The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

රනිල් වික්‍රමසිංහ කථා වස්තුව සහ ශ්‍රී ලංකාවේ යුක්තියට එහි බලපෑම | ජාවෙඩ් යුසුෆ්

T

The Leader Desk

September 6, 2025 • 6:39 PM

රනිල් වික්‍රමසිංහ කථා වස්තුව සහ ශ්‍රී ලංකාවේ යුක්තියට එහි බලපෑම | ජාවෙඩ් යුසුෆ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සහ නීතිමය ඉතිහාසයේ වඩාත් ආන්දෝලනාත්මක සිදුවීමකි.
  • මතුපිටින් බලන විට, මෙය ප්‍රමුඛ පෙළේ දේශපාලන චරිතයකට එරෙහිව නැගුණු මහජන මුදල් අයථා ලෙස භාවිතා කළ බවට එල්ල වූ චෝදනාවක කතාවක් ලෙස පෙනේ.
  • පොලිස් ක්‍රියාකාරිත්වයේ රටා සහ කාර්යපටිපාටිවල අනිසි භාවිතය වික්‍රමසිංහ මහතාගේ සිද්ධිය තනි සිදුවීමක් ලෙස නොසැලකිය යුතු ය.
  • වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා පොලිසිය තමන්ගේ හෝ දේශපාලන අණ දෙන්නන්ගේ අවශ්‍යතා සපුරාලන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් නීතිමය ක්‍රියාපටිපාටි අනිසි ලෙස භාවිත කරන බවට චෝදනා එල්ල වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සහ නීතිමය ඉතිහාසයේ වඩාත් ආන්දෝලනාත්මක සිදුවීමකි.

මතුපිටින් බලන විට, මෙය ප්‍රමුඛ පෙළේ දේශපාලන චරිතයකට එරෙහිව නැගුණු මහජන මුදල් අයථා ලෙස භාවිතා කළ බවට එල්ල වූ චෝදනාවක කතාවක් ලෙස පෙනේ. එහෙත්, එහි ගැඹුරු බලපෑම රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මවා යයි.


නීතිඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, සහ සාමාන්‍ය පුරවැසියන් බොහොමයකට මෙම සිදුවීම විසින් ඔවුන් දැනටමත් දැන සිටි දෙයක් නැවත තහවුරු කළේ ය: එනම්, දේශපාලන හෝ ආයතනික බලපෑම යටතේ ක්‍රියා කරන විට, චෝදනා ගොනු කිරීම, කාර්යපටිපාටි හසුරුවා ගැනීම, සහ නීතිය අනිසි ලෙස භාවිත කිරීම මගින් පෙර සැලසුම් කළ ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ඇති බවය. වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවේ බලපෑම් විස්තර කිරීම සහ එය ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, සහ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ අනාගතය පිළිබඳ පුළුල් සංවාදය තුළ ස්ථානගත කිරීම වටී.



පොලිස් ක්‍රියාකාරිත්වයේ රටා සහ කාර්යපටිපාටිවල අනිසි භාවිතය

frtye46

වික්‍රමසිංහ මහතාගේ සිද්ධිය තනි සිදුවීමක් ලෙස නොසැලකිය යුතු ය. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා පොලිසිය තමන්ගේ හෝ දේශපාලන අණ දෙන්නන්ගේ අවශ්‍යතා සපුරාලන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් නීතිමය ක්‍රියාපටිපාටි අනිසි ලෙස භාවිත කරන බවට චෝදනා එල්ල වී ඇත. එක් උදාහරණයක් වන්නේ සැලසුම් කළ විරෝධතාවකට පෙර මහේස්ත්‍රාත්වරුන්ගෙන් ඒකපාර්ශ්වික හෙවත් එක්ස්පාර්ටේ නියෝග ලබා ගැනීමයි.

 සාමාන්‍යයෙන්, පොලිස් නිලධාරීන් උසාවියට කඩිනමින් පැමිණ විරෝධතාවට ඉඩ දුනහොත් නීතිය හා සාමය බිඳ වැටෙන බවට තර්ක කරති. කරුණු විමර්ශනයට ප්‍රමාණවත් කාලයක් නොමැතිකමින්, මහේස්ත්‍රාත්වරු බොහෝ විට ප්‍රවේශමෙන් යුතුව විරෝධතා සීමා කරන නියෝග ලබා දෙති. ඉන්පසු එම ගැටලුව නිහඬව අතුරුදන් වන අතර, පොලිසිය එම තර්ජන ගැන තවදුරටත් හඹා නොයයි. සැබෑ අරමුණ වන්නේ විරෝධයන් මර්දනය කිරීම ය; සාර්ථකව ඉටු වේ.

පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට බලපාන හේතු

uoiyosrr

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යොදාගැනීම වනාහි තවත් බැරෑරුම් බලතල අනිසි භාවිතයකි. සාමාන්‍ය පුරවැසියන්, ක්‍රියාකාරීන් හෝ ප්‍රජා නායකයින්ට එරෙහිව ක්‍රියාකිරීමට සාමාන්‍ය අපරාධ නීතිය ප්‍රමාණවත් වන අවස්ථාවල දී පවා ත්‍රස්තවාදයට එරෙහිව යොදා ගැනීමට නිර්මාණය කළ මෙම අසාමාන්‍ය නීතිය බොහෝ විට භාවිත වී ඇත.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කිරීම මගින්, පොලිසිය විසින් සැකකරුවන්ට ඇප ලබා ගැනීම අවහිර කර, නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම දීර්ඝ කරයි.


රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම මෙම කනස්සල්ලට හේතු වන රටාවට හරියටම ගැපේ. පොදු දේපළට එරෙහි වැරදි පිළිබඳ පනතේ විධිවිධාන යොදා ගැනීම මගින්, ඇප ලබා ගැනීම පහසු නොවන බව පොලිසිය සහතික කළේය. 

මෙය මූලික ප්‍රශ්නයක් මතු කරයි: මෙම නීතිමය උපායයොමු වූවේ යුක්තිය ආරක්ෂා කිරීමට ද? නැතහොත් නඩු විභාගයට පෙර දඬුවම් කිරීමට ද? ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමට නම් එය නීත්‍යනුකූල වීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි; එය අවශ්‍ය සහ යුක්ති සහගත විය යුතුය. 
 
අවශ්‍යතාවය සහ සමානුපාතිකත්වය අවධාරණය කරන මෙම මූලධර්මය ශ්‍රී ලංකාවේ නීති විද්‍යාවට බලපෑ හැකි අතර, එය පුද්ගලයින් රිමාන්ඩ් භාරයට ගැනීම සහ රඳවා තබා ගැනීමටද අදාළ වේ.

අමතර අරමුණ පිළිබඳ ප්‍රශ්නය: යුක්තියද, පළිගැනීමද?
 
ser5t354
 
මෙම කථා වස්තුවේ කේන්ද්‍රයේ ඇති තීරණාත්මක ප්‍රශ්නය වන්නේ වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුව පළිගැනීමේ අරමුණින් සිදු කළ දේශපාලන උපායක් ද යන්න ය. මහජන අවකාශයෙහි ඇති සියලු සාක්ෂි විසින් හැඟවුම් කරන්නේ, මෙම අත්අඩංගුවට ගැනීම වනාහි යහපාලනයේ මධ්‍යස්ථ ලුහුබැඳීමකට වඩා දේශපාලනික චේතනාවන්ගෙන් යුත් ක්‍රියාවක ලක්ෂණ ගෙන ඇති බවයි.

පළමු ඇඟවීම වූයේ, වික්‍රමසිංහ මහතා දින කිහිපයකින් අත්අඩංගුවට පත් වන බවට  යූටියුබර් කෙනකු විසින් කළ පුදුමාකාර නිවැරදි අනාවැකිය යි. මෙම අනාවැකිය සැබෑ වූ විට, එම තීරණය කලින් ගනු ලැබූ බවත්, යූටියුබර් එම තීරණය ගැන දැන සිටි බවත්, නීතියේ යන්ත්‍රණය එම ප්‍රතිඵලය සකස් කිරීමට යොදා ගත් බවත් එය තහවුරු කළේ ය.

දෙවනුව, බොහෝ සංකීර්ණ හෝ සංවේදී නඩුවල දී, පොලිසිය එම නඩු ඉදිරියට ගෙන යෑමට පෙර නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරයි. මෙම අවස්ථාවේ දී එවැනි සාකච්ඡාවක් සිදුවී නැති බව පෙනේ. හිටපු ජනාධිපතිවරයකු සම්බන්ධ නඩුවකදී  රාජ්‍ය නායකයෙකුට පෞද්ගලික සංචාරයකදී රාජ්‍ය සම්පත් භාවිතා කිරීමට ඇති අයිතිය පිළිබඳ සංකීර්ණ ගැටලුව ද සලකා බැලිය යුතුව තිබූ අතර නීතිපතිගේ උපදෙස් නොලැබීම බැරෑරුම් ලෙස කැපී පෙනේ.

