The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

නේපාලය සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් තහනම් කරයි: අපිටත් එහෙම වෙයි ද..? -නීතිඥ විරංජන හේරත්

T

The Leader Desk

September 7, 2025 • 8:35 AM

නේපාලය සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් තහනම් කරයි: අපිටත් එහෙම වෙයි ද..? -නීතිඥ විරංජන හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතු පළ වන්නේ ඊයේ දිනයේ පළකර තිබු එම සටහන යි.
  • ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් යනාදි සමාජ මාධ්‍ය ජාලා මෙන්ම වට්ස්ඇප්, සිග්නල් ඇතුළු සංනිවේදක ජාලා 26ක් සැප්තැම්බර් 04වන දා සිට නේපාලය විසින් තහනම් කර අවහිර කරනු ලැබුවා.
  • නේපාල වැසියන්ට අනුව අද දහවල් සිට ගූගල් ක්‍රොම් ඇතුළු ප්‍රධාන ධාරාවේ සෙවුම් යෙදවුම් හරහා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසීමට උත්සහ දරද්දී එම වේදිකා සදහා පිවිසිය නොහැකි බව දර්ශනය වී තිබෙනවා.
  • නිවේදනයක් නිකුත් කරමින් නේපාල සංනිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය සදහන් කළේ, එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග සහ ඊට අදාළ නිර්දේශ අනුව යමින් රජය විසින් මෙම සමාජ මාධ්‍ය සහ සංනිවේදක ජාලා 26 තහනම් කිරීමට පියවර ගනු ලැබ ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මතු පළ වන්නේ ඊයේ දිනයේ පළකර තිබු එම සටහන යි.

උසාවියේ නියෝගයකින් නේපාලය ෆේස්බුක්, යූටියුබ් තහනම් කළ හැටි. ඒ වගේ වැඩක් අපටත් වෙන්න පුළුවන්ද?

සිදුවූයේ කුමක්ද?

fb ban9
ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් යනාදි සමාජ මාධ්‍ය ජාලා මෙන්ම වට්ස්ඇප්, සිග්නල් ඇතුළු සංනිවේදක ජාලා 26ක් සැප්තැම්බර් 04වන දා සිට නේපාලය විසින් තහනම් කර අවහිර කරනු ලැබුවා.

නේපාල වැසියන්ට අනුව අද දහවල් සිට ගූගල් ක්‍රොම් ඇතුළු ප්‍රධාන ධාරාවේ සෙවුම් යෙදවුම් හරහා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසීමට උත්සහ දරද්දී එම වේදිකා සදහා පිවිසිය නොහැකි බව දර්ශනය වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් නේපාල සංනිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය සදහන් කළේ, එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග සහ ඊට අදාළ නිර්දේශ අනුව යමින් රජය විසින් මෙම සමාජ මාධ්‍ය සහ සංනිවේදක ජාලා 26 තහනම් කිරීමට පියවර ගනු ලැබ ඇති බවයි.


sm nepal7
ඒ අනුව Facebook, Instagram, Messenger, YouTube, X, Reddit, LinkedIn, WhatsApp, Discord, Pinterest, Signal, Threads, WeChat, Quora, Tumblr, Clubhouse, Rumble, Line, Imo, Jalo, Sol, Hamro, Patro, Mi Video, Mi Vike3 යන නේපාලය තුළ ක්‍රියාත්මක වූ සමාජ සහ පණිවිඩ හුවමාරු ජාලා තහනම් කර අවහිර කරනු ලැබ ඇත.

