The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අලි ඇතුන් යනු හින්දු දහමේ උත්තරීතර සංකේතයකි | ආචාර්ය කේ. අරුලානන්දන්

T

The Leader Desk

September 17, 2025 • 7:11 AM

අලි ඇතුන් යනු හින්දු දහමේ උත්තරීතර සංකේතයකි | ආචාර්ය කේ. අරුලානන්දන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශතවර්ෂ ගණනාවක් තිස්සේ, විශේෂයෙන් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හින්දු දේවාල උත්සවවලදී, අලි ඇතුන් අලංකාර ආභරණවලින් සරසා, කෝවිලට අයත් දේව ප්‍රතිමා පිටෙහි තබා වීදි සංචාරය කරවීමේ සම්ප්‍රදායක් පවතී.
  • ඉතිහාසය, දේව ධර්මය සහ වර්තමාන භාවිතාවන් පිළිබඳ ගැඹුරු විමර්ශනයකින් පෙනී යන්නේ, මෙම ප්‍රශ්නයට පිළිතුර “නැත” යන්න බවයි.
  • අපට මෙහිදී මුල් කාලීන හින්දු දහමේ අහිංසාව සම්බන්ධයෙන් සඳහන් වන දේ සොයා බැලිය හැකිය.
  • අලි ඇතුන් ගැන ඍග්වේදයේ සඳහන් වන්නේ ප්‍රධාන වශයෙන් බලයේ හා ධනයේ සංකේත ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශතවර්ෂ ගණනාවක් තිස්සේ, විශේෂයෙන් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හින්දු දේවාල උත්සවවලදී, අලි ඇතුන් අලංකාර ආභරණවලින් සරසා, කෝවිලට අයත් දේව ප්‍රතිමා පිටෙහි තබා වීදි සංචාරය කරවීමේ සම්ප්‍රදායක් පවතී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කෝවිල්වල මෙම සම්ප්‍රදාය මෑතක සිට වර්ධනය වන නැඹුරුවක් ද දකින්නට ලැබේ.

එහෙත් හින්දු දර්ශනයේ මූලික හරය වන්නේ අහිංසාව හෙවත් කිසිදු ජීවියෙකුට හිංසා නොකිරීමේ මූලධර්මයයි. මේ නිසා, දේව භක්තිය මුල් කරගෙන සිදු කරන මෙවැනි චාරිත්‍ර, කෙතරම් පූජනීය අරමුණු මත සිදු කරනු ලැබුවත්, අහිංසාවට අනුකූල වේද යන වැදගත් සංවාදය මතු වේ. ඉතිහාසය, දේව ධර්මය සහ වර්තමාන භාවිතාවන් පිළිබඳ ගැඹුරු විමර්ශනයකින් පෙනී යන්නේ, මෙම ප්‍රශ්නයට පිළිතුර “නැත” යන්න බවයි.

decorated elephan with painted designs floral garlands concept indian illustration

අපට මෙහිදී මුල් කාලීන හින්දු දහමේ අහිංසාව සම්බන්ධයෙන් සඳහන් වන දේ සොයා බැලිය හැකිය. පැරණිම වෛදික යුගයේදී (ක්‍රි.පූ. 1500–500), හින්දු ආගමික ක්‍රියාකාරකම් ගිනි පුද පූජා (යාඥා) සහ දෙවිවරුන් උදෙසා ගායනා කරන ලද භක්ති ගීතිකා (බජන් වැනි) මත පදනම් විය. අලි ඇතුන් ගැන ඍග්වේදයේ සඳහන් වන්නේ ප්‍රධාන වශයෙන් බලයේ හා ධනයේ සංකේත ලෙසිනි. එවකට ඔවුන් රාජකීය සතුන් ලෙස අගය කරනු ලැබූ නමුත්, ඔවුන් ආගමික පෙරහැරවල හෝ චාරිත්‍රවල කොටසක් ලෙස සැලකූ බවක් පෙනෙන්නට නැත.

උපනිෂද් යුගය සහ පසුකාලීන හින්දු දර්ශනය තුළින්, අහිංසාව හෙවත් ජීවිතයට හානි නොකිරීමේ මූලධර්මය හින්දු දහමේ සදාචාර ප්‍රතිපත්තිය බවට පත් විය. මෙම මූලධර්මය ආචාර ධර්ම, ආහාර රටා, චාරිත්‍රවල පාරිශුද්ධත්වය සහ වන්දනා ක්‍රම හැඩගැස්වනු ලැබිණි. පසුකාලීන සම්ප්‍රදායන් තුළින් අලි ඇතුන්ව උත්සවවලට එක්කර ගත්ත ද, මෙම මුල් හින්දු දර්ශනය සිය ආගමික ජීවිතයේ හරය ලෙස කරුණාව ස්ථානගත කරයි.

