The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

'නිර්ධන + නිර්ප්‍රභූ දේශපාලන සන්ධානයක්' | මහාචාර්ය චරිත හේරත්

T

The Leader Desk

September 6, 2025 • 8:26 AM

 'නිර්ධන + නිර්ප්‍රභූ දේශපාලන සන්ධානයක්' | මහාචාර්ය චරිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බරපතළ ආර්ථික කඩා වැටීමක සිටි රටක් ලෙසින් අපේ රටේ ඉරණම පිළිබඳව 2022-24 වසරවල බරපතළ ආකාරයෙන් කවුරුත් කතා කළෝය.
  • බලශක්ති ස්වාධීනත්වයක් නැති රටක් වීම හේතුවෙන් නැවෙන් ඉන්ධන ගෙනෙන්නේ නැති තත්වයකදී සියලු අනෙකුත් ජීවිත අවශ්‍යතා හිරවීමකට ලක්වන බව ඉතාමත් පැහැදිලිය.
  • අලුත් රජයක් 2024 වර්ෂයේ අලුත් රජයක් පත්වූයේ ඉහත තත්වයේ ප්‍රතිඵලයක් ලෙසින්ය.
  • මේ රටේ මැද පන්තියේ දේශපාලනය බවට ජ.වි.පෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

බරපතළ ආර්ථික කඩා වැටීමක සිටි රටක් ලෙසින් අපේ රටේ ඉරණම පිළිබඳව 2022-24 වසරවල බරපතළ ආකාරයෙන් කවුරුත් කතා කළෝය. බලශක්ති ස්වාධීනත්වයක් නැති රටක් වීම හේතුවෙන් නැවෙන් ඉන්ධන ගෙනෙන්නේ නැති තත්වයකදී සියලු අනෙකුත් ජීවිත අවශ්‍යතා හිරවීමකට ලක්වන බව ඉතාමත් පැහැදිලිය. ඒ අනුව වාහනවලට ඉන්ධන නැති වූ නිසා ඉන්ධන පිරවුම්හල් ළඟ වාහන පෝලිම් සෑදී තිබිණි. ඉන්ධන නොමැතිවීම නිසා විදුලිය නිපදවීම අඩුවිය. ගල් අඟුරු, ගෑස් යනාදි අනෙකුත් ආනයනික දේවල් නිමා වී රටම පාරට එන තැනට වැඩ සැලසුණේය.

එතැනින් එහාට සිදුවූ ක්‍රියාදාමය මෙහි යළිත් ලිවිය යුතු නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්විය.

4LP5VFD 075 dambarage fuelcris220702 np6aI jpg
ඒ වනවිට රට අර්බුද තුනකින් පීඩා විඳිමින් තිබිණි. රටම තුන් බියකින් වෙලී ගියේය. ඒ තුන් බිය වූයේ විදෙස් මූල්‍ය සංචිත සිඳීයාම, රජයට මුදල්  නොමැතිකම නිසා මුදල් අච්චුගැසීමට යොමුවීම සහ දේශීය විදේශීය ණය වාරික ගෙවිය නොහැකි තැනකට රට පත්වීමය. අයි.එම්.එෆ්. සහයෝගය හරහා ණය ප්‍රතිව්‍යුහගත කළ අතර යම් ආකාරයකින් ආර්ථික ක්‍රියාදාමය යළිත් වැඩ කරන්නට පටන් ගත්තේය.


අලුත් රජයක්

2024 වර්ෂයේ අලුත් රජයක් පත්වූයේ ඉහත තත්වයේ ප්‍රතිඵලයක් ලෙසින්ය. මේ රටේ මැද පන්තියේ දේශපාලනය බවට ජ.වි.පෙ. පත්වූයේ ඒ තත්වය හමුවේය.