අධිකරණයේ භූමිකාව

මෙම අවහිර කිරීම සිදුවූයේ අද දිනයේ වුවත් ඊට අදාළ මූලික පියවරවල ඉතිහාසය 2020 තරම් ඈතට දිවයනවා. 2020 දෙසැම්බර් මාසයේ දී නේපාලයේ නීතිඥවරුන් දෙදෙනෙකු වන බී. පී. ගෞතම් සහ අනිතා බජ්ජෙයින් රිට් පෙත්සමක් ගොනු කරමින් නියාමනයට යටත් නොවන සියලුම විකාශන මාධ්‍ය තහනම් කරන ලෙසත් ඊට නේපාලය තුළ ක්‍රියාත්මක විදේශ රටවල ලියාපදිංචි සමාජ මාධ්‍ය ජාලා ද ඇතුළත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

මෙම පෙත්සමෙන් අනතුරුව තවත් සංවිධාන හා පුද්ගලයින් ගණනාවක් එම තේමාව යටතේම ඒ හා සමාන ඉල්ලීම් සඳහන් කරමින් තවත් රිට් පෙත්සම් ගණනාවක් ගොනු කරනු ලැබුවා.

එම පෙත්සම්වලට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රසාද් දුන්ග්ගානා සහ ශාන්ති සිං තාපා යන නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල එරට ආණ්ඩුව වෙත නියෝග කළේ අන්තර්ගතයන් සහ දැන්වීම් පළ කිරීමට ඉඩකඩ සපයන, නේපාලය තුළ ක්‍රියාත්මක සියලු ම දේශිය සහ විදේශිය සමාජ ජාලා එරට තුළ වහාම ලියාපදිංචි කළ යුතු බවයි. එහිදී පැමිණිලි භාර ගැනීමට ආයතනයක් ස්ථාපිත කිරීම, දේශියව වගකිය යුතු නිලධාරියෙකු පත් කිරීම අවශ්‍යතා ඉටුවිය යුතු බව ද අධිකරණය සදහන් කරනු ලැබුවා.

nepal ban423
නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගය අනුව යමින් නේපාල රජය විසින් සමාජ ජාලා සමාගම් වෙත දැනුම් දුන්නේ, සතියක් ඇතුළත ලියාපදිංචිය සහ සෙසු ක්‍රියාමාර්ගවලට අදාළ පියවර ගන්නා ලෙසයි. එහිදී TokTok, Viber, Wetalk, Nimbuzz, යන සමාජ ජාලා මූලික එකඟතාව පළ කර අදාළ පියවර ගත් අතර Telegram, Global Diary, යන වේදිකා ද ඊට එකඟතාවය පළ කළා.

එහෙත් මුලින් සදහන් කළ වේදිකා 26 සිදුකළේ එය ප්‍රතික්ෂේප කිරීම හෝ නොසලකා හැරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස නේපාල රජය සැප්තැම්බර් 04 මධ්‍යම රාත්‍රියේ සිට අදාළ වේදිකා 26 තහනම් කර අවහිර කරනු ලැබුවා. ඒ අනුව මෙම තහනම සහ අවහිර කිරීම සාර්ථකව සහ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් නේපාලය තුළ වීපීඑන් ඔස්සේ මිස පිළිගත් සෙවුම් යෙදවුම් හරහා අදාළ වේදිකා 26 වෙත පිවිසීම කළ නොහැකි වනු ඇති.

තහනමේ ප්‍රතිඵල

 



කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් මේ වන විට නේපාලය තුළ බලවත් කැලඹීමක් හටගෙන තිබෙනවා. මෙය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමක් ලෙසට දැනටම චෝදනා නැගෙනවා. මෙම තහනම සමග සමාජ ජාල වේදිකා ඔස්සේ සිදුකළ ව්‍යාපාරික කටයුතු බිඳ වැටෙනු ඇති බවටත්, විදේශගත නේපාල වැසියන්, රට තුළ සිටින ඔවුන්ගේ ඥාතීන් සමග පණිවිඩ හුවමාරු කරගැනීම බිඳ වැටෙනු ඇති බවටත් බිය පළව තිබෙනවා.

