාවන් කළොත් මෙම පනත යටතේ හෝ දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව එම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශ අනුව පෙනී යයි. ඉහත සඳහන් ආකාරයේ ම්ලේච්ඡ සිදුවීම් ශ්‍රී ලංකා පොලීසියෙන් මුළුමනින් ඉවත් කිරීම නොපමාවම සිදු කළ යුත්තේ එනිසා ය.

එමෙන්ම ඒ සඳහා පෙරමුණ ගැනීම ද පොලීසියේ කාර්ය භාරයක් වන අතර එහි දී එවන් අපරාධ වලට සම්බන්ධ වූවන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත් කිරීම පොලීසියේ ප්‍රමුඛතම වගකීමක් බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය.

(සටහන | ෆාතිමා හලල්දීන්)

(උපුටා ගැනීම - vinivida.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...