 මෙතැන දී අපතේ අවධානය යොමු විය යුතු කරුණු කීපයක්ම ඇත. එයින් එකක් වන්නේ වත්මන් රජය බලයට පත්වීම කෙරෙහි බලපාන ලද මහාපොදු සාධකය වූයේ මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වූ ගැටලුකාරීත්වයයි. ඒ මහා පොදු සාධකය නිසා මෙතෙක් සිදු නොවූ විරූ දේවල් රාශියක්ම සිදුවිය.


parliament2

එයින් පළමු කාරණය වන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන බලවේග දෙකම පස්සට විසි කරමින් තුන් වැනි පක්ෂයක් බලයට පැමිණීමය. ජාතික ජන බලවේගය රාජ්‍ය බලයට පැමිණියේ එතෙක් ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂ නායක සිටින විපක්ෂයේ ප්‍රධාන පක්ෂය පසෙකට තල්ලු කරමිනි. මීට පෙර මෙවැන්නක් සිදුවුණේ 1956 ඡන්දයේදීය. එවකට බලයේ සිටියේ සර් ජෝන් කොතලාවලගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයයි. විපක්ෂ නායකත්වය දැරුවේ සම සමාජ  පක්ෂයයි. එහෙත් මැතිවරණයෙන් දිනුවේ බණ්ඩාරනායක මහතා ඇතුළු මහජන එක්සත් පෙරමුණයි.

 මෙවර මාලිමාව සිදු කළේ 1956 බණ්ඩාරනායක සිදු කළ දේම බව මගේ අදහසයි. 1956  එවැනි බරපතළ වෙනසක් සිදුවීයේ රටේ ජාතික ප්‍රතිපත්තිය සහ භාෂා  ප්‍රතිපත්තිය හේතුවෙනි. මෙවර මාලිමාව ජය ගත්තේ ආර්ථික ප්‍රතිපත්තියේ ගැටලුකාරීත්වය හේතුවෙන්ය.

 
පළමුවත් ආර්ථිකය. දෙවැනුවත් ආර්ථිකය


ඒ නිසා මේ පාලනයේ පදනම වන්නේ ආර්ථික ගැටලුව සමහන් කරන්නට ඒ අයට හැකියාවක් තිබෙනවා යන්නය. තවත් පැත්තකින් වසර 76ක කාලයක් අනෙක් පක්ෂ රට පාලනය කිරීමෙන් ‘‘කිසිම දෙයක් සිදුවී නැතැයි’’  මතය ගොඩනැගී ඇත්තේත් වත්මන් ආණ්ඩුව ‘‘ආර්ථිකය ගොඩ දමනවා’’ යන සාපෙක්ෂකවය.

Sri Lanka Economic Growth

  රටේ වත්මන් පාලනය ඒ අනුව තමන්ගේ ගමන සලකුණු කළ යුත්තේ ආර්ථිකය ගොඩදාන ආකාරයටය. ආර්ථිකය ගොඩ දානවා යැයි කියන්නේ කරුණු තුනකින්  ආර්ථිකය සමහන් කිරීමය. එයින් එකක් වන්නේ 2028 වන විට විදේශ සංචිත ප්‍රමාණය බරපතළ ආකාරයකින් වර්ධනය කිරීමය. අප නැවත ණය වාරික ගෙවීම පටන් ගත යුත්තේ 2028 වර්ෂයේ සිටය. ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5.5 මුදලක් සාමාන්‍ය සංචිතවලට අමතරව රටේ තිබිය යුතුය.  මෙය ලෙහෙසි පහසු ටාගට් එකක් නොවේ. මේ සඳහා ආර්ථිකයේ තබා ගත යුතු වර්ධන වේගය සියයට පහක් පමණ විය යුතුය. එම සීමාව ජය ගන්නට නොහැකි වුවහොත් සිදු වන්නේ යළිත් ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යෑමය. ණය ගෙවන්නට තිබෙන වසර සීමාව යළිත් කල් ලබාගැනීමය.


මෙවැනි තත්වයක් සමහර රටවලට උදාවී ඇති බව ආර්ථිකය ගැන දන්නා අය කියන කතාවක්ය. මෙවැනි තත්වයකට කියන්නේ රට යළිත් වරක් බංකොලොත්වීම කියා යැයි විපක්ෂනායකවරයා ප්‍රකාශ කර තිබුණේ මේ කාරණය නිසාය.

තවත් පැත්තකින් රටේ මුල්‍ය සංසරණය මේ වන විට සිදුවන්නේ ඉතාමත් ඌනතිවාදි ආකාරයකටය. ඉපයීම මෙන්ම සමාජය තුළ ධනය බෙදීයාමත් එක වගේම වැදගත් ආර්ථික ක්‍රියාකාරීත්වයන්ය. රට තුළ ආර්ථික ක්‍රියාකාරීත්වය විසිර යාම ඉතාමත් වැදගත්ය. එහෙත් වත්මන් තත්වය පෙන්නුම් කරන්නේ එයට වඩා වෙනස් කතාවක්ය.

