අධ්‍යාපන ඇමතිවරිය අවිධිමත් සහ අහම්භයක් ලෙස කල මෙම ඉදිරිපත් කිරීම මාළිමා ආණ්ඩුවේ අදූරදර්ශී සහ අපරනිත ආණ්ඩුකරණය පිළිබඳ කදිම නිදසුනකි.
පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම, ආගම සහ ඉතිහාසය විෂයට පාසල් විෂය නිර්දේශයේදී තිබුණු ස්ථානය අහිමි කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව නිත්‍යානුකූල බලය සහ වගකීම තිබෙන ජාතික අධ්‍යාපන කොමිසම මීට සම්බන්ධ නොවීම මෙන්ම මෙරට අධ්‍යාපන විකෘතියේ ප්‍රධාන පාර්ශකරුවන් වන පුද්ගලික ආධාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ උපදේශනයට පමණක් අධ්‍යාපන ඇමතිවරිය ඇහුම්කම් දීම මෙම තර්කය තහවුරු කරයි.

රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනප්‍රිය සහ හැගීම්බර දේශපාලන ප්‍රචාරක පාඨයකට ලඝු විය යුත්තක් නොවේ. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු හුදෙක් බලයේ සිටින ආණ්ඩුවක බලවන්තියකගේ හුදෙකලා පටු ප්‍රතිපත්තිමය අභිලාශයක් නොවිය යුතුය. එය රටක අනාගතය ගොඩනගන අත්තිවාරමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටක සමාජ , ආර්ථික , ප්‍රාදේශීය අවශ්‍යතා සහ අනාගත පරම්පරාව කුමන ආකාරයේ හැඩරුවක් ගතයුතුද යන්න පිළිබඳව අද ජිවත්වන පුරවැසියන්ගේ සිහින ආමන්ත්‍රණය කරන්නක් වියයුතුය.
ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට මාර්ග සිතියමක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් වර්තමාන රජය කරන්නාක් මෙන් කරාමයක් ඇතුළට වී රහසිගත සහ ගුප්ත ලෙස ඉහළ සිට පහළට ආවට ගියාට සිදුකිරීම රටක් සහ අනාගත පරපුර මහා අගාධයකට තල්ලු කිරීමකට සමානය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී විද්‍යාත්මක සහ වෘත්තීමය ප්‍රවේශයක් අවශ්‍ය වේ.
ආණ්ඩුව විසින් අධ්‍යාපන ප්‍රතිසංසකරණයේ අවශ්‍යතාවය සාධාරණිකරනය කරන සාකච්ඡා පත්‍රිකාවක් ප්‍රකාශයට පත්කිරීමෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කල හැකිය. අනතුරුව ඒ පිළිබඳව තිබෙන විද්‍යාත්මක සාක්ෂි සොයාලිමට සහ විශ්ලේෂණය කිරීමට පර්යේෂකයින්ට සහ සිවිල් සමාජයට අවස්ථාව සහ අනුග්‍රහය ලබාදීමට අවශ්‍ය වේ. එම විද්‍යාත්මක සාක්ෂි, නිගමන සහ නිර්දේශ පිළිබඳව සමස්ත සමාජය තුළ කතිකාවකට පහසුකම් සැලසීම එහි තෙවන පියවර වනු ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙම කතිකාව සඳහා රටේ අධ්‍යාපනයට සම්භන්ධ සියලු පාර්ශවකරුවන් මෙන්ම මෙම විෂය පිළිබඳ උනන්දුවක් දක්වන සියලුම දෙනා සහභාගී කරගැනීමට රජය, ජනමාධ්‍ය, සිවිල් සමාජය සහ ප්‍රජා සංවිධාන පහසුකම් සැලසිය යුතුය. එම කතිකාවට ශිෂ්‍යයින්, ගුරුවරු, දෙමව්පියන්, අධ්‍යාපනඥයින්, අධ්‍යාපන පරිපාලකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, රැකියා වෙළඳපලේ සහ ආර්ථිකයේ පාර්ශවකරුවන්, සිවිල් සමාජය සහ ප්‍රජා නායකයින් ගැඹුරින් සහ සවින්ඥානිකව සහභාගිකර ගැනීම අවශ්‍ය වේ. මෙම කතිකා තුළදී මෙරට සමස්ත අධ්‍යාපන පද්ධතිය සංවිචාරයට ලක්වීමට අවස්ථාව ලබා දිය යුතු ය.

මෙවැනි පුළුල් සහභාගිත්ව සහ සියලු දෙනා ඇතුළත් කරගන්නා කතිකාවලින් එන නිගමන මත පදනම්ව අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අධ්‍යාපන ධවල පත්‍රිකාවක් කෙටුම්පත් කර ප්‍රසිද්ධ කල හැකිය. එය නැවත මහජන සංවිචාරයට ලක්කිරීමේ අවස්ථාව ද තිබිය යුතුය.
ඉහත කියදාමයට පසුකරයාමෙන් පසුව ඒවායේ නිගමන මත පදනම්ව රජයට නව අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ එය ක්‍රියාවට නංවන ක්‍රියාකාරී සැලැස්ම නීතිගත කල හැකිය. මෙහිදී නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා මුදල් සහ සම්පත් වෙන්කිරීමට රජය කැපවී සිටීම ඉතාම වැදගත්ය. අධ්‍යාපනය වෙනුවෙන් සියයට හයක් වෙන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතිය ට ශ්‍රී ලංකාව අනුගත වෙන්නේ ද යන්න පිළිබඳව ආණ්ඩුව විසින් ක්‍රියාවෙන් ඔප්පු කිරීම අවශ්‍ය වන්නේ මෙහිදීය. එසේම පසු විපරම්, අධීක්ෂණය සහ නැවත සලකා බැලීමේ යාන්ත්‍රණයක් ද මිට සමගාමීව ක්‍රියාත්මක විය යුතුය. මෙම අවසාන අදියරයන් රජයක අවංකභාවය , රට ගොඩනැගීම පිළිබඳව තිබෙන කැපවීම පරික්ෂාවට භාජනය කිරීමක් වනු ඇත.
අධ්‍යාපන ප්‍රතිසංකරණයේ අවශ්‍යතාවය
නිදහස් අධ්‍යාපනය පිළිගැනීම සහ ඉහළ සාක්ෂරතාවය පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සාධනීය ලක්ෂණ වන නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හදිසි සහ නොවැලක්විය හැකි දෙයක් බවට හදුනාගත හැකි සාධක ගණනාවක් වර්තමානයේ මතු වී තිබේ. ශ්‍රී ලංකාව අසාර්ථක සහ බංකලොත් රාජ්‍යයක් ලෙස නාම කරණයකට ලක්වීම එහි ප්‍රධානතම සාධකය වෙයි. අසාර්ථක රාජ්‍යයෙ සහ රටේ සමාජ දේශපාලන සහ ආර්ථික අර්බුදයේ නිර්මාපකයෝ වන්නේ පවත්නා අධ්‍යාපන ක්‍රමයෙන් බිහිකල මානව සම්පත්ය.

