The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

ඇල්ල ‘සිහින මන්දාකිනි’ බස් ඛේදවාචකය හා නයිට් ක්ලබ් බස් වසංගතය

T

The Leader Desk

September 6, 2025 • 10:42 AM

 ඇල්ල ‘සිහින මන්දාකිනි’ බස් ඛේදවාචකය හා නයිට් ක්ලබ් බස් වසංගතය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්ගයේදී ඛේදනීය ඉරණමකට ගොදුරු වෙමින් ප්‍රපාතයකට වැටී සුනුවිසුණු වූ NB 5858 නමැති ‘සිහින මන්දාකිනි’ නමින් හැඳින්වූ බස් රථය අනවශ්‍ය අංග රාශියක් සවි කොට තිබූ නයිට් ක්ලබ් බස් නමින් හඳුන්වන බසයක් බව මේ වන විට අනාවරණය වී තිබේ.
  • රාත්‍රී කාලයේදී තොරණක් ආකාරයෙන් දිස්වන ආකාරයට එල් ඊඩී විදුලි එළියෙන් ආලෝකමත් කොට තිබූ මෙම බස් රථය ඇතුළත ද විවිධ පැහැයේ විදුලි ආලෝක ධාරා සේම දෙදරුම් දෙන සංගීතයෙන් පිරී පැවති බව පැවසෙයි.
  • එමෙන්ම ඇල්ලේ අනතුරට ලක් වී ඇත්තේ මගී ප්‍රවාහනය සඳහා බලපත්‍ර සහිත පෞද්ගලික බස් රථයක් නොව වර්තමානයේ නයිට් ක්ලබ් බස් නමින් හඳුන්වන, විනෝද ගමන් සඳහා භාවිතා කරන බස් රථයක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද තහවුරු කොට තිබේ.
  • ඇතුළතින් සහ පිටතින් අධික ලෙස විදුලි රටා සහිතව විනෝදාස්වාදය සඳහා ඩීජේ සංගීතය ද එක් කරමින් නිර්මාණය කර ඇති මෙම බස් රථ කිසිදු ආකාරයකින් නියාමනය නොවන බවයි ඔහු සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මාර්ගයේදී ඛේදනීය ඉරණමකට ගොදුරු වෙමින් ප්‍රපාතයකට වැටී සුනුවිසුණු වූ NB 5858 නමැති ‘සිහින මන්දාකිනි’ නමින් හැඳින්වූ බස් රථය අනවශ්‍ය අංග රාශියක් සවි කොට තිබූ නයිට් ක්ලබ් බස් නමින් හඳුන්වන බසයක් බව මේ වන විට අනාවරණය වී තිබේ.

රාත්‍රී කාලයේදී තොරණක් ආකාරයෙන් දිස්වන ආකාරයට එල් ඊඩී විදුලි එළියෙන් ආලෝකමත් කොට තිබූ මෙම බස් රථය ඇතුළත ද විවිධ පැහැයේ විදුලි ආලෝක ධාරා සේම දෙදරුම් දෙන සංගීතයෙන් පිරී පැවති බව පැවසෙයි.


පසුගිය ජනවාරි මාසයේ රජය මගින් බස් වල මෙවැනි ආරළු බූරළු කැටයම් වැඩ හා අනවශ්‍ය විදුලි ආලෝක ඉවත් කිරීමට පියවර ගන්නට සූදානම් වූ අවස්ථාවේ ඊට විරුද්ධව මෙම බස් රථ හිමියන් සහ ඔවුනට සහාය පළ කරන පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම සටන් දියත් කර තිබෙනු දක්නා ලදී.

එමෙන්ම ඇල්ලේ අනතුරට ලක් වී ඇත්තේ මගී ප්‍රවාහනය සඳහා බලපත්‍ර සහිත පෞද්ගලික බස් රථයක් නොව වර්තමානයේ නයිට් ක්ලබ් බස් නමින් හඳුන්වන, විනෝද ගමන් සඳහා භාවිතා කරන බස් රථයක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද තහවුරු කොට තිබේ. ඇතුළතින් සහ පිටතින් අධික ලෙස විදුලි රටා සහිතව විනෝදාස්වාදය සඳහා ඩීජේ සංගීතය ද එක් කරමින් නිර්මාණය කර ඇති මෙම බස් රථ කිසිදු ආකාරයකින් නියාමනය නොවන බවයි ඔහු සඳහන් කරයි.