 ගම තුළ මූල්‍ය සංසරණය සිදුවන්නේ ක්ෂද්‍රමුල සංවිධාන, සණස, සමුපකාර බැංකු වැනි දේවල් නිසාය.Screenshot 2025 09 06 at 1.02.15 PM සියලු දෙනා ණයකරුවන් වෙනවා මිස අලුතින් ධන නිෂ්පාදනයක් ගම තුළ සිදුවන්නේ නැති ගානය. රාජ්‍යයේ මූල ධන ආයෝජනය සම්පුර්ණයෙන්ම කඩා වැටිලාය. ආරංචියේ හැටියට  ආණ්ඩුවේ ප්‍රාග්ධන ගිණුම වියදම් වෙන්නේම නැති තත්වයකට පත්වී ඇත. එයට හේතුව රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමට බියවීමය. ‘‘පොදු 35 මාරාන්තිකයි’’ කියා සටන් පාඨයක්ද රාජ්‍ය නිලධාරීන් අතර මේ වනවිට ප්‍රචලිත වෙමින් පවතී. එය පටන් ගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ ගමන් පිළිබඳව මතු වූ ගැටලුකාරීත්වය හේතුවෙනි.


ආණ්ඩුවේ මුල්‍ය ශක්තිය වර්ධනය කර ගැනීම එක පැත්තක අභියෝගයක් ලෙසින් පවතින අතර රාජ්‍ය ව්‍යවසාය ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යාමට තීරණය කිරීම තවත් බරපතළ කාරණයකි. මගේ අදහස වන්නේ සමහර රාජ්‍ය ව්‍යාපාර අනිවාර්යයෙන්ම එක්කෝ වසා දැමිය යුතුය. නැත්නම් විකිණිය යුතුය. එසේ කළ යුත්තේ ජනතාව සතු සම්පත් කාට හරි පවරාදීමට නොව ජනතාවගේ බදු මුදලින් ඇදගෙන යන රාජ්‍ය ව්‍යවසායවල බර ජනතාව වෙතින් ඉවතට ගැනීම සඳහාය.

නිර්ධන +නිර්ප්‍රභූ සන්ධානය

පසුගිය අරගලයෙන් පසු කාලයේ මෙරට දේශපාලනයේ අලුත් තත්වයක් වර්ධනය වී තිබේ. ඒ කියන්නේ රටේ නිර්ධනයන් සහ නිර්ප්‍රභූන් යන කොට්ඨාස දෙක සන්ධානයක් ගසා තිබීමය. මෙය ‘‘නිර්+සන්ධානය’’ කියා නම් කළ හැකිය. 1948 න් පසු අපේ රටේ දේශපාලනයේ නිර්ධනීන් සංවිධානගත වූයේ එක්කෝ වමේ පක්ෂ එක්කය, නැත්නම් එ.ජා.ප සහ ශ්‍රී ලනිප සමාජ ආරක්ෂණ+ සමාජ සුබසාධන වැඩසටහන් එක්කය.

 නිර්ප්‍රභූන් කියන්නේ වෙනමම සමාජ තීරුවකටය. මේ වචනයට ඉන්දියාවේ තිබෙන තේරුම වනේ කුල ධුරාවලිගත සමාජයකට ප්‍රභූ පාලන අවකාශයෙන් එළියට විසිවෙන මිනිසුන් පිළිබඳවය. ලංකාවේත් මේ සමාජ තීරුව හැමදාම සිටියේය. එහෙත් එය සමාජයේ බලය ගැනීමේ සූදානමකින් සංවිධානය වූයේ යන්තමින්ය. 1971 වර්ෂයේ කැරැල්ල කුල පීඩනයට එරෙහි එකක් යැයි සමහරු කියති.



 43 සේනාකංකය

471123240 954850233183146 2768441168288674671 n
මේ නිර්ප්‍රභු ජනතාව ශක්තිමතුන් වූයේ 1943සිට පටන් ගත් නිදහස් අධ්‍යාපන ක්‍රියාදාමය හේතුවෙන්ය. චම්පික රණවක වරක් 43 සේනාංකය - සංවිධාන ගත කළ යුතු යැයි කීවේ මේ නිදහස් අධ්‍යාපනයෙන් ශක්තිමතුන් වී ඇති එහෙත් නිර්ප්‍රභූ සමාජ බලයක් සහිත ජනතාව සංවිධාන කළ යුතු යැයි කියාය. එහෙත් චම්පික එසේ ආමන්ත්‍රණය කළ ජන කණ්ඩායම 2022 අරගලයෙන් පසුව සිට ගත්තේ මාලිමාව සමගය.