කෙසේවෙතත් නේපාල රජය සඳහන් කරන්නේ අන්තර්ජාල වේදිකා වෙනුවෙන් තම රට තුළ නිපදවන මෙන්ම රට තුළ බෙදාහරින අන්තර්ගතයන් සම්බන්ධයෙන් නියාමන ක්‍රමවේදයක් පැවතීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. අදාළ සමාගම් ලියාපදිංචි කොන්දේසි සපුරනු ලැබූ වහාම මෙම තහනම අහෝසි කිරීමටත් අවහිරතා ඉවත් කිරීමටත් කටයුතු කරන බව නේපාල රජය අවධාරණය කරනවා.

මෙම තහනමේ සාර්ථකත්වය, ප්‍රතිඵල සහ අනාගතය කුමක් වුවත් නේපාලයේ මෙම පියවර සමාජ ජාලා සමාගම් පවත්වාගෙන යන දැවැන්ත විදේශ තාක්ෂණ සමාගම් සමග හැප්පී බැලීමේ ලිට්මස් පරීක්ෂාවක් ලෙස හැදින්වීමේ වරදක් නැහැ.

අනෙක් රටවල දී වුණේ මොකක්ද?

europe 3256079 1280
මෙම තාක්ෂණ සමාගම් දේශියව ලියාපදිංචි විය යුතුය යන්න ලෝකයේ රටවල් රැසක් විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසියක්. එහි දී අදාළ සමාගම් ගෝලීය උතුරේ බලවත් රටවලට එක හැන්දකිනුත් ගෝලීය දකුණේ දුබල රටවලට එක හැන්දකිනුත් බෙදන බව ප්‍රචලිත කරුණක්. ඒ අනුව යුරෝපය ඇතුළු රටවල් රැසක කාර්යාල පිහිටුවමින්, පැමිණිලි යාන්ත්‍රණ ඇති කරමින්, අදාළ රටවල දේශිය නීතියට අනුගත වීමට මෙම සමාගම් පියවර ගෙන තිබෙනවා.

 

දකුණු ආසියාවේ රටවල් අතරින් අදාළ සමාගම් වෙත මෙම කොන්දේසිය මුලින්ම ඉදිරිපත් කළේ ඉන්දියාවයි. ඒ 2000 වර්ෂයේ දී ඉදිරිපත් කළ තොරතුරු තාක්ෂණ පනත යටතේ යි. මෙම සමාගම්වලට ඉන්දියාව තුළ ඇති දැවැන්ත වෙළෙදපොළ හේතුවෙන් ඔවුන් එම කොන්දේසියට වහාම අවනත වූ අතර ඒ අනුව මෙම සියලු සමාජ ජාලා ඉන්දියාව තුළ ලියාපදිංචි වී, කාර්යාල පිහිටුවා, පැමිණිලි යාන්ත්‍රණ ද ස්ථාපිත කර තිබෙනවා.

 

කෙසේවෙතත් මෙම සමාගම් ඉන්දියාවට බෙදූ හැන්දෙන් දකණු ආසියාවේ අනෙක් රටවලට සැලකුවේ නැහැ. පකිස්තානය 2016 ඉලෙක්ට්‍රොනික් අපරාධ වැළැක්වීමේ පනත යටතේ ද, ශ්‍රී ලංකාව 2024 මාර්ගගත ආරක්ෂණ පනත යටතේත් අදාළ සමාගම්වල දේශිය ලියාපදිංචිය නෛතික අවශ්‍යතාවක් බවට පත් කළ ද මෙම සමාගම් ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ.

එම පසුබිම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත, නේපාලය ගත් මෙම පියවර ආන්දෝලනාත්මක වනවා පමණක් නොව ගෝලීය දකුණේ කුඩා රටවල් දැවැන්ත සමාජ ජාල සමාගම් හරහා හැප්පී බැලීමේ ලිට්මස් පරීක්ෂාවක් බව ද සඳහන් කළ යුතුයි. එහි ප්‍රතිඵලය සමාජ ජාලා සමාගම්වලට, ගෝලීය දකුණේ දුබල රටවලට සහ ඒවායේ වැසියන්ට ද තීරණාත්මක වනු ඇති.

viranjana herath@ විරංජන හේරත්
නීතිඥ සහ නිදහස් මාධ්‍යවේදී
viraherath@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...