අවසාන වශයෙන්, වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය ලබා ගැනීමෙන් පැය කිහිපයකට පසු පිටු 38ක බී වාර්තාවක් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීම මේ ගැන ඇති සැකය තවත් වැඩි කළේ ය. එවැනි දීර්ඝ ලේඛනයක් එතරම් කෙටි කාලයක දී සකස් කළ හැකි ආකාරය ගැන ප්‍රශ්නයක් මතු වේ.

ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට ඇති පුළුල් බලපෑම
 
dty546y
 
මෙම සිදුවීමේ ප්‍රතිවිපාක වික්‍රමසිංහ මහතා ඉක්මවා යයි. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පාලනයේ මූලික ගැටලුවලට බලපායි. කාර්යපටිපාටි හසුරුවා ගැනීමට, නිසි ක්‍රියාවලිය අවහිර කිරීමට, සහ දේශපාලනික පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කිරීමට පොලිසියට හැකියාව ඇති සමාජයක කිසිදු පුරවැසියෙකු ආරක්ෂිත නැත.
 
අද එයට ගොදුරු වන්නේ හිටපු ජනාධිපතිවරයකු විය හැකි ය; හෙට එය දූෂණයට එරෙහිව විරෝධතාවක යෙදෙන සාමාන්‍ය පුරවැසියෙකු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින ශිෂ්‍ය නායකයෙකු, හෝ බලය අයථා භාවිතය හෙළි කරන මාධ්‍යවේදියෙකු විය හැකි ය. එවිට, නීතිය ඉදිරියේ සියල්ලෝ ම සමාන ය යන නීතියේ ආධිපත්‍යයේ මූලික සාරය බිඳ වැටේ.


දේශපාලන ගණනය කිරීම් සහ උපායමාර්ගික වැරදි
 
xdrte46
 
මෙම අත්අඩංගුවේ දේශපාලන ප්‍රතිවිපාක සංකීර්ණ ය.

මෙම අත්අඩංගුවට ගැනීම ජාතික ජන බලවේග ආණ්ඩුව සිදු කළ උපායමාර්ගික වැරැද්දක් විය හැකිය. 1988-89 කැරැල්ලේ මතකයන් තවමත් ජනතාවගේ සිහියේ ඇත. එහි දී ජවිපෙ විසින් පොලිස් සහ හමුදාවේ පවුල් ඉලක්ක කිරීම, කැරැල්ලට එරෙහිව රාජ්‍යයේ බිහිසුණු මර්දනයට හේතු වූ තීරණයක් විය. එලෙසම, වික්‍රමසිංහ මහතා ඉලක්ක කිරීම—ඔහුට පුළුල් ජනප්‍රියත්වයක් තිබුණත් නැතත්—ආණ්ඩුවට එරෙහිව වෛරයක් ඇති කළ හැකි අතර, එහි ආධාරකරුවන් අතරත් විශ්වාසය අහිමි විය හැකි ය. පළිගැනීමේ ලෙස ගැනෙන ක්‍රියා බොහෝ විට එම පුද්ගලයින්ට ම ජීවිතාන්තයක් ලබා දෙන අතර, ආණ්ඩුවේ දූෂණයට එරෙහි අරගලයට බාධා ඇති විය හැකි ය.

සමගි ජන බලවේගය විෂයෙහි මෙම සිදුවීම අවස්ථාවක් මෙන්ම අභියෝගයකි. විශාල පරිමාණ දූෂණ චෝදනාවලින් තොර එකම ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ඇත. පුළුල් දේශපාලන සන්ධාන ගොඩනැගීම මගින් එම පක්ෂය පැරණි දේශපාලන භාවිතයේ අපකීර්තිමත් අංග සමග සම්බන්ධ කිරීමේ අවදානමක් ඇත. එබැවින්, සමගි ජන බලවේගය යුක්තියේ මූලධර්ම ආරක්ෂා කරමින්, දූෂිත බවට ජනතාව විසින් ප්‍රතික්ෂේපිත අය ආරක්ෂා කරන බවට චෝදනා එල්ල නොවන පරිදි ප්‍රවේශමෙන් ක්‍රියා කළ යුතුය.