543147764 756884377235467 192300154473510946 nඅනතුරට පත් බස් රථය
“මීට කලිනුත් මේ වගේම පාසල් දරුවන් රැගෙන ගිය බස් රථයක් පසුගිය රජය කාලේ අනතුරට ලක් වුණා. ඒ බස් රථයත් පෙරළුණා, නමුත් වාසනාවකට එහි ගමන් කළ ළමයි එදා බේරුණා. අපි ඒ වෙලාවේ මේ නයිට් ක්ලබ් බස්වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා.

මේ බස් රථවලට අවසර ලබා දුන්නේ රිමාන්ඩ් කරපු හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේ බස් රථවලට රජයේ කිසිදු නියාමනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.” ඔහු මාධ්‍යයට පැවසීය.

 

480706255 613247901599116 8294175144160008364 n

 
ඒ සම්බන්ධයෙන් මෙම නයිට් ක්ලබ් බස් උප සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්නවුන් පවසා සිටිනුයේ මේවා මඟින් මෙතෙක් සමාජයේ ධනවතුන්ට පමණක් උරුම වූ රාත්‍රී සමාජ ශාලා අත්දැකීම සාමාන්‍ය ජනතාවට ලබා දීමට දරන උත්සාහයක් බවකි. එමෙන්ම බස් රථයක් මේ ආකාරයට සැකසීමට රුපියල් ලක්ෂ පනහක දක්වා වන අතිරේක මුදලක් වැය කිරීමට සිදු වන බව ද ඔවුන් ප්‍රකාශ කොට තිබිණ.


ඒ කෙසේ හෝ මෙම ආකාරයේ බස් රථකට පිවිසි සැනින් බාහිර ලෝකයෙන් අත් මිදුණු බවක් යමකුට හැඟී යන අන්දමට මේවායේ දෙපස කවුළු පවා කළු පැහැ ගැන් වූ වීදුරු සහ තිර රෙදි වලින් ආවරණය කොට ඇති බවක් දක්නට පුළුවන. ඒ සමඟම ඇතුළත ඇති දෑස් නිලංකාර කරවන ආලෝක ධාරා මෙන් අකුණු ශබ්ද වැනි මුළු බස් රථයම දෙදරවන එහි යටින් සවි කොට ඇති ශබ්ද වාහිනී පද්ධතිය නිසා මෙම බස් රථ ඇතුළත අමුතු ලෝකයක් ඇති බවක් යමකුට හැඟී යා හැක. ඒ අනුව ගමන අතරතුර දිවා රෑ භේදයකින් තොරව එතුළට වී බාහිර ලෝකයෙන් අත්මිදුණු මත් පැන්, මත් ද්‍රව්‍ය, නැටුම්, ආලිංගන ආදී තමනට කැමති ඕනෑම අකාරයක විනෝදාශ්වාදයක් ලබා ගැනීමේ හැකියාවක් මේවායේ ගමන් ගන්නවුන්ට ලැබේ.


Screenshot 2025 09 06 at 3.33.55 PM
නමුදු මෙම බස් රථ සියල්ලම පාහේ ඉන්දියාවේ නිශ්පාදිත අශෝක් ලේලන්ඩ් වර්ගයේ ලොරි චැසි වලට බස් බොඩි ගසා සකසා තිබීම මත මේවා නිශ්පාදනමය වශයෙන් මගී වාහන නොවේ. ඒ අනුව මෙම බස් රථ තුළ ඇතුලත කවර වෙනස් කමක් කළ ද මේවා සුඛෝපභෝගී බස් රථ වල පැත්ත පළාතකින් වත් තැබිය නොහැක. මේවා ඇතුලත ඇතැයි පැවසෙන සුඛෝපභෝගීත්වය ද හුදු මවා පෑමක් පමණි.