අසාර්ථක රාජ්‍යයේ නිර්මාපකයන් වන දේශපාලනඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්,පරිපාලන නිලධාරීන්, විශේෂඥයින්,වෘත්තිකයින්, මෙන්ම පොදු ජනයාද බිහිකරනු ලැබුවේ පවතින අධ්‍යාපන ක්‍රමය විසිනි. ඒ අනුව රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේ ප්‍රධාන කුළුණු අතර මුල් තැන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට හිමිවිය යුතුය.
ජාතික ආර්ථිකයේ බිඳවැටීම , ඉහළ යන අසමානතාවය , සමාජ අසාධාරණය , ජන ජිවිතයේ නොසන්සුන්බව ,ඉච්චාබංගත්වය, ආචාරධර්මීය නොවීම මෙන්ම සමස්ත දේශපාලන -ආණ්ඩුකරන, ආර්ථික සහ සමාජ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීම රටේ පවතින අධ්‍යාපන ක්‍රමයේ අසාර්ථකත්වයෙන් විසන්ධි කල නොහැක.
මෙම අධ්‍යාපන ක්‍රමය විසින් නුතන අභියෝගවලට මුහුණදීමට සූදානමක් නොමැති, සිවිල් ජීවිතයට විචාරශීලිව සම්බන්ධ විය නොහැකි, අර්ථවත් ආර්ථික, සෞන්දර්යාත්මක සහ ප්‍රීතිමත් ජීවිතයකින් බැහැරකරනු ලැබූ ඕලාරික පරම්පරාවක් බිහිකරමින් සිටි.
අධ්‍යාපනයේ නිදහස සහ අධ්‍යාපනයේ අසමානතාවය

යුනෙස්කෝවට අනුව අධ්‍යාපනය මුලික අයිතිවාසිකමකි. අධ්‍යාපනයේ සමානාත්මතාවය සාක්ෂාත්කර ගැනීම සඳහා පුළුල් ප්‍රවේශයක් පමණක් නොව සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට සමාන අවස්ථාවක් තිබිය යුතු බව යුනෙස්කෝව අවධාරණය කරයි. අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීමට නම් සෑම අයෙකුටම තමන්ගේ ආර්ථික හැකියාව, පදිංචි ස්ථානය, ශාරීරික යෝග්‍යතාවය, ස්ත්‍රී පුරුෂභාවය ,සමාජ තත්වය සහ ජනවාර්ගිකත්වය නොසලකා එක සමාන අධ්‍යාපන අවස්ථාවක් සහ පහසුකම් සඳහා ප්‍රවේශය තිබිය යුතු බව යුනෙස්කෝව තව දුරටත් පෙන්වාදෙයි.
බ්‍රසිලයානු අධ්‍යාපනඥ පවලෝ ෆෙයාර් විසින් අධ්‍යාපනයේ බැංකුකරණ ආකෘතිය පිළිබඳව කල විවේචනය අදටත් වලංගුය. ගනුදෙනුකරුවන් බැංකුවල මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබාගැනීම සිදුකරන්නාක් මෙන් ගුරුවරුන් නිශ්ක්‍රීය සිසුන් මත දැනුම තැන්පත් කර විභාග ක්‍රමය හරහා ආපසු ලබා ගැනේ. එමඟින් ගුරුවරුන් සහ සිසුන් එකට එක්ව පරාවර්තන සහ විචාරශීලි සංවාදය හරහා දැනුම නිර්මාණය කරන අවස්ථා අහිමි කරයි.
මෑතකාලීන ශාස්ත්‍රීය අධ්‍යයන් පෙන්වා දෙන්නේ අධ්‍යාපනය තුළ විචාරශීලි චින්තනය , නිර්මාණශිලිත්වය සහ අනුවර්තනයවීමේ හැකියාව ආමන්ත්‍රණය නොකරන්නේ නම් අධ්‍යාපනයේ අභිලාශයන් සාක්ෂාත් කරගත නොහැකි බවයි. ගුරුවරයා කේන්ද්‍රීය පීඩාකාරී ඉගැන්වීම් - ඉගෙනුම් ආකෘතිය වෙනුවට විචාරාත්මක චින්තනය ප්‍රවර්ධනය කරන, සංවාදශීලීව ගැටළු මතුකරන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය එමඟින් නිර්දේශය කරයි. ඒ අනුව නුතන අධ්‍යාපනයේ පදනම විචාරශිලිත්වය, නිර්මාණශිලිත්වය, ගැටළු විසඳීම, ප්‍රශ්න කිරීම, අනුගතවීම, සමානාත්මතාවය , සහභාගිත්වය සහ සියලු දෙනා ඇතුළත් කරගන්නා ප්‍රවේශයක් බව පෙනේ. එයින් අධ්‍යාපනයේ අරමුණ විචාරශීලි පුරවැසියන් සහ අංග සම්පුර්ණ මිනිසෙක් බිහි කිරීම ඉලක්කවිය යුතු බවට යෝජනා කරයි.
අධ්‍යාපනයේ මානව ප්‍රාග්ධන සංවර්ධන භූමිකාව

අධ්‍යාපනය, මානව ප්‍රාග්ධන සංවර්ධනයේ එන්ජිමයි. එය ආර්ථිකය සහ රැකියා සඳහා අවශ්‍ය කුසලතා සහ නිපුණතා ගොඩ නංවයි. සමාජය සඳහා වටිනාකම් හැඩගස්වයි . පුද්ගලයන් සඳහා අවස්ථා සහ තෝරාගැනීම් නිර්මාණය කරයි. අප හමුවේ තිබෙන අභියෝගය වන්නේ අධ්‍යාපනය සඳහා නොමිලේ ප්‍රවේශවීමේ අවස්ථාව ලබාදීම පමණක් නොවේ.සෑම පුරවසියෙක්ටම ජාතික සංවර්ධනයට ඵලදායි , නිර්මානශීලි සහ බලගතු දායකයෙකු බවට පත්වන පරිදි අධ්‍යාපනයේ නිදහස, ගුණාත්මකභාවය අදාලත්වය සහ සමානාත්මතාවය සහතික කිරීමයි.
මානව ප්‍රාග්ධනය සංවර්ධනය නුතන අධ්‍යාපන ප්‍රවේශයන් තුළ අවධානය යොමුවී ඇති තවත් අංශයකි. සමාජයේ වටිනාකම් සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පුද්ගලයෙකු කුසලතා, දැනුම, නිපුණතාවය සහ සෞඛ්‍ය වශයෙන් බලාත්මක කිරීම මෙයින් අදහස් කෙරේ. යන්ත්‍රසුත්‍ර සහ ගොඩනැගිලි වැනි භෞතික ප්‍රාග්ධනය මෙන් මානව ප්‍රාග්ධනය අතට අහුවෙන දෙයක් නොවුනත් එය රටක ආර්ථික සහ සමාජ ප්‍රගතියේ බලවත්ම යාන්ත්‍රණය ලෙස සැලකිය හැකිය.
පුරවැසියෙකුට ආර්ථික, සමාජ සහ දේශපාලන ක්‍රියාකාරකම් වලදී සමස්ත තොරතුරුවලින් සන්නද්ධවී විචක්ෂනශීලී තීරණ ගැනීමට, සමාජ සහයෝගීතාවට සහ නවෝත්පාදන සඳහා ඉඩ හසර විවර කරන විෂය පථයන් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. ස්වයංක්‍රීයකරණය, කෘතීම බුද්ධිය සහ ඩිජිටල් පරිවර්තනය විසින් ආර්ථිකය සහ රැකියා වෙළඳපොල නැවත හැඩගස්වමින් තිබේ. අධ්‍යාපනය විසින් විචාරශීලී පුරවැසියෙක් බිහි කිරීමට බරතබනවාට සමානවම රැකියා වෙළඳපොල සහ වැඩ ලෝකය විසින් ඉල්ලා සිටින කුසලතා කෙරෙහිද බරතැබිම අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ බිඳ වැටුණු අධ්‍යාපනයේ මුඩුදුවා ඇති ගැටලු