උත්සවවලට අලි ඇතුන් යොදාගැනීම ඉන් පසු කාලයේ සිදුවූ බව පෙනෙන්නට තිබේ. පසුකාලීන සම්ප්‍රදායක් ලෙස ආගමික පෙරහැරවලට අලි ඇතුන්ගේ සම්පූර්ණ ඒකාබද්ධ වීම සිදු වූයේ පෞරාණික සහ දේවස්ථාන කේන්ද්‍ර කරගත් යුගයේදීය (ක්‍රි.පූ. 500ට පසුව). මෙම වෙනස්වීමට කරුණු කිහිපයක් බලපා ඇති බව පෙනේ.

eleking

indra king gods riding his white elephant airavata ඉන් එකක් වන්නේ රාජ්‍යත්වය සංකේතවත් කිරීමයි. රජවරු තම බලය ප්‍රදර්ශනය කිරීම සඳහා යුද්ධවලදී සහ පෙරහැරවලදී අලි ඇතුන් යොදා ගත්හ. කෝවිල්වල දේව ප්‍රතිමා දිව්‍යමය රජවරුන් ලෙස සැලකීමට පටන් ගත් අතර, ඒ අනුව අලි ඇතුන්ව පෙරහැරවලට එක්කර ගන්නා ලද්දේ උත්කෘෂ්ටත්වයේ සලකුණක් ලෙසිනි.

පුරාණෝක්ති කථාවල ඇති සම්බන්ධතා ද මෙහිදී සඳහන් කළ හැකිය. හින්දු දහමට අනුව දෙව්ලොව අධිපති වන ඉන්ද්‍ර, සුදු ඇත් රාජයෙකු වන ඓරාවන මත ගමන් කරයි. මේ නිසා අලි ඇතුන් විශ්වීය බලය සහ දිව්‍යමය ආරක්ෂකයා නියෝජනය කිරීමට පටන් ගැනුණි.

කේරළයේ ත්‍රීශූර් පූරම් සිට යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල දක්වා උත්සවවලදී, අලි ඇතුන් දේව ප්‍රතිමා රැගෙන යාම සහ පෙරහැරවලට නායකත්වය දීම තුළින් ඒවායේ තේජසට මූලික විය. මේ අනුව, අලි ඇතුන් තේජවන්ත බව සහ දිව්‍යමය බලය සංකේතවත් කරන ජීවමාන සලකුණු ලෙස හින්දු චාරිත්‍රවලට ඇතුළත් විය. මේ අනුව බලන විට පැහැදිලි වන්නේ අලි ඇතුන් යනු හින්දු දහමේ උත්තරීතර සංකෙත්යක් බවය.

 

deccanherald 2025 01 23 neeolk6e PTI07 16 2024 000236B

හින්දු ආගමික උත්සවවලට අලි ඇතුන් යොදාගැනීමේ ඉතිහාසය, භක්තිය, සංස්කෘතිය සහ රාජකීය සම්ප්‍රදායයන්හි සංකලනයක් පිළිබිඹු කරයි. අලි ඇතුන් දිව්‍යමය තේජස සංකේතවත් කරයි. මෙම සංකේතාත්මක සම්බන්ධතාව නිසා අලි ඇතුන් සරසා, ගෞරවයෙන් සලකනු ලබන අතර උත්සවවලදී භක්තිකයන්ට “ආශිර්වාද” කිරීමට පවා යොදාගනී. න්‍යායාත්මකව මෙය ගෞරව දැක්වීමක් ලෙස සැලකේ. නමුත් ප්‍රායෝගිකව එයින් සිදුවන්නේ අලි ඇතුන්ව අල්ලා, දම්වැල්වලින් බැඳ,දරුණු කායික හා මානසික පීඩනයක් සහිතව පෙරහැරවලට බලහත්කාරයෙන් යොමු කිරීමය. අහිංසා ප්‍රතිපත්තියේ පරස්පරතා ගැටුම ඇත්තේ මෙතැනය.

ele hindu

gana deviyoගණ දෙවියන්ගේ බලපෑම ද මෙහිදී අමතක කළ නොහැකිය. දිව්‍යමය අලි ඇතුන්ගේ රුව, පූජනීයත්වයට වඩාත් වැදගත් හේතුව ඇතැම්විට ගණ දෙවියන් විය හැකිය. ගණ දෙවියන් හින්දු ආගමේ බහුලව වන්දනාමාන කරන දෙවි කෙනෙකි. ගණ දෙවියන්ගේ ඇත් හිස ප්‍රඥාව, ඉවසීම සහ බාධක දුරු කිරීම සංකේතවත් කරයි. බොහෝ භක්තිකයන් සැබෑ ඇතුන් දකින්නේ ගණ දෙවියන්ගේ ගුණාංගවල ප්‍රතිමූර්තියක් ලෙසය. ගණ දෙවියන් ප්‍රඥාව, කරුණාව සහ බාධක දුරුකිරීම උගන්වයි. එබැවින් දෙවියන් පිදීම සඳහා භක්තිකයන් සලකා බැලිය යුත්තේ චාරිත්‍ර වාරිත්‍ර නාමයෙන් අලි ඇතුන්ව දම්වැල්වලින් බැඳ තැබීම කෙතරම් යෝග්‍ය ද යන්නය. සැබෑ භක්තිය ඇත්තේ අන්ධ ලෙස චාරිත්‍ර ඉටු කරගෙන යාම නොව, කරුණාවේ මූලධර්මයට අනුව ජීවත්වීමෙහිය.

 
arulannadan
(සටහන | ආචාර්ය කේ. අරුලානන්දන්)
අධ්‍යක්ෂ ජනරාල් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා)

 


අනුවාදය - නිරංජන් චාමින්ද කරුණාතිලක
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...