 එමෙන්ම අශෝක් ලේලන්ඩ් වර්ගයේ සුඛෝපභෝගී බස් රථ ද මෙරට මාර්ග වල දක්නට ලැබෙන අතර ඒවා සහ මෙම නයිට් ක්ලබ් බස් අහසට පොලොව මෙනි. මේ සම්බන්ධයෙන් මීගමුව ප්‍රධාන බස් නැවතුම් පළ හා සම්බන්ධ නිලධාරියකු පසුගිය කාලයේ පවසා සිටියේ මෑතක සිට ප්‍රචලිත ෆේස් බුක් සාද පැවැත්වීම සඳහා ද මෙම බස් රථ යොදා ගැනීමේ නැඹුරුවක් පවතින බවකි. මෙම සාද මත් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ද යම් ප්‍රසිද්ධියක් උසුලයි. එමෙන්ම මෙම නයිට් ක්ලබ් බස් තුළ රෑ දහවල් භේදය පවා කටයුතු කළ හැකි බැවින් ඒවා තුළ සිදුව්න හා සිදු විය හැකි දේ අකුරින් අකුර විස්තර කළ යුතු නැත.

 
Sri Lanka Bus Accident a5pvqydf
අනතුරෙන් පසු

එමෙන්ම මෙම නයිට් ක්ලබ් බස් ධාවනය කිරීමේ ද අමුතු ගමන් රටාවක් ද පවතින අතර අධික වේගයෙන් හා බස් රථය පාරේ දෙපසට වනමින් ධාවනය කිරීම බොහෝ විට දැකිය හැක. සෙසු වාහන රියදුරන් හා පාරේ ගමන් ගන්නා මන්ගීන් විසින් නයිට් ක්ලබ් බස් රියැදුරන් ගේ “මව් ගුණ සිහිපත් කෙරෙන” මාර්ග නීති උල්ලංඝනය කිරීමක් වන මෙය මාර්ග අනතුරු බහුල වීමට හේතුවක් බව ඒකාන්ත සත්‍යයකි. එමෙන්ම මේවායේ රියැදුරන් ද බොහෝ විට තරුණයන් වන අතර ඔවුන් ගෙන් යම් ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව ද පැවසෙයි.

ඉහත සඳහන් සියළු තත්වයන් ඉකුත් 04 වන්න ප්‍රපාතයකට වැටී සුනුවිසුණු වූ ණ්ඹ් 5858 නමැති ‘සිහින මන්දාකිනි’ නමින් හැඳින්වූ බස් රථයට එහි482324515 617899251133981 1024504565037875877 n රියැදුරු ට හෝ එහි ගමන් කළ තංගල්ල නගර සහා සේවක සහ ඔවුන් ගේ ඥාති මිත්‍රාදීන් හටඅදාල වන බවක් මින් කිසිසේත්ම අදහස් නොවන බව ද විශේෂයෙන් කිව යුතු ය. මක් නිසා ද යත් ඔවුන් ගේ අනන්‍යතාවයන් හා සමාජමය තරාතිරම් මේ වන විට මුළුමනින්ම අනාවරණය වී ඇති බැවිනි.


එහෙත්, වන්දනා විනෝද හෝ අධ්‍යාපන ගමනක් යන විට බස් රථයට පිවිසි සැනින් බාහිර ලෝකයෙන් මුළුමනින් අත් මිදේ නම් එම චාරිකාව කුමක් හෝ එහි නිසි ඵල ලැබේ ද යන්න ද අප සිතා බැලිය යුතු ය.

 වයඹ පළාතේ එක් පාසලක පාසල් අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ගුරු දෙගුරු හමුවක් පැවැතිවිණි. එහි දී ඊට එක් වූ ව්‍යාපාරික පියෙකු “අපි මේ ට්‍රිප් එකට ළමයින්ට නයිට් ක්ලබ් බස් එකක් අරන් දෙමුද සර්” යනුවෙන් එහි විදුහල් පති වරයාගෙන් ඇසීය. එවිට ඔහු සිනාසෙමින් කීයේ එක් වාක්‍යයක් පමණි. එනම් “ඊට වඩා හොඳයි නෙ ළමයි ටික හරක් ලොරියක පටවා ගෙන යනවා” යනුවෙනි.

 ඒ අනුව සමාජමය අද්දැකීම් අඩු වූවනට දියුණු සමාජමය ලක්ෂණක් සේ පෙනෙන අතිශය නොදියුණු සමාජ භාවිතයක් වන මෙම නයිට් ක්ලබ් බස් වසංගතය සමාජයෙන් දුරලීමට නිසි කල් වේලාව දැන් එළඹ ඇති මි. බව අදාල බලධාරීන්ට පෙන්වා දෙනු කැමැත්තෙමි.

Rita1 12 25 at 10.13.44 copy
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

madampagereetajenet@gmail.com


උපුටා ගැනීම - vinivida


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...