ඉහතින් සාකච්ජා කල නූතන ගෝලීය අධ්‍යාපනයේ ප්‍රමිතීන් සහ ප්‍රවණතා ආමන්ත්‍රණය වන අන්දමට මෙරට අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමේදී මෙරට අධ්‍යාපනයේ නිදහසට සහ සමානාත්මතාවයට බාධාවක්ව පවතින, ප්‍රශ්න කලයුතු ප්‍රස්තූත ගණනාවක් තිබේ. ඒවා අතික්‍රමණය කිරීමකින් තොරව කරන ප්‍රතිසංස්කරණයන් මඟින් සිදුවන්නේ මෙරට අධ්‍යාපනය තිබෙන ස්ථානයෙන් තවත් පහළට වැටීමකි.
පොදුවේ මෙරට අධ්‍යාපන අර්බුදය, විභාග, ගුරුවරයා සහ පන්ති කාමර කේන්ද්‍රීය අධ්‍යාපනය සහ ටියුෂන් අධ්‍යාපනය වටා කේන්ද්‍රගතව තිබේ. ජනප්‍රිය ප්‍රභූ පාසල්, පහ වසර ශිෂත්වය , අ.පො.ස. (සා.පෙළ) සහ උසස් පෙළ කටපාඩම් විභාග සහ ඇගයුම් ක්‍රමය සහ සීමිත උසස් අධ්‍යාපන සහ වෘතිය අධ්‍යාපන අවස්ථා මෙම සාධක වටා ගොනු වී තිබේ.
නිදහස් අධ්‍යාපනය ,"අධ්‍යාපනයේ නිදහස බවට”
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වරක් අධ්‍යාපනය හැදින්වුයේ " ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කල හැකි බලවත්ම අවිය ලෙසයි " එහෙත් මෙරට ලක්‍ෂ සංඛ්‍යාත දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථ අහුරා ඇත. ඒ හැකියාව නොමැතිකම නිසා නොව, බලය සහ ආර්ථිකය හැකියාව විසින් අධ්‍යාපනය රාමුගත කර තිබීම, පන්ති පරතරය , ස්ත්‍රී පුරුෂ භාවය ,දේශපාලනය, සමාජ අසාධාරණය සහ දරිද්‍රතාවය වැනි බාධක විසිනි.
අධ්‍යාපනයේ නිදහස යනු කෙනෙකුට පන්ති කාමරයක වාඩි වී සිටීමට අවස්ථාව ලබාදීම පමණක් නොවේ. එය තමන් ඉගෙනගත යුත්තේ ඇයි? ඉගෙන ගත යුත්තේ කුමක්ද? ඉගෙන ගත යුත්තේ කුමනාකාරයටද? යන්න තෝරා ගැනීමේ නිදහස සහ අයිතියයි.
යුනෙස්කෝව විසින් අධ්‍යාපනය මුලික අයිතිවාසිකමක් සහ සමානාත්මතාවයේ පිළිබිඹුවක් ලෙස ප්‍රකාශ කරයි. එහෙත් අධ්‍යාපනයේ නිදහස පිලිබඳ මෙම අරැත්ගැන්විම් ප්‍රයෝගිකව යථාර්තවාදී නොවේ. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අවස්ථා පිළිබඳ විශාල අසමනතාවක් ගොඩනගා ඇත. අර්ධ නාගරික, ග්‍රාමීය සහ වතුකරය ආශ්‍රිතව ජිවත්වන දරුවන්ට මතුපිටින් බලන කල විධිමත් නිදහස් අධ්‍යාපනයක් තිබෙන නමුත් අති මහත් බහුතරයක් පාසල්වල ඉගැන්වීම් - ඉගෙනුම් පහසුකම්, ගුරුවරු, විද්‍යාගාර ,ක්‍රීඩා, සෞන්දර්ය, පුස්තකාල, ගමනා ගමනය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැත. මෙමගින් නාගරික සහ නාගරික නොවන පාසල් අතර විශාල පරතරයක් ගොඩනගා ඇත. අනිත් අතට ජනප්‍රිය පාසල්, ටියුෂන් අධ්‍යාපනය ,විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය , පන්ති කාමරය සහ ගුරුවරයා කේන්ද්‍රීය අධ්‍යාපනය විසින් ඉගෙනීමට තිබෙණ නිදහසේ කවුළුව වසා දමා තිබේ.

ඒ අනුව ප්‍රයෝගිකව ප්‍රතික්ෂේප කරන ලද අයිතියක් කිසිසේත්ම අයිතිවාසිකමක් සැලකිය නොහැක. සැබෑ නිදහසක් නොමැති නිදහස් අධ්‍යාපන කුරුල්ලෙකුට පියාපත් ලබාදී කුඩුවක සිරකර තැබීමට සමානය.
අධ්‍යාපනයේ නිදහස සංස්කෘතික බහුත්වයට ගරු කිරීම සහ අනොන්‍ය අවබෝධය සහ සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීම හා සම්බන්ධය. විශේෂයෙන්ම වාර්ගික ගැටුම්, බහුවාර්ගික සහ බහු සංස්කෘතික සමාජයකදී මෙහි වැදගත්කම ඉතා ඉහළය. විවිධත්වය විනාශකරන පාසල් නිල ඇඳුම් , ආගම් , භාෂා සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙන්කල පාසල් අධ්‍යාපනයේ නිදහසට බලවත් තර්ජනයකි. අධ්‍යාපනය යනු දහසක් දොරවල් විවෘත කිරීමක් මිස කෙනෙකු තෝරාගත් කොරිඩොවකට යොමු කිරීම නොවේ.
විභාග සහ ටියුෂන් සංස්කෘතිය
මධ්‍යගත විභාග දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සියලුම දෙනා එකම නිර්ණායකයකින් මැන ප්‍රමිතිගත කිරීම සහ තක්සේරු කිරීම මතුපිටින් බලන විට විනිවිදභාවය සහ සමානාත්මතාවය තහවුරු කරන්නකි. ශ්‍රී ලංකාවේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ප්‍රගතියේ සහ අවස්ථාවන්හි දොරටුව ලෙස දශක ගණනාවක් අභ්‍යාස කර තිබේ.
එහෙත් එම විභාග සහතික අධ්‍යාපනය විසින් අපට උරුමකර දී ඇත්තේ අසාර්ථක රාජ්‍යයක් සහ පිළිතුරු නොමැති ආර්ථික, සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුද කන්දරාවකි. විභාග කේන්ද්‍රීය, ටියුෂන් කේන්ද්‍රීය, පන්ති කාමර කේන්ද්‍රීය සහ ගුරුවරු කේන්ද්‍රීය අධ්‍යාපනය අවස්ථා සහ ප්‍රගතිය වෙනුවට පීඩනය සහ අසාර්ථක වීම උරුමකර දී ඇත.