පෞද්ගලික අංශයේ නිශ්ශබ්දතාව සහ දේශපාලනයේ අමානුෂික බව
 
fyhery6546
 
පෞද්ගලික අංශයේ නිශ්ශබ්දතාව ද සැලකිල්ලට ලක්විය යුතු ය. දිගු කලක් තිස්සේ  වික්‍රමසිංහ මහතා සැලකුණේ වෙළෙඳ ව්‍යාපාරවලට හිතවාදී නායකයකු ලෙස වන අතර ඔහුගේ පාලනයන් තුළ කෝපරේට් හෙවත් මහා වෙලඳ ව්‍යාපාරවල අවශ්‍යතාවලට හිතකර ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කර ඇත. එහෙත්, ඔහුට සහයෝගය අවශ්‍යම වූ මොහොතේ, පෞද්ගලික අංශය කැපී පෙනෙන ලෙස නිහඬව සිටියේය. බිය, දේශපාලන ගණන් බැලීම්, උදාසීනත්වය, හෝ තනිකරම ස්වාර්ථය හේතුවෙන් වුව ද,  ඔවුන්ගේ ප්‍රධාන හිතවතෙකුට එල්ල වූ අයුක්තියට එරෙහිව කතා නොකිරීමේ මෙම නිශ්ශබ්දතාවය කනස්සල්ලට හේතු වේ.


මෙම කථා වස්තුවේ තවත් කනස්සල්ලට හේතු වන ලක්ෂණයක් වන්නේ සමාජ මාධ්‍යවල ප්‍රතිචාරයයි. බොහෝ පළකිරීම් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුව සමරමින් වෛරී ලෙස පිරී තිබුණි. මෙය ගැඹුරු සමාජ ගැටලුවක් පිළිබිඹු කරයි

දේශපාලන විරුද්ධවාදීන්ගේ අමානුෂික බව
වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති හෝ දේශපාලන ඉතිහාසය ගැන ඕනෑම අයෙකු හිතන්නේ මොනවා වුණත්, මෙහි මූලික ගැටලුව අයුක්තියයි. දේශපාලන චරිතයකට එරෙහිව බලයේ අත්තනෝමතික අනිසි භාවිතය සමරන සමාජයක්, එම අයුක්තිය ඕනෑම අයෙකුට එරෙහිව සාමාන්‍යකරණය වීමේ අවදානමකට ලක්වේ.

අනාගතය සඳහා අනතුරු ඇඟවීමක්
 
xryte4564
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා දේශපාලන ගැටුමක් ලෙස නොව, දේශපාලන පළිගැනීම් නීතිමය භාෂාවෙන් ආවරණය කිරීම කෙතරම් පහසුද යන්න පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙස තේරුම් ගත යුතු ය.

ජනතාව මෙම පූර්වාදර්ශයට ඉඩ දුන්නහොත්, එහි ප්‍රතිවිපාක බරපතළ වනු ඇත. අනාගත ආණ්ඩු පක්ෂ භේදයකින් තොරව පොලිසිය දේශපාලන පාලනයේ උපකරණ ලෙස භාවිතා කිරීමට පෙලඹෙනු ඇත. විරෝධතාවන්ට ඉඩකඩ අඩු වනු ඇත. යහපාලනය සහ පළිගැනීම අතර රේඛාව බොඳ වනු ඇත.

රනිල් වික්‍රමසිංහ ඉක්මවා
 
පසුගිය සතියේ සිදුවීම්වල සැබෑ පාඩම රනිල් වික්‍රමසිංහ මහතා ගැන නොවේ. පොලිස් පරීක්ෂණ දේශපාලන ආයුධයක් බවට පත්වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැත. ජනාධිපතිවරු, විරෝධතාකරුවන්, හෝ සාමාන්‍ය පුරවැසියන් වේවා, අත්තනෝමතික අත්අඩංගුවලට ගොදුරු විය හැකි නම්, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැත. මෙහි අනතුරේ ඇත්තේ එක් හිටපු ජනාධිපතිවරයකුගේ ඉරණම පමණක් නොව, සෑම පුරවැසියකුගේම නිදහසේ අනාගතය යි.
 

(2025 අගෝස්තු 31 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ The Ranil Wickremesinghe saga and its implications for justice in Sri Lanka ලිපිය ඇසුරෙනි)

| සිංහල අනුවාදය: නීතිඥ සුදර්ශන ගුණවර්ධන
Sudarshana Gunawardana
suda_g@yahoo.com

උපුටා ගැනීම - Sudarshana Gunawardana ෆේස්බුක් පිටුවෙන්....
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් වික්‍රමසිංහ කථා වස්තුව සහ ශ්‍රී ලංකාවේ යුක්තියට එහි බලපෑම | ජාවෙඩ් යුසුෆ් | The Leader