 අනෙක් අතට මේ නිර්ප්‍රභූ ජනතාව යනුවෙන් අප කියන සමාජ කාණ්ඩය යනු දුර්වල හා දුගී බවින් පිරුණ නිර්ධන සමාජ තීරුවට වඩා විශාල වශයෙන් භෞතික සම්පත් තියෙන කණ්ඩායමක්ය. මේ සමහරු රටේ ඉහළම තනතුරුවල වැඩ කරන්නෝය. තවත් සමහරු මහාචාර්යවරයෝය. ඒඅයට ඉතා හොඳ මුල්‍ය  ප්‍රාග්ධනයක් එකක් තිබේ. ඒ අය පීඩා විදින්නේ  සමාජ ප්‍රාග්ධනයක් නැතිකමේ ගැටලුව නිසාය.

 
ප්‍රභූ සමාජයට මාංචු දැමීම


මේ ආණ්ඩුවේ තිබෙන එක් ශක්තියක් වන්නේ මේ නිර්ප්‍රභු සමාජ කණ්ඩායම සහ නිර්ධන සමාජ කණ්ඩායම් අතර මහා සන්ධානයක් ගැසී තිබෙන නිසාය.

6de0b459 6bb6 4b98 9bc1 c2e4ee676cee 959x1297අන්තෝනියෝ ග්‍රාම්ස්චි
අන්තෝනියෝ ග්‍රාම්ස්චි ඉතාලි සමාජයට සාපේක්ෂව කීවේ කම්කරු හා ගොවි මහා සන්ධානයක් හැදෙන තුරු ඉතාලියේ සමාජවාදි රජයක් පත් කිරීම දුෂ්කර යැයි කියාය. ලංකාවේ ඒ දුෂ්කර තත්වය මාලිමාව සමහන් කරගෙන තිබෙන්නේ නිර්ප්‍රභූ+නිර්ධන මහා සන්ධනයක් හදාගෙන තිබෙන නිසාය.

ආණ්ඩුව තමන්ගේ දේශපාලන සතුරන් කුඩු කරන්නට උත්සාහ ගන්නේ මේ කියන නිර්ප්‍රභූ සමාජ පන්තිය තමන් සමගම තබා ගැනීමය.

 

 ප්‍රභූ සමාජයට මාංචු දැමීමේ පොටෝ එකක් ගසා ගැනීම දේශපාලනයේ අංක එකේ අවශ්‍යතාව වී තිබෙන්නේ මේ නිසාය.


ආර්ථිකය අමතක කර - නිර්ප්‍රභූන් සතුටු කිරීම

Arres12

 මගේ නිරීක්ෂණය වන්නේ මේ නිර්ප්‍රභූන් සතුටු කිරීමේ දේශපාලනය කරන්නට ගොස් ආණ්ඩුවට ආර්ථිකය අමතක වී යාමේ ඉඩක් පවතින බවය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් 2028 ණය ගෙවීමේ ආරම්භය යළිත් ගැටලුවක් බවට පත්විය හැකිය.

 
ආර්ථිකය කඩා වැටෙන ඕනෑම අවස්ථාවක දැන් ආණ්ඩුවට හුරේ දමන නිර්ප්‍රභූ සහ නිර්ධන සන්ධානය හැරෙන තැපෑලෙන් ආණ්ඩුවට විරුද්ධව ඉදිරියෙන්ම යන කාණ්ඩය බවට පත්වීම නොවැළැක්විය හැකිය.

ඒ නිසා ආර්ථිකය යළි මතකයට ගැනීම සහ ඒ වෙනුවෙන් වැඩ කිරීම ආණ්ඩුවේ අංක එකේ ප්‍රමුඛතාව විය යුතු බව මගේ අදහසය.



 

 

 

 

 

(සටහන | මහාචාර්ය චරිත හේරත්)

charith9@yahoo.com
 (ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප- 2025 සැප්තැම්බර් මස 05)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'නිර්ධන + නිර්ප්‍රභූ දේශපාලන සන්ධානයක්' | මහාචාර්ය චරිත හේරත් | The Leader