මෙරට අධ්‍යාපනය සියලුම දෙනා විභාග කරාමයක් හරහා ගමන් කරවන ලකුණු දක්වා ලඝුකර ඇත. එමඟින් ඉගෙනීමේ නිදහසේ හුස්ම හිරකර ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසිභාවය සහ නුතන රැකියා වෙළඳපොල විසින් ඉල්ලා සිටින නිපුණතා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් ළමා පරපුර බැහැරකර ඇත.
පස්වන වසර ශිෂ්‍යත්වය, සහ උසස් පෙළ විභාගය විසින් සිසුන් ලෝකය සමඟ සම්භන්ධ කරන විචාරශීලි, නිර්මාණශීලි චින්තකයින් ලෙස නොව විභාග කරුණු වලින් පුරවා ඇති බහලුම් බවට පත්කර ඇත. ටියුෂන් අධ්‍යාපනය විසින් සිසු මනසේ කරුණු තැන්පත් කිරීම, වනපොත් කිරීම සහ විභාග සඳහා පුහුණු කිරීම වටා සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය ගොනුකර ඇත.
පැය කිහිපයක ප්‍රශ්න පත්‍රයක් කෙනෙකුගේ අනාගතය තීරණය කරන්නක් බවට පත්ව තිබේ. විභාග බිය, අසමත්වීමේ බිය , දෙමව්පිය ගුරු පීඩනය සහ තරඟකාරිත්වය පරම්පරා ගණනාවක් කායික සහ මානසික රෝගීන් බවට පත්කර ඇත. අධ්‍යාපනයේ නිදහසට පදනම් වන තමන් කැමති දෙයක්, කැමති ආකාරයට, කැමති මොහොතක ඉගෙනුමට තිබෙණ අවස්ථාව “විභාග-ටියුෂන්, පන්තිකාමරය කේන්ද්‍රීය අධ්‍යාපනය” විසින් අවුරා තිබේ. එමඟින් නුතන අධ්‍යාපනයේ අරමුණු වන විචාරශීලී චින්තනය , නිර්මාණශීලීත්වය ,අනුගතවීම , සදාචාරාත්මක පැවැත්ම සහිත සක්‍රීය පුරවැසි භාවය නොසලකා හැර තිබේ.
අනිත් අතට විභාගය සමත් වන්නන්ට හිමිවන සහතිකය නුතන රැකියා වෙළඳපොළට සහ මානව ප්‍රාග්ධන සංවර්ධන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය දෙයක් නොවේ. සේවා යෝජකයින් ඉල්ලා සිටින්නේ නවෝත්පාදන, ගැටලු විසඳීම, කණ්ඩායම් වැඩ , නායකත්වය, ඩිජිටල් සාක්ෂරතාවය, සන්නිවේදන කුසලතා සහ අනුගතවීමේ කුසලතා වැනි නිපුණතා සහිත මානව සම්පත්ය. මෙයද මෙරට අධ්‍යාපන පද්ධතිය විසින් නොසලකා හැර තිබේ.
මෙරට අධ්‍යාපනය සිසුන් විභාග සමත් වීමට පුහුණු කරනවා මිස සැබෑ ජීවිතයේ ගැටළු විසඳීමට පුහුණු නොකරයි. අධ්‍යාපනය ලකුණු වලට ලඝු කිරීමෙන් අප විසින් දරුවන්ගේ ඉගෙනීමේ නිදහස ප්‍රතික්ෂේප කර ඇත. විවේචනාත්මක පුරවැසියන් වීමේ ඔවුන්ගේ හැකියාව අඩපණ කර ඇත. ගෝලීය රැකියා වෙළඳපොළේ යතාර්ථයන් සඳහා ඔවුන් සූදානම් කිරීමට අපොහොසත් වී ඇත.

තවද අපගේ අධ්‍යාපන ක්‍රමය දීර්ඝ කාලයක සිට විමර්ශනයට වඩා කීකරු කමට ප්‍රමුඛත්වය දී ඇත. එහි සිවිල් සහ පුරවැසි අධ්‍යාපනය නොවැදගත් කොටසකි. සිසුන්ට ප්‍රශ්න කිරීමට නොව කටපාඩම් කිරීමට උගන්වනු ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලනිකව අවිඥානික, ප්‍රචාරණයට සහ බලපෑමට ගොදුරුවන බලය වගකිවයුතු බවට නොසිතන නිශ්ක්‍රීය පුරවැසියන් අප සමාජයේ බහුතරය බවට පත්ව ඇත. මෙය අසාර්ථක රාජ්‍ය ගති ලක්ෂණයකි.
එමෙන්ම දශක ගණනාවක් තිස්සේ මෙරට පලපැදියම් කරනු ලැබූ අධ්‍යාපනය විසින් නිර්මාණශීලීත්වය නොමැතිකම, විවේචනාත්මක චින්තනයකත් නොමැතිකම, සැබෑ ලෝකයේ අභියෝග වලට මුහුණු දීමේ නොහැකියාව, සහයෝගීතාවය සහ ස්වයං ගවේශණ කුසලතා නොමැතිකම සහ අනුවර්ථනය වීමේ නොහැකියාව ආදී බරපතල සීමාවන් ජනනය කර ඇත.
අධ්‍යාපනය යන්න කෙනෙකුට අභිපෙරිත , ප්‍රීතිය, කුතුහලය , සහ සොයා ගැනීම් සහිත ගවේෂණාත්මක චාරිකාවක් වියයුතුය. එහෙත් මෙරට අධ්‍යාපනය බිය, කාන්සාව, අසතුට අපේක්ෂභන්ගත්වය, වෛරය සහ වෙහෙසකාර බව අතර දෝලනය වන භයංකර චාරිකාවක් වී ඇත . අධ්‍යාපනය මනුෂ්‍යත්වය ශක්තිමත් කරන්නේ එය රසවත් , අර්ථවත් ජිවිතයක් තහවුරු කරන්නක් වන්නේ නම් පමණි. අධ්‍යාපනය විසින් සමස්ත පුද්ගලයාම බුද්ධිමය වශයෙන්, චිත්තවේගීය වශයෙන්, සමාජීය වශයෙන් සහ නිර්මාණශීලීව සංවර්ධනය කලයුතු බව යුනිස්කෝව විසින් අවධාරණය කරනු ලබයි . පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය , සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවල අසාර්ථක වීමේ බිය සහ තරඟකාරිත්වයේ වෛරය විසින් ඉගෙන ගැනීමේ ප්‍රීතිය ළමා පරපුරට අහිමි කර ඇත.
විභාග විසින් පන්ති කාමරය කර්මාන්තශාලා බවට පත්කර තැබීම ප්‍රීතිය අහිමි කිරීමේ තවත් සංඝටකයකි. සම්ප්‍රදායික ගුරුවරයා කේන්ද්‍රීය පන්ති කාමර බොහෝවිට සංවාද ,ප්‍රශ්න කිරීමේ සහ ගවේෂණය කිරීමේ අවස්ථාව සිසුන්ට අහිමි කරයි. පවලෝ ෆෙයාර් තර්ක කලේ සිසුන් කරුණු වලින් පිරියාමට තිබෙණ " හිස් භාජන" බවට පත් නොකළ යුතු බවයි. ඉගෙනීම උදාසීන නොවන ක්‍රියාශීලී දෙයක් බවට පත්කර ගැනීමටත්, පාසැල චර්යාවේ සිරගෙවල් නොව චින්තනයේ ක්‍රීඩාපිටියක් බවට පත්කිරීමට මෙරට අධ්‍යාපනය නැවත සලකා බැලීමේදී අවධානය යොමු කිරීම වැදගත්ය .
ජනප්‍රිය ප්‍රභූ පාසල් සහ අධ්‍යාපනයේ අසමානතාවය
ජනප්‍රිය ප්‍රභූ පාසල් සහ අධ්‍යාපනයේ අසමානතාවය

මෙරට අධ්‍යාපනයේ නිදහසට, අධ්‍යාපනයේ තිබෙන අසමානතාවය විශාල බලපෑමක් සිදුකරයි.එම අසමානතාවයේ රැකවලුන් වන්නේ ජනප්‍රිය ප්‍රභූ පාසල් සහ ටියුෂන් අධ්‍යපනයි. එමඟින් අධ්‍යාපනය සමාජයේ සුළුතරයක වරප්‍රසාදයක් බවට පත්ව තිබේ.
ජනප්‍රිය පාසල් යනු වරප්‍රසාදිත පාසල් වන අතර ඒවා ප්‍රධාන නගරාශ්‍රිතව පිහිටා ඇත. මෙම පාසල් ඉතිහාසය, අධ්‍යයන කාර්ය සාධනය, ඉගැන්වීමේ සහ ඉගෙනුම් පහසුකම්, විෂය භාහිර පහසුකම්, බලගතු ආදී ශිෂ්‍ය සංගම් , ආයතනික සහ රාජ්‍ය අනුග්‍රහය සඳහා ප්‍රසිද්ධය. විද්‍යාගාර, සුහුරු පන්ති කාමර, ක්‍රීඩා සංකීර්ණ, පිහිනුම් තටාක, සනීපාරක්ෂක පහසුකම්, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන, ඉංග්‍රීසි මාධ්‍ය වැඩසටහන්, විශේෂ ගුරුවරු, ගමනාගමනය සහ ආකර්ශනීය ඉගැන්වීම් ඉගෙනුම් පරිසරය ආදියෙන් මෙම ජනප්‍රිය පාසල් අනූන වන විට අර්ධනාගරික, ග්‍රාමීය සහ වතු ආශ්‍රිත පාසල් බොහෝ විට මේ කිසිවක් නොමැති “පාසල්” නමින් හැඳින්වෙන ගොඩනැගිලි කිහිපයක් බවට පත්ව තිබේ. මෙරට අධ්‍යාපන අසමානතාවය පිළිඹිඹු වන ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත්තේ ජනප්‍රිය ප්‍රභූ පාසල් සහ ප්‍රභූ නොවන පාසල් අතර පවතින මෙම පරතරයයි.
ඉතාම සුළුතරයක් වන ජනප්‍රිය පාසලකට ඇතුළු වීමෙන් විභාග සමත් වීම, අංග සම්පුර්ණ අධ්‍යාපනයක් ලැබීම, සහ සමාජ සහ ආර්ථික වරප්‍රසාද ලැබීමේ අවස්ථා උදා කර දී ඇත. මෙම වරප්‍රසාද සඳහා හිමිකම් කියනු ලබන්නේ රටේ ධනපති සහ මධ්‍යම පන්තික සුළුතරයේ දරුවන්ය. තම දෙමාපියන්, ව්‍යාපාරිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, දේශපාලන හිතවතුන්, වෘත්තිකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරු, හමුදාවේ ඉහළ නිලධාරීන් සහ ආදි ශිෂ්‍යයින් වීමෙන් මෙම පාසල් වලට ඇතුළු වීමට දොරටු හැර ගත හැකිය. ආධාර ලබා දීම, ව්‍යාජ ලියවිලි සහ දේශපාලන අනුග්‍රහය ඊට තවත් දොරටුවකි. සමස්ත තෝරා ගැනීමේ ක්‍රියාවලිය වංක, ගුප්ත සහ රහසිගත බව හා බැඳී පවතී.
මීට අමතරව පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා ඉතා සුළුතරයකට මෙම ප්‍රභූ පාසල් වල දොරටු විවර වෙයි. එහෙත් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගැනීම සඳහා ටියුෂන් ගාස්තු වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට දෙමාපියන්ට සිදු වෙයි. සමාජයේ අති මහත් බහුතරයකට එම හැකියාව නොමැත. මෙයින් පෙනී යන්නේ දැඩි පුහුණුවකට ළමයා යොමු කල හැකි ධනවත්, මධ්‍යම පන්තික නාගරික පවුල් වල දරුවන්ට අසමානුපාතික වාසි සහගත තත්වයක් මෙයින් අත් වන බවයි. ඒ අනුව පවතින ව්‍යුහයේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ ලබා ගත නොහැකි අය නොසලකා හරින දොරටු පාලකයෙකු බවට ජයප්‍රිිය පාසල් ප්‍රවේශී ශිෂ්‍යත්ව විභාගය පත්ව තිබේ.

ජනප්‍රිය පාසල් විසින් මෙරට තුල ප්‍රභූ සංස්කෘතියක් පවත්වා ගෙන යයි. එය නිදහස් අධයාපනයේ විශාල අසමානතාවක් සහ සමාජ විෂමතාවක් ගොඩනගා ඇත. ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලැබීම යනු කීර්තිය, අවස්ථා සහ වරප්‍රසාද සඳහා දොරටුවක් වන අතර එම අවස්ථාව අහිමි වන බහුතරය සමාජයෙන් කොන්වන, ඉච්චාභංගත්වයට පත් වන පිරිසක් බවට පත්වේ. පාසල් අතර පවතින මෙම ධූරාවලිය සිසුන් සහ දෙමාපියන් අතර අයහපත් තරඟකාරීත්වයකට සහ ආතතියකට දායක වන අතර එහිදී ජයප්‍රිය පාසලකට ඇතුළත් වීම දරුවෙකුගේ අධ්‍යාපනයේ එක් අදියරක් නොව ජීවිතයේ තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස සැලකේ. මේ අනුව ජනප්‍රිය පාසල් වල ප්‍රභූ ආධිපත්‍ය අධ්‍යාපන පද්ධතිය සහ සමාජය තුළ පුළුල් අසමානතාවක් පිළිඹිඹු කරයි.
මේ අනුව රට තුළ නිදහස් අධ්‍යාපනය න්‍යායාත්මකව ප්‍රජාතාන්ත්‍රීකරණය කර ඇති අතර, ප්‍රායෝගිකව සම්පත් සංකේන්ද්‍රණය, සමාජ කීර්තිය සහ වරප්‍රසාද විසින් නාගරික ප්‍රභූන්ට සහ මධ්‍යම පාන්තිකයන්ට ප්‍රතිලාභ ලබා දිම අඛන්ඩව සිදුවේ. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ සැබෑ අධ්‍යාපනික සමානාත්මතාවය ඇති කිරීම සඳහා ජනප්‍රිය පාසල් වෙනුවට සියළු දරුවන්ට සමාන අවස්ථා සහතික කරන අකාරය නැවත සිතා බැලිය යුතුය.
අධ්‍යාපනයේ අසමානතාවය සහ ටියුෂන් සංස්කෘතිය
අධ්‍යාපනයේ අසමානතාවය සහ ටියුෂන් සංස්කෘතිය

වර්තමානයේ ටියුෂන් පන්ති විධිමත් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. ප්‍රාථමික ශ්‍රේණි වල සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා විභාග සමත් වීම සඳහා ටියුෂන් පන්ති අත්‍යාවශ්‍ය දෙයක් බවට විශ්වාසයක් සමාජ ගත වී ඇත. එය බොහෝවිට පාසලට වඩා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ තරඟකාරී විභාග වල පදනම බවට පත්ව තිබේ.
පුද්ගලික පන්ති ගුරුවරුන්ගේ ජනප්‍රියත්වය, ප්‍රචාරක උපාය මාර්ග, තරඟකාරීත්වය, විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය, විභාග අසමත් වීමේ බිය, දෙමව්පිය පීඩනය සහ පාසල් අධ්‍යාපනය පිිළිබඳ විශ්වාසය බිඳ වැටීම ටියුෂන් අධයාපනය කෙරෙහි සිසුන් තල්ලු කරනු ලබයි. ටියුෂන් මඟින් අභිප්‍රේරිත සිසුන්ට උපකාර කල හැකි වුවද, එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ අසමානතාවයේ මූලාශයක් බවට පත්ව ඇත. ටියුෂන් මිල අධික දෙයකි. නාගරික, මධ්‍යම සහ ඉහළ පාන්තික පසුබිමක් සහිත පවුල් වලට ටියුෂන් නැමති මිල අධික භාණ්ඩය මිලදී ගත හැකි වුවද ග්‍රාමීය සහ අඩු ආදායම් පවුල් වල දරුවන් එයින් මුළුමනින්ම බැහැර කරනු ලබයි. ධනවත් සහ මධ්‍යම පාන්තික දරුවන් පහසුකම් සහිත ජනප්‍රිය ටියුෂන් පන්ති වලට ආකර්ෂණය වන විට දුප්පත් දෙමාපියන්ගේ දරුවන් අඩු පහසුකම් සහිත පාසලක අධ්‍යාපනයට සීමා වේ. මෙමගින් නාගරික ප්‍රභූන් සහ ග්‍රාමීය ප්‍රජාව අතර අධ්‍යාපන විෂමතා ශක්තිමත් කරයි.
රජයේ පාසල් වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වෙනුවට ටියුෂන් පන්ති මත යැපීම අසමානතාවය සාමාන්‍යකරණය කරයි. වඩා හොඳ ආර්ථික පසුබිමක් සහිත දරුවන්ට ප්‍රභූ පාසල්, ටියුෂන් පන්ති විධිමත් අධ්‍යාපනයක්ද, බහුතරය වන සිසු පිරිසට අඩු පහසුකම් සහිත පාසල් අධ්‍යාපනයද උරුම කර දේ. ටියුෂන් සංස්කෘතිය විභාග ප්‍රතිඵල සාර්ථකත්වය සහ ජීවිත සාර්ථකත්වයේ කඩුල්ල පැනීමට අවස්ථාවක් ලෙස සමාජගත වී ඇත. එමඟින් සිසුන්ගේ නිර්මාණශීලීත්වය, විචේතනාත්මක චින්තනය, සෞන්දර්යාත්මක සහ ක්‍රීඩාශ්‍රීලී ජීවිතය මෙන්ම ගැටළු විසඳීම සහ ඕනෑම තත්වයකට අනුගත වීම වැනි සමකාලීන සමාජ සහ ආර් ථික යථාර්ථයන් විසින් ඉල්ලා සිටින නිපුණතා බැහැර කරයි.

අනිත් අතට ටියුෂන් පන්ති සදහා ප්‍රෙව්ශය නොමැති සිසුන් “ දුර්වලයන්” සමාජ, ආර්ථික,වෘත්තීය අවස්ථා නොමැත්තන් ලෙස කොන් කරන අතර පවතින සමාජ ධූරාවලිය තව දුරටත් ශක්තිමත් කරයි. මෙමඟින් ටියුෂන් පන්ති අධ්‍යාපනය ලබන සහ නොලබන ලෙස සමජය තුළ පන්ති ප්‍රතිනිශ්පාදනය වීමක් සිදු වී ඇත. ඇති හැකි අයගේ පවුල් ටියුෂන් පන්ති සඳහා ආයෝජනය කිරීමෙන් පරම්පරා ගනණාවකට වාසි අත්පත් කර ගනිද්දී දුප්පත් පවුල් වල දරුවන් අවාසි තත්වවලට කොටුව සිටිති.
මීට අමතරව විභාග කේන්ද්‍රීය ටියුෂන් අධ්‍යාපනය විසින් ළමුන්ගේ ළමා කාලය අහිමි කරමින් අධික කාර්ය බහුලත්වය, පිඩනය, මානසික ආතතිය, කාන්සාව, භීතිය, අසතුට සහ ඉච්ජාභංගත්වය ළමා ජීවිතයේ කොටසක් බවට පත් කර තිබේ. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගයෙන් අඩු ප්‍රතිඵල පෙන්වන බහුතරය අනාගතය පිළිබඳ අවිනිශ්තතාවයකට ඇද දමන අතර වැඩි දුර අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අවස්ථා අහිමි වීමෙන් සමාජයෙන් තව දුරටත් කොන් වේ.
මේ ආකාරයට රටක ළමා පරපුර විභාග සහ ටියුෂන් කේන්ද්‍රීය කරාමයක් හරහා යන්නට සලස්වා එයින් එළියට ඒමේ හැකියාව මත ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය තීන්දු කිරීම මෙරට මුහුණ දී සිටින සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුදයේ මූලික සංධිස්ථානයකි.
සමස්තයක් වශයෙන් මෙරට විභාග කේන්ද්‍රීය සහ ටියුෂන් අධ්‍යාපනය විසින් සමබිමක් සහිත ක්‍රීඩා පිටියක් ගොඩ නගා ගන්නවා වෙනුවට ආදායම, භූගෝලීය, අවස්ථාවන්හි අසමානතාවක් සහ සමාජ විෂමතාවක් නිර්මාණය කර ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලදී කිසිදු දරුවෙකුගේ අනාගතය ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන් ටියුෂන් යැවීමට ඇති හැකියාව මත තීරණය නොවන බවට සහතික වන ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.
ඉහතින් මතු කරනු ලැබූ කරුණු විසින් ශ්‍රී ලංකාව තම දරුවන්ගේ සමස්ත යහ පැවැත්ම සහ සමාන අවස්ථා සමඟ අධ්‍යාපනය සමතුලිත කිරීමට නම් එහි කාර්යභාරය සහ සමස්ත අධ්‍යාපන පද්ධතිය ප්‍රවේශමෙන් නැවත සලකා බැලීමට අවශ්‍ය බව අවධාරණය කරයි.
විභාග කේන්ද්‍රීය, පන්ති කාමර කේන්ද්‍රීය සහ ටියුෂන් කේන්ද්‍රීය ඉගැන්වීම සඳහා විකල්ප ප්‍රවේශයක්

කීර්තිමත් ඇමෙරිකානු- රුසියානු භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු සහ ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම විද්‍යා ලේඛකයන් තිදෙනා ගෙන් කෙනෙකු ලෙස සැලකෙන අයිසැක් ඇසිමෝව් වරක් මෙසේ ප්‍රකාශ කළේය: “මම තරයේ විශ්වාස කරනවා හොඳම අධ්‍යාපන ක්‍රමය ස්වයං අධ්‍යාපනය කියලා. පාසලක එකම කාර්යය වෙන්න ඕන ස්වයං අධ්‍යාපනයට පහුකම් සැලසීම." මෙම අදහස බ්‍රසීලියානු අධ්‍යාපනඥ පවුලෝ ෆෙයාර් ගේ අධ්‍යාපන දර්ශනය සමඟින් සම්බන්ධ කළ හැකිය. “දැනුම නිෂ්ක්‍රීය ඉගෙනගන්නන් තුළ තැන්පත් කරන බැංකු ආකෘතියෙන් ඔබ්බට යා යුතුය. ඒ වෙනුවට සංවාදය, සහ සහභාගීත්වය තුලින් දැනුම නිර්මාණය කිරීම බවට අධ්‍යාපනය පත් කල යුතුය”. පාසල් සහ විශ්ව විද්‍යාල ඉගෙනගන්නන්ට තනිව දැනුම සොයා ගැනීමට සහ ගොඩ නැගීමට පහසුකම් සපයන්නෙක් බවට පත් කල යුතු බවට පාවුලෝ මෙන්ම ඇසිමොව් ද අවධාරණය කරයි.
මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව කතිකාවක් ඇති වී ඇති මේ මොහොතේ අධ්‍යාපනය පිළිබඳ මෙම දාර්ශනික ප්‍රවේශයන් පිළිබඳව අවධානය යොමු කල හැකිය. පංති කාමර කේන්ද්‍රීය, ගුරුවරයා කේන්ද්‍රීය සහ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට එයින් බැහැර අධ්‍යාපන මොඩලයක් පිළිබඳව අපගේ අවධානය යොමු කිරීම ඉහතින් සාකච්ඡාකළ මෙරට අධ්‍යාපන, සමාජ අර්බුදයෙන් එපිට වීමට ඇති එක් මාර්ගයක් බව පෙනේ.
ශ්‍රී ලංකාවේ වත්මන් විභාග පාදක, පන්ති කාමර ගුරු කේන්ද්‍රීය අධයාපන ව්‍යුහය විසින් ලකුණු සහ සහතික එකතු කර ගත් පුස්ගලයින් බිහි කරන ඇති නමුත් එය ආතතිය, අසමානතාවය සහ සාර්ථකත්වය පිළිබඳ පටු දැක්මක් සහිත අර්බුදයෙන් යුතු සමාජයක් ගොඩනගා ඇත. ඒ වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය, ව්‍යාපෘති පාදක, අත්දැකීම් ලබන සහ ප්‍රජා නැඹුරු ප්‍රවේශයක් අපට තෝරා ගත හැකි නම් හොඳ විභාග අපේක්ෂකයින් වෙනුවට නිර්මාණශීලි චින්තකයින්, නවෝත්පාදකයින්, ගැටළු විසඳන්නන් සහ විචාරශීලී පුරවැසියන් බිහි කරන ක්‍රියාවලියක් බවට අධ්‍යාපනය පරිවර්තනය කල හැකිය. සැබෑ අධ්‍යාපනය පංති කාමර සහ විභාග වලින් ඔබ්බට යා යුතුය. එය සමාජ ආර්ථික සංවර්ධනයට අර්ථවත් ලෙස දායක වන අතරම වේගයෙන් වෙනස් වල ලෝකයට අනුවර්ථනය වීමේ හැකියාව සහිත පුරවැසියන් බිහි කරන්නක් විය යුතුය. එය ගවේශනය කිරීමට, සිතීමට, පරිකල්පනයට සහ ප්‍රශ්න කිරීමට ඇති හැකියාව ප්‍රගුණ කිරීමට පහසුකම් සලසන්නකි.
වේගයෙන් වෙනස් වන ලෝකය අපගේ ඉගැන්වීම්- ඉගෙනුම් ක්‍රියාවලියෙහි සහ ඇගයුම් ක්‍රියාවලියෙහි මූලික වෙනසක් ඉල්ලා සිටී. අපට අවශ්‍ය වන්නේ සමාජය මත පදනම් වූ ප්‍රජා - නිෂ්පාදන , පාරිසරික පාදක, සෞන්දර්යාත්මකව පොහෝසත්, ක්‍රියාකාරකම් නැඹුරු අධ්‍යාපන ආකෘතියකි.

සමාජය යනු අධ්‍යාපනය සහ අන්තර්ගතය යන දෙකම වේ. ඉගෙනීමට සිවිල් සහභාගීත්වය, සංස්කෘතික අවබෝධය සහ සමාජ විශ්ලේෂණය ඇතුළත් විය යුතු අතර එමඟින් සිසුන්ට තමන් ක්‍රියාකාරී පුරවැසියන් ලෙස දැකීමට හැකි වේ. නිදසුනක් වශයෙන් සිසුන්ට සෞඛ්‍ය මධ්‍යස්ථානවලදී, කර්මාන්තශාලා වලදී, උසාවියේදී, ගොවිපළේදී, වෙළඳපොලේදී සහ ප්‍රජා ක්‍රියාකාරකම් වලදී ඉගෙනීමට අවස්ථාව ලැබෙන එය ඇගයුමට ලක් කරන ආකෘතියක් ගැන අපට සිතා බැලීමට පුළුවන. තම ප්‍රජාවන් තුළ මැතිවරණ ව්‍යාපාර නිරීක්ෂණය කරන, විශ්ලේෂණය කරන දේශපාලන විද්‍යා සිසුන් ව්‍යවස්ථා සහ ප්‍රතිපත්ති කටපාඩම් කරන අයට වඩා දියුණු විශ්ලේෂණ කුසලතා වර්ධනය කර ගනි. සැබෑ ලෝකයේ කර්මාන්ත හෝ කෘෂීකාර්මික ගැටළු මත දවස ගත කරන සිසුවෙක් නවෝත්පාදන කිරීමට සහ අනුවර්ථනය වීමට ඉගෙනගන්නා අතර ඔවුන් අනාගතයට සූදානම් වේ.
අද පවතින දේශගුණික අර්බුද අපට මතක් කර දෙන්නේ අධ්‍යාපනයට ස්වභාවික ලෝකය නොසලකා හැරිය නොහැකි බවයි. වනාන්තර, ගංගා හෝ නාගරික දර්ශන වල ක්ෂේත්‍ර පාදක ඉගැන්වීම පන්ති කාමරයේ වියුක්ත සංකල්ප ජීවමාන අත්දැකීම් බවට පරිවර්තනය කරයි. අධ්‍යාපනය බුද්ධිමය පමණක් නොව චිත්තවේගීය, නිර්මාණාත්මක සහ භෞතිකද වේ. කලා, සංගීතය, නාට්‍ය, ක්‍රීඩා සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් විෂය මාලාවේ අනිවාර්ය අංගයක් සහ ඇගයුම් ක්‍රියාවලිය තුළ ඒ සඳහා සමාන වටිනාකමක් ලබා දීම සිසුවාගේ පරිපූර්ණ සංවර්ධනය පොහොසත් කරයි.
ක්‍රියාකාරකම් පාදක ඉගෙනීම විසින් කණ්ඩායම් වැඩ, ගැටළු විසඳීම සහ විශ්වාසයද පෝෂණය කරයි. නිදසුනක් වශයෙන් සමාජ ගැටළු පිළිබඳ නාට්‍යයක් වේදිකා ගත කරන සිසුන් කලාත්මක කුසලතා, ගැටලු විසඳීමේ සහ කණ්ඩායම් කුසලතා ගොඩනගා ගන්නවා පමණක් නොව සදාචාරාත්මක හා දේශපාලන ප්‍රශ්න සමඟ ගැඹුරින් සම්බන්ධ වේ.
සිසුන්ගේ දැනුම විභාග මඟින් තක්සේරු කිරීමට විකල්පයන් කෙරෙහි අවධානය යොමු කිරීම මෙම ප්‍රවේශයේ අත්‍යවශ්‍ය කරුණකි.
විභාග මඟින් පීඩනය යටතේ මතකය සහ වේගය මනින අතර ඒවා නිර්මාණශීලීත්වය, විවේචනාත්මක, චින්තනය, ප්‍රායෝගික භාවිතය හෝ සමාජ වගකීම ග්‍රහණය කර ගන්නේ කලාතුරකිනි. ප්‍රතිඵලය වන්නේ අවබෝධය සහ නිපුණතාවට වඩා ලකුණු වලට සහ ශ්‍රේණි වලට ප්‍රමුඛත්වය දෙන අධ්‍යාපන ව්‍යුහයක් බිහි වීමයි. ඉගෙනීම පන්ති කාමරයෙන් ඔබ්බට ප්‍රජාවන්, සමාජ, කර්මාන්ත, ගොවි පොළ, ආයතන, පොදු ස්ථාන, පරිසර සහ නිර්මාණාත්මක අවකාශයන් දක්වා විහිදිය යුතු බව අප පිළිගන්නේ නම් ඇගයුම් ක්‍රමද ඊට ගැලපෙන ලෙස වෙනස් විය යුතුය.
නිදසුන් වශයෙන් ස්වයං ඇගයීම සහ අඛණ්ඩ ඇගයීම් විධි හඳුන්වා දිය හැකිය. එමඟින් අවංකභාවය බව වගකීම ප්‍රවර්ධනය කල හැකිය.
එමෙන්ම ප්‍රජා ගැටළු සමඟ ඔවුන් සම්බන්ධ වූ ආකාරය, ව්‍යාපෘති ඇගයීම්, නවෝත්පාදන, ගැටළු විසඳීම, කණ්ඩායම් වැඩ ආදිය තක්සේරු කල හැකිය. ඇගයීම් වාර්තා, නිරීක්ෂණ වාර්තා, ජර්නල් ලිවීම සහ ප්‍රජාවගේ ප්‍රතිපෝෂනය මේ සඳහා පාදක කර ගැනීමට පුළුවන.

සමාජ ගැටළු විශ්ලේෂණ වාර්තා, විවාද, මහජන ඉදිරිපත් කිරීම් සහ සමවයසේ මිතුරන්ගේ ඇගයීම මඟින් සිවිල් සහභාගීත්වය සහ සමාජ සහභාගීත්වය ඇගයීමට ලක් කල හැකිය. මීට අමතරව තමන් යම් කාලසීමාවක් තුළ එකතු කරගත් දේ (ක්‍රීඩා, නිර්මාණ, ප්‍රජා කටයුතු, පුස්තකාල භාවිතය, පරිසර ගවේෂණ, ආයතන ගත පුහුණුව ආදී ) ගොනුවක්, කලඹක් (portfolio) ලෙස ඉදිරිපත් කිරීම සහ ක්ෂේත්‍ර වාර්තා ආදිය ඇගයුම් මෙවලම් ලෙස භාවිතයට ගැනීමට සලකා බැලිය හැකිය.
නික්මන

අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක්, අසාර්ථක පුරවැසිභාවයකට මග පාදයි. එය අසාර්ථක රාජ්‍යක් ගොඩ නගයි. රටේ සමස්ත ප්‍රත්සංස්කරණ ක්‍රියාවලිය පන්ති කාමරයෙන් ආරම්භ විය යුතුය. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය යනු දරුවන්ගේ අනාගතය ගොඩනැගීම පමණක් නොවේ. එය රටේ ආත්මය නැවත අත්පත්කර ගැනීමයි. විවේචනාත්මකව සිතීමට, නිර්මාණශීලීත්වට, සදාචාරාත්මකව වැඩ කිරීමට සහ නිර්භිතව සිහින දැකීමට හැකි පුරවැසියෙක් තැනීම යන්නට තරම් වැදගත්කමක් කිසිදු ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණයකට හිමි